Hela Rahas

Hela Rahas Official Web Portal

කොණ්ඩය ගැට ගැසී අවුල් වීම වළක්වාගත හැකි ක්‍රම 8 ක්

  • කාන්තාවන් විසින් දිනකට හිසකෙස් සඳහා සත්කාර කිරීමට පැයක් පමණ ගත කරන බව පැවසෙනවා. ඒ අනුව වසරකට ඔවුන් තමන්ගේ කෙස්කලඹ ගැන සැලකිලිමත් වීම සඳහා සති 2 ක් පමණ කාලයක් ආසන්න වශයෙන් ගත කරන බවයි සඳහන් වෙන්නේ. නිරෝගි, දිදුලන සහ දිගු කෙස්කලඹක් ලබාගැනීමට නම් එසේ මනා සැලකිල්ලකිම් කෙස්කලඹට සත්කාර කිරීම ඉතා වැදගත් වෙනවා. එමෙන්ම අභ්‍යන්තර මෙන්ම බාහිර පෝෂණයත් හොඳින් හිසකෙස් වලට ලැබිය යුතුයි.
  • දිනකට ඔබේ හිසෙන් ගැලවී යන හිසකෙස් ප්‍රමාණය හිසකෙස් ගස් 50-100 ත් අතර ප්‍රමාණයක් වන බවයි පැවසෙන්නේ. මෙසේ දිනපතා හිසකෙස් ගැලවි යාම ඉතා සාමාන්‍ය ස්වභාවික (සතුන්ගේ ලොම් හැලියාමට සමාන) ක්‍රියාවලියකි. 100000 කට වඩා හිස්කබලේ ඇති විශාල හිසකෙස් ප්‍රමාණයට සාපේක්ෂව එය එතරම් කැපී පෙනෙන ප්‍රමාණයක් නම් නෙවෙයි.නමුත්, දිනකට ඔබේ හිසකෙස් සිතාගත නොහැකි ලෙස ගැලවි යාම නම් බලා සිටිය යුතු දෙයක් නෙවෙයි. මේ සඳහා බලපෑ හැකි හේතුවක් තමයි කොණ්ඩය අධික ලෙස ගැට ගැසී අවුල් වි යාමේ ස්වභාවයකින් යුතු වීම එවැනි කෙස්කලඹක් පීරීමේදි හිසකෙස් විශාල වශයෙන් ගැලවී යාමට පටන්ගනියි.මේ තත්වය අවම කරගැනීමට ඔබට උපකාර කරන උපක්‍රම 8 ක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

1.කෙස් කලඹ කොටස් වශයෙන් බෙදා වෙන් කර හිසකෙස් පීරන්න

  • හිස කෙස් පීරාගැනීමේදි ගැට ඉවත් කිරීම හරිම වේදනාකාරි අත්දැකීමක්. මෙහිදි ඔබට හැක්යි කොණ්ඩය කොටස් වශයෙන් බෙදාවෙන්කර වෙන් වෙන්ව කෙස්ගස් වල ගවෙට ඉවත්කරගනිමින් කොණ්ඩය පීරාගැනීමට. පනාව භාවිතා කිරීමට පෙර ඔබේ ඇඟිලි තුඬු වලින් දැඩි ලෙස ගැට ඇති වි ඇති ස්ථාන ලිහිල් කරගැනීම සිදුකරන්න. ඉන් කෙස්ගස් ගැලවි යාම බොහෝ දුරට අවම කරගත හැකියි. එවගේම ගැට ඉවත්කරගැනීමේදි ඔබට වේදනාවක් ද නොදැනේවි.

2.කෙස්කලඹේ පහළ කොටස පීරාගැනීමෙන් පසුව ඉහළ කොටස පීරාගන්න

  • පනාව/බුරුසුව හිසකෙස් මුල සිට අග දක්වා පීරීමෙන් කෙස් ගස් බිම්බ (ෆොලිකල්) වලින් ඉහළට ඇදියාම සිදුවිය හැකි අතර ඉන් හිසකෙස් හානිවීමට සහ කැඩීයාමට පටන්ගත හැකියි. මේ සඳහා ඔබට අනුගමනය කල හැකි හොඳම ක්‍රමය වන්නේ හිස කෙස් අග කොටසට අඟල් කිහිපයක් ඉහළින් සිට පහළ අතට ප්‍රවේශමින් ගැට ඉවත්කරගනිමින් කොණ්ඩය පීරාගැනීමයි. කොණ්ඩයේ වැඩි වශයෙන්ම ගැට හටගන්නේ එහි අග කොටසේයි. ඒ ආකාරයෙන් ක්‍රමයෙන් ටිකින් ටික හිස කෙස් මුල දක්වා ඉහළට පනාව යවා පහළට පීරාගන්න. කොණ්ඩය පීරාගැනීමට පෙර එය කොටස් කිහිපයකට වෙන් කරගනිමින් ඒ සෑම කොටසකම ගැට ඉවත්කරගන්න.

3.ෂැම්පු ගැල්වීමේදි සුලු වෙලාවක් කෙස් වල හොඳින් තැවරෙන සේ හිස්කබල සම්බාහනය කරන්න

  • හිසකෙස් සෝදා පිරිසිදු කරගැනීම සඳහා ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයෙන් ද ඔබේ හිසකෙස් වලට පෝෂණයක් ලැබෙනවා. එබැවින්, හිසකෙස් වලට හානි ඇති නොවීමට නම් ඔබේ හිසකෙස් වර්ගය(hair type) සඳහා ගැලපෙන ෂැම්පු වර්ගයක් ‍තෝරාගන්න. ෂැම්පු ගැල්වීමේදි ඇඟිලි තුඬු වලින් හිස්කබලට ඒවා උරාගැනීමට පහසු වන සේ මෘදුව හිස්කබල සම්බාහනය කරන්න. ෂැම්පු සෘජුවම හිසකෙස් මැද සහ අග කොටස් වල අලේප කිරීමෙන් වළකින්න. එමඟින් හිසකෙස් වල ස්වභාවික තෙල් ආවරණය ඉවත් කෙරෙන අතර හිසකෙස් වේගයෙන් වියළී යාමට ලක්විය හැකියි. වඩාත්ම සුදුසු වන්නේ හිස්කබල ප්‍රදේශයේ හොඳින් ෂැම්පු ගල්වා හිස පිරිසිදු කරගැනීමයි. ජලයෙන් සෝදා හිස පිරිසිදු කරගන්නා විට කෙස් කලඹ දිගේ ෂැම්පු ගලා යන නිසා කෙස් කලඹ හොඳින් පිරිසිදු වීම සිදුවේ. වඩාත් හිතකර ප්‍රතිඵල සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු සහ සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු නිෂ්පාදනයක් ‍තෝරාගැනීමට සැලකිලිමත් වන්න

4.හිසකෙස් මෘදුව වියළා ගන්න

  • හිසකෙස් තෙත්ව තිබෙන විට ඒවා ඉක්මනින් කැඩී යන සුලුය. තුවායකින් තෙත කොණ්ඩය වේගයෙන් අතුල්ලමින් හෝ කොණ්ඩය වටා තුවාය ඔතමින් තෙත ඉවත්කරගැනීමට උත්සාහ කිරීමෙන් කොණ්ඩය තවත් අවුල් වී යාමට තුඬු දෙයි.තුවායක් ගෙන කොණ්ඩයේ තෙත එයට මිරිකා ක්‍රමයෙන් කොණ්ඩය වියළා ගන්න. තෙත ඉවත්කරගත් පසු ස්වභාවිකව හෝ විදුලි පංකාවක් ආධාරයෙන් කොණ්ඩය හොඳින් වියළාගන්න.

5.කොණ්ඩය තෙත පිටින් පීරන්න එපා!

  • හිසකෙස් තෙත්ව තිබෙන විට ඒවා ඉතා දුර්වල සහ ඝර්ෂණයට ලක්වීමේ සම්බාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතියි. ජලය මඟින් හිසකෙස් වල ආරක්ෂක ආවරණය තාවකාලිකව අවහිර කිරීම මෙහිදී සිදුවේ. තුවායකින් හිසකෙස් තදින් අතුල්ලා පිස දැමීම හෝ පනාවකින් පිරීම මඟින් වැඩි හිසකෙස් ප්‍රමාණයක් ගැලවි යා හැකිය. ස්නානය කරන විට සාමාන්‍යයෙන් හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යාමට හේතුව වන්නේ ද මුලින් සඳහන් කල කරුණයි.හිසකෙස් සේදීමට පෙර හිසකෙස් වල අවුල් ලිහමින් හොඳින් හිසකෙස් මුල සිට අග දක්වාම පීරාගන්න. මෘදු තුවායකින් හිසකෙස් අතුල්ලන්නේ නැතිව තුවායෙන් මිරිකමින් ජලය ඉවත් කරගන්න.

6.හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරගැනීම සහ කන්ඩිෂනර් භාවිතා කිරීම සිදුකරන්න.ෂැම්පු සහ හිසකෙස් සඳහා සිදුකරන විවිධ ට්‍රීට්මන්ට් ක්‍රම මඟින් හිසකෙස් අධික ලෙස වියළීමට ලක්කරන අතර ඒ හේතුවෙන් කෙස් කලඹ නිතර ගැටගැසීයාමට බලයි. මෙය වළක්වාගැනීමට හිසකෙස් වලට හොඳ තෙතමනයක් සහ පෝෂණයක් ලබාදීම ඉතා වැදගත්ය. මේ සඳහා තෙල් සත්කාර (පිරිසිදු පොල් තෙල්, අලිගැට පේර තෙල්, ඔලිව් තෙල්, එඬරු තෙල්), හිසකෙස් සඳහා මාස්ක් සත්කාර , හෙයාර් සීරම් වර්ග භාවිතය සහ ස්නානයෙන් පසු හොඳ කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කිරීම වැනි ක්‍රම ඔබට භාවිතා කල හැකියි.

7.ඝර්ෂණය අඩු රෙදි අමුද්‍රව්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට කවර සඳහා යොදාගන්න

  • ඔබ භාවිතා කරන කොට්ට කවර සහ ඇඳ ඇතිරිලි වල රෙදි ප්‍රභේදයේ ස්වභාවය ඔබේ කෙස්කලඹේ ගැට සහිත අවුල් ස්වභාවයක් ඇති කිරීමට හේතු වෙනවා. ඝර්ෂණය ඇති කරවන පොලියෙස්ටර්, සක කපු (කොට්න්) රෙදි වර්ග නිසා ඔබේ හිසකෙස් වියළීමට සහ පැටලී අවුල් වී යාමට ලක්විය හැක. මෙය වළක්වාගැනීමට ඔබට හැකියි සිල්ක් රෙදි වලින් මැසු කොට්ට කවර භාවිතා කිරීමට. එමෙන්ම නින්දට පෙර කොණ්ඩය ලිහිල්ව පි‍ටුපසට කර බැඳගැනීම හෝ කරලක් සේ ගොතාගැනීමෙන් ද කොණ්ඩය අවුල් වී යාම වළක්වාගත හැකියි. එය පසුදා උදෑසන හිස පීරීම වෙනුවෙන් වැඩි කාලයක් වැය නොකිරීමට ඔබට ප්‍රයෝජනවත් වේවි.

10.හිසකෙස් උඩට කර බඳින්න-හිසකෙස් නිතරම සහ අධිකව එහා එහා චලනය වීම නිසාත් කෙස් කලඹේ අධිකව ගැට හටගත හැකියි. උදාහරණයක් ලෙස වාහනයක ගමන් කරන විට , ව්‍යායාම කරන විට හෝ වෙනත් කායික ක්‍රියාශීලිත්වය ඇතිවන ක්‍රියාකාරකමක් කරන විට කොණ්ඩය කඩාහැලෙන ලෙස හෝ ලිහිල්ව නොතබා උඩට කර කෙටි පෝනි ටේල් විලාසිතාවක් ලෙස හෝ කොණ්ඩ ගුලියක් ලෙස ගැටගසාගන්න.