Hela Rahas

Hela Rahas Official Web Portal

පියවි ඇසින් දකින්න නොලැබෙන ලෝකයේ ලස්සනම මාර්ග 12ක්

මහා මාර්ග තදබදය, වාහන වලින් එක දිගට ඇසෙන නළා ශබ්දය, ඝෝෂාකාරී නගරයේ කලබල ගතිය අප දිනපතාම දකින දසුන් අතරින් සමහරකි. එවැනි පරිසරයක දී මනසට කෙසේ නම් සැනසීමක් දැනෙන්න ද? මේ සියල්ල අත හැරලා දවසක වීදි චාරිකාවක්, එහෙමත් නැතිනම්, රෝඩ් ට්‍රිප් එකක් යන්න කැමතිද ඇහුවොත් ඔබ අකමැති වෙනවාද? අද අපි සූදානම් වෙන්නේ ඔබව ලෝකය වටේ ඒ වගේ චාරිකාවක් එක්කරගෙන යන්නයි.මග දෙපස අපූර්වත්වය සහ සුන්දර ස්ථාන ‍රැසක් නැරඹිය හැකි ලොව ආකර්ෂණීයම මහා මාර්ග කිහිපයක එකතුවක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.

1.ග්‍රේට් ඕෂන් මාවත (ඕස්ට්‍රේලියාව)

  • සැතපුම් 151 ක් පමණ දුර මේ මාවතේ ගමන් කරන අයෙකුට සිත් ඇදගන්නා සුලු දසුන්, පුළුන් මහා මාර්ග, මග දෙපස කැන්ගැරුවන් දැකගැනිමට අවස්ථාව ලැබෙනු ඇත.

2.ඇලස්කා අධිවේගි මාර්ගය (කැනඩාව-ඇලස්කාව)

  • කඳුකර මාර්ගයේ ගමන් කරන ඔබට වළසුන් වැනි සතුන් අතරමගදි නෙත ගැටෙනු ඇත. එමෙන්ම කඳුකරයේ ජලාශ වල දසුන් නැරඹීමටත් ඔබට හැකිය.

3.රොමෑන්ටික් මාවත (ජර්මනිය)

  • මේ මාර්ගයේ ගමන් කරන ඔබට කුඩා කල ඇසූ සුරංගනා කතාවක පාරක ගමන් කරනවා වැනි අත්දැකීමක් දැනෙනු ඇත. අලංකාර තණබිම් සහ මධ්‍යතන යුගයේ ඉදි වූ නගර මනස්කාන්ත දසුන් මවයි.

4.අත්ලාන්තික් ඕෂන් මාවත (නෝර්වේ)

  • මෙම වෙරළබඩ මාවත ඔබව වීදි සංචාරකයින්ගේ ගමනාන්ත වල ඇති හොඳම සංචාරක ස්ථානයක් වන ස්ටෝර්සෙයිසන්ඩෙට් පාළම මතින් ඔබව ගෙන යනු ඇත.

5.කැරකෝරම් අධිවේගි මාර්ගය (පාකිස්ථානය)

  • මෙම මාර්ගය ලොව ඉහළ උන්නතියක පිහිටි බටහිර චීනය සහ පාකිස්ථානය හරහා වැ‍ටුණු ජාත්‍යන්තර මාවතකි. මෙම අධි වේගි මාර්ගයේ මුදුන් ලක්ෂ්‍යන් පිහිටා ඇත්තේ මෙම රටවල් වල දේශ සීමා වල සිට මීටර් 4800 ක් ඉහළිනි.බ්ලැන් කන්ද තරම් උසකින් යුතුය. මේ මාර්ගයේ ගමන් කරන විට අවට පරිසරයේ මනස්කාන්ත දසුන් නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

6.නෝර්ත් කෝස්ට් 500 (ස්කොට්ලන්තය)

  • සැතපුම් 500 ක දුර මේ මාවතේ ගමන් කරන විට සුරංගනා කතා වල බඳු පැරණි මාලිගා, සුන්බුන් වෙරළ තීර සහ වායුගෝලිය නරබුන් ආදිය දැකගත හැකිය.

7.රින්ග් මාවත (අයිස්ලන්තය)

  • අයිස්ලන්තය හරහා වැ‍ටුණු මේ මාර්ගයේ ගමන් කරන විට ගිනිකඳු, කඳු අතර සෑදුනු කලපු සහ උණු දිය උල්පත් දැකගත හැකි වනු ඇත.

8.ග්‍රොස්ග්ලොක්නර් හයි ඇල්පයින් මාවත (ඔස්ට්‍රියාව)

  • අඩි 8000 කටත් වඩා උසින් පිහිටි ඇල්පයින් කඳු මුදුන දක්වා දිවෙන මේ මාර්ගයේදි නිල් වන් සුපැහැදිලි ආකාශය සහ එහි පියාසර කරමින් සිටින රාජාලියන්ගේ සුන්දර දසුන් දැකගත හැකිය.

9.ට්‍රාන්ස්-ඇන්ඩියන් අධි වේගි මාවත (චිලී-ආර්ජන්ටිනාව)

  • රටවල් දෙකක් යා වෙන මේ මාර්ගය චිලි රාජ්‍යයේ සැන්තියාගෝ හි සිට ආර්ජන්ටිනාවේ මෙන්ඩෝසා දක්වා විහිදි ඇති ආසන්න වශයෙන් සැතපුම් 226 ක් පමණ දුර ඇති මහා මාර්ගයකි. මාර්ගයේ ගමන් කරන විට ගුවන් ගමන් බලපත්‍රය ‍රැගෙන යාමත් ඉතා වැදගත්.

10.බ්ලූ රිජ් පාර්ක්වේ (වර්ජිනියා, උතුරු කැරොලිනාව)

  • මාර්ග සංඥා එළි හෝ නැවතීමේ සංඥා පුවරු නැති පැහැදිලි මාවතක් වන මෙහි ඔබට රිසි සේ දිගටම ඔබේ රිය පදවාගෙන යා හැකියි.එමෙන්ම අවට කඳු පන්ති දිස් වන අයුරු ඔබට මනස්කාන්ත අත්දැකීමක් ලබාදෙනු ඇත.

11.ඇමල්‍ෆි කෝස්ට් (ඉතාලිය)

  • කඳු, වර්ණවත් ගොඩනැගිලි පිරුණු ගම්මාන,පළිඟු මෙන් සුපැහැදිලි ජලය සහිත අතිශයින්ම සුන්දර වෙරළ කලාපයේ පිහිටි මේ මාවත ලෝක උරුම ස්ථානයක් ලෙසත් හඳුනාගෙන තිබෙනවා.

12.මිල්ෆෝර්ඩ් අධි වේගි මාවත 94- (නවසීලන්තය)

  • “ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් ” චිත්‍රපටයත් සමඟ නවසීලන්තයේ පිහිටි මේ චමත්කාර ජනක සුන්දර මාවත ගැන මුලු ලෝකයම දැනගන්නට විය. සැතපුම් ගණන් දුර දිවෙන මේ මාවත දිගේ ගමන් කරන අයෙකුට නිමක් නොමැති තරම් කැලෑ බද වනාන්තර ප්‍රදේශ, කඳු, ජලාශ වැනි සුන්දර තැන් දැකගන්නට හොඳ අවස්ථාවක් ලැබෙනු ඇත.

බෝනස් – ප්‍රංශයේ Le passage du Gois මාවත