Hela Rahas

Hela Rahas Official Web Portal

එදා දුටුගැමුණු කුමාරයා කඳවුරු බැන්ඳ තලගුණේ වෙහෙරේ හාස්කම්

  • මහනුවර පාතදුම්බරට අයිති කටුගස්තොට නවයාලතැන්නෙ තමා තලගුණේ විහාරය තියෙන්නෙ. මේ ප්‍රදේශය තල වගාව එළවළු වගාව වගේ ගොවිතැන් මේ ප්‍රදේශයේ සශ්‍රීකව සිදු වෙලා ඇත. එළාර රජු සමඟ ගැමුණු කුමාරයා රට මැදින් යුද්දෙට යනකොට මුලින්ම හදපු හාස්කම් තිබ්බ වෙහෙරක් හැටියට එදා අය තලවින්න දාගැබට ගරු සත්කාර කර ඇත.
  • ජනප්‍රවාද වල කියන්නෙ එලාර සමග සටනට ගිය දුටුගැමුණු කුමාරයා යුද සේනාව සමග ගැටඹේ හරහා පැමිණ කටුගස්තොට පසු කර මහවැලි ගංඉවුර දිගේ නවයාලතැන්නේ තලගුණේ හාරයට පැමිණ එහි දින කිහිපයක් සේනාව සමග ලැගුම් ගෙන සිටි බව. මේ ප්‍රදේශය මහවැලි ගඟ අද්දර සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි විශාල ලෙස පැතිර ගිය ගල් තලාවක්.
  • ඒ ගල්තලාව පිටුපසින් වේරගල කඳු ගැටය ඇත. ඒ නිසා මේ ස්ථානය වේරගල /වෙහෙරගල කියලා හඳුන්වනවා. ඉතිං මේ ප්‍රදේශයේ දුටුගැමුණු කුමාරයා දවස් කීපයක් ලැගුම් ගෙන තමන්ගෙ ගමන සිහිවීමට මේ ගල් පර්වතයෙ පොඩි වෙහෙරක් හදවලා. ඒ වෙහෙර තමා තලගුණේ වෙහෙර කියන්නෙ. මේ වෙහෙර නිසා පළාතම සරුසාර වුණා බව කියනවා. වෙහෙරගල දාගැබ විශා ප්‍රමාණයට බැඳලා තියෙන්නේ මහනුවර කාලයේ.
  • වෙහෙර සාදලා පසුව දුටුගැමුණු කුමාරයා ඇත්ළු පිරිස මහියංගණය බලා ඉදිරියට ගිය බව කියනවා. ඉස්සර ගමේ මිනිස්සු මේ බෝධියට අධිපති දෙවිවරු වෙනුවෙන් පුද පූජා කරල තියෙනවා. ඒ වගේම මේ වෙහෙරට පරණ මිනිස්සු කිරි ආහාර පූජා කළා. ලෙඩ රෝග අසනීපවලදී දාගැබක බාරවෙලා හත්දවසක් බෝධිපූජා තිබ්බම ලෙඩ රෝග සනීපවෙලා තියෙනවා කියනවා.
  • ඉස්සර ගමේ අය දාගැබට දඬු බෙර පින්කම් කළ බව කියනවා. ඉතිං ඉඩෝර කාලවල ඒ වගේ දඬුබෙර පින්කම් කර ඉවරවුණාම වර්ෂාව ලැබෙනවාලු. මේ ප්‍රදේශයෙ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන. ඉතිං ඒ නිසා ඒ ලැබෙන වැස්ස ඔවුන්ට ගොඩක් වටිනවා.
  • තලගුණේ විහාරය ගැන විවිධ ජනප්‍රවාද තියෙනවා. ඒ වගෙ ජනප්‍රවාදයක් තමා ඉස්සර මේ වෙහෙරගල කන්ද අයිනේ දුප්පත් අහිංසක ගොවියෙක් ඉඳලා. දවසක් වෙහෙරගල චෛත්‍යයේ ගැලවුණු ගලක් අරගෙන ගිහින් ගෙදරට යන පාරේ පඬියකට තියලා. එදා අකුණු අකලට තද වැස්සක් වැහැලා. තද අකුණු පාරක් වැදිලා අර දාගැබෙන් ගෙනාව පඬියට දාලා තිබුණු ගල කෑලි කෑලිවලට විසිරිලා ගිහින් කියලා කියනවා.
  • තවත් ජනප්‍රවාදයක් තමා දාගැබෙන් ගැලවුණ ගලක් දුප්පත් කෙනෙක් ගෙදර මිරිස් ගලට අරගෙන. වැඩි දවසක් නොයා ඒ මනුස්සයාට පිස්සු හැදිලා. ඒ විකාරෙන්ම ගෙනාපු ගල ආපහු දාගැබ ළඟට ගිහින් දාලා තියෙනවා.
  • වෙහෙරගල කන්දේ ඉස්සර ලොකු ගුහාවක් තිබුණා කියනවා. වෙහෙර ළඟට ගිහින් හොඳින් සවන් දුන්නම මීමැසි රංචුවක් යනකොට ඇහෙන හඬ වගේ සද්දයක් ඇහෙනවාලු. ඒ හඬ පිරිත් කියනවා වගේ ඇහෙන ශබ්දයක් බව ජනප්‍රවාද වල කියනවා.
  • කිසිම කෙනෙකුට දාගැබ අවට ගොවිතැන් කරන්න බැරි බව කියනවා. මීට අවුරුදු 30 කට විතර කලින් සංස්කෘතික ත්‍රිකෝණයෙන් මේ දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත. ඒත් ඒ වැඩ වලට හවුල් වුණු අයට යහපතක් වුනේ නෑ කියනවා. ඔවුන්ගේ පවුල් කැඩිලා විසිරිලා ගිය බවත් අකාලයේ මිය ගිය බවත් කටකතා වල කියනවා.
  • මහනුවර යුගයෙන් පසුව මේ දාගැබ කැලෑ වැවිලා පාළුවට ගිහින්. පිටින් ආපු නිධාන හොරු කීප සැරයක් දාගැබ හාරලා තියෙන බව කියනවා. වර්තමානය වෙද්දි දාගැබ ළඟ පන්සලේ ස්ථිර පදිංචිය තියෙන හාමුදුරු නමක් ඉන්නවා.