Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ නමේ මුල් අකුර H ද? එහෙනම් ඔබත් මේ වගේ කෙනෙක්

අපි අතර එක එක විදියෙ විශ්වාසයන් තියෙනවනේ. ඒ සමහර ඒවා ඇත්ත වෙනවා. තවත් සමහර විශ්වාස විශ්වාස විදියටම තියෙනවා. ඉතිං එහෙම විශ්වාසයක් ගැන තමා මේ කියන්නෙ.ඉංග්‍රීසි හෝඩියෙ තියෙන විවිධාකාර අකුරුවල තේරුමක් තියෙනව කියලා කියෙනවා. මේ අකුරු වලින් පටන් ගන්න නම් වල විශේෂත්වයන් ගැන විවිධ අදහස් තියෙනවා.H අකුර ගැන තියෙන විවිධ අදහස් තමා අපි කියන්නෙ. ඔයාගෙ නමෙත් ප්‍රධාන නාම අකුර H නම් මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද කියල බලන්නකො.

  • දුරදිග බලලා වැඩ කරන්න දක්ෂ අයට අයිති H අකුර සිරස් රේඛා දෙකකින් හා එක් තිරස් රේඛාවකින් නිර්මාණය වෙනවා. කොළ පැහැයෙන් දිදුලන අක්ෂරයක් කියල H හඳුන්වනවා ආරක්ෂාව, ප්‍රවේසම් සහගත බව හා සුඛෝපභෝගී දිවිය එයින් අදහස් කරනව කියල කියන්නෙ. H අකුර ප්‍රධාන නාම අක්ෂරය කර ගනිමින් මෙලොවට බිහි වූ අය විශේෂ දක්ෂතා බොහොමයක් ඇති අය.
  • අනාගතයේ සිදුවන්නට ඉඩ ඇති සමහර දේ කල් ඇතිව දැනගැන්මේ හැකියාවක්, අනතුරු පිළිබඳව කල් ඇතිව ප්‍රකාශ කිරීමේ ගුප්තමය බලය, ජයග්‍රාහී සැලසුම් සැකසීමේ හා ඉදිරිපත් කිරීමේ උත්පත්ති හැකියාව, නිර්මාණශීලී චින්තන ශක්තිය සහජයෙන්ම ලැබී ඇත. අනාගතය පෙනෙන තෙවන ඇසක් මොවුන්ට ඇති බව පැරණි අක්ෂර විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.
  • H ප්‍රධාන නාම අකුර ඇතිව උපත ලද ඔබ භාග්‍යවන්තයන් අතර සැබෑම වාසනාවන්තයෙක් වන අතර දක්ෂයින් අතර අති දක්ෂයෙක්. ඒ වගේම ඔබ තම ආත්ම ගෞරවයට කැළලක් නොවන අයුරින් කටයුතු කරන ආත්ම අභිමානය දිවි දෙවැනි කොට සලකන ගෞරවනීය පුද්ගලයෙක්. තම හැකියාවන් පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරන අතර දන්නා දෙයට වඩා වැඩි යමක් පෙන්විය හැකි දක්ෂයක්.
  • ඔබ හිත හොද මනුෂ්‍යයෙක්. නිරහංකාරයි. එසේම ඔබ ජීවත් වන පරිසරය හා සමාජ ස්ථරය තුළ ඔබට ඇත්තේ විශාල පිළිගැනීමකි.ඒ වගේම H අක්ෂරය ප්‍රධාන නාම අක්ෂරය කර ගනිමින් උපත ලද පුද්ගලයන්ගෙ තවත් ගුණ කිහිපයක් තමා

මධ්‍යස්ථ ගති ගුණය

  • මධ්‍යම ප්‍රතිපදාවෙන් සමන්විත බව.
  • අව්‍යාජත්වය
  • ඔබට ම ආවේණික වූ කදිම බුද්ධි මහිමය
  • තීරණ ගැනීමේ දී ඔබ තරමක දුර්වල බව (හේතුව තමා තමන් පිළිබඳව වැඩි වශයෙන් සිතීම)
  • ‘මල නොතලා රොන් ගන්නා බඹරකු සේ’ ඔබ ඔබට අවශ්‍ය දේ ඉටු කරගන්න උපක්‍රමශීලී බවෙන් යුතුය.
  • ඔබ දැඩි සංයමයකින් යුත් පුද්ගලයෙකි.
  • තීරණ ගැනීමේ දී ඉවසීම හා සන්සුන් බව අගය කරයි
  • ඔබ සතු තැන්පත් ස්වභාවය හා ක්‍රමානුකූල බව හේතුවෙන් නිසි වේලාවට නිසි දේ කිරීමේ ක්ෂණික බුද්ධිය ඇත.