Hela Rahas

Hela Rahas Official Web Portal

කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ අත දිගුකළ තැඹිලි ගස බිමට පාත් කරපු විදිය

  • කොණ්ඩදෙණියෙ පන්සලේ ගේට්ටුව තුන්හතර වතාවක් සොලවන හඬක් උදේ පාන්දර පහට පමණ සීලරතන හිමියන්ට ඇසෙන්නට විය. තම පාමුල වැතිර සිටින කළු බළල් තඩියා වික්ෂිප්ත විය. හිමි දෙපාමුල යළිත් වැතිර ගත්තේ කිසිදු අතුරු අන්තරාවක් නැති බවට කළ හැඟවීමකිනි. හිමියෝ දිනක් පුරා නිදිවරමින් බලගතු මන්ත්‍ර ජප කරමින් අලුත් අත්දැකීමක් ලබන්නට තම ශක්ති විශේෂය ප්‍රගුණ කොට තිබුණ හෙයින්
  • තද නින්දකට පිවිස සිටියත් පණ අදින ලෙඩකුට බෙහෙතක් හෙතක් ලබාගන්නට විය හැකි යැයි සිතා තම නිදි ගැට හැර පියා දොරටුවට ගමන් ගත්හ.
  • “අවසර අපේ නායක හාමුදුරුවනේ. අපි මේ දුර බැහැරක ඉඳලයි ආවේ. “මොකද ලෙඩක් දුකක් හැදිල ඉන්න කෙනෙක්ටත්
  • ඉන්නවද? එහෙම නැත්නම් වෙනින් කාරණාවක්ද?” “නැහැ හාමුදුරුවනේ. මේ පැත්ත බලල කියල යන ගමන් හිතුන මෙහාටත් ගොඩවැදිල යන්න.
  • ”මහත්තයල ආවේ මගේ කාලහෝරාවේ හැටියට මෙතැනට ගොඩ වෙන්න ඕන නියම වෙලාවට මම මහත්තයගෙ පින්තූර එහෙම දැකල තියෙනව. කතාවල් එහෙම පත්තර වලින් කියවල තියෙනවා. ඉතින් කරුණු කාරණා එහෙම කිව්ව නම්?”
  • “අවසර අපේ හාමුදුරුවනේ. මම හාමුදුරුවන් කරපු විශ්වකර්ම වැඩ ගැන හොඳට අහල තියෙනව. මේ මන්තර සාස්තරේ මොන වගේ දෙයක්ද කියල නිකම් අහල බලල යන්න කියලයි මේ හදිස්සියෙම ආවෙ.”
  • අපේ මහත්තය කෙළින්ම කතා කරපු එක බොහොම හොඳයි. කොණ්ඩදෙණියෙ හාමුදුරුවො කියන්නෙ කවුද කියල මුළු රටම දන්නවා . ඒත් මගේ මන්තර සාස්තරේ මොකක්ද කියල මෙච්චර කාලෙකට කවුරුවත් මගෙන් ඇහුවෙ නෑ. මම මේක මහත්තයට පෙන්නන්නම්. හැබැයි පැය හය හතක් ඉන්න වේවි.”
  • අපේ හාමුදුරුවනේ දවසක් උනත් මෙහේ ඉන්නම්.
  • ඉස්සර වෙලාම අර වැවට ගිහින් නෙළුම් මල් ටිකක් කඩාගෙන ඇවිත් උඩහ තියෙන බුදුගෙට ගොහින් මල් පූජ කරල එන්න. මෙතැනට පය තියන හැම කෙනකුටම බුද්ධ ආශිර්වාදය තියෙනවා . ඒ වැඩ ඉවර වෙනකොට මම උදේ කෑම ලෑස්ති කරවල තියන්නම්. ගල් ගේ පැත්තට යන්න. ඒ ගල් පර්වතේ දෙබෑ වුණේ මගේ හාස්කමකින්. බලලා කියලා එන්නකො.”
  • විචිත්‍ර වර්ණයෙන් ආලේපිත පැරණි සිතුවම් සහිත ගල් ලෙන, අති පුරාණ කාලයට අයත් ගලින් කළ බුදු රුව ඇතුළු නටඹුන් බලමින් සිටි ආගන්තුකයා හරියට දහවල් දොළහ පසුවන්නට මිනිත්තු කිහිපයකට පෙරාතුව හිමි බැහැ දකින්නට පැමිණියේය.
  • දැඩි හිරු රැසින් කොණ්ඩදෙණිය අවට නැහැවී තිබිණි. ආගන්තුකයාගේ දකුණතෙහි පිටි අල්ලේ මන්ත්‍ර ජප කළ තෙල් බෙහෙතක් ආලේප කෙරිණි. ඔහු විමතියට පත්ව සිටියේය. සිදුවන්නේ කුමකින් කුමක්දැයි විපිළිසරයට පත්විය.
  • “ මහත්තය ආවේ මගේ හපන්කම් විශ්වකර්ම වැඩ ගැන දැනගන්න නොවැ, දැන් ඉතින් ඉර මුදුන් වෙලා. ඔය ඇඟිලි පහ පොඩක් ළං කරල ඉර දිහා බලන්න.
  • “අපේ හාමුදුරුවනේ ඉර නොවෙයි පේන්නෙ. පසළොස්වක පෝයට පායපු හඳනේ.”
  • අමුත්තා පසඟ පිහිටුවා හිමි දෙපා මුල වැඳ වැටිණ. “එහෙනම් මහත්තයො දැන් බඩ සායත් ඇතිනේ. ඒ කටයුතු
  • ඉවර කරල එන්න. මගේ වැඩ ගැනත් බලන්න එපායැ. අවසර අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ අමතක වුණානේ. මේකට පඬුරු එහෙමත් තියන්න වෙනවනේ.”
  • ” පඬුරු දානව නම් තඹ සතයක් දෙකක් බුදුගේ පින් කැටේට දාන්න. බුලත් අත ගත්ත නං.
  • තමන්ට පිළිගැන්වූ බුලත් අතෙහි පළමු බුලත් කොළය කණපිට පෙරළා බැලූ හිමින් එහි නාරටි පෙළ ගැස්ම හා තිබුණු නාරටි එකින් එක ගැන බැලූහ. දෙ අත් පරීක්ෂා කර බැලූහ. “මහත්තයො මම ආවට ගියාට වැඩ කරන්නෙ නෑ. මේව ගැන හොයල බලල කියන්නම්කො. ”
  • තමා මෙතෙක් කල් නොදුටු විශ්ව කර්මයකු බඳු මේ පුද්ගලයා පිළිබඳව හිමියන් තුළ පහළ වූයේ දැඩි ආදරයකි. මුළුමහත් දේශයම ඔපවත් කළ හැකි බලවත් පුද්ගලයකු මෙසේ අනුන් වෙනුවෙන් කැපවුණු තමන් වෙත පැමිණීම පිළිබඳව දැඩි ආත්මාභිමානයක් හිමියන්ට ඇති විය.
  • පැයක් දෙකක් පමණ කාලයක් ගත විය. අතිශය ප්‍රීතියට පත්ව සිටි අමුත්තා ඇමතූ හිමියන් ඔහු කැඳවා ගෙන ගියේ පෙර ආත්ම ගණනාවක සිට වරම් දුන් දේවාභරණ සහිත දේව මන්දිරයටය.’අපේ මහත්තයේ වැඳ නමස්කාර කරන්ගන්න. මෙතැන තියෙන්නෙ දේවාභරණ. දේව ප්‍රතිමා මේව මොනවායින් හදලඳ
  • කියල මගෙන් අහන්න එපා. මෙතැන වැඩ ඉන්න දේවතාවත් දේවතාවියන් ජීවමානයි. කෙළින්ම මේ ප්‍රතිමාවල දෙකකින් මේ ප්‍රතිමා ජීවමාන වෙලා පෙනේවී. ආපු කාරිය ඉෂ්ට සිද්ධ වෙන්න කියල වැඳ නමස්කාර කරගන්න. ඉතුරු ටික ඊට පස්සෙ. හිමියන් තමන් ප්‍රගුණ කළ මන්ත්‍ර ජප කරන්නට පටන් ගති දෙඅත් වෙව්ලමින් වැඳ නමස්කාර කරන ආගන්තුකයා තමාටසිදුව ඇත්තේ කුමක් ද යන්න ගැන විමතියට පත් විය.
  • “නායක හාමුදුරුවනේ. මගේ අත් දෙක පිච්චෙනව. රත් වෙලා. මට පේන්නෙ එළිය විහිදෙනව වගෙයි. “
  • ” ඔහොම තමයි මහත්තයො හරියට බාරයක් වුණා නම් දැන් මේ දේව මණ්ඩලයම මහත්තය වට කරගෙන. බය වෙන්න එපා. හිතපු දේ හරියටම සිද්ධ වෙනවයි කියල හිතා ගන්න.”
  • “එහෙමයි අපේ හාමුදුරුවනේ.
  • “එහෙනම් මෙච්චර කාලයක් තිබුණ දෝස නිවාරණය කරගන්න තැඹිලි ගෙඩියක් තමන්ගේ අතින්ම කඩාගෙන ඒකෙ වතුර බොන්න වෙනව. අපි යමු ඉස්සරහට. මේ තැඹිලි ගහ නැකතක් බලල මගේ අතින්ම හිටවපු එකක්.
  • අපේ හාමුදුරුවනේ මට ගස් නගින්න බැහැනේ.”
  • “බිම ඉඳගෙන කඩාගන්න පුළුවන්ද?”
  • “ගහේ කරටිය පහත් කරල?”
  • ” ඔව් මහත්තයො තව ටිකකින් ගහේ කරටිය පහත් වේවි.
  • බලාගෙන ඉන්නකො.”
  • වා සුළං රැළි නතර විය. හෙමි හෙමින් පහත්වන තැඹිලි ගහේ කරටියෙහි රැඳුණ ලොකු තැඹිලි වල්ලකින් අමුත්තා ගෙඩියක් කඩා ගත්තේය. තැඹිලි ගහ පෙර පරිද්දෙන්ම සකස් විය.
  • හිමි දෙපා මුල දැවටෙන තඩි කළු බළලාගේ දෙඇස් රක්ත වන්නට පටන් ගති. ලේ කදුළු දහරා වැගිරිණි. පුදසුනෙහි තැන්පත්ව තිබුණු මැළවී ගිය සමන් පිච්ච මලක ඒ කඳුළු කැට ඉසින්ම මුළු මැඳුරම සමන් පිච්ච මල් සුවඳ පැතිර යන්නට විය.” හරිනේද මහත්තයො.”
  • “හරි තමයි නායක හාමුදුරුවනේ. මම ජාති ජාතිත් නායක හාමුදුරුවන්ට ණය ගැතියි. මගේ ප්‍රාර්ථනාව හරියනව ඒකාන්තයි. හිමියෝ අමුත්තාගේ දකුණතෙහි ජීවම් කළ පිරිත් නූලක් ගැට ගැසීය. ඔහු හිමියන්ට වැඳ නමස්කාර කර පිටත්ව ගියේය.
  • සති කිහිපයක් ඉක්ම ගියේය. අමුත්තා යළිත් හිමි බැහැදකින්නට පැමිණියේය.
  • ” අවසර අපේ හාමුදුරුවනේ. මම එදා අරගෙන ආවෙ බුලත් අතක් විතරයිනේ. මම මේ පළාතෙ ඔබ වහන්සේ යන එන ගමන් බිමන් ගැන විස්තර දැනගෙනයි ආවේ. මේ වගේ හාමුදුරු කෙනෙකුට අපිත් පුංචි උදව්වක් කරන්න ඕන කියල හිතුව. අටපිරිකරක් වෙනුවට මම පුංචි කාර් එකක් අරගෙන ආව. අහිතක් නැතුව ඒක බාරගන්න හාමුදුරුවනේ.”