Hela Rahas

Hela Rahas Official Web Portal

අයිස් කැට වලින් ඇති පුදුම හිතෙන ප්‍රයෝජන 7 ක්

අයිස් කැට යනු සමේ දීප්තිමත් බව සහ නීරෝගි බව වර්ධනය කරගැනීම සඳහා භාවිතා කල හැකි ප්‍රතිකර්මයකි (Ice therapy). ජලයෙන් පමණක් නොව ග්‍රීන් ටී, අර්තාපල්, සුදුලූණු, තක්කාලි,පිපිඤ්ඤා වැනි ඖෂධීය ගුණ ඇති අමුද්‍රව්‍ය වලින් අයිස් කැට සාදා භාවිතයට ගැනීමෙන් ඔබට හැකියි මේ චිකිත්සාවෙන් ඔබේ සමට වැඩි පෝෂණයක් සහ ප්‍රතිලාභ ‍රැසක් ලබාගැනීමට.

1.අපි බලමු මෙම අයිස් කැට සත්කාරය ගැන ඔබ දැනුවත් වී සිටිය යුතු දේවල් මොනවාද කියලා!

  • අයිස් ප්‍රතිකාරය සිදුකල යුත්තේ මුහුණ හොඳින් සෝදා පිරිසිදුකරගත් පසුවය.
  • අත් වලට ඇති වන අපහසුතාව මගහරවා ගැනීමට අත් වැසුම් පැලඳ අයිස් කැට මුහුණේ ගල්වාගන්න.
  • මෘදු රෙදි කැබැල්ලකින් ආවරණය නොකොට සෘජුව අයිස් කැට මුහුණේ ගැල්වීම නොකල යුතුයි. ව්මේ සඳහා පොලිතින් බෑගකයට අයිස් කැටයක් දමා භාවිතා කල හැකිවීම තවත් ක්‍රමයකි.
  • කුරුලෑ සහ ඇස් වටා ඉදිමුම් ගතිය දුරු කරගැනීමට මුහුණ මත අයිස් කැට සෘජුවම ගැල්විය හැකිය.
  • සම සීතල පිලිස්සුමට ලක්වීම (cold burns) වළක්වාගැනීමට, අයිස් පැක් වර්ග පැයකට වඩා අධික කාලයක් තිස්සේ සිදුකිරීමෙන් වළකින්න.

2.අයිස් කැට භාවිතයෙන් සම මෘදු සුමුදු කරගන්න.

  • සෑම දිනකම සවස හෝ රාත්‍රි නින්දට පෙර හොඳින් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. පොලිතින් බෑගයකට අයිස් කැට දමා ඔබේ මුහුණ සහ ගෙල ප්‍රදේශය මෘදුව මිනිත්තු 3 ක් පමණ සම්බාහනය කරගන්න. දින කිහිපයකින් ඔබේ සම සුමුදු සහ නැවුම් පෙනුමකට පත්ව ඇති අයුරු පැහැදිලිව ඔබට දැකිය හැකි වනු ඇත. මෙම සත්කාරය මඟින් මුහුණ ‍රැළි වැටීම වළකන අතර ඔබට හොඳ නින්දක් ලබාගැනීමට ද දායක උපකාර කරයි.

3.අයිස් කැට ඔබේ මුහුණේ කුරුලෑ තත්වයන් දුරුකරගැනීමට උපකාර කරයි.

  • කුරුලෑ ගැටලුවට හොඳම විසඳුමක් ලෙස අයිස් සත්කාරය හැඳින්විය හැකියි. මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගෙන මෘදු රෙදි කැබැල්ලක හෝ නැප්කිනයකින් අයිස් කැටයක් ආවරණය කර කුරුලෑ ඇති තැන් වල මෘදුව තෙරපමින් මිනිත්තු 5 ක් පමණ මුහුණ සම්බාහනය කරගන්න. ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙන බව නිසැකයි.

4.මුහුණ ‍රැළි වැටීම් ලක්ෂණ අවම කරයි

  • අයිස් කැට සත්කාරය මඟින් මුහුණේ ඇති රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව වැදියුණු කිරීම සහ අකලට සම වියපත්වීම සහ ‍රැළි වැටීම සිදුවිම වළක්වයි. දිනපතා හොඳින් මුහුණ පිරිසිදු කර මේක්-අප් ආදිය ගැල්වීමට පෙර මිනිත්තුවක් පමණ මුහුණ අයිස් කැටයකින් සම්බාහනය කරන්න.

5.සමේ විවෘත සිදුරු වසා දමමින් මුහුණට ඔපයක් ලබාදේ

  • මුහුණ මත මිනිත්තු 3 ක් පමණ සෘජුව අයිස් කැටයක් අතුල්ලන්න. මෙය අඛණ්ඩව දිනපතා සිදුකරන්න. මේ සත්කාරය දින කිහිපයක් සිදුකිරීමෙන් සමේ විවෘත වී ඇති සිදුරු පිටතට පෙනෙන ස්වභාවය ක්‍රමයෙන් දුරුකරගත හැකිය.

6.ඇස් වල ඉදිමුම් ගතිය දුරුකරයි

  • නිදාගෙන අවදි වූ පසු ඇතැම් විට ඇස් වටා ඉදිමුණු ගතියක් ඇතිවි තිබිය හැකියි. මේ තත්වය දුරුකරගැනීමට රෙදි කැබැල්ලකට අයිස් කැට 2 ක් දමා , දෑස් පියාගෙන ඒ මත අයිස් වලින් මිනිත්තු 2 ක් පමණ මෘදුව වක්‍රාකාර චලනයකින් සම්බාහනය කරගන්න.

7.උදරයේ තැන්පත් වී ඇති මේදය දහනය කරවයි.

  • වෘත්තිය චිකිත්සකවරයෙකුගේ සහය නොමැතිව ගෙදරදීම cryotherapy අයිස් සත්කාරයක් කරගන්නේ මෙහෙමයි:මිනිත්තු 15 ක් පමණ අයිස් පැක් එකක් උදරය මත තබාගෙන සිටින්න. මිනිත්තු 3 ක් පමණ එය ඉවත් කර තබන්න. නැවත (උපරිම) පැයක් පමණ කාලයක් පුරාවට් උදරය මත අයිස් පැක් එක තබාගෙන සිටින්න.
  • මේ සඳහා ග්‍රීන් ටී, කෝපි , රෝස්මරි වැනි දෑ වලින් සැකසු අයිස් පැක් භාවිතා කල හැකියි. අයිස් මඟින් පහසුවෙන් සහ ඉතා ඉක්මනින් පරිවෘත්තිය ක්‍රියාවලිය හරහා දහනය කල හැකි සුදු මේද සෛල දුඹුරු මේද සෛල බවට පරිවර්තනය කරවයි.නමුත්, මතක තබාගන්න! මේ සත්කාරයෙන් උපරිම ප්‍රතිලාභයක් අත්කරගැනීමට නම් සමබල පෝෂණයක් සහිත ආහාර වේලක් ලබාගැනීම මෙන්ම දිනපතා ව්‍යායාම වල නිරත වීම ඉතා වැදගත්ය.