Hela Rahas

Hela Rahas Official Web Portal

තායිලන්තයේදී විතරක්ම දකින්න ලැබෙන අනපේක්ෂිත දේවල් 25 ක්

තායිලන්තය කියන්නේ ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති රටක්. ඊට එරටේ ඇති ඉපැරණි උරුමයන් සහිත ඉතිහාසය මෙන්ම ආවේණික සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් ද විශාල වශයෙන් හේතු වී තිබෙනවා. මේ අතරින් තවත් සංචාරක ආකර්ෂණය හිමිවීමට බලපා තිබෙන දෙයක් තමයි තායිලන්තයේ පවතින හරිම අමුතු විනෝදකාමි උත්සව සම්ප්‍රදායන් සහ පුරුදු. තායිලන්තයේ වැසියන්ගේ අපූරු සහ අතිශය වෙනස් ජීවන රටාවන් ලෝකයේම අවධානයට ලක්වෙලා තිබෙන බව රහසක් නෙවෙයි. ඒ අතරින් අපට හමුවුණු තායිලන්තයේ වැසියන් අතර ප්‍රචලිත පුදුම සහගත අමුතු දේවල් එකතුවක් ගැනයි මේ කියන්න යන්නේ! මේ දේවල් කවදාවත් දකින්න ලැබෙයි කියලා කීයටවත් නොහිතෙන තායිලන්තයේදි විතරක්ම දකින්න ලැබෙන අනපේක්ෂිත ,අරුම පුදුම දේවල් එකතුවක් ගැන කියලා කිවුවොත් වඩාත් නිවැරදියි.

1.බලු සුරලතුල්ට ආදරය කරන අයට හදපු ‘කෝර්ගි කැෆේ’

  • මෙම අවන්හලේදි ඔබට කෝර්ගි වර්ගයේ බලු සුරතලුන් සමඟ විනෝද වෙන අතරේදි රසවත් ආහාර වල රසවිඳින්නට හැකිය.

2.සෙල්‍ෆි ප්‍රින්ට් එකක් එක්ක කෝපි කෝප්පයක් බොන්න කැමතිද?

  • KS Selkfie Coffee නම් බැංකොක් හි පිහිටි අවන්හලෙන් මේ විශේෂ අත්දැකීම ලබාගන්නට සංචාරයකයින්ට ඉඩ ප්‍රස්තාව ලැබේ. අවශ්‍ය වන්නේ ෆේස්බුක් හරහා ඔවුන්ට ඔබේ සෙල්‍ෆි ඡායාරූපයක් යැවීම පමණයි. පසුව පැමිණ ඔබට එය මිලදි ගන්නට හැකියි. මෙවැනිම ආකාරයෙන් වෙනත් බීම වර්ග සහ තේ වර්ග ද ඔවුන් විසින් අලෙවි කරති.

3.අලි බෙටි වලින් තමන් කැමති පරිසර හිතකාමී සිහිවටනයක් සාදාගන්න අවස්ථාව

  • තායිලන්තයේ චියාන්ග් මායි ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙමින් පවතියි. අලි බෙටි වලින් කඩදාසි නිපදවන මෙම උද්‍යානයේදී සංචාරකයින්ට ඒවා එකතු කරමින් කඩදාසි නිෂ්පාදන ක්‍රියාවල්යට සහභාගි විමට අවස්ථාව ලැබේ. එමෙන්ම තමන් කැමති සිහිවටනයක් පවා ඒවායින් සාදාගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදේ. සාම්ප්‍රදායික අත්කම් ක්‍රම් අශිප යටතේ ඉගැන්වෙන මෙම ක්‍රම විනෝදයි වගේම පරිසර හිතකාමියි.

4.තායි ජල සැණකෙළිය

  • අප්‍රේල් මාසයේ පැවැත්වෙන මෙම විශාල සහ වසරේ වැදගත්ම උත්සවසැමරුමක් වන තායි ජල සැණකෙලිය එරටේ පිළිගැනීමට අනුව තායි නව අවුරුදු උදාවේ සමාරම්භක අවස්ථාවයි. වතුර බකට් වලින් සහ වතුර තුවක්කු වලින් එකිනෙකාට ජලය විසිකරමින් ඔවුහු ප්‍රීතිමත් වෙති. ඔවුන් විශ්වාස කරන්නේ මෙසේ ජලයෙන් තෙත් වීම ඔවුන්ව පවිත්‍රත්වයට පත්කරවන බවයි.

5.බලාපොරොත්තු ඉ‍ටුකරන මිනිස් රුවට සමාන බෝනික්කෝ

  • ලුක් තෙප්’ නමින් හඳුන්වන මෙම බෝනික්කන් දැඩි ප්‍රවේශමකින් පරිහරණයේ පවතින්නකි. ඔවුන්ගේ විශ්වාසයට අනුව ඒවාට උපරිමයෙන් යහපත් ලෙස සැලකීම පුද්ගලයාට වාසනාව උදාකරවන බවයි. මෙම බෝනික්කන්ගේ ඇඳුම් පැලඳුම් මාරු කිරිම පමණ, ඔවුන්ව කාර්යාලය වෙත යන විට ‍රැගෙන යාම, මෙම බෝනික්කන් සඳහා ළමා ‍රැකබලාගන්නන්ගේ සේවය ලබාගැනීම වගේම අවන්හල් වලදි මෙම බෝනික්කන් සඳහා වෙනම ආහාර පිඟානක් ඇණවුම් කිරීම වැනි දේවල් එරට ජනයා සිදුකරති.

6.අලංකාර ගොඩනැගිලි වලින් පිරුණු පුරාණ නගරය ‘සමුත් ප්‍රකාන්’

  • අක්කර 320 පමණ විශාල මෙම නගරය පුරාණ ගෘහනිර්මාණශිල්පයට අනුව තැනූ ගොඩනැගිලි,උද්‍යාන, ජලස්ථාන වලින් සමන්විතය. මෙහි ඉතා වටිනා ස්මාරක 116 ක් විවිධ ස්ථාන වල එකම ආකෘතියකින් ස්ථාන ගත කර තිබේ. ඉදිරි තායි පරපුර සඳහා සංස්කෘතික වටිනාකම් ඉතිරි කිරීම මෙහි අරමුණය. මෙම ස්ථානය රටේ සමස්ත පිහිටීමේ අනු ආකෘතියක් වන අතර එරට ඇති වැදගත් ස්ථාන සහ ආකෘති නිරූපණය කරයි. මෙහිදි සුමේරු කඳුකර මාලිගය යෝධ ආනන්ඩ් මාලුවෙකු විසින් ආරක්ෂා කරන අයුරු දැක්වෙන ගොඩනැගිල්ල දැඩි ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වි ඇත.

7.සුපිරි ට්‍රීහවුස් අත්දැකීමක්

  • මීමාලා නම් ප්‍රදේශයේ වනාතර වල ඇති ගස් මත ඉදිකර ඇති මෙම කුඩා නිවාස සංචාරකයින්ට නවාතැන් සපයයි. මෙහිදි යෝගා, ස්පා සත්කාර, ඖෂධිය ප්‍රතිකාර, රසවත් දේශීය ආහාර පාන රසවිඳිමට ඇතුලු බොහෝ පහසුකම් අත්විඳීමේ හැකියාව ලැබේ. ඇතැම් ට්‍රි හවුස් වල කුඩා පිටත පිහිනුම් තටාක ඉදි කර ඇත.

8.රේල් පාර මැද්දේ මාකට් එක

  • මැක්ලොන්ග් රේල් මාර්ග වෙළඳ සංකිර්ණය වන මෙහි මාර්ගය හරහා තායි කඩ සාප්පු පවත්වාගෙන යන කඩ හිමියන් දුම්රියේ හඬ ඇසෙන විගස තම බඩු බාහිරාදිය ඉවතට කරමින්, කඩ සාපු අකුලමින් පෑට කිලෝමීටර් 15 ක පමණ වේගයෙන් ගමන් කරන දුම්රියට ඉඩ ලබාදේ. මෙහි ගමන් කරන පාරිභෝගිකයින් ප්‍රවේශම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

9.අසාමාන්‍ය නමක් ඇති අසාමාන්‍ය අවන්හලක්

  • Cabbages and condoms’ නම් මෙම අවන්හල පිහිටා ඇත්තේ බැංකොක් වලය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ සමාජීය ගැටලු පිලිබඳ පුද්ගලයින්ගේ අවධානය යොමු කිරීමයි. මෙම අවන්හල මඟින් පවුල පිලිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීම හා උපත් පාලක කොපු මිලදී ගැනීම බියෙන් සිදුකල යුත්තක් නොව එය ගෝවා මෙන් සාමාන්‍ය භාවිතයේ පවතින දෙයක්ය යන මතය සමාජගත කිරීම ඔවුන්ගේ අරමුණයි. මෙම අවන්හලේ ඇති සියලු සැරසිලි වර්ග සිදුකර ඇත්තේ උපත් පාලන කොපු භාවිතා කරමින් වීම විශේෂත්වයකි.

10.සිරකරුවෙකුගේ අත්දැකීමක් ලබාගත හැකි , බන්ධනාගාරය තේමා කරගත් හෝටලයක්

  • ‘sook station’ නම් බැංකොක් හි පිහිටි මෙම හෝටලයට යන ඕනම කෙනෙකුට සිරකරුවෙකුගේ අත්දැකීම ලැබිය හැකියි. එහිදි සිරකරු අංකයක්, සිරකරුවන්ට සමාන ඇඳුමක් සහ සිර මැදිරියක් වැනි කාමරයක සිටිමින් අනෙක් අය සමඟ කතා බහේ යෙදීමට හැකියි.

10.හැපි චීස් ටෝස්ට් කැෆේ වෙතින් හඳුන්වාදෙන රසවත් චීස් ආහාර

  • මොස‍රැල්ලා, ස්විස ආදී චීස් වර්ග මිශ්‍ර කරමින් වර්ණක යොදමින් අමුතු ආහාර සකසන මෙම අවන්හල එරට ඉතා ජනප්‍රියය.

11.වඳුරන් සඳහා සංවිධානය කෙරෙන ආහාර වලින් පිරුණු විශාල සැණකෙළිය

  • ලොප්බුරි ප්‍රදේශය හෙවත් වන්දුරු නගරය ලෙස ප්‍රසිද්ධ මෙම ප්‍රදේශයේ වඳුරන් සඳහා විශාල ආහාර උත්සවයක් පැවැත්වේ.විශාල ආහාර තොග මේස මත අසුරා තැබෙන අතර වඳුරන් සඳහා කැමට තබයි. එරට ජනශ්‍රැතියේ එන ආකාරයට තායි ජනයා වඳුරන් වන්දනීය ලෙස සැලකුවද මෙම උත්සවය සංවිධානය කෙරෙන්නේ හුදෙක්ම සංචාරක ආකර්ෂණය උදෙසාය.

12.වීදුරු බෝතල් වලින් සෑදු අලංකාර බෞද්ධ විහාරය

  • Wat Pa Maha Chedi kaew නම් විහාරය “බෝතල් මිලියනයේ පන්සල ” ලෙස ද ප්‍රචලිතය. එය සාදා ඇත්තේ හිස් බියර් හා බීම බෝතල් මිලියන 1.5 ක් පමණ උපයෝගී කරගෙනය. අවට ජල මූලාශ්‍ර වලට කසල ලෙස බැහැර කල හිස් බෝතල් ඉවත් කිරීමට වීම විහාරයේ ස්වාමීන් වහන්සේලා මුහුණ දුන් විශාල ගැටලුවක් විය. ඒවා ප්‍රතිචක්‍රිකරණය හා ප්‍රතිබාවිතා කරමින් මෙම අපූරු අදහස ගොඩනගා ඇත. ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන හානිය කොතරම් ද යන පණිවිඩය සමාජයට ලබාදෙන නිර්මාණයකි.

13.වාසනාව උදාකරන ගුරුකම් සහ ආරක්ෂක සුර අලෙවි කරන යන්තර මාකට් එක

  • බැංකොක් හි පිහිටි මෙම වෙලඳසැලේ ආරක්ෂාව සඳහා මෙන්ම වාසනාව උදාකරගත හැකියි පැවසෙන යන්ත්‍ර අන්ත්‍ර ගුරුකම් අලෙවි කෙරේ. ඒවා ලාබ මිල හා මිල අදික පරාස යටතේ අලෙවි කරයි.

14.කෘමි සතුන්ගෙන් සාදන ආහාර අලෙවි කරන සුපිරි අවන්හල්

  • යුරෝපානු ශෛලියේ අවන්හලක් වන මෙහි කෘමී සතුන්ගෙන් සාදන ලද විවිධ ආහාර වර්ග අලෙවි කරයි.

15.පාපන්දු ලෝලීන් නැරමිය යුතුම තායිලන්තයේ ඇති ඩේවිඩ් බෙකම් පන්සල

  • මෙම බෞද්ධ මන්දිරය බොහෝ දෙනා හඳුන්වන්නේ ඩේවිඩ් බෙකම් පන්සල කියායි. නමුත් එහි නිල නාමය Wat Pariwat නම් වේ. මෙම විහාරාධිපති හිමි මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම් ලෝලියෙකි. ඒ හේතුව නිසා එහි ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ගේ පිලිරුවක් මෙම විහාරයේ තබන්නට ඔහු කටයුතු කර තිබේ. තවදුරටත් ඩේවිඩ් බේක්ම් එහි ක්‍රීඩකයෙකු නොවුණත් මෙම පන්සල තායිලන්තයේ විශාල සංචාරක ආකර්ෂණයක් ලැබෙන ස්ථානයක් ලෙස තවමත් එසේම පවත්වාගෙන යයි.

16.පාවෙන ලන්තැරුම් උත්සවය

  • ‘යි පෙන්ග් ලන්තෑරුම් උත්සවය’ එරටේ විශාලතම සැමරුම් අවස්ථාවකි. මෙහිදි මිනිසුන් සහල් කඩදාසි වලින් තැනූ ලන්තෑරුම් මත තම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ලියා ඒවා දල්වමින් ගුවනට මුදාහරියි. ලබන වසරේදි ඔබ කරන යහපත් දේවල් මත එම පැතුම් ඉ‍ටු වන බව ඔවුන් අතර ඇති විශ්වාසයයි.

17.සුන්බුන් වු වෙලඳ සංකීර්ණයේ වැහි ජල තටාකයේ මාලු නරඹන සංචාරකයින්

  • 1999 වසරේ මෙම නව ලෝක වෙලඳසංකීර්ණය ගින්නට හසු වි තිබු අතර එතැන් පටන් මෙම ස්ථානය අත්හැර දැමූ එකක් සේ සැලකේ. මෙම ස්ථානයේ වැසි ජලය එක් ‍රැස් වීමත් සමඟ ඩෙංගු මදුරුවන් ව්‍යාප්තිය වැඩිවිය. ඊට විසඳුමක් ලෙස මෙම ජලයට තිලාපියා මාලු ගෙනැවිත් දැමීමට බලධාරින් ක්‍රියාකර ඇත. මෙතනට එන බොහෝ සංචාරකයින් මාලුන්ට ආහාර දැමීමට පුරුදු වී සිටිති.

18.පලතුරු හැඩයේ අමුතු හෝටල්

  • අන්නාසි, ඩ්‍රෑගන් ෆෘට්, බිම්මල්, දූරියන් වගේම උණබට හැඩයේ කුඩා අසාමාන්‍ය පෙනුමැති හෝටල් එරටේ දැකිය හැකියි.

19.යන ගමන් ආහාර ගන්න අපූරු ක්‍රමයක්

  • Ba Ba Liu නම් අවන්හල විසින් කාර්යබහුල ජනයාට අලුත් හඳුන්වාදීමක් සිදුකර තිබෙනවා. මෙම අලුත්ම සැකැස්මේ ආහාර සහිත කොටසක් සහ පානය කිරීමට කෝප්පයක් ඇති අතර බීම බටයක් ද එහි මැදින් යොදා ඇත. මෙය ඇවිදින අතරතුරේදි ඕනම කෙනෙකුට පහසුවෙන් රසවිඳිය හැකි පරිදි , කාලය ඉතිරි කර දෙන සැකැස්මක් ලෙසයි ඔවුන් වෙලඳපොලට මෙය හඳුන්වාදී ඇත්තේ.

20.බැංකොක් පාවෙන මධ්‍යස්ථානය

  • මෙම අඟල් 10 ක් පමණ උස නාන තටාකයේ ලුණු මිශ්‍ර ජලයේ පැයක් පමණ සැහැල්ලුවෙන් ගත කිරීමට ඔබට අවස්ථාව ලැබේ. විශේෂත්වය නම් එම අත්දැකීම ඔබට ලැබෙනේ පූර්ණ අඳුරු වටපිටාවකදී විමයි. මෙය ආතතිය දුරුකරවමින් නීරෝගි සෞඛ්‍යය සම්පන්න බව වැඩිදියුණු කරවන ක්‍රමයක් ලෙස භාවිතා වේ.

21.කූටාණුකරණ නිෂ්පාදන පිරුණු කෞතුකාරයක්

  • මෙම කෞතුකාගාරය තුල ඕනෑම වෙලඳ සන්නාමයක නියම ඒවා සහ අනුකරණ නිෂ්පාදන ප්‍රදර්ශනයට තබා ඇත. ඇතැම් ඒවා හොඳින් පරික්ෂා කරන විට සියුම් අකුරකින්, වර්ණයකින් හෝ හැඩතලයකින් පමණක් ඒවා වෙනස් බව ඔබට දැකිය හැකි වනු ඇත. එතරම්ම ඒවා ව්‍යාජ ද අනුකරණ ද යන්න හඳුනාගැනීම අපහසු බව මෙහිදි දැකබලාගත හැක. මෙම ස්ථානය ඉදිකිරීමේ අරමුණ නම් ව්‍යාජානුකරණය යනු කොතරම් හානිකර දෙයක් දැයි සමාජගත කිරීමය. නමුත්, තායිලන්තය යනු ලොව ව්‍යාජ අනුකරණ භාණ්ඩ නිෂ්පාදනයට ප්‍රසිද්ධත්වයක් උසුලන රටකි. එම නිෂ්පාදන සඳහා අඩු මිල ළමා ශ්‍රය භාවිතා කරගන්න බවත් විෂ රසායනික අමුද්‍රව්‍ය භාවිතා වන බවත් ලෝකයට අලුත් කරුනු නොවේ.

22.තායිලන්තයේ පාවෙන වෙලඳ සංකීර්ණය

  • මෙම ස්ථානයෙන් පාරිභෝගිකයින්ට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදි ගැනීමේ හැකියාව ඇත. විශේෂත්වය නම් එම අලෙවිසැල් ඇත්තේ ගංගාවේ පාවෙමින් ඇති බෝට්‍ටු වල වීමය. මෙහි භාණ්ඩ විකිණීම උදෑසනින්ම ආරම්භ වේ. වෙලඳසෙල් වෙත ගමන් කිරීමට තොටියෙකු සහිත බෝට්‍ටුවක් කුලියට ගත හැකිය.

23.තායිලන්තයේ වැවෙන කෙසෙල් ප්‍රභේද 22 ක් පමණ ඇත. ඉන් ඇතැම් ඒවා අතිශයින් විශාලය.

  • ලොව පුරා වැවෙන කෙසෙල් ප්‍රභේද ගණන 300 ක් පමණ වන අතර ඉන් ප්‍රභේද 22 ක් ම තායිලන්තයෙන් හමුවේ. ඉන් ඇතැම් ඒවා වැවෙන්නට වසර ගණනක් ගත වේ. පැණිඋ රස මෙන්ම සැර කෙසෙල් වර්ග ද ඇත. ඒවා කුඩා මෙන්ම විශාල ප්‍රමාණ වලින් ද වර්ධනය වේ. ඔවුන් කෙසෙල් පලතුරක් ලෙස පමණක් ආහාරයට නොගනියි. ඔවුන් කෙසෙල්මල් පොල් කිරි වල දමා තම්බා ආහාර සකසති. කෙසෙල් කොළ භාණ්ඩ එතීමට භාවිතා කරයි. එමෙන්ම කෙසෙල් කඳේ කෙඳි වලින් බකට් වර්ග, තොප්පි සහ වෙනත් අත්කම් නිර්මාණ සිදුකරයි.

24.තායිලන්තයේ ඇති කුඩාම දෙයක් පවා ඇසුරුම්කර ඇත්තේ පොලිතින් වලය

එරටේ සෑම තැනකම පොලිතින් බෑග් භාවිතය බහුලය. ආහාර , පාන ඇතුලු ඕනෑම පාරිභෝගික භාණ්ඩ ‍රැසක් ඇසුරුම් කරන්නේ සහ අලෙවියේදි භාණ්ඩය ලබාදෙන්නේ පොලිතින් බෑග් වලය.