Hela Rahas

Hela Rahas Official Web Portal

සෘණාත්මක හැඟීම් ඔබට අහිතකර ලෙස බලපාන ආකාරය 7ක්

ඇතැම් අවස්ථා වලදී අපගේ කායික තත්ත්වයන්, හැඟීම් සහ මනස සමග සම්බන්ධ වන අවස්ථා තිබෙනවා. ඒ නිසයි අපේ ශරීරයෙන් පවා හැඟීම් ප්‍රකාශ කළ හැකි බව පවසන්නේ. අපට ඇති වන ඍණාත්මක සිතුවිලි මුදා හැරීමට නොහැකි වන අවස්ථා වලදී ඒවා විවිධ කායික ගැටළු වශයෙන් පිටතට පෙන්වනවා. ඒ ආකාරයටම කෙනෙක් වැඩිපුර හැඟීම් පිටතට පෙන්වනවා නම් ඔවුන් කායික වශයෙන් රෝගී වීම අවමයි. මේ ලිපියෙන් අපි ඒ ආකාරයට සුලබ රෝග තත්ත්වයන් සඳහා මුල් වන මානසික හේතූන් සොයා බලමු. ලිපිය අවසානයේදී එලෙස හැඟීම් නිසා රෝගී වීම වලක්වා ගත හැකි ක්‍රමත් අපි සඳහන් කර තිබෙනවා.

01.බිය නිසා ආසාත්මිකතා සහ සමේ රෝග ඇතිවිය හැකියි.

  • අධ්‍යන වලට අනුව ඇතැම් සුලභ ආසාත්මිකතා වලට මානසික සෞඛ්‍යය හේතු විය හැකියි. විවිධ මානසික රෝග නිසා එක්සීමා (Eczema), අධික උණ සහ ඇදුම හටගත හැකියි. ඇතැම් අවස්ථාවලදී ඔබ විවිධ සමේ රෝග සහ ආසාත්මිකතා වලින් වසර ගණනාවක් තිස්සේ පෙළුනත් එයට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි වෙන්නට ඇති. ඇතුලාන්තයෙන් යම් දේවල් වලට දක්වන බිය නිසා මෙවැනි රෝග තත්ත්ව වඩාත් දරුණු අතට හැරීමට පුළුවන්.මානසික හා සමාජයීය සාධක මගින් ඇතිවන පීඩනය අවම කිරීම තුළින් ඇදුම සහ ඩර්මටයිටිස් වැනි රෝග අවම කිරීමට හෝ සුව කිරීමට හැකියි.

02.යම් දෙයක් කෙරෙහි අතිශයින් වද වීම (Obsession) නිසා බර සම්බන්ධ ගැටලු ඇතිවිය හැකියි.

  • ඉතාම සුළු අඩුපාඩු හෝ සිතෙන් මවාගත් අඩුපාඩු සම්බන්ධයෙන් අතිශයින් සැලකිලිමත් වීම හෝ සිතෙන් වද වීම නිසා සිරුරේ බර සම්බන්ධ ගැටලු ඇතිවිය හැකියි. වයස්ගත වීමේ ලක්ෂණ හෝ සිරුරේ අවයව වල ප්‍රමාණය සම්බන්ධයෙන් බොහෝ විට මෙලෙස වද වීම දක්නට ලැබෙනවා.සෑම කෙනෙකුටම අනන්‍ය වූ ලස්සනක් තිබෙන බව මතක තබාගන්න. ඔබගේ සිරුර රැකබලා ගැනීම ඉතාම වැදගත් දෙයක් වුණත් සිතෙන් මවාගත් අඩුපාඩු ගැන ඕනෑවට වඩා කරදර වීම තුළින් නොසිතන ආකාරයේ අහිතකර ප්‍රතිඵල ළඟා විය හැකියි.

03.බිය සහ යම් දෙයක් කෙරෙහි අතිශයින් වද වීම නිසා විවිධ රෝග බොහෝමයක රෝග ලක්ෂණ එකවර පෙන්වීමට හැකියි.

  • කිසිම හේතුවක් නැතත් ඔබ යම්කිසි බරපතළ රෝගයක් ඔබට වැළඳේවි යැයි බියෙන් නිතර පසුවනවා නම් කාලයත් සමග එහි රෝග ලක්ෂණ ඇත්තටම ඔබේ සිරුර තුළින් පෙන්වීමට පටන් ගන්නවා. මෙය එකම දේ කෙරෙහි නිතර අවධානය යොමු කිරීම සහ ඒ ගැන නිරන්තරයෙන් වද වීම නිසා සිදුවිය හැකියි.ඇතැම් අවස්ථාවලදී අපි ගැටළු අධිතක්සේරුවෙන් සිතීම නිසාත් මෙය සිදුවිය හැකියි. ඍණාත්මක සිතිවිලි කෙරෙහි දිගටම අවධානය යොමු කිරීම මගින් ඒවා වඩාත් යථාර්ථවාදී ලෙස එළි දැක්වීම පමණයි සිදු වන්නේ.

04.මානසික ගැටුම් සහ ආතතිය නිසා ජීර්ණ අක්‍රමිකතා ඇතිවිය හැකියි.

  • අපගේ උදරය පාලනය වන්නේ සංකීර්ණ පද්ධතියක් මගින්. එදිනෙදා අප මුහුණ දෙන ආතතීන් නිසා හට ගන්නා ආවේගයන් තුළින් උදරය තුළ අනවශ්‍ය ප්‍රතික්‍රියාවන් සිදු විය හැකියි.වගකීම් ගැනීමට ඇති නොහැකියාව, ඔබව අපහසුතාවයට පත් කරන ගැටලු වලට විසඳුම් සෙවීම ආදී මානසික ගැටුම් නිසා උදරයේ ප්‍රධාහකාරී තත්වයන් සහ ගැස්ට්‍රයිටිස් ඇතිවිය හැකියි. අප අභ්‍යන්තර ගැටලු වලට අවධානය යොමු නොකරමින් ඒවා මග හැරීමට උත්සාහ කරන විට මොලයේ අවධානය ඒ වෙත යොමු කර ගැනීමට එම ගැටළු ශාරීරික වශයෙන් පිටතට පෙන්වීම සිදු කරනවා.

05.ස්වයං විවේචනය හා බිය නිසා හිසේ කැක්කුම් සහ ඉරුවාරදය ඇති විය හැකියි.

  • ස්වයං විවේචනය, ස්වයං අවතක්සේරුව හා අභ්‍යන්තරික බිය වැනි කාරණාවන් නිසා ඔබ නිරන්තරයෙන් ආතතියට පත් වීමට පුළුවන්. ඔබ යම් අවස්ථාවක ලැජ්ජාවට, අපහසුතාවයට හෝ අවතක්සේරුවට පත් වීම නිසා එම අඩුපාඩු මගහරවා ගැනීමට ඔබ වඩ වඩාත් වෙහෙස වී වැඩ කරන අවස්ථා තිබී ඇති.ඔබ, ඔබ තුළින්ම බොහෝ දේවල් බලාපොරොත්තු වන විට ඒවා ඔබේ මනසට අධික පීඩාකාරී ලෙස බලපාන අතර බොහෝ කායික ගැටලු වලටද හේතු විය හැකියි.
  1. මානසික අවපීඩනය (Depression) සහ කාංසාව (anxiety) නිසා හෘද රෝග ඇති විය හැකියි.
  • නිරන්තරයෙන් ඇතිවන මානසික අවපීඩනය හා කාංසාව නිසා කිරීටක හෘද රෝග ඇතිවීමේ අවදානම ඉතා විශාල වශයෙන් ඉහළ යා හැකියි.ආතතිය හා චකිතය ආදී හේතූන් නිසා හදවත වේගයෙන් ගැහෙන අවස්ථා නිරන්තරයෙන් ඔබ අත්විඳ තිබෙනවා නම් ඒ තුලින් හෘද රෝග උත්තේජනය කළ හැකි බව මතක තබා ගන්න.

මෙවැනි ගැටළු මගහරවා ගන්නේ කෙසේද?

  • කායික රෝග වලට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු වෙත යන ආකාරයටම රෝග වලට මුල් වූ හේතුව සොයාගෙන අවශ්‍ය චිකිත්සීය ප්‍රතිකාර ලබාගැනීමට මානසික වෛද්‍යවරයකු වෙත යොමු වීමත් ඉතාම වැදගත්.
  • භාවනාව සහ සිහි කල්පනාව පුහුණු කිරීම (Mindfulness training) ආතතිය අවම කරගත හැකි හොඳම ක්‍රමයි.
  • විශේෂඥයන්ට අනුව සිහි කල්පනාව නිවැරදි ලෙස පුහුණු කිරීම මගින් අනවශ්‍ය දේට අවධානය යොමුකර ආතතියට පත් වනවා වෙනුවට නිසි ලෙස අපගේ අවධානය යෙදවීමට අපට ඉගෙන ගත හැකියි. ඇතැම් අවස්ථා වලදී තමන්ව හෝ අන් පුද්ගලයන්ව තක්සේරු නොකර මනස ක්‍රියා විරහිත කරගෙන සිටීමත් ඉතාමත්ම වැදගත් සෞඛ්‍යසම්පන්න දෙයක්.
  • මේ ලිපිය ඔබට වැදගත් සේ දැනුනා නම් ඔබේ අදහස් අප සමග බෙදාහදා ගන්නා අතරම තවත් කෙනෙකුගේ යහපත් මානසික සෞඛ්‍යය වෙනුවෙන් ලිපිය මිතුරන් අතරත් බෙදා හදා ගන්න..