Hela Rahas

Hela Rahas Official Web Portal

ප්ලාස්ටික් බෝතල් වල ජලය පානය කිරීම නුසුදුසු වීමට හේතු 4 ක්

බෝතල් කල පානිය ජලය බොහෝ දෙනෙක් පරිභෝජනය කරනවා. නමුත්, ප්ලාස්ටික් බෝතල් වල හානිකර පැතිකඩ ගැන කියවෙන මේ සත්‍යය කරුණු ගැන ඔබ දැනසිටියාද?

1.ප්ලාස්ටික් බෝතල් නැවත භාවිතා නොකල යුතු බව.

  • ප්ලාස්ටික් බෝතල් වලින් භයානක රසායනික ද්‍රව්‍ය වෑස්සීම සිදුවේ. ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමේදී ඒවායේ පතුලේ සටහන් කර ඇති සංඥා කෙරෙහි හොඳින් අවධානය යොමුකරන්න. එහි ඉලක්කම් සඳහන් කර ඇති ත්‍රිකෝණ වලින් දැක්වෙන්නේ ඒ සඳහා භාවිතා කර ඇති ප්ලාස්ටික් ප්‍රභේද ගැනයි.
  • 1 (PET /PETE) යනුවෙන් සඳහන් කර ඇත්නම් එම ප්ලාස්ටික් බෝතලය එක් වරක් පමණක් භාවිතයට සුදුසුවේ. වාතයේ ඇති ඔක්සිජන් වලට හෝ සූර්ය තාපය වැනි ඉහළ උෂ්ණත්වයන්ට නිරාවරණය වීම නිසා එම ප්ලාස්ටික් බෝතල් වලින් විෂ රසායනික ද්‍රව්‍යයන් නිකුත් වී එහි ඇති ජලයට එකතුවීම සිදුවේ.
  • අංක 3 හෝ 7 (PVC සහා PC) ලෙස ලේබල් කර ඇති ප්ලාස්ටික් බෝතල් මිලට ගැනීමෙන් වළකින්න. ඊට හේතුව තමයි, එම ප්ලාස්ටික් වලින් විෂ රසායනයන් වෑස්සිම සිදුවීම නිසා ඒවා ඔබේ ආහාර වලට සහා බීම වර්ග වලට එක්වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිවීම. දිගු කාලීනව මෙවැනි බෝතල් භාවිතාකිරීමෙන් දරුණු සෞඛ්‍යය ගැටලු පවා ඇති වීමට ඉඩ ඇත.
  • Polythene (2 සහා 4) සහා polypropylene (5 සහා PP) යන වර්ග වලින් සාදා ඇති ප්ලාස්ටික් බෝතල් කිසිඳු ගැටලුවක් නොමැතිව කිහිපවරක්ම භාවිතා කිරීමට හැකියි. සිසිල් ජලය ගබඩා කිරීම වඩාත් උචිත මෙන්ම ආරක්ෂාකාරි වේ.

2.බැක්ටීරියා වර්ධනය වියහැකිවීම සහා මූලික සනීපාරක්ෂාව බිඳවැටී ගැටලු ඇති වියහැකිය.

  • ‘යම් පුද්ගලයෙකු පෙර භාවිතා කල ප්ලාස්ටික් වතුර බෝතලයකින් නැවත නැවත ජලය පානය කිරීම ඔහු/ඇය විසින් වැසිකිළි ආසනයක් , බල්ලෙකුගේ සෙල්ලම් බඩුවක් හෝ ඊටත් වඩා අප්‍රසන්න දෙයක් ලෙවකෑමට සමාන වන බවයි’ විද්‍යාඥයින්ගේ අදහස් වන්නේ. ඊට හේතුව තමයි, මේ ප්ලාස්ටික් බෝතල් වල අධික බැක්ටීරියා වර්ධනය වීමට බොහෝ ඉඩකඩ තිබීම.
  • අධික බැක්ටීරියා ක්‍රියාකරිතවයකට නිරාවරණය වී තිබිය හැකි නිසාම මේවා භාවිතා කිරීම අනාරක්ෂිත බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. එහිදී බැක්ටීරියා වර්ධනයට මාධ්‍යයන් සපයමින් ඊට මුල් වෙන්නේත් අපේ නොසැලකිලිමත් පුරුදුම තමයි. උදාහරණයක් විදියට කිලිටි අත් වලින් බෝතලය ඇල්ලිම, බෝතලය හොඳින් සෝදා නොගැනීම, උණුසුම් ජලය ඒවා තුලට පිරවීම ආදී වැරදි ක්‍රියාකරකම් හරහා බැක්ටීරියාවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරදෙන්නේ අපි විසින්මයි.
  • එසේ නම් ඔබ කලයුත්තේ කුමක්ද? සෞඛ්‍යාරක්ෂිතව ඒවා පරිහරණය කිරීමට නම් පිරිසිදු කිරීම් වලට මුල්තැන දීමට සිදුවෙනවා. දිනපතා එම බෝතල් මද උණුසුම් සබන් ජලයෙන්,විනාකිරි භාවිතයෙන් හෝ විෂබීජ නාශක මුවසේදුම්දියර යොදාගනිමින් හොඳින් පිරිසිදු කරගන්න.කෙසේවෙතත්, සෝදා පිරිසිදු කර භාවිතා කලත් ඇතැම් අයට මේ බෝතල් භාවිතය නිසා ආහාර විෂවීම හෝ හෙපටයිටීස් A (සෙංගමාලය) වැනි ගැටලු මතුවිය හැකියි.
  • පර්යේෂණයකින් අනාවරණය වූයේ වැඩිම බැක්ටීරියා වර්ධනයක් සිදුවන්නේ බෝතලයේ ගෙල කොටසේ බවයි. එම අවහිර කොටස හොඳින් පිරිසිදු කරගැනීමට නොහැකිවීම නිසයි බැක්ටීරියා එහි අධිකව වර්ධනය වෙන්නේ.බෝතල් මූඩිවල සහා බෝතලයේ විවරයේ තැන්පත්ව ඇති විෂබීජ ජලය පානය කිරීමත් සමඟ ශරීරගත වීම සිදුවිය හැකියි. ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස බීම බොන බටයක් භාවිතා කරන්න.

3.ජල මූලාශ්‍රයන් සම්බන්ධ ගැටලු

  • ප්‍රචාරණය සඳහා යොදා ඇති ලේබල් වල අලංකාර දිය ඇලි, ගංගා ආදී ජල මූලාශ්‍ර වල පින්තූර භාවිතාකර තිබෙනවා ඔබත් දැක ඇති. නමුත්, එම ජලය ලබාගත් සැබෑ ජල මුලාශ්‍ර වල තත්වය, පිරිසිදුබව කෙසේ විය හැකිද කියා ඔබ කවදා හෝ සිතාබලා තිබේද? ප්‍රසිද්ධ නොවූ රහසක් ලෙස ඇතැම් අය පවසන්නේ පානීය ජල බෝතල් වල ඇසුරුම් කර ඇති ජලය ඔබේ නිවසේ කරාමයෙන් ගලා එන ජලය මිසක් වෙනත් මූලාශ්‍රයකින් ලබාගත් ජලය නොවන බවයි.
  • ඇතැම් බෝතල් වල ඒ ගැන කුඩා අකුරින් සඳහන් වී තිබෙන නමුත් බොහෝ දෙනෙකු කියවීමට උනන්දුවෙනවා අඩුයි. ජලය ලබාගත් ජල මූලාශ්‍රය නිෂ්පාදනයේ සඳහන් කිරීමට පානිය ජල බෝතල් නිෂ්පාදනය කරනු ලබන ආයතන නීතියෙන් බැඳී සිටියි. නමුත්, බොහෝ නිෂ්පාදකයින් ඒ සඳහා භාවිතා කරන්නේ ප්‍රධාන ජල සැපයුම බවයි පැවසෙන්නේ. ඉතින්, ඔබ ඉතා අවම මිලක් ගෙවමින් ලබා ගන්නා ජල සැපයුමම භාවිතා කරමින් මෙම නිෂ්පාදකයින් බොහෝ ලාභ ලබමින් සිටිනවා.

4.සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ගැටලු

  • බැක්ටීරියා වර්ධනය වීමේ අවධානම පවා සඟවමින් ඇතැම් ජල බෝතල් නිෂ්පාදකයින් විසින් සිදුකරන ප්‍රචාරණයන් හරහා පොදු වැරදි මත සමාජගතවී තිබෙනවා.පානිය ජල බෝතල් සමාගම් වලට අවශ්‍යය වන්නේ පුළුල් පාරිභෝගික වෙළඳපොලක් නිර්මාණය කරගැනීමයි. ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්නේ තරුණ ප්‍රජාවයි.
  • ඔවුන් තම පානීය ජල බෝතල් නිෂ්පාදන ගැන ප්‍රචාරණය කරන විට විවිධ රස සහා ආකාරයන්ගෙන් සකසමින් (උදා: “carbonated water, sparkled water, soda water”), අනෙකුත් සීනි අඩංගු පාන වර්ග වලට වඩා ‘ඔබේ සෞඛ්‍යයට හිතකර’ යැයි පවසමින් ඒවා ලේබල් කිරීම සිදුකරයි.
  • වඩාත් සෞඛ්‍යාරක්ෂිත ‍තෝරාගැනීමක් සඳහා ප්‍රචාරණයන්ට නො‍රැවටී සැම විටම නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍යය මොනවාද කියා සැලකිලිමත්වීම වඩාත් සුදුසුයි.නමුත්, සැබවින්ම ඒවා සෞඛ්‍යාරක්ෂිත විය හැකිදැයි මේ ලිපිය කියවීමෙන් ඔබට හොඳින් අවබෝධවෙනවා ඇති.