Hela Rahas

Hela Rahas Official Web Portal

සීතල ජලයට වඩා උණුසුම් ජලය පානය කිරීම වැදගත් වීමට හේතු 7ක්

වැඩිහිටි පුද්ගලයෙකුගේ සිරුරේ 50-60% ක් පමණ සමන්විත වන්නේ ජලය බව ඔබ දන්නවාද? මිනිස් ශරීර පැවැත්ම සහ නීරෝගී සෞඛ්‍යයමත් බව ආරක්ෂා කරගැනීමට ජලය අත්‍යාවශ්‍ය වේ. දිනකට හොඳින් ජලය පානය කල යුතු බව කුඩා කාලයේ පටන්ම අපට ඉගැන්වෙන හොඳ සෞඛ්‍යය පුරුද්දකි. නමුත් , ජලය පානය කිරීමට සුදුසු ආකාරය කුමක්ද? උණුසුම් ජලය ? සිසිල් ජලය ද?බොහෝ දෙනෙකුගේ ‍තෝරාගැනීම මේ අතරින් සිසිල් ජලය වන බව විය යුතුය. නමුත් අධ්‍යයන මඟින් තහවුරු කරන ආකාරයට උණුසුම් ජලය පානය කිරීම අප සිරුරට වැඩි සෞඛ්‍යය ප්‍රතිලාභ අත්කරදෙන බවයි.කෙසේ වෙතත්, අද අප ඔබව දැනුවත් කරන්නේ මේ දෙයාකාරයේම ඇති වාසි සහ අවාසි ගැනයි.

  • සිසිල් ජලය
  • ෆැරන්හයිට් අංශක 45-70 අගයක් ගන්නා ජලය සිසිල් ජලයයි. උණුසුම් කාල වලදි සිසිල් ජලය පානය කිරීමෙන් සිරුරට වැඩි පහසුවක් සනීපයක් දැනේ. අයිස් කැට කිහිපයක් මුසු කර පානය කිරීමෙන් හොඳ ප්‍රබෝධයක් සිරුරට ලැබේ. නමුත්, කරුණු අනාවරණය වන ආකාරයට සිසිල් ජලය පානය කිරීමෙන් ඇතැම් පුද්ගලයින් හට අතුරු ආබාධ ඇති කරවන බවයි.

1.ආහාර ජීර්ණ ක්‍රියාවලියට ගැටලු ඇතිකරවයි.

  • සිසිල් ජලය පානය කිරීම පුරුද්දක් වීමෙන් රුධීර නාලිකා හැකිළීයාමට පටන්ගන්නා අතර එහි බලපෑමක් ලෙස ආහාර ජීර්ණක හැකියාවන්ට බාධා ඇතිකරවයි. ඒ හේතුවෙන් බඩේ අපහසුතා,බඩේ කැක්කුම් වේදනා හා මලබද්ධය ඇතිවිය හැක.

2.ශක්තිය ගෙවී යයි. තෙහෙට්‍ටුව ඇතිවේ

  • පානය කල සිසිල් ජලය උණුසුම් කිරීමට සිරුර විසින් අතිරික්ත ශක්ති ප්‍රමාණයක් වැය කරයි. එසේ සිදුකරන්නේ සිරුරේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගැනීමේ කාර්යයේ කොටසක් ලෙසයි. සිරුරෙන් ශක්තිය එසේ අනවශ්‍ය ලෙස වැය වීම නිසා සිරුරට මහන්සියක්-තෙහෙට්‍ටුවක් ඇතිවීමට පටන්ගනියි. එය ඔබේ එදිනෙදා කාර්යන් ඉ‍ටුකරගැනීමේදී බාධාවකි.හෘද ස්පන්දන වේගය මන්දගාමි කරවයිසීතල ජලය පානය කිරීම ඔබේ හෘද ස්පන්දනය පහත බැසීමට බලපෑ හැකිය. එය වාහුස් ස්නායුව උත්තේජනය කරවයි. එය ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියේ වැදගත් කොටසකි. ජලයේ ඇති අඩු උෂ්ණත්වය වායුස් ස්නායුව විසින් හෘද ස්පන්දන වේගය පහත හෙලීමට උත්තේජනය කරවන උත්තේජකයක් ලෙස ක්‍රියාකරයි.

3.සිරුරේ ශ්ලේෂ්මල(සෙම/සො‍ටු) ඇතිකරවයි.

  • සීතල ජලය පානය කිරීම හේතුවෙන් සිරුරේ ශ්ලේෂ්මල වැඩිවීමට-පැතිරීමට පටන්ගනියි.ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී පරිහාණියට ලක්වීමට පටන්ගත හැකි අතර ඒ හේතුවෙන් සිරුරේ අහිතකර ගැටලුකාරී තත්වයන් හටගත හැකිය. නිතර පවතින නාසයේ බර ගතිය පමණක් නොව අසාධ්‍ය සෙම් රෝග පීඩා වර්ධනය විය හැක.
  • උණුසුම් ජලය
  • ෆැරන්හයිට් අංශක 80-106 අතර උෂ්ණත්වයක පවතින ජලය උණුසුම් ජලය සේ සැලකේ. බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් උණුසුම් ජලය පානය කිරීමට වැඩි නැඹුරුතාවක් දක්වන්නේ නැහැ. එසේ පානය කලත් එය තේ කෝප්පයකට හෝ කෝපි කෝප්පයකට සීමා වන අවස්ථා වැඩිය. නමුත්, ඔබ නොදන්නවා වුවත් උණුසුම් ජලය පානය කිරීමෙන් ඔබේ සෞඛ්‍යයට ඉතා හොඳ ප්‍රතිලාභ ‍රැසක් හිමිවේ. ඉන් කිහිපයක් ගැනයි මේ.

1.සිරුරේ විෂහරණය කරවයි.

  • විශේෂයෙන්ම උදෑසන කාලයේදි උණුසුම් ජලය පානය කිරීම සිරුරේ රෝග පීඩා ගණනාවකටම හේතුසාධක වන විෂ අපද්‍රව්‍යයන් බැහැර කිරීමට හොඳ සහයක් ලබාදේ. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා උණු වතුර වීදුරුවට ලෙමන් හෝ දෙහි පෙත්තක් එක්කරගන්න. විටමින් C මඟින් සිරුරේ සෛල නැවත ප්‍රාණවත් කරවන අතර උණුසුම් ජලය මඟින් සිරුර විෂ හරණය කරවයි.

2.වේදනාවන්ට එරෙහිව සහනය සලසයි

  • ඔසප් වේදනා සහ හිසරදය වැනි පීඩාකාරි වේදනාවන් සමනය කරවන ක්‍රමයක් ලෙස උණුවතුර පානය කිරීම තහවුරු වී ඇත. එමඟින් රුධිර සංසරණය ඉහළ දමන අතර රුධිර ප්‍රවාහය වැඩිදියුණු කිරීම සිදුකරවයි. මස් පිඬු පෙරළීම් වේදනා ඇතිවූ විට උණු වතිර වීදුරුවක් පානය කරන්න. එමඟින් තද වූ මාංශ පේශීන් ලිහිල් වීමට සහය ලබාදේ.

3.ආතති මට්ටම අඩු කරවයි

  • ආතතිය දුරු කරගැනීමට උණුසුම් ජල ස්නානය විතරක් නොවෙයි, උණු වතුර වීදුරුවක් පානය කිරීමත් බොහෝ උපකාරි වෙනවා. එමඟින් මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීමට සහය ලබාදේ. කෝටිසෝල් නම් ආතති හෝර්මෝන සිරුර විජලනය වි ඇති විට ඉහළ මට්ටමකින් ශ්‍රාවය වේ. එබැවින් හොඳින් ජලය පානය කිරීමෙන් සිරුරේ ආතතියට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව වැඩිවේ.

4.සිරුරේ බර අඩු කරගැනීමට උපකාර කරයි

  • ජලය පානය කිරීම සිරුරේ බර අඩුකරගැනීමට ඇති හොඳම ක්‍රමයකි. එහිදි උණු ජලය පානය කිරීම ඉතා ප්‍රතිඵල සහගතය. උණු වතුර මඟින් පරිවෘත්තිය පූර්ණ ලෙස සක්‍රීය කරවයි. උණු ජලය මඟින් සිරුරේ උෂ්ණත්වය ඉහළ දමන අතර, සිරුර උෂ්ණත්වයන් අතර ඇති වෙනස පූරණය කිරීමට උත්සාහ කරන අතරේදි සිරුරේ කැලරි දහනය වීමට පටන්ගනියි.

5.රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු කරවයි

  • සිසිල් ජලය මඟින් නහර සංවෘත කලද උණු ජලය මඟින් නහර තුල රුධිරය නිදහසේ ප්‍රවාහය වීමට ඉඩකඩ සලස්වයි. සිරුරේ නීරෝගි රුධිර ප්‍රවාහයක් පැවතීම සිරුරේ රුධිර පීඩනයේ සිට හෘද රෝග තත්වයන් ඇතිවීමේ අවදානම අවම කරවීම කෙරෙහි හිතකරව බලපායි.

6.ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා හොඳ සහයක් ලබාදේ

  • ක්‍රමාකුංචන ක්‍රියාවලීන් දුර්වල වීම නිසා මල අපද්‍රව්‍ය බැහැර කිරීමේදි අපහසුතා මතුවේ. මලබද්ධයට හේතුවන ප්‍රධාන සාධකයක් නම් විජලනයයි. අන්ත්‍ර ක්‍රියාවලියේදි ඒවා උත්තේජනය කරවන්නේ ජලය මඟිනි. අන්ත්‍ර ක්‍රියාකාරීත්වය ක්‍රමවත් හා කාර්යෂම කරමින් වැඩිදියුණු කරවීම සඳහා උණු ජලය පානය කිරීම බොහෝ සෙයින් උපකාරී වන බව අධ්‍යයන වලින් පවා තහවුරු කර ඇත.

7.අකලට වියපත් වීම නතරකරවයි.

  • අකලට වියපත් වීම නිසා පුද්ගලයින්ගේ බාහිර සුන්දරත්වය පරිහාණියට ලක්වේ. විශේෂයෙන්ම කාන්තාවන් හට එය නපුරු සිහිනයක් වැනිය. සිරුරේ විෂ අපද්‍රව්‍ය ඒකරාශී වීම හා ඒවා ක්‍රමවත්ව බැහැර නොවි සිරුරේ ඉහළ මට්ටමකින් පැවතීම අකලට සිරුර වියපත් විම වේගවත් වීමට මෙන්ම බරපතල වීමට බලපාන තවත් හේතුසාධකයකි. සිරුරේ විෂහරණය කරගැනීම සඳහා උණු ජලය පානය කිරීම ප්‍රතිඵල ලබාදේ. ඔබේ සිරුර නීරෝගීව පවත්වාගැනීමට අද පටන් උණු ජලය පානය කිරීමට හුරුවන්න.