Hela Rahas

Hela Rahas Official Web Portal

මුළුතැන්ගෙයි කටයුතු පහසු කරවන උපක්‍රම 20 ක්

1.අමු බිත්තර මිනිත්තුවක් පමණ හොඳින් සොලවා තම්බන්න. බිත්තරය මෙසේ දිස් වනු ඇත.

2.අයිස් ක්‍රීම් කප් එක තියුණු පිහියකින් මේ ආකාරයෙන් කපා අයිස් ක්‍රීම් සැන්ඩ්විච් එකක් සාදාගන්න.

3.චීස් ඇසුරුමකින් ඔබට අවශ්‍ය ප්‍රමාණය පොලිතින් කවරය සහිතව කපා ගන්න. ඉතිරි කොටස ආවර්ණය කර තබාගැනිමට එසේ කපා ඉවත් කරගත් පොලිතින් කොටස භාවිතා කරන්න.

4.කහ පැහැ ගැන්වී ඇති ඔසු පැළෑටි ඉවත නොදමන්න. ඒවා කුඩා කැබලි වලට කපා අයිස් ට්‍රේ එකකට දමාගන්න. ඊට ඔලිව් තෙල් වත්කර ශීතකරණයේ කල්තබාගන්න

6.රෝලිං පින් එකක් රවුම් බෝතලයක් භාවිතා කල හැකිය.

7.ඉතිරි වූ පීසා නැවත රත් කිරීමට මයික්‍රෝවේව් උඳුන වෙනුවට පෑන් එකක් භාවිතා කර ඒවා ලිපේ රත්කරගන්න. පෙර දින තිබූ රසය සහ සුවඳ නොවෙනස්ව පවතිනු ඇත.

8.පාන් ගෙඩියක් මෙසේ කපා පළුදු තුලට චීස් කැබලි සහ කැමති පළා වර්ග කැබලි කර එක්කරගන්න. මයික්‍රෝවේව් උඳුනක රත් කරගන්න. ඉක්මනින් සහ රසවත් ලෙස චීස් පාන් සකසා ගත හැකිය.

9.තක්කාලි කිහිපයක් ඉක්මනින් කපාගැනීමට මෙසේ පිඟන් දෙකක් මැද්දෙන් ගෙඩි තබා තියුණු පිහියකින් කපාගන්න.

10.අවසන් වූ Nutella බෝතලයට උණු එළකිරි කෝප්පයක් පමණ වත්කර හොඳින් සොලවන්න. ඔබට රසවත් හොට් චොකලට් පානයක් රසවිඳිය හැකිය.

11.මයෝනීස් අවසන් වී ඇති විටක ඊට ආදේශකයක් ලෙස, සවර් ක්‍රීම් (sour cream) වලට තැම්බූ බිත්තරයක කහමදය එක්කර, එයටම අබ ක්‍රීම් පුරවපු හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

12.සැල්දිරි, බ්‍රෝකෝලි, සලාද වැනි දේ කල් තබාගැනීමට ඒවා ඇලුමිනියම් ෆොයිල් වලින් ආවරණය කර තබන්න.

13.අර්තාපල් පැළ වීම වළක්වාගැනීමට ඒවා අසල ඇපල් ගෙඩි අසුරන්න.ඇපල් වල ඇති එතිලීන් මඟින් අර්තාපල් වලින් රිකිළි මතුවීම වළකයි.

14.ප්‍රමාණයට වඩා විශාල තැටියක ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් කේක්,පුඩින් වැනි ආහාර සකසා ගැනීමට මෙසේ ඇලුමිනියම් ෆොයිල් භාවිතා කරන්න.

15.තික් ක්‍රීම් (thick cream) කෝප්පයකට සීනි මේස හැඳි 1 ක් සහ ලුණු ස්වල්පයක් දමා හොඳින් ගසාගන්න. පහසුවෙන් විප්ඩ් ක්‍රීම් (whipped cream) සාදාගත හැකිය.

16.උණුකල චොකලට් වලින් අලංකාර බාස්කට් එකක් සකසන අයුරු. අතුරුපස සැරසිල්ලක් ලෙසත් මෙය භාවිතා කල හැකියි.

17.කැපූ අලිගැට පේර දුඹුරු පැහැයට හැරීම වළක්වාගැනීමට ඒ මත ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ආලේප කරන්න.

18.අයි ට්‍රේ එකක ඔබ කැමති පාන වර්ගයක් මෙසේ එක්කර අයිස් කැට සකසාගන්න.

19.අන්නාසි ගෙඩියක් ඉක්මනින් ඉදීමට සහ පැණි රසයෙන් වැඩි වීමට න‍ටුව සහ හිස ඉවත් කර ගෙඩිය උඩු කොටස යටි අතට හරවා තබන්න.

20.පුෂ් පින් එකකින් බිත්තර ක‍ටුව සිදුරු කර තම්බාගැනීමෙන් එහි ක‍ටුව පහසුවෙන් ඉවත්කරගත හැකිය.