Hela Rahas

Hela Rahas Official Web Portal

ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගැනීමට ක්‍රම 9 ක්

ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමට ආහාර ජීර්ණ මාර්ගයේ අකර්මන්‍යතා හේතුවිය හැකිය. එමෙන්ම ඒ සඳහා ආතතිය සහ කාංසාව වැනි මානසිකමය බලපෑම් ද හේතු සාධක වේ. අප පරිභෝජනය කරන ඇතැම් ආහාර පාන වල බලපෑම නිසාත් ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා ඇති වී ඇතැම් පීඩාකරි ගැටලු ස්වභාවයන් සිරුරේ හටගත හැකියි.

උදාහරණයක් ලෙස: අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ ගෝවා වැඩිපුර ආහාරයට අගෙනීමෙන් මස් පිඬු පෙරළීම් සහ බඩේ ගෑස් ඇතිවීම වැනි ගැටලු ඇති විය හැකි බවයි. මීට හේතුව තමයි ආමාශය තුල ජීර්ණය කල නොහැකි සීනි ඒවායේ අඩංගුවීම නිසාය.ආහාර ජීර්ණ මාර්ගයේ නීරෝගි බව ‍රැකගනේ කොහොමද? ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරගනිමින් ක්‍රමවත්ව පවත්වාගන්නේ කොහොමද? මේ ගැටලු වලට සරල උපදෙස් 9 ක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ.

1.වම් පැත්තට හැරි නිදන්න

  • ආහාර ජීර්ණ පද්ධතියේ ඇති ආමාශය සහ අග්න්‍යාශය පිහිටා ඇත්තේ සිරුරේ වම් පසිනි. වම් පැත්තට වැතිරී සිටින විට ආමාශයේ ඇති ආහාර වලට පහසුවෙන් කුඩා අන්ත්‍ර තුලට ගමන් කිරීමට ඉඩ ප්‍රස්තාව සැලසේ. එමෙන්ම මෙම ඉරියව්ව ආහාර ඛණ්ඩනය කිරීම සඳහා අතාවශ්‍ය අග්න්‍යාශයික එන්සයිම වඩාත් හොඳින් ශ්‍රාවය වීම පහසු කරවයි. වම් පැත්තට හැරී නිදාගැනීම පපුවේ දැවිල්ල වැනි තත්වයන් හටගැනීමේ අවදානම වඩාත් හොඳින් අවම කරවයි.

2.තන්තු පෝෂක බහුල සහ මුහුන් කල ආහාර වැඩිපුර පරිභෝජනය කරන්න

  • දිනපතා සිරුරෙන් සාමාන්‍ය පරිදි මලපහ බැහැර කරවීම සඳහා ආහාර වල ඇති තන්තු පෝෂක ඉතා වැඩි දායකත්වයක් ලබාදේ. තන්තු ඉහළ අගයක් ගන්නා ආහාර බොහෝමයක අඩංගු වන්නේ අඩු සිනි , අඩු මේද සහ අඩු කැලරි ප්‍රතිශතයකි. එබැවින් ඕට්ස්, බෝංචි, පලතුරු වැනි තන්තු බහුල ආහාර පාන සෞඛ්‍යාරක්ෂිත බවින් වැඩිය.
  • එමෙන්ම මුහුන් කල ආහාර උදා: ප්‍රෝබයෝටික් අඩංගු යෝගට් ආහාරයට ගැනිම ඉතා සුදුසුය. ප්‍රෝබයෝටික් යනු අන්ත්‍ර ක්‍රියාකාරීත්වය සඳහා හිතකර බැක්ටීරියාවන් විශේෂයකි. Bifidobacteria සහ lactovacillus වැනි බහුල බැක්ටීරියා විශේෂ මඟින් අන්ත්‍ර වල පවතින පීඩාකාරි ගැටලු (irritable bowel syndrome වැනි අන්ත්‍ර රෝග) වර්ධනය වීම අවම කරමින් ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරවයි.

3.ජීර්ණය කිරීමට අපහසු ආහාර පාන ගැනීමෙන් වළකින්න

  • චීස් බර්ගර්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි බැදුම් වර්ග ,පීසා ආදි ආහාර වල අධික මේද ප්‍රමාණයක් අඩංගු වන අතර ආහාරයට ගැනීමෙන් පැය ගණනාවක් යනතුරුම බඩ පිපුම් තත්වයක් ඔබට දැනිය හැකියි. ඊට හේතුව නම් මෙවැනි ආහාර ජීර්ණය වීමට වැඩි කලක් ගත වීමයි. මෙවැනි ආහාර පරිභෝජනය කිරීම නිසා බඩේ ගෑස් ගතිය වැඩිවිම, මස් පිඬු පෙරළීම් ඇතිවීම හඔ අජීර්ණය වැනි පීඩාකරි ස්වභාවයන් සිරුරේ වර්ධනය විය හැකිය. එබැවින් නිතරම ඔබේ ආහාර වේල සමබල පෝෂණයකින් සමන්විත විම වැදගත් වේ. ඔබේ ආහාර වේලට නැවුම් එළවළු ,පලතුරු සහ සිහින් මේද අඩංගු මාලු හෝ මස් අන්තර්ගත කරගන්න.
  • ඇතැම් එළවළු වර්ග ද සිරුරේ ගෑස් ගතිය වැඩි කරවයි. මුලින්ම සඳහන් කලාක් මෙන් ගෝවා ආහාරයට ගැනීමෙන් බඩේ ගැස් ගෑතිය වැඩිවිය හැකියි. මෙසේ සිදුවන්නේ ඒවායේ අඩ්ංගු ‍රැ‍ෆිනෝස් (රෆ්‍ෆිනොසෙ) නිසාය. එය ආමාශය තුල ජීර්ණය කරවීමට අපහසු ආකාරයේ සංකීර්ණ සීනි ප්‍රභේදයකි. ටෝස්ට් ආහාර වර්ග ජීර්ණය පහසු කරවයි.

4.ආහාර ගන්නා විට ඔබේ අවධානය විතැන් වීමට ඉඩ නොදෙන්න-වාඩි වී ආහාර ගන්න

  • ඇවිදින ගමන් ආහාර ගැනීමේදි අපේ අවධානය ගිලිහෙන නිසා අප ලබාගන්නා ආහාර ප්‍රමාණය සීමාව ඉක්මවා යන අතර ආමාශය ඉක්මනින් හිස්වීම ද සිදුවේ. වාඩි වී ආහාර ගන්න. එම ඉරියව්ව අපේ සිරුරේ රුධිර සංසරණය වැඩිදියුණු වීමට දායක වේ. කකුලක් පිට කකුලක් දමා වාඩි වි ආහාර ගැනීමෙන් සිරුරට වැඩි ප්‍රතිලාභයක් අත්වෙනවාලු. ඊට හේතුව තමයි එම ඉරියව්ව හෘදය වටා රුධිර පීඩනය පහසු කරවමින් ආහාර ක්‍රමවත්ව ජීර්ණය කිරීම සිදුකරන නිසයි.

5.මලබද්ධය වළක්වාගැනීමට හොඳින් ජලය පානය කරන්න

  • අප ආහාරයට ගන්නා ආහාර පාන ආමාශය තුල ජීර්ණය කරමින් එහි පෝෂක කොටස් සිරුරට අවශෝෂණය කරගැනීමට ජලය බොහෝ සෙයින් දායක වේ. ආහාර ගන්නා අතරේදි ජලය පානය කිරීම නුසුදුසු බව කීම මිත්‍යාවකි. ජලය ජිර්ණ ක්‍රියාවලියට සක්‍රීයව දායක වේ. එමෙන්ම මලබද්ධය ඇතිවීම වළක්වයි. ආහාර ගන්නා අතරේදි ජලය පානය කිරීම මඟින් ඔබ ලබාගන්නා ආහාර ප්‍රමාණය සීමා වීමට බලපායි. එය හිතකර තත්වයකි.

6.යෝගා අභ්‍යාස ක්‍රම උත්සාහ කරන්න

  • ආහාර ජිර්ණ පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරීතවයක් ඇතිවීමට දිනපතා මිනිත්තු 15 ක් බැගින් ස්ට්‍රෙචිං අභ්‍යාස වල නිරත විමට ඔබට හැකියි. මරිච්යාසන ඉරියව්ව, උට්ටානාසන ඉරියව්ව වැනි යෝගා ඉරියව් අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵල සහගතයි. මෙම ක්‍රම ජීර්ණක අවයව සහ උදර ප්‍රදේශය දක්වා ඇති රුධිර සංසරණය උත්තේජනය කරවමින් වඩාත් හොඳින් ව්‍යායාම ලබාදෙයි. උදෑසන යෝගා ව්‍යායාම සඳහා සුදුසුම කාලයයි. ආහාර ගත් විගස ව්‍යායාම කිරීමට උත්සාහ නොකල යුතුයි. ඉන් ඔබට අපහසුතා ඇතිවිය හැකියි.

7.දිනකට යොදාගත් විශේෂ පැය කිහිපයකදි ආහාර ගැනීම සිදුකරන්න

  • මෙමඟින් ආහාර ගැනීමට කාලය බව හඳුනාගනිමින් ආමාශය ආහාර ජීර්ණය කිරීමට පෙර සූදානම් කරවීමක් ඇති කරාවයි. ක්‍රමවත්ව ආහාර වේල් නොගැනීම සිරුරේ විවිධ ලෙඩ රෝග ඇතිවිමට බලපෑ හැකි හේතු සාධකයකි. එමෙන්ම් ඓන් සිරුරේ බර වැඩිවීම පවා සිදුවිය හැකිය. දිනපතාම එකම පැය ගණන් වලදී ආහාර ගැනීම සිදුකරන්න. ඔබේ සිරුර ඊට හුරු වේවි.

8.භාවනා ක්‍රම අනුගමනය කරමින් ආතතිය දුරුකරගනිමින් ඔබේ මනස සැහැල්ලු කරගන්න

  • මනසේ ආතතීය ස්වභාවය නිසා සිරුරට දැඩි පීඩනයක් ඇතිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමි විය හැක. එහිදි බඩ පිපුම, බඩ පෙරළීම ( මස්පිඬු පෙරළීම), අජීර්ණය හෝ මලබද්ධය වැනි පීඩාකාරි ස්වභාවයන් මතුවීමට පටන්ගනියි. ඇතැම් විට මෙහි ප්‍රතිවිරුද්ධ තත්වය ද හටගත හැකියි. එනම් ආහාර ජීර්ණ ක්‍රියාවලිය සාමාන්‍යට වඩා වැඩි වේගයකින් සිදුවී නිතර මලපහ පිටකිරීමේ අවශ්‍යතාව ඇතිවිය හැක.
  • ආතතියෙන් පෙලෙන විට අපගේ ආහාර රුචිය අඩුවීම හෝ වැඩිවීමක් සිදුවිය හැක. මේ තත්වයන් දෙකම අපගේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. ඔබේ මනසට විවේකයක් දීම ඉතා වැදගත්ය. භාවනා කිරීම ඊට හොඳම විසඳුමක් වේවි. මනසේ ආතතීන් දුරුකරගනිමින් සැහැල්ලුව සතුටින් සිටීමට උත්සහ කරන්න.

9.4-7-8 ශ්වසන අභ්‍යාසය උත්සාහ කරන්න.

  • 4-7-8 ශ්වසන ක්‍රමය භාවිතාකරමින් ඉතා ඉක්මනින් නින්දට වැටෙන්න හැකි බව මෙන්ම කාංසාව වැනි තත්වයන් දුරුකරන බවත්, අපගේ ආහාර වලට ඇති ගිජුබව පාලනය කරන බවත් සඳහන් වේ.ඔබට සිදුකිරීමට ඇත්තේ තත්පර 4 ක් හුස්ම ගැනිම, තත්පර 7 ක් හුස්ම රඳවාගෙන සිටීම සහ තත්පර 8 ක් පුරාවට හුස්ම පිට කිරීම රටාවකට සිදුකිරීමයි. මෙසේ වාර 4 ක් සිදුකරන්න.මෙහිදී ප්‍රසාරණය වියයුත්තේ ඔබේ පපු ප්‍රදේශය නොව උදර ප්‍රදේශයයි.
  • ඔබට දිගින් දිගටම දින ගණනක් පීඩාකාරි ලෙස බඩ පිපුම, බඩ පෙරළීමේ ගතියක් හෝ බඩේ කැක්කුමක් දැනෙමින් තිබේ නම් වෛද්‍යවරයෙකු හමු වීමට කටයුතු කරන්න.