Hela Rahas

Hela Rahas Official Web Portal

හන්තාන කඳු මුදුනේ නීලකුම්බිලා ශක්ති කේන්‍ද්‍රයක්

  • සිංහල අධිරාජ්‍යයේ බල චක‍්‍රවර්තී රාජධානිය පිහිටියේ කන්ද උඩරට. ඒ දැන් දළදා මාලිගා පුදබිමයි. මෙයයි පළමු සිංහල රාජ්‍යය. එය පිහිටවූයේ මහබලි රජු බව කියනවා.එදවස එහි ඉදිවූයේ සත්මහල් ප‍්‍රාසාදයක්. ඒ ප‍්‍රාසාදයේ මහල් දෙකක් තිබුනෙ භූගතව.
  • පොළොව යට පිහිටි මහල් දෙක කරා විහිද ගියේ උමං පද්ධතියක්. එය භූගත උමං මාර්ග තුනකින් යුක්ත වුනා. ඉන් එකක් විහිද ගියේ මහනුවර සිට මාතලේට. අනික විහිද ගියේ මහනුවර සිට උඩවත්ත කැලේට. අනික් උමඟ විහිදුණේ මහනුවර සිට හන්තානට.
  • මහබලි යුගය තුළ රජවූයේ මහබලි රජු. දේව අධ්‍යාපනය ප‍්‍රබලව නැඟ ආවේ මේ යුගයේදි. මෙම දේව අධ්‍යාපනයේ රැජින තමා හෙළයේ මහා යක් රැජින. මේ කාලයේදි මහබලි රජු විශේෂිත කටයුත්තක් කළා. ඒ තීරණය කාශ්‍යප රජු මෙන්වූ විෂ්ණු දස අවතාරවලින් එකක් වූ වාමන අවතාරය ජීවග‍්‍රහණයෙන් අල්ලා ගෙන පසුව එම වාමන අවතාරය විනාශකර දැමීම.
  • මෙතැනින් පසුව හෙළ අසුර අධිරාජ්‍යය බිඳ වැටුණා. හෙළයේ මේ මහා බිඳවැටීමත් සමඟම බලවත් වුනේ හෙළයේ යක් රැහේ මහා යක් රැජින දේවයානි ය. ඒ යුගය ප‍්‍රමුඛ යුගයක්. එය හැඳින්වුනේ මහ බල චක‍්‍රවර්තී යුගය කියලා. මේ යුගයේ තවත් යුග 3 ක් තිබුණ බව කියනවා. ඒවා බලි, තරු, රාවණ යුග වේ. බලි යුගයේ දේවයානි රැජින තරු යුගයේදි හැඳින් වුනේ නීලකුම්බිලා නමින්. ඇය රාවණා යුගයේදි නම් භද‍්‍රයේ මහභද‍්‍රකාලි හෙවත් දුර්ගා ලෙසින්.
  • රුද‍්‍රා දේවතාවිය යනුවෙන් කියැවෙන්නේත් ඇය. එකම ආත්මය යුග තුනකදී වෙනස් නම් තුනකින් ගෙන ආ හෙළයේ මහ යක් රැජින යුගාන්තර කතා පුවතක යුග තුනක් මේ වන විට පසුකර අවසන්. එය අවුරුදුවලින් නම් අවුරුදු 7,500ක්. එය බෙදෙනුයේ අවුරුදු 2,500 බැගින් තුනකි. හෙළයේ බිඳ වැටීමත් සමඟම බලවත් වූ යක් රැහේ මහ රැජිනගේ රාජධානිය වුනේ කන්ද උඩරට. මහනුවරදී යක් රැහේ මහ රැජිනගේ ශක්ති කේන්ද‍්‍රය වුනේ හන්තාන කඳු පන්තියේ මැද කන්ද වෙන ඌරා කෙටූ ගල.
  • හෙළයේ යක් රැහේ මහ රැජිනි දේවයානි දේවතාවියගේ බලවත්වීම තුළ නැවත බලවත් වනුයේ හෙළය. මේ හෙළයට නායිකාව දේවයානි දේවතාවිය. දේවයානි දේවතාවිය සතු ශක්ති විශේෂයන් දෙකක් තිබුණා. ඒ යුද ශක්තිය හා ආධ්‍යාත්මික ශක්තිය.
  • මේ ශක්ති දෙක තරු යුගය පසුකර රාවණා යුගය දක්වා නොබිඳී නොනැසී පැවතියක්. රාවණා පුත් මේඝනාද හෙවත් ඉන්ද‍්‍රජිත් කුමරු විශේෂයෙන් නමස්කාර කළේ මේ දේවතාවියට. මෙම නමස්කාරයන් තුළ මේඝනාදට දේවතාවියගෙන් හිමිවූයේ විශේෂ ශක්තීන් සහ විසදා ගැනුමට අවශ්‍ය තැන්හිදී අවශ්‍ය වන්නාවූ පිහිට. මේ පිහිටත් එක්ක ප‍්‍රදානය කළ තවත් වරයක් තමා සක්වළ තරණය සඳහා වන ශක්තිය. ඒ විශ්ව ශක්තියයි.
  • ඌරා කෙටූ ගල කඳු මුදුන නිසා හන්තාන රාජධානිය සුවිශේෂී රාජධානියක් වුනා. අදටත් මේ කඳු පන්තිය බාහිර බලවේගයන්ගෙන් ආරක්ෂිතයි. දේවතාවියගේ වරමක් නොලබා අවසරයක් නොලබා කිසිවකු හට එයට ඇතුළු විය නොහැකි බව විශ්වාස කරනවා. මෙහි ඇති විශේෂත්වය කියන්නෙ එය පුදබිමක් වීම. එම මහ බලි යුගයේ සිට ආරක්ෂා කළේ තවමත් ජීවමාන බහිරවයන් අතින් බව කියනවා.
  • හන්තාන ගැන කතාබහ කිරීමේදී මේ කියන කතාව ඉතා විශේෂිතයි. ඒ හන්තාන අඩවිය සහ කුවේණි අතර වන සහ සම්බන්ධය නිසා. කුවේණිය කළ ප‍්‍රබල ශාපය මේ වන විට රහසක් නොවෙයි. කුවේණි යනු යක්රැහේ රැජිනක්. කුවේණිය එකල කළ සාපය කළේ යක් රැහේ මහ රැජින නීලකුම්බිලා දේවතාවිය ඉදිරියේ.
  • කුවේණිය තමන්ගේ දුක කියා පෑවේ හන්තාන අඩවියේදි. අදටත් එම සාපය වලංගුයි. ඒ පිළිබඳ වන සාධක හන්තාන අඩවියේ ඇත. අදටත් ජීවමානව බල පවත්වන බලයක් සහිතව නීලකුම්බිලා දේවතාවිය තවමත් හන්තාන අඩවියේ බලපරාක‍්‍රමය පතුරුවන බව ජනප්‍රවාද වල කියනවා. ඒ නිසා තවමත් හන්තාන අඩවිය තුළ නීලකුම්බිලා දේවතාවියගෙ පිළිමයක් තිබෙන්නෙ කියනවා.
  • ඒ තිබෙන පිළිමය මුහුණ පා සිටිනුයේ හන්තාන කඳුවළල්ලේ ඌරා කෙටූ ගල කඳු පන්තිය දෙසට. ඒ කඳු පන්තිය ඉහළ මුදුනේ පිහිටි දේවතාවියගේ ශක්ති කේන්ද‍්‍රයට. හන්තාන කඳු පන්තියේ එක්තරා ස්ථානයක ස්ථාපිතව ඇත්තෙ නීලකුම්බිලා දේවතාවියගේ පිළිමය. මේ පිළිමය කාල නීල වර්ණයෙන් වර්ණ කර ඇත. ඒ පාට ඇයටම සුවිශේෂී පාටක් කියනවා. ඒ පාට වලින් කියන්නෙ ඇයට උරුම ශක්තීන් වල එකතුව. විශ්ව ශක්තියේ මිශ‍්‍ර පැහැය.
  • නීලකුම්බිලා දේවතාවියගේ දක්නට ලැබෙන පෙනුම ඉතා සුවිශේෂීය. එහි මූණ එළියට පැමිණි දිගු දිව, ලේ පෙරෙන ඔළුවක්, පයින් පාගා සිටින කාන්තාවක්, අත්වල ආයුධ, අත දරන ආයුධ හා තවත් අංග ගණනාවකි. මේ එකතුව සර්ව සම්පූර්ණ වූ එකතුවක්. මෙහි යුද ආයුධ සමඟින් නිරූපණය කරන්නෙ සටන්කාමීත්වය සහ ප‍්‍රබලත්වය, ඉලක්කයට මාන බැලීම, ගොදුරකට පනින විලාසය, රෞද‍්‍ර ගතිය, ශක්තිය විදහා දැක්වීම.
  • දිව එළියට ඒමත් වීරත්වය පෙන්නුම් කරනවා. ශක්තිවන්තභාවය, ඉලක්කයකට කඩා පැනීමේදී ශබ්ද නඟා කඩාපැනීමේ සූදානම, එහි විවිධාකාර වූ ඉරියව්, හැඩතල, මෙයින් කියැවෙනුයේ සැමවිටම සූදානමින් සිටින ක‍්‍රියාකාරිත්වය. එය තමයි ශක්තිය වඩවාගැනීමේ ඉරියව්. වේගයේ ප‍්‍රබලත්වය. ඊට උදාහරණයක් තමා අංගම් ශාස්ත‍්‍රයේදී ප‍්‍රබල වෙන ශබ්දය. ශබ්දය සමඟ වන ප‍්‍රහාරාත්මකභාවය, ක්ෂණික ක‍්‍රියාකාරිත්වය, යුද ශිල්පයට අධිපතිකම, යුද හරඹයන්හි නිපුණත්වය ගෙනහැර පාන ලකුණු මෙයයි.
  • කාන්තාවක් පාගාගෙන සිටීමෙන් නිරූපණය කෙරෙනුයේ ව්‍යාජ බව විනාශ කරලීම. එ් දැක්වෙන කාන්තාව මහා ශිව ලෙස හඳුන්වනවා. ඒ සැබෑ ශිව නෙමේ. ඒ මහා ශිව වෙස්ගත් වෙනත් කෙනෙක් කියනවා.
  • මේ අවස්ථාව වනුයේ නීලකුම්බිලා දේවතාවිය මහා ශිවට ගරු කරන කාන්තාවක් හා පුද දෙන්නියක්. නීලකුම්බිලා දේවතාවිය විනාශ කෙරුමට මහා ශිව ලෙස වෙස්ගත් රුවක් එවීම උපායමාර්ගික සැලසුමක්. එම සැලසුම දේවතාවිය හඳුනාගන්නේ ඇයට හිමි ශක්තියෙන් හා ආධ්‍යාත්මික වැඩම වීමකින්. මෙහි සැබෑ අර්ථය කුමන වේශයකින් පැමිණියත් සතුරා හඳුනාගැනීමට තිබෙන හැකියාව.
  • යක් රැජින නීලකුම්බිලා දේවතාවියට ප‍්‍රධාන වනුයේ අග්නි පූජාව. නමුත් හින්දු ආගමේ පිදීමක් හැටියට සටහන්වන බලි බිලි පූජාව. මෙම බලි බිලි පූජාව කිසියම් සත්ත්වයකුගේ හෝ සත්ත්වයන් රැසකගේ ප‍්‍රාණය නිරුද්ධ කිරීමයි. ඒත් අග්නි පූජාව වෙනස්.
  • එහි අර්ථය සෑම නපුරු දෙයක්ම ගින්දරෙන් පුච්චා දමා අළු කර දැමීමෙ සත්‍යය. මේ අග්නිය බලවත් කළ පූජාවට කියනුයේ නීලකුම්බිලා පූජාව කියලා. එනම් දල්වන ලද අග්නිය යම් සේ බුර බුරා නැඟෙනව ද නීලකුම්බිලා දේවියගේ රශ්මිය එපමණටම බුර බුරා නැඟෙන බව. දැල්වෙන අග්නිය යම් යම් සීමාවන් නොතකා පැතිරෙනුයේ යම්සේද, නීලකුම්බිලා දේවතාවියගේ රශ්මියද සීමාවන් නොතකා පැතිරෙන බව. දල්වන ලද අග්නියට ළඟාවිය නොහැකි තරමට යම් රශ්මියක් පිට කරන්නේද, නීලකුම්බිලා දේවතාවියටද එපමණ රශ්මියක් පිට කළ හැකි බව. දැල්වෙන අග්නියකට යම් කිසිවක් යම් ආකාරයකින් පුදපූජා කෙරෙයිද, නීලකුම්බිලා දේවතාවියට එවන් පූජාවන් කළ යුතු බව.
  • මේ දේවතාවිය පිදීමේදී මුලින්ම නමස්කාරය කළ යුතුයි. මෙහිදී ඕම් මන්ත‍්‍රය භාවිතය වැදගත්. ශබ්ද පරාසය හඳුනා වචන අතර ස්වර නොබිඳ උච්ච ස්වරයේ සිට මන්දගාමීව පහත් වූ ස්වරය දක්වා නියම කළ රිද්මයකට එය ගායනා කළ යුතුයි.
  • දේවතාවිය වෙනුවෙන් දැල්විය යුතු පහන් වැටි යම් ප‍්‍රමාණයක් නියම කර තිබීම සැලකිය යුතු කරුණක්. මේ සඳහා උචිත වනුයේ ඉතා පිරිසුදු ගිතෙල් පහන්. පහන් දැල්විය යුත්තේද එක් විශේෂිත ක‍්‍රමයකට. ගිතෙල් පහන මත නොදල්වන ලද කපුරු පෙති දෙකක් තබා, දල්වන ලද කපුරු පෙත්තක් ඒ මත තැබිය යුතුයි. ගිතෙල් පහන තැබිය යුත්තෙ ත‍්‍රිකෝණාකාර හැඩය ගත් ඉරිමත.
  • ගිනි දැල්විය යුත්තේ එම ත‍්‍රිකෝණය තුළ. අග්නිය දැල්වීමේදී අග්නිය පිදිය යුතු පූජා වස්තු රැසක් තිබෙනවා. මෙම පූජා වස්තුන් අතරට ඉතාමත් දුර්ලභ, විශේෂිත ඖෂධ යොදාගත් සුවඳ ධූපයක්ද ඇතුළත්.
  • පූජාව ආරම්භයේ සිට අවසානය දක්වා නීලකුම්බිලා දේවතාවිය නමදින පූජාවන් ගායනය වැදගත්.තැන්පත් කළ දේවතාවිය ක‍්‍රියාත්මක වෙමිනුයි සිටිනුයේ. ඒ හරහා සුදුසු කාල චක‍්‍ර නිර්මාණය වෙන බව කියනවා. දිශාව ගෙනහැර දක්වනවා. මෙම වෙන්වන දිශාව ඉතා වැදගත්
  • ඒ දිශාව හරියටම පිහිටා තිබෙනුයේ හන්තාන කඳු වළල්ලේ ඌරා කෙටූ ගල කන්දේ ශක්ති කේන්ද‍්‍රය ඉලක්ක කරගෙන. එය නිවැරැදිව හඳුනා ගෙන පසුව ඌරා කෙටූ ගලේ දේවතාවියගේ පිළිරුව ස්ථිරවම ස්ථාපිත කරන්නෙ. නීලකුම්බිලා දේවතාවියගේ ආශීර්වාදය ලැබීමට හැමෝටම බෑ කියනවා. ඇය සෑම කෙනෙක්ටම එකලෙස බැල්ම හෙළන්නෙත් නෑ. ඒ වගේම සෑම අයකුටම ඇයට ළංවීමටත් බෑ කියනවා.
  • ඒ සඳහා යම් ශක්ති වඩවාලීමක් කළ යුතුයි. හෙළය සහ හෙළදිවයින, දේවතාවිය සහ එම පරපුර ගැන සත්‍ය වූ සිතුවිලි හද තුළ තිබිය යුතුයි. ඉන් කියන්නෙ යක් රැහේ මහ රැජින ආධිපත්‍යය දරන රාවණා පරපුර ගොඩනැඟී තිබෙනුයේ විශ්වය හා බැඳීමකින්. එය කිසිදා වෙන්කරලිය නොහැක්කක්.
  • මේ මහා විශ්වය කිසියම් ආකාරයක රිද්මයානුකූල රටාවක් නිර්මාණය කර අවසන්. එම අවසන් වූ රටාව තුළ තිබෙනුයේ බලි, තරු, රාවණ යුගාන්තර තරණය කරමින් තවමත් ජීවමානව බලවත් රාවණ පරපුරේ, හෙළයක් රැහේ නීලකුම්බිලා දේවතාවියගේ පරම්පරාවේ ජීවිත.
  • එම ජීවිතවල ගැබ්ව තිබෙන්නා වූ ආත්මයන්. යුගාන්තර තුනක් පුරා නොබිඳී පවත්වාගෙන ආ ආදීතමයන් පිදීමේ චාරිත‍්‍රයන්. නීලකුම්බිලා දේවතාවියගේ නියමය තමා නැසිය යුතුවනුයේ සතුරා බවයි. සතුරන් නොවන කිසිවකුට එතුළ හිංසාවක් කළ නොහැකියි. මේ සතුරන් කොටස් දෙකයි. ඒ මානසික සතුරන් හා ශාරීරික සතුරන්. එකී අදහස මනසට හෝ සිරුරට පීඩාකරන යම් අයකු හෝ සමූහයක් සිටී නම් ඔවුන්ට නිවැරදි දැඩි දඬුවම් ලබාදිය යුතු බවයි. මේ තමයි නීලකුම්බිලා දේවතාවියගේ තවමත් නේත‍්‍රා මංගල්‍යය නොතැබූ පිළිමයෙන් මතුකරන්නෙ.