Hela Rahas

Hela Rahas Official Web Portal

විදුලිය නොමැති විට ශීතකරණයේ ආහාර නැවුම්ව තබා ගැනීමට උපක්‍රම 7ක්

විදුලි බලය ඇණහිටි අවස්ථාවක ශීතකරණය තුල ඇති ආහාර ඉක්මනින් නරක් වීමට ඉඩ නොදී වැඩි වෙලාවක් ආහාර වල නැවුම් බව සු‍රැකිව තබාගැනීමට ඔබට භාවිතා කල හැකි උපක්‍රම කිහිපයක් ගැනයි මේ.

1.උපකරණ උෂ්ණත්ව මාපකයක් (appliance thermometer) ශීතකරණය තුල තබන්න.

  • මෙය විදුලි බලය නොමවෙති අවස්ථාවල ශීතකරණය හා අධි ශීතකරණය තුල ඇති ආහාර වල උෂ්ණත්වයන් පරික්ෂාවට ලක්කෙරේ. අධි ශීතකරණයේ නම් උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 0 හෝ ඊට පහළ අගයක් වීමට සහ ශීතකරණයක උෂ්ණත්වය ෆැරන්හයිට් අංස්ඝක 40 හෝ ඊට පහළ අගයකින් ඇත්දැයි සනාථ කරගත යුතුය. මේවා ආහාර වල සුරක්ෂිතබව තහවුරු කෙරෙන නිසි උෂ්ණත්ව අගයන් වේ.
  • 2.ශීතකරණයේ සහ අධි ශීතකරණ කොටසේ දොර විවෘත නොකර වසා තබන්න.විදුලි බලය නොමැති අවස්ථා වල ශීතකරණයේ හා අධි ශීතකරණයේ දොරවල් විවෘත නොකල යුතුය. එමඟින් අභ්‍යන්තරයේ ඇති ආහාර ද්‍රව්‍ය වල සිසිල් බව ආරක්ෂා වේ. විදුලි බලය නොමැති විට දොරවල් වසා තැබීමෙන් පැය 4 ක් පමණ කාලයක් ආහාර වල නැවුම් බව හොඳින් ආරක්ෂා කරගත හැකිය. අධි ශීතකරණය පිරී ඇත්නම් එය පැය 48 ක් තරම් දිගු කාලයක් වේ. අර්ධයක් පිරී ඇති අධි ශීතකරණයක ආහාර වල නැවුම් බව පැය 24 ක් පමණ කාලයක් හොඳින් ආරක්ෂා වේ.

3.මිදෙන්නට තැබූ වතුර බෝතල් කිහිපයක් ශීතකරණයේ ආහාර සිසිල් කිරීමට භාවිතා කල හැකිය

  • කල් තියා වතුර බෝතල් කිහිපයක් අධි ශීතකරණයේ මිදෙන්නට හරින්න. ඒවා ශීතකරණය ඇතුලත තබන්න. මෙය ෆැරන්හයිට් අංශක 40 හෝ ඊට අඩු උෂ්ණත්වයකින් ආහාර වල නැවුම් බව ආරක්ෂා කරගැනීමට උපකාරී වන භාවිතයට ගත හැකි පහසු උපක්‍රමයකි.
  • 4.අයිස් කැට භාවිතය-අයිස් කුට්ටි ගෝ මිදෙන්නට හැරි ජෙල් පැක් හෝ අයිස් කැට පැකට් භාවිතා කරමින් ආහාර වල සිසිල් බව හා නැවුම් බව ආරක්ෂා කරගත හැක. විශේෂයෙන්ම පැය ගණනක් විදුලිය නොලැබෙන බව දැනගන්නට ලැබෙන අවස්ථාවක හදිසි භාවිතයට මෙය හොඳ උපක්‍රමයකි.

5.ශීතකරණය තුල ආහාර වර්ග කාණ්ඩ කරමින් අසුරා තබන්න.

  • පෙර සඳහන් කල පරිදි අධි ශීතකරණය පිරී ඇති තරමට ඒවායේ නැවුම් බව දිගුකලක් හොඳින් ආරක්ෂා වී පවතියි. අධි ශීතකරණයේ භාණ්ඩ පුරවා තැබීම හෝ එක් කොනකට භාණ්ඩ ඒකාරාශී කර තැබීමෙන් වැඩි කලක් ඒවායේ සිසිල් හා නැවුම් බව ආරක්ෂා වේ.

6.ශීතකරණයේ තැබූ ආහාර සහ ඉතිරි වු ආහාර කොටස් අධි ශීත කරන්න (freeze).

  • ලඟකදී භාවිතයට නොගන්නා ආහාර වර්ග ශීතකරණයෙන් එහි අධි ශීතකරණ කොටසට මාරු කිරීමෙන් දිගු කලක් ඒවා සෞඛ්‍යාරක්ෂිතව කල්තබා ගත හැක.ඉතිරි වූ ආහාර, නැවුම් මස් මාලු වර්ග මෙන්ම කිරි ද එසේ කල්තබා ගත හැක.
  • 7.තබාගත හැකි සහ ඉවත් කල යුතු ආහාර මොනවාද යන්න හඳුනාගන්න.ශීතකරණයේ උෂ්ණත්වය නිවැරදි අගයට සකසා තිබුණද විදුලි බලය නොමැතිව බොහෝ කාල වේලාවක් පවතින විට ශීතකරණයේ සහ අධි ශීතකරණ කොටසේ උෂ්ණත්වයන් ඉහළ යාමට ඇති අවස්ථා වැඩිය. ෆැරන්හයිට් අංශක 40 ට වැඩියෙන් පැය 2 කට වඩා වැඩි කාලයක් තිස්සේ ශීතකරණයේ තිබුණු ආහාර අතරින් තවදුරටත් තබාගැනීමට සුදුසු හා නුසුදුසු ආහාර මොනවාද යන්න තේරීමට රස පරික්ෂා කර බැලීම සෞඛ්‍යාරක්ෂිත නොමැති විය හැකිය.
  • තබාගැනීමට සුදුසු:ඝන හා පෙර සැකසූ චීස් නිෂ්පාදන, බටර්, මාගරින්, නොකැපූ පලතුරු සහ එළවළු, වියළි පලතුරු, පීනට් බටර්, ජෙලි වර්ග, ටැකෝ සෝස්, අබ ක්‍රීම්, කෙච්-අප්, ඔලිව්, අච්චාරු වර්ග. පාන්, පුඩින්, නැවුම් හතු වර්ග, ඖෂධ , කුළුබඩු
  • ඉවත් කළ යුතු: පිසින ලද හා නොපිසූ ඉතිරි මස් මාලු මුහුදු ආහාර,මෘදු හෝ අඩු මේද චීස්, එළකිරි සහ ක්‍රීම්, පිසින ලද පැස්ටා, බත්, අර්තාපල්, පිසින ලද සුප්, ස්ටූ, එළවළු ව්‍යෑංජන