Hela Rahas

Hela Rahas Official Web Portal

බුදු ඇසින් දුටු ස්ත්‍රීත්වය

අප ගෞතම බුදුහාමුදුරුවො පහළ වෙන්න කලින් සමාජයේ කාන්තාවට තිබුනෙ පහත් තැනක්. කාන්තාව කියන්නෙ පිරිමින්ගෙ වහලියන් වගේ. ඒත් සිද්ධාර්ථ බෝධිසත්වයන් බුදු වීමෙන් පස්සෙ මේ දේ වෙනස් වුනා. අවුරුදු දෙදාස් හයසියකට කලින් ගෞතම බුදුන් ලොව පහළවන සමයෙහි බමුණන් විසින් පාලනය කළ සමාජයෙ කාන්තාව අනේකාකාරයෙන් පීඩාවට පත් වුනා. බුදු රදුන් විසින් කාන්තා නිදහස අරබයා සාමකාමී සටනක් කළහ.

කාන්තාව ගේ ගෞරවය වෙනුවෙන් බුදුන් නැඟූ හඬ ත්‍රිපිටකයෙහි සඳහන් වෙනවා.සමස්ත මනුෂ්‍ය සංහතියේ ම අසහාය හිමිකරුවා කාන්තාවයි. භාරත සමාජය කාන්තාව පුරුෂාධිපත්‍යට යටත්කර හැඩ ගැස්වීමේ කාර්යයට නතු කරවූයේ බ්‍රහ්මණ වර්ගයා. ආර්ය ජනයාගේ දේශයක් වූ ඉන්දියාවේ ක්‍රි. පූර්වයෙන් 3000 වනවිට පැවැති ආගම ධර්මය අනුව වෛදික සාහිත්‍යයෙහි වූ ඍග් වේදය අනුව කාන්තාව සමාජ තත්වයෙ පහතට ඇද දමා තිබුනෙ නෑ. සමාජ අයිතිවාසිකම් හා නිදහස පොදුවේ අත්විඳින තත්ත්වයක් යටතේ වර්ණ භේදය හෝ ස්ත්‍රි පුරුෂ භේදය ඒකාලෙ නොවුනා.

ඒත් වෛදික සාහිත්‍යයට අයත් බ්‍රාහ්මණ සමය ක්‍රි.පූර්වයෙන් 1500 සිට 1700 පමණ කාලය තෙක් තිබුණා. ඒ කාලේ භාරතයේ ස්ත්‍රි පුරුෂ භේදයත් වර්ණ භේදයත් දරුණුවටම තිබුනා. ස්ත්‍රිය හා පුරුෂයා සතු යුතුකම් අයිතිවාසිකම් පිළිබඳ “සමෘති” නම් වෛදික සාහිත්‍යයෙහි කතා කරනවා. එහි වූ දැක්මට අනුව ස්ත්‍රිය පුරුෂයාගේ වහළිය බවට පත්කර තිබූ අතර අවශ්‍ය පරිදි පරිහරණය කළ හැකි භාණ්ඩයක් බවට නම් කර තිබුනා. අචේතනික භාණ්ඩයක් සේ සැලකූ ස්ත්‍රිය පුරුෂයාට අනවශ්‍ය නම් පැකිලීමකින් තොරව ඉවතලිය හැකි විය. විනාශකොට දැමිය හැකි විය.

ස්ත්‍රිය පීඩාව පත්ව සිටිය මේ කාලේ ලොව පහළ වුන ගෞතම බුදුන් වහන්සේ අදින් වසර දෙදහස් හයසීයකට පෙර කාන්තා නිදහස වෙනුවෙන් ඉදිරිපත් වුනා. එසේ වූ ද ඒ උත්සායේ ප්‍රතිඵලය අද වන තුරුද ලබා ඇති බවක් අද සමාජයේ වෙන දේවල් බැලුවම පෙනෙන්නෙ නෑ. ඊට හේතුවී ඇත්තේ මිනිස් සිත තුළ මුල් බැස ගත් මති මතාන්තර මුළුමනින් ම මුලින් උපුටා දමා තුරන් කර ලීමට නොහැකි වීමයි. වර්තමානයෙහි ද පුරුෂාධිපත්‍යයට නතු වූ ස්ත්‍රින් ඉන්නවා.

අපේ රටේ ඒ දේවල් අඩු වුනත් සමහර රටවල් වල අදටත් ස්ත්‍රී හිංසනය දැඩිව තිබෙනවා. අපෙ රටේ වුනත් අපි නොදන්න සිදුවීම් කොපමණ ඇතිද.ස්ත්‍රිය පුරුෂයා සතු භාණ්ඩයක් ලෙස සැලැකුව සමාජයට බුදුරජාණන් වහන්සේ දෙවියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් පුරුෂයා සතු වටිනාම සම්පත හෙවත් ඔහු සතු උතුම්ම සවිඥානක සම්පත ස්ත්‍රිය යැයි “ඉත්ථි භාණ්ඩාන මුත්තමං” යනුවෙන් දේශනා කළහ. පුරුෂයාට සිටින හොඳම යෙහෙළිය භාර්යාව බව “භරියාව පරමා සඛා” යනුවෙන් දේශනා කළ වදාළහ.

කොසොල් රජ බිසව් වූ මල්ලිකාවට දුවක උපන් පුවත අසා රජුගේ මුහුණ මැලවුනා. එය දුටුව බුදු රජාණන්වහන්සේගේ ඉත්ථිහි පි එකච්චියා පෝස ජනාධිප මේධාවිනී සීලවතී සස්සූ දේවා පතිබ්බතා තස්සා යෝ ජායතී පොසෝ සූරෝ හෝති දිසම්පති තා දිසා සුභ ගිනියා පුත්තෝ රජ්ජම්පි අනුසාසති යනුවෙන් දේශනා කළ බව සංයුක්ත නිපාතයෙ සඳහන්. මෙි දේශනාවෙ අදහස තමා නුවණැති සිල්වත් නැදිමයිලන් පුදන පතිව්‍රතාව රකින ස්ත්‍රිහු උතුම් වෙති. එබඳු ස්ත්‍රියක සුර පුත්‍රයකු ලදහොත් එබදු යහපත් තැනැත්තියගේ පුත්‍රයා රාජානුසාසනා කරන්නේය ය.

අංගුත්තර නිකායේ සප්ත අපරිහානී ධර්ම දේශනා කළ බුදුහු ලිච්ඡවි රජදරුවන්ට වජ්ජීහු කුල ස්ත්‍රින් හා කුමාරිකාවන් උසස්කොට සලකන තාක් ඔවුන් ගේ දියුණුව මිස පරිහානිය නොම වන බව වදාළහ.

  • ”යාව කීවවක්‍ද්ච ලිච්ඡවි වජ්ජියා තා
  • කුලිත්ථියෝ කුල කුමාරියෝ තා
  • ඔස්සය් හ වා සෙන්ති වූද්ධි යේම
  • ලිච්ඡවී වජ්ජීනං පාටිකධඛා
  • නො පරිහානි”

චත්තා රො වණ්ණා සමා සමා යනුවෙන් වදාළ බුදු රජාණන් වහන්සේ චතුර් වර්ණය වෙනුවට ස්ත්‍රි පුරුෂ ලිංග භේදය අනුව භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා වශයෙන් බුද්ධ සානයෙහි චතුර්වර්ණයක් පෙන්වා දුන්හ. උපතින් හිමිවන ස්ත්‍රි පුරුෂ වෙනස මත ගුණ ධර්ම හෝ බුද්ධියෙ අඩු වැඩිවීමක් නොවන බව පෙන්වා දුන් බුදුහාමුදුරුවො බුද්ධි හීන බෙලහීන නොවන කාන්තාව සියලු ශක්තීන්ගෙන් යුත් තැනැත්තියක් බව පෙන්වා දුන්නා.

මජක්‍ධිම නිකායේ මහා යමක වග්ගයේ මහා තණ්හා සංඛය අනුව ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව තෘෂ්ණා සහගත සතුට දුරුවීම නිසා උපාධාන නිරොධයෙන් ද භව නිරෝධයෙන් ද ජරා මරණාදි දුක් දුරු කිරීමෙන් පක්‍ද්චස්කන්දය නම් දුක් ගොඩින් ද ස්ත්‍රි පුරුෂ භේදයකින් නිදහස් විය හැකි බව දේශනා කර ඇත.ඒ වගේම මජ්ඣිම නිකායේ බහුධාතුක සූත්‍රයේ දී ස්ත්‍රීත්තවය තුළින් ලැබිය නොහැකි දේවල් 5 ක් දක්වා ඇත. ඒවා තමා

  • බුද්ධත්වය
  • සක්විති රජකම
  • ශක්‍ර දේවත්වය
  • මාර දිව්‍ය රාජ්‍යත්වය
  • බ්‍රහ්ම බව

බ්‍රහ්මණ ආධිපත්‍යයට නතු වෙලා තිබුන සමාජයේ ස්ත්‍රිය ජීවත් වුනේ සෑම තත්ත්පරයක ම මියැදෙමිණ් බව කියනවා. උපතින්ම මන්ද බුද්ධික හා කායික දුබල භාවය සලකා මාපිය ස්වාමි දූදරු සෙවනෙහි කාන්තාව විසිය යුතු යැයි යන්නෙන් පිළිගැනුණු අමානුෂීය චින්තනයක් ඒ කාලෙ තිබුනා. ඒ ගැන රඝු වංශයේ මෙහෙම කියනවා.

  • ”බාලේය පීතූර් ව ශේ තිෂඨ්‍යෙත්
  • පාණිග්‍රාහ යෞවනේ
  • පුත්‍රාණං භර්තරී ප්‍රේතේ නාස්ති ස්ත්‍රි
  • ස්වනේත්‍රාතාම්”

ඒ කාලේ බමුණු කාන්තාව ‘ද්වඞගුළ පඤ්ඤා’ ඒ කියන්නෙ දෑගුල් නුවණ ඇත්තී ලෙස හැඳින්වුවා. බුද්ධ කාලයට පෙර ආගම් ඇදහීමට හෝ ආගමික ස්ථාන කරා යාමට අවසර කාන්තාවට අවසර නැති අතර ඇය සැමියාගේ ඕනෑ එපාකම් ඉටු කරමින් ද සැමියාට සත්කාර කරමින් ද මරණින් පසු දෙව් ලොව උපත ලද හැකි බව බමුණන් කී මතය ඇදහුවා

එහෙත් බුද්ධ කාලීන සමාජයේ විසූ මහා ප්‍රජාපතී ගෝතමිය චිරරාත්‍ර භික්ෂුණීන් අතරින් ද, සෘධිමතුන් අතරින් උප්පලවණ්නාවෝ ද, විනයධරයන් අතර පටාචාරා තොමෝ ද, ඛේමා තොමෝ මහා ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතර ද, භද්‍ර අභිඥාලාභීන් අතර කුණ්ඩල කේසී ද, දිවැස් ඇත්තියන් අතර සකුලා මෙහෙණිය ද, බුද්ධ සාසනයෙහිදී අගතැන් ලැබූහ.

”ඉසිවරුන් විසින් ලැබිය යුතු දුලබ වූ යම් පදවියක් වේ ද එය දෑඟුල් නුවණැති ස්ත්‍රීන්ට ලැබිය නොහැක” යි කී මාර දිව්‍ය පුත්‍රයාට, සෝමා මෙහෙණ විසින් සිත සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි, මනා කොට දහම දක්නා හුට ඉතිරි බව කුමක් කරන්නද’යි පිළිතුරු ලෙස විමසූ බව සංයුක්ත නිකායෙහි භික්ඛුණි සංයුක්තයෙහි සඳහන්.

බමුණන්ගේ වාරණය අනුව ස්ත්‍රිය “අසූර්යං පශ්‍යා” ලෙස හැඳින්වූවා. එනම් ස්ත්‍රිය හිරු නොදකින්නියයි. ඈ ගෘහයේ බිත්ති හතරට කොටුවී ගේ දොර වැඩ පල ද ස්වාමියාගේ හා දරුවන්ගේ කටයුතු ද කළ යුතු විය.

ඒ කාලේ සමාජයේ බමුණු මතයට අනුව පැවැති තවත් චාරිත්‍රයක් වූයේ ළදරු විවාහයයි. මෙයින් කාන්තාව අසීමිතව පීඩාවට පත්විය. පසුකාලීනව බුදුන්ගේ කුළුපග දායක යුවළක් වූ නකුල ගෘහපතිහු ද දහර වියෙහි දී විවාහ වෙලා ඇත. අන්ධභූත ජාතකය අනුව බමුණා ගැබ්ගත් ස්ත්‍රියක් කැඳවා ඈ ප්‍රසූත කළ දැරිය වඩවා බිරිය කොට ගෙන ඇත.

අදත් සමහරු ගැහැනු දරුවකු ගෙදර සිටීම මව්පියෝ බරක් සේ සලකනවා. අතීත සමාජයේ අඩු වයසින් වියපත් පුරුෂයන් හට විවාහ කරදුන් කාන්තාවන් වැන්දඹු වූ පසුව පවුලට ද සමාජයට ද බරක් වූ බැවින් සති පූජාව නම් චාරිත්‍රයක් කර ඇයට සැමියාගේ සෑයට පැන මිය යාමට නියම කලා. එසේ නො කළ ස්ත්‍රිය බලහත්කාරයෙන් සෑයට දැමූ අතර එයින් බේරී සිටියෝ දේවාලයන්හි නටමින් උපයාගෙන ජීවත්විය යුතු විය.

සිඟාලෝවාද සූත්‍රයේ දී බිරිය පශ්චිම දිසාව ලෙස නම් කළ බුදුරජාණන්වහනසෙ නිවසට ආලෝකය සපයන්නී බිරිය බවත් බිරියට ගරු කිරීම, නින්දා නොකිරීම, බිරිය හැර පරදාර සේවනයෙහි නොයෙදීම, බිරියට සම්පත් පවරාදීම, බිරියට ආභරණ, ඇඳුම් පැලඳුම් ලබාදීම ස්වාමිපුරුෂයාගේ වගකීම බව දක්වාලූහ.

අංගුත්තර නිකායේ දී බිරියක් ආරක්ෂා විය යුතු ගිනි තුනක් පෙන්වා දුන් බුදුරදුන් මව්පියන්, සැමියා සහ මහණ බමුණන් ඒ ගිනි ත්‍රිත්ව ලෙස දැක්වූවා. මොවුන්ට සැලකීමෙන් උපස්ථාන කිරීමෙන් ආශිර්වාදයත් දියුණුවත් ලබාගත හැකි බව පැවසුව බුදුහාමුදුරුවො මේ ත්‍රිත්වයට ගරු කරන නිවස ගිනි පුදන නිවසක් ලෙස හඳුන්වනවා.

ස්ත්‍රිය මව්පියන් ගෙන් වෙන්වීම, දරුවන් කුස දරා සිටීම, දරුවන් වැදීම, සැමියා හැර යාම, සැමියාගේ දෝෂ දර්ශනයට ලක්වීම, නින්දා ලැබීම ආදී වූ කරුණු හේතු කර ගෙන නිරන්තරයෙන් දුක් විඳී.බුදුරජාණෝ ස්ත්‍රීන් ගේ බල පහක් වදාරා ඇත. එනම්

  • රූප සම්පත්තිය
  • ධන සම්පත්තිය
  • පුත්‍ර සම්පත්තිය
  • ඥාති සම්පත්තිය
  • ශීල සම්පත්තිය

යම් ස්ත්‍රියක් හට මේ බල පහ තිබේ නම් ඇය සැමියා මැඬ විශාරද තැනැත්තියක් වශයෙන් නුවණින් ද, උදාරත්වයෙන් ද දක්ෂතාවයෙන් ද, නිර්භීත බවින් ද, පෙරමුණ ගන්නා බව බුදුහාමුදුරුවො වදාළහ.ස්ත්‍රී බන්ධන පුරුෂ බන්ධන සූත්‍ර මඟින් ස්ත්‍රියක් හා පුරුෂයෙක් බැඳෙන කරුණු 8 බැගින් බුදුන් දේශනා කළහ. එහි ඉත්ථි බන්ධන සූත්‍රයේ පුරුෂයා විසින් මාගමක් බැඳගන්නා කරුණු නම්

  • හසිතය භානිතය (කතාකිරීම)
  • ගීතය රෝදනය (හැඬුම)
  • ආකල්ප (ඇඳුම් පැලඳුම් පෙරවුම්)
  • ආහාර තුටු පඬුරු ලබා දීම

බුද්ධ දේශනය අනුව ලෝකයෙහි ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් තරම් ප්‍රිය වෙනත් වස්තුවක් නෑ.බුදුහාමුදුරුවො පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටිද්දී ආනන්ද තෙරුන් විසින් පැවිද්දන් ස්ත්‍රීන් කෙරෙහි කෙලෙස කටයුතු කළ යුතු දැයි විමසූ කල, කාන්තාව දකිද්දී ඇසුරු කරද්දී කතාබහ කරද්දී භික්ෂුවගේ පුහුදුන් ගතිය හේතු කොට ගෙන දුරාචාරයෙහි යෙදීම, උපැවිදිව කාන්තාව සරණපාවා ගැනීම ආදී අකටයුතු සිදුවන බැවින් “අදස්සනං ආනන්දය” යනුවෙන් දෙසා වදාළහ.

නුවණැති සිල්වත් යහපත් පැවැතුම් ඇති නැදිමයිලන් දේවත්වයෙන් සලකන පතිව්‍රතාව රකින ස්ත්‍රීහු මෙලොව සිටිත් නම් එබඳු ස්ත්‍රීන් දැකීමට මනුස්සයෝ පමණක් නොව දෙවියන් ද ප්‍රිය බව ජාතක කතා පාළියෙ සඳහන්.

  • “ඉත්ථියෝ ජීවලෝකස්මිං හොන්ති සමවාරිනී
  • මේධාවිනී සීලවතී සස්සු දේවා පතිබ්බතා
  • තාදියාය සුමේධාය සුචිකම්මාය නාරියා
  • දේවා දස්සන මායන්ති මානුස්සා අමානුසියා”

මේ දේවල්වලින් කියන්නෙ කාන්තාවන් යනු මොන වගෙ උතුම් කෙනෙක්ද කියන දේ. වර්තමානයෙ කාන්තාවට උතුම් තැනක් තියෙනවද?

ඒ ගෞරවය කාන්තාවන්ට දෙන්න පුරුෂයන් කටයුතු කළ යුතු අතරම ඒ ගෞරවය ලබා ගන්න විදියට හැසිරෙන එකත් තමන්ගෙ ගෞරවය ආරක්ෂා වෙන ලෙස වැඩ කරන එකත් කාන්තාවගෙත් වගකීමක්.

අද සමාජයෙ සමහර කාන්තාවන් වැඩ කරන විදිය අනුව බුද්ධ දේශනයෙ කියන උතුම් බව සමාජයෙන් ගිලිහී ඇති බව හොදින් පෙනෙනවා.තමන්ගෙ ගෞරවය රැකගැනීම තමන්ගෙම කාර්යයක්. එයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.