Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ බඩු භාහිරාදිය පහසුවෙන් පිරිසිදුකර ගැනීමට ක්‍රම 14 ක්

නිවස පිරිසිදුව තියාගන්න ගෘහණියන් වන ඔබ නිතරම මහන්සි ගන්නා බව අපි දන්නවා. ඒ නිසාම පිරිසිදු කිරීමේ රාජකාරිය පහසුවෙන් වගේම ඉක්මනින් සිදුකල හැකි රහස් කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.

1.මයික්‍රෝවේව් උඳුන පිරිසිදු කරගැනීමට

  • ස්පොන්ජ් කැබැල්ලකට තෙත් කර එයට් සබන් ටිකක් ගෙන වෙනත් මතුපිටක පෙණ නගින තුරු අතුල්ලාගන්න.දැන්, ස්පොන්ජ් එක උඳුන තුලට දමා තත්පර 30 ක් පමණ රත්කරගන්න. ඉන්පසුව, ස්පොන්ජ් එකෙන් උඳුනේ දොර සහා ඇතුලත හොඳින් පිසදාගන්න. මේ ආකාරයෙන් ඉතා පහසුවෙන් මයික්‍රෝවේව් උඳුන පිරිසිදු කරගත හැකියි වගේම එහි ඇති අවශේෂ ද්‍රව්‍ය ස්පොන්ජ් එකට හොඳින් උරාගන්නා නිසා දුගඳ ඉවත් වී යාමද සිදුවේ.

2.මෙට්ට පිරිසිදු කරගැනීමට

  • දිගු කාලයක් භාවිතා කිරීමේදී මෙට්ට මත කුණු දුවිලි ‍රැඳි අපවිත්‍ර වී යනවා. නිවසේ ඇති මෙට්ට කරදර නොවී පිරිසිදු කරගත හැකි සරල ක්‍රමයක් තිබෙනවා. මෙට්ට මතට බේකිං සෝඩා කුඩු ඉස පැය කිහිපයක් තිබෙන්නට හරින්න. ඉන්පසුව, ඒවා වැක්‍යුම් ක්ලීනර් එකක් භාවිතා කර හොඳින් ඉවත්කරගන්න. මෙට්ට මත ඇති සියලු කුණු දුවිලි වගේම පුස් වැනි දුඟද පවා පහසුවෙන් ඉවත්වි යයි. පැරණි සෝෆා මතුපිට පිරිසිදු කරගැනීමටත් මේ ක්‍රමය භාවිතා කල හැකියි.

3.එළවළු කපන ලෑල්ල

  • එළවළු ලෑල්ල පිරිසිදුකරගැනීමට ලුණු සමඟ ලෙමන් භාවිතා කල හැකියි. ලෑල්ල මත ලුණු ඉහිරවා ලෙමන් බාගයක් ගෙන ලුණු ඉවත්වන සේ ලෑල්ල පිසදමන්න. ඉන්පසුව, උණු ජලයෙන් ලෑල්ල සෝදාගන්න.

4.ටෝස්ටරය

  • පරණ හෝ අළුත් දත් බුරුසුවක් මේ සඳහා භාවිතා කල හැකියි. බුරුසුවකින් පිරිසිදු කරගැනීමේදි ටෝස්ටරයේ පිරිසිදුකිරීමට අපහසු තැන් වලට පහසුවෙන් ලඟාවී ‍රැන්ඳි ඇති කුණු ඉවත්කරගත හැකියි.

5.ජල කරාම

  • ජල කරාම වැක්ස් කඩදාසි වලින් හොඳින් පිහිදීම මඟින් ඒවා මත දිගු කාලයක් ජල පැල්ලම් ඇති නොවී තබාගත හැකියි.

6.විදුලි ස්ත්‍රික්ක මතුපිට පිරිසිදු කරගැනීමට

  • අයන් බෝඩ් එක මත කඩදාසියක් අතුරා ඒ මතට ලුණු ඉසගන්න. ඉන්පසුව, ස්ත්‍රික්කය උපරිම උෂ්ණත්වයකට රත් කර ලුණු ඇතිරූ කඩදාසිය මත කිහිපවරක් එහාමෙහා ගෙන යන්න. ස්ත්‍රික්කයට අල්ලා ඇති පිලිස්සුණු කොටස් හොඳින් ඉවත් වී යන ආකාරය ඔබට දැකිය හැකියි.

7.රිදී භාණ්ඩ සඳහා

  • රිදී භාණ්ඩ ගබඩා කර ඇති ස්ථානයේ චෝක් කූරක් ගෝස් පටියක ඔතා තබන්න. එමඟින් රිදී භාණ්ඩ වල දීප්තිමත් පෙනුම ආරක්ෂා කරන අතර ස්ථීර පැල්ලම් මතුවීම වළක්වනු ලබයි.

8.රෙදි වල ග්‍රීස් පැල්ලම් සඳහා

  • ග්‍රිස් වැනි ලිහිසි තෙල් පැල්ලම් සෝදා ඉවත් කරගැනීම අපහසුයි. නමුත්, දැන් ඊට සරල විසඳුමක් තිබෙනවා. හොඳින් ගාගත් චෝක් කූරක් ඇඳුමේ ග්‍රීස් පැල්ලම ඇති තැන් වල ආලේප කරන්න. පැය කිහිපයකින් එම ග්‍රීස් තෙල් චෝක් පැල්ලමට උරාගැනීම සිදුවේ. නමුත්, පැල්ලම අලුත් වන තරමට තමයි මෙහි ප්‍රතිඵල සාර්ථක වෙන්නේ.

9.‘venetian blinds’ තිරරෙදි

  • මෙම තිරරෙදි සෝදා ගැනීමට බොහෝ කාලයක් වගේම ශ්‍රමයක් ගත වෙනවා. මේ සඳහා තිබෙන සරල විසඳුම තමයි පරණ මේස් එකකින් මේවා පිරිසිදු කරගැනීම. මේස් වල නූල් ස්වභාවයට හොඳින් කුණු දූවිලි ඉවත්ව යන නිසා තිරයේ සෑම තට්‍ටුවක්ම හොඳින් පිසදා පිරිසිදු කරගැනීමට හැකියාව ලැබෙනවා.

10.පිසීමට භාවිතා කල් පෑන් වර්ග පිරිසිදු කරගැනීමට

  • යකඩ පෑන් වර්ග පහසුවෙන් පිරිසිදු කරගැනීමට ලුණු භාවිතා කල හැකියි. ලුණු වලට හොඳින් තෙල් උරාගැනීමේ හැකියාව තිබෙන අතර භාජනයේ අඩියේ අල්ලා ඇති පිලිස්සුණු ආහාර කොටස් ද පහසුවෙන් ඉවත් කරයි. පෑන් එකට ලුණු ඉස, මද වේලාවක් තබා හොඳින් සබන් දා සෝදාගන්න. ඉන්පසුව, වියළෙන තුරු රෙදි කැබැල්ලකින් පිසදැමීමට මතකතබාගන්න.

11.කාපට් පිරිසිදු කරගැනීමට

  • විනාකිරි එක් කොටසකට ජලය කොටස් දෙකක් වන සේ බෝතලයකට දමා ස්ප්‍රේ එකක් ලෙස සකස් කරගන්න. දැන්, කාපට් මතු පිට ‍රැඳි ඇති පැල්ලම් කුණු දූවිලි වලට මේ දියරය ඉසගැනීමෙන් තෙත රෙදි කැබැල්ලකින් කාපට් වසා ගන්න. ඉන්පසුව, ස්ත්‍රික්කය ‘ස්ටීම් මෝඩ්’ එකට වෙනස් කර මෙම තෙත රෙදි කැබැලි මත තත්පර 30 ක් පමණ මැදගැනීම සිදුකරන්න. කුණු පැල්ලම් පහසුවෙන් ඉවත් වි යන බව ඔබට දැකිය හැකි වේවි.

12.සින්ක් එක පිරිසිදු කරගන්න ආකාරය

  • මේ සඳහා ඔබට සෝඩා ,ලෙමන් සහා බුරුසුවක් අවශ්‍යයයි. ඒවා භාවිතා කරමින් සින්ක් එක අතුල්ලා පිරිසිදු කරගන්න. ඉන්පසුව, ලෙමන් ගෙඩියක් ගෙන පෙති වලට කපා සින්ක් එකේ කුහරයට දමා සාමාන්‍යය ජලයෙන් කුණු ඉවත්වී යන පරිදි හොඳින් සෝදාහරින්න

13.ජනෙල් පිරිසිදු කිරීමට ක්‍රමයක්

  • සාමාන්‍යය ආකාරයෙන් ජනෙල් පිරිසිදු කරගැනීමේ ක්‍රමයට සුලු වෙනසක් පමණයි ඔබට සිදුකිරීමට තිබෙන්නේ. ඒ තමයි පත්තර භාවිතා කිරීම. වියළි පත්තර කඩදාසි වලින් ජනේල හොඳින් අතුල්ලා පිරිසිදු කරගත හැකියි. එමඟින් පැල්ලම් ඉවත් වී හොඳ පෙනුමක් ජනෙල් වීදුරු වලට ලබාදිය හැකියි.

14.දුර්ගන්ධය නැතිකිරීමට

  • භාජනයක් ගෙන එයට වැනිලා තේ හැඳි 1 ක් දමාගන්න. දැන්, එය පෙර රත් කරන ලද උඳුනක තබන්න. මේ දියරයෙන් නිවස ඇතුලත ඇති දුර්ගන්ධයන් ඉවත් වී ප්‍රසන්න වාතාශ්‍රයක් ඇති වේ.