Hela Rahas

Hela Rahas Official Web Portal

ඇඳුම් පැලඳුම් භාවිතයේදි උපකාරි වන උපක්‍රම 18 ක්

නූල් ඇදීම නිසා, පැල්ලම් කහට නිසා ආදි හේතුන් නිසා ඔබ කැමතිම ඇඳුමක් භාවිතයෙන් ඉවත්කරන්න වීම ඔබට දුකක් නේද? එවැනි ආකාර වලින් ඇඳුම් වලට සිදුවන හානි නිසා අපේ මුදල් නාස්ති වෙනවා. නමුත් අද අප ඔබට කියා දෙන මේ උපක්‍රම වලින් ඔබට හැකි වේවි ඒ නාස්තිය බොහෝදුරට අවම කරගැනීමට.ඇඳුම් පැලඳුම් භාවිතයේදී ඒවා වැඩිකලක් හොඳම තත්වයෙන් භාවිතා කිරීමට නම් මේ අපූරු උපක්‍රම කිහිපය ඔබේ මතකයේ තබාගන්න. ඒවා කවදා හෝ ඔබට ප්‍රයෝජනවත් වනු ඇත!

1.ඇඳුමක සිපර් එකක් සිරවී ඇත්නම් ලිප් බාම් හෝ ඉටි ක්‍රේයෝන් කූරක් මෙසේ ආලේප කරන්න.

2,ඇඳුම් වල ඇති වී ඇති දහදිය පැල්ලම් ඉවත්කිරීමට සහ ඇඳුම් දුර්වර්ණ වීම වළක්වාගැනීමට ලෙමන් යුෂ සහ ජලය මිශ්‍ර ද්‍රාවණයකින් රෙදි පිරිසිදු කරගන්න.

3.මේස් කුට්ටමින් එකක් අස්ථාන ගත වීම වළක්වාගැනීමට සේදිය හැකි ආකාරයේ බෑගයකට දමා ඒවා සෝදා ගන්න

4.ඇඳුමක් අතරින් නූලක් හෝ කෝඩ් එකක් යවා ගැනීමට බීම බටයක් භාවිතා කල හැකිය

5.එමෙන්ම කෝඩ් එකක් යැවීමට හැට්ට ක‍ටුවක් ද භාවිතා කල හැකියි

6.ඇඳුම් වල නූල් පිපී ඇත්නම් ප්ලාස්ටික් රේසර් එකක් භාවිතයෙන් ඒවා ප්‍රවේසමින් ඉවත්කරගන්න.

7.කුඩා ඇඳුම් වියලා ගැනීමට මෙවැනි කුඩා සිදුරු සහිත බඳුනක් භාවිතා කල හැකිය

8.තද ඇදුම් වල පැහැය ඉවත්වීම වළක්වාගැනීම සඳහා විනාකිරි භාවිතා කල හැක. ඒ සඳහා රෙදි සෝදන ජලයට විනාකිරි වීදුරු බාගයක් මුසුකරන්න.

9.ඇඳුම් වල දිගු කල් පවත්නා ප්‍රසන්න සුවඳක් ඇතිවීමට ලැවෙන්ඩර් එසෙන්ෂියල් ඔයිල් භාවිතා කරන්න.රෙදි සේදීමට පෙර හෝ රෙදි යන්ත්‍රයට දැමීමට පෙර සේදුම් දියර වලට මින් තෙල් බිංදු 12-15 ක් පමණ දමා හොඳින් කලවම් කරගන්න.

10.චුයින්ගම්, කොහොල්ලෑ ආදි ඇලවෙන ද්‍රව්‍ය ඇඳුම් මතුපිට ඇලවී ඇත්නම් ඒවා පහසුවෙන් ඉවත්කරගැනීමට ඒ මතුපිට සිසිල් (freeze) කර සූරන්න.

11.ඇඳුම් වල ග්‍රීස් හෝ තෙල් පැල්ලම් ඇතිවි ඇත්නම් ඒවා ටැල්කම් පවුඩර් භාවිතයෙන් පහසුවෙන් ඉවත්කරගත හැක.

12.ඇඳුමක බොත්තම් අතර පරතරය වැඩි නම් හිඩැස් අතරින් ඇඟ ඇතුල පෙනීම වළක්වාගැනීමට double tape භාවිතා කල හැකිය.

13.ඇඳුමක තීන්ත පැල්ලම් ඇතිවූ විට ඒ මතට හැන්ඩ් සැනිටයිසර් ස්වල්පයක් දමා මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හරින්න.ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

14.තණකොළ කහට පැල්ලම් පහසුවෙන් ඉවත්කිරීමට දියර සබන් හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිශ්‍ර ද්‍රාවණයක් භාවිතා කල හැකිය. දියර සබන් මේස හැඳි එකකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැඳි දෙකක් මිශ්‍ර කරන්න. පැල්ලම් මත කල්වා මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හැර ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

15.සපත්තු වලින් වහනය වන අප්‍රසන්න දුර්ගන්ධය දුරුකරගැනීමට තේ බෑග් දෙකක් එහි ඇතුලතට දමා පැය කිහිපයක් තබන්න.

16.ඉන මදි වුණත් තමන් කැමතිම ජීන්ස් කලිසමක් තවදුරටත් අඳින්න ක්‍රමයක්. පැලුමක් යොදා ඊට යටින් ඉලාස්ටික් රෙද්දකින් කලිසමට මැහුම් දමා ඇත.

17.ඇඳුම් වල මේක්-අප් තැවරී ඇත්නම් ෂේවිං ක්‍රීම් භාවිතා කර ඒවා ඉවත්කරගත හැක.

18.යට ඇඳුම් දාර හා මස් පිඩු නෙරා ඒම් ආවරණය කරන tight bodycon dress