Hela Rahas

Hela Rahas Official Web Portal

කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ අංජනම් එළියේ හාස්කමක

  • කොණ්ඩදෙණිය පන්සල ඉස්සරහ අලුත් වර්ගයේ සැප පහසු මෝටර් රථයක් නැවැත්තුවා. හාමුදුරුවෝ මේ එන අයගේ ඉරියව් ගැන හොඳට බැලුවා. ඔවුන් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියලා හාමුදුරුවන්ට තේරුම් ගියා. මුලින්ම වාහනය පදවාගෙන ආව පිරිමි කෙනත් ඔහුගේ බිරිඳත් හාමුදුරුවන්ට වැන්ඳා.පසුව
  • හාමුදුරුවො- ” මොකද මේ මහත්තයයි නෝනයි, ලොකු කලබලයකින්? “
  • අමුත්තන්- අනේ හාමුදුරුවනේ හොරණ මිල්ලෑවේ පළාතේ ඉඳලා හොරු ඇවිත් අපේ ගෙදරට පැනලා අපි දෙන්නයි පුතයි බය කරලා ගෙදර තිබුණු හැමදේම අරන් ගියා.
  • හාමුදුරුවො- “ඉතින් ඔයාලා කියන්නේ මට මොනවා කරන්න කියලද?”
  • අමුත්තන්- මේ හොරු ටික අල්ලලා දඬුවමක් දෙන්න හාමුදුරුවනේ.
  • හාමුදුරුවො- බලමුකෝ කරන්න පුළුවන් දෙයක්, ඉස්සර වෙලා බුදුන් වැඳල එහෙම එන්නකෝ.
  • ඔවුන්ට කොණ්ඩදෙණියේ හාමුදුරුවො ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ආවාස ගෙය ළඟ දේව මන්දිරයට හිමියන් ඔවුන් කැඳවා ගෙන ගියේ ඉඳහිට මෙවන් විපතක් වූ කෙනෙකුට පිහිට වීමට තමන් සතු බලගතු අඳුනින් පුළුවන් බව දන්න නිසා.
  • සමන් පිච්ච මල් අතුරා හඳුන්කූරු දල්වා පොල්තෙල් පහනක් අඳුන ඉදිරියේ දැල්වූ කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ සුපරීක්ෂාකාරීව මොහොතක් අඳුන දෙස බලාගෙන සිට මන්තරයක් ජප කරන්න ගත්තා. අඳුන මොහොතකින් ක්‍රියාත්මක වෙන්න ගත්තා. දෙන්නට ඒ ළඟ ඉඳගන්න කීවා.
  • හාමුදුරුවො- ‘ මහත්තයාලට ඉන්නේ එක පිරිමි දරුවයි?” “පළාතෙ කාටවත් නැති විදිහේ තට්ටු දෙකේ ලොකු ගෙයක් තියෙනවා. උඩ තට්ටුවේ ඉන්නේ පිරිමි ළමයා විතරයිනේ.
  • අමුත්තන්- “එහෙමයි අපේ හාමුදුරුවනේ.”
  • හාමුදුරුවො- ” ළමයා හොරණ පැත්තේ ලොකු ප්‍රසිද්ධ පිරිවෙනක ඉගෙන ගන්න යනවා. දරුවා ගෑණු ළමයෙක් එක්ක යාළුකමක් ඇති කරගෙන”. පටලැවිලා තියෙන්නේ බලගතු කණ්ඩායමක් එක්ක”
  • අමුත්තන්- “ඒ වගක් අපි දන්නේ නැහැ හාමුදුරුවනේ”. “අපේ දරුවා ඇස් දෙක වගේ බලා හදාගත්තා මිසක් එවා හොයලා බැලුවේ නෑ”.
  • හාමුදුරුවො – “මේක හොරකමක් නෙවෙයි පළිගන්න කරපු දෙයක්. ඒ වගේම ඔය දෙන්නා මාත් එක්ක ලොකු බොරුවකුත් කියලා තියෙනවා. මහත්තයලාගේ ඔකොම වස්තුව හොරෙන් අරගෙන ගියයි කියලා. ඔයාලගේ වස්තුව ලොකු බැංකුවක තැන්පත් කරලා තියෙන්නෙ. හරි නේද? අරගෙන ගිහින් තියෙන්නේ සුළු සුළු දේවල් ටිකක් විතරයි. පුතා පරෙස්සම් කරගන්න. පුතාට අවවාද කරන්න”. ඒ හොර කණ්ඩායම මිල්ලෑවෙන් පාදුක් කට ගිහින්. දැන් අවිස්සාවේල්ලෙ සාප්පුවකට හොරකම් කරපුවා විකුණලා ඉවරයි. රත්තරන් බඩු එහෙම කොච්චර තිබුණද ? ”
  • අමුත්තන්- “අපි දෙන්නගේ පවුම් දහයක දොළහක චේන් පොටවල් දෙකක්. තව රිදී මාල කිහිපයකුත් වළලු හයක් තිබුණා. අල්මාරි ලාච්චුවේ තිබුණ සල්ලි අරගෙන ගිහින්.”
  • පන්සලේ ආවාස ගෙය උඩහ පිහිටි ගල්ලෙනට දෙමහල්ලන් කැඳවාගෙන ගිය හාමුදුරුවෝ දෙබෑ වූ ගල් පර්වතයේ රඳවා තිබූ සිංහ තෙල් සහිත මංජුසාව විවෘත කළා.
  • ¨මහත්තයෝ වැරදි වැඩවලට මම උදව් ගන්නේ මගේ ළඟ ඉන්න මේ කළු බළලාගෙන්. එයා කාටවත් මගේ අනුදැනුමක් නැතිව කරදර කරන්නේ නෑ. බළලා අමුත්තන් දෙස දෙඇස් දල්වා බලා සිටියා. හාමුදුරුවො මන්ත්‍රයක් ජප කරන්න ගත්තා.
  • බළලාගේ ඇස් රතු වී ලේ දහරාවක් පිටවුනා. බළලා හාමුදුරුවන් දෙපා මුල වැතිරුනා. බළලාගේ දෙ ඇසින් ගැලුණු ලේ බිඳුවක් අතට ගත්ත කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ට දකින්න ලැබුණේ සමන් පිච්ච මල් සුවඳ ගමක් ගල් කැටයක් බවට එය පරිවර්තනය වන විදිය.
  • ” බය වෙන්න කාරියක් නෑ. ගෙදර යන්න කලින් උත්තරයක් ලැබේවි. මොකක් ද වුණේ කියලා මට පණිවිඩයක් දෙන්න “ හාමුදුරුවො කීවා.
  • ගත වූයේ පැයක් විතරයි. තමන්ගෙන් උපකාරයක් බලාගෙන පැමිණි දෙමහල්ලෝ මහත් සතුටකින් ආයෙත් පන්සලට ආවා.
  • “හාමුදුරුවනේ අපට මගදිම පණිවුඩයක් ලැබුණා. හොර කණ්ඩායමේ ඉඳලා තියෙන්නේ හතර දෙනයි. ඔවුන් ගිය වාහනයත් එක්ක කළු අග්ගල යකඩ පාලමත් කඩාගෙන වක් ඔයට වැටිලා විනාශ වෙලා.
  • “ ඒ කට්ටිය මිල්ලෑව පැත්තේ ඉන්න ප්‍රසිද්ධ හරක් හොරු. දවසකට බඩ දරු එළදෙන්නු දෙතුන් දෙනෙක් මරනවා. එළදෙනුන්ගේ බඩ ඇතුළෙ ඉන්න පුංචි හරක් පැටව් පණ ගැහෙද්දී තෙල් තාච්චියේ දාලා රොස් කරලා කනවා. ඒවට විපාක තමා ලැබුනේ”. කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ කීවා.