Hela Rahas

Hela Rahas Official Web Portal

බඩ පිපුම සමනය කරන ක්‍රම 10 ක්

ස්වභාවික ශරීර ක්‍රියාවලියක් ලෙස ආමාශයේ ඇති වන පිපුම/ඉදිමුම් ගතිය නිසා ඔබේ උදරය ඉදිරියට නෙරා ඒම සිදුවිය හැකියි.සාමාන්‍යයෙන් ඔබේ උදරයේ සහ බඩවැල් වල බාගයක්ම පිරී තිබෙන්නේ ගෑස් වලින්ය. මෙය ඉතාම පීඩාකාරී ස්වභාවයක් වන අතර උදර ප්‍රදේශයේ ඉහළ මට්ටමේ පීඩනයක් දැනීමට පටන්ගනියි.ඔබේ ආමාශයේ වාතය එක් ‍රැස් වීමට ප්‍රධාන හේතුව වන්නේ බඩවැල් තුල ජීවත් වෙමින් ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය පහසු කරවන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසයි. නිරෝගි නොවන අහිතකර ආහාර පාන වර්ග සහ බර වැඩි ආහාර වර්ග පරිභෝජනය කිරීම නිසා බොහෝ විට බඩ පිපුම ගතියක ඇති විය හැක. මෙහිදී සිදුවන්නේ ඔබේ ආමාශයේ ඇති ආහාර දිරවීමට අපහසු වනවිට වැඩි වශයෙන් ගෑස් නිපදවීමක් ඇතිවීමයි.අද දවස අපි ඔබව දැනුවත් කිරීමට හිතුවේ පීඩාකාරි බඩපිපුම් තත්වයක් ඇතිවිම වළක්වාගත හැකි ක්‍රම 10 ක් ගැනයි. අපි බලමු ඒවා මොනවාද කියලා!

1.ආහාර පරිභෝජනයේදී හොඳ සිහිකල්පනාවෙන් අනුභව කරන්න

  • බඩ පිපුම ඇතිවීම වළක්වාගත හැකි එක් ක්‍රමයක් වන්නේ කුඩා ප්‍රමාණ ලෙස ආහාර බෙදාගෙන සෙමින් සෙමින් ආහාර ගැනීමයි. එමඟින් ආහාර ගිලෙන වායු බුබුල් ප්‍රමාණය බොහෝ දුරට අවම වේ. හුලං ගිලීම බඩපිපුම ඇතිකරවීමට බලපාන මූලික සාධකයක් ද වේ. එමෙන්ම එහිදි ඔබ ආහාරයට ගන්නා දේ මොලයට පැසුරුම් කිරීමට අවකාශය ලැබේ.විශේෂයෙන්ම රාත්‍රී ආහාර වේලේදි සෙමින් ආහාර ගැනීමට උත්සහ කරන්න. ඉන් ඔබේ උදරයේ පීඩාකාරී ස්වභාවයන ඇතිවීම වළක්වාගත හැකි වේවි.මෙය සිහිකල්පනාවෙන් ආහාර ගැනීමේ රටාව (mindful eating) කියා හඳුන්වනවා.

2.බඩේ ගෑස් ගතිය ඇතිකරවන ආහාර පාන ගන්නේ පරිස්සමින් !

  • කොළ පැහැති එළවළු වර්ග අතිශයින්ම ගුණදායකයි. බ්‍රෝකෝලි, ගෝවා වගේ එළවළු වල තන්තු පෝෂක ඇතුලු පෝෂ්‍ය පදාර්ථ බහුල වන නිසා ඒවා මඟින් ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට දායක වෙනවා. කෙසේවෙතත්, ඉහත සඳහන් කල එළවළු වල ‍රැ‍ෆිනෝස් නම් සීනි විශේෂයක් බහුලව අන්තර්ගත වේ. ඒවා ජීර්ණය කල හැක්කේ මිනිස් ආමාශයේ සිටින බැක්ටීරියාවන්ට පමණ වන අතර ඒවා පැසවීමට පටන්ගැනීම හේතුවෙන් බඩපිපුම හටගැනීමක් ඇතිවිය හැක. නමුත්, මින් අදහස් වන්නේ ඒවා පරිභෝජනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කල යුතු බව නම් නොවේ. ඔබට හැකියි ඒවා යම් සීමිත ප්‍රමාණයකින් අනුභව කිරීමට. ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය යම් දුරකට ඉවත්වන සේ වාෂ්පයෙන් හෝ වතුරේ තම්බා ආහාරයට ගන්න.

3.ලුණු අඩුවෙන් ආහාරයට ගන්න

  • නිතර බඩපිපුම හටගනියි නම් ඔබ පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් ය. සෝඩියම් අධික ආහාර පාන පරිභෝජනය කිරීම නිසා සිරුරේ අතිරික්ත ජලය ඉවත්වීමේ ක්‍රියාවලිය මන්දගාමී වීයයි. එහි ප්‍රතිඵලයක් ලෙස බඩේ බැලුමක් පිම්බෙන ගතියක් මෙන් බඩ ඉදිමුණු ස්වභාවයක් ඔබට දැනීමට පටන්ගනියි.වැඩිහිටියෙකු විසින් දිනකට මිලිග්‍රෑම් 1500 කට වඩා ලුණු පරිභෝජනය නොකල යුතු බව නිර්දේෂයයි. සිරුරේ ඇති අධික ලවණගතිය බැහැර කිරීමට වැඩිවශයෙන් ජලය පානය කරන්න.

4.පලතුරු අනුභව කිරීම ඉතා වැදගත්

  • ලුණු අධික ආහාර පාන අපි නිතරම පරිභෝජනය කරන්නෙමු. ඉන් ඇතිවන හානිකර ස්වභාවයන් යම් තාක් දුරකට හෝ පාලනය කරගැනීමට කෙසෙල් වැනි පලතුරක් ආහාරයට එක්කරගැනීමට හුරුවෙන්න. ඒවා සෝඩියම් හේතුවෙන් සිරුරේ ජලය සිරවීම වළකයි. කෙසෙල් වල පොටෑසියම් බහුල වන නිසා ප්‍රශස්ත ලෙස සිරුරේ ලුණු මට්ටම පාලනය කරමින් බඩ පිපුම ගතිය ඇතිවීම අවම කරවයි.
  • පැපොල් සහ අන්නාසි වැනි පලතුරු වල අඩංගු එන්සයිම මඟින් සිරුරේ ඇති ප්‍රෝටීන ඛණ්ඩනය කිරීමට දායක වෙමින් ආහාර හොඳින් ජීර්ණය වීමට ඉඩ සලස්වයි. බර වැඩි ආහාර වේලකින් පසු මෙවැනි පලතුරක් ආහාරයට ගැනීම සිදුකරන්න. එමඟින් ආහාර ජීර්ණ මාර්ගය ශක්තිමත් කරවනවා වගේම මලබද්ධය ඇතිවීම සහ බඩපිපුම හටගැනීමෙන් වළක්වාගත හැකියි.

5.පෙපර්මින්ට්, කැමොමයිල් වැනි ගුණදායි තේ පානයන් ලබාගන්න

  • බර ආහාර වේලකට පසු හැකිනම් පෙපර්මින්ට් හෝ කැමොමයිල් තේ කෝප්පයක් පානය කරන්න. මෙම ඖෂධීය පාන වර්ග ඔබේ බඩේ මාංශ පේශීන් ලිහිල් කරවමින් බඩ පිපුම් වේදනාවන් ඉතා හොඳින් සමනය කරවයි. කැමොමයිල් තේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඉතා හොඳ දායකත්වයක් ලබාදෙනවා. බඩේ ඇති ගැටලු ‍රැසකට එය හොඳ ප්‍රතිකර්මයක් ලෙස ප්‍රතිලාභ ‍රැසක් ලබාදේ. ඔබේ තේ කෝප්පයට පෙපර්මින්ට් තෙල් බිංදු කිහිපයක් මුසු කර පානය කිරීම ද තවත් හොඳ ක්‍රමයකි.

6.ප්‍රෝබයෝටික් පෝෂණය ලබාගන්න

  • ප්‍රෝබයෝටික් අඩංගු යෝගට් ආහාරයට ගැනීමෙන් එහි ඇති සක්‍රීය මාධ්‍යයන් මඟින් ඔබේ බඩපිපුම් ගතිය හොඳින් සමනය කරයි. ආමාශයේ මිලියන ගණනක් විවිධ බැක්ටීරියාවන් ජීවත් වන අතර ඒ අතරින් ඇතැම් විශේෂ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ආහාර ජීර්ණ මාර්ගයේ අධික ලෙස ගෑස් නිෂ්පාදනය වීම සිදුවේ.ප්‍රෝබයෝටික් පෝෂණය මඟින් බඩේ ගෑස් නිපදවීම පාලනය කිරීමට දායක වන අතර බඩ පිපුම අවම් අකරයි. මෙය විවිධ අධ්‍යයනයන් තුලින් පවා තහවුරු වී ඇති කරුණකි.

7.සීනීමය මධ්‍යසාර පාන වර්ග පානය කිරීමෙන් වළකින්න

  • ‘ෂුගරි ඇල්කොහොල්’ හෙවත් සීනි මධ්‍යසාර සීනි රහිත ආහාර පාන වල මෙන්ම චුයින්ගම් වැනි රසකැවිලි වල ද අඩංගුවේ. ඒවා සීනි ආදේශක ලෙස රසකාරක ලෙස භාවිතා කර ඇත. සාමාන්‍යයෙන් ඒවා සෞඛ්‍යාරක්ෂිත බව පිළිගැනුනද ඒවා හේතුවෙන් ආමාශයේ යම් යම් ගැටලුකාරී ස්වභාවයන් හටගත හැක. මේවා ආහාර ජිර්ණ මාර්ගයේ පහළ ප්‍රදේශයේ ජීවත් වන බැක්ටීරියා කරා ගමන් කල විට ඒවා බැක්ටිරියා මඟින් ජීර්ණ ක්‍රියාවලියට බඳුන් කිරීම ඇරඹීමත් සමඟ අධික ලෙස ගෑස් නිෂ්පාදනය වීමට පටන්ගනියි.සීනි මධ්‍යසාර අඩංගු සැකසූ රසකැවිලි ,අතුරු පස වෙනුවට ස්වභාවික පැණි රසකාරක අඩංගු පලතුරු අනුභව කරන්න.

8.උදරය සඳහා සම්බාහනයන් සිදුකරන්න

  • ඔබ අධික ලෙස ආහාරගත් අවස්ථාවක බඩ රිදෙමින් බඩේ ගෑස් ගතිය ඉතා පීඩාකාරි ලෙස වැඩිවන බවක් ඔබට දැනෙන්නට පටන්ගන්නා අවස්ථාවක පළමුව උඩු අතට වැතිරෙන්න, ඔබ විසින් හෝ වෙනත් අයෙකු ලවා ඔබේ බඩ හොඳින් සම්බාහනය කරගන්න. මෙමඟින් ආහාර ආමාශයේ පහළට ගමන් කිරීමට සහයක් ලබාදෙමින් බඩේ තදකතිය , අධික පීඩන ස්වභාවය සහ බඩ පිපුම සමනය කරවයි.

9.යෝගා අභ්‍යාස වල නිරතවෙන්න

  • ආහාර ගැනීමෙන් පසු බඩේ ගෑස් ගතියක් හෝ අම්ල ප්‍රතිවාහ තත්වයක ලක්ෂණ ඇතිවේ නම් වහාම බෙහෙත් සෙවීමට කලබල වෙන්න අවශ්‍ය නැහැ. මිනිත්තු 15 යෝගා අභ්‍යසායකින් ඔබට හොඳ සහනයක් අත්කරගැනීමට හැකිවේවි. අපනාසන,මර්ජර්යාසන සහ බිතිලාසන,බලාසන, ත්‍රිකෝණාසන, උට්ටාසන වැනි යෝගා අභ්‍යාස ඉරියව් අනුගමනය කිරීම වඩාත් සුදුසුයි. මේවා මඟින් බඩේ තද ගතිය ලිහිල් කිරීම, ආහාර ජීර්ණ මාර්ගය දිගේ පහළට ආහාර කැබලි ගමන් කරවීම පහසුකිරීම, ඉන්ද්‍රියයන් උත්තේජනය කිරීම සහ ආතතිය අවම කරමින් බඩපිපුම් ඇතිවීමට බලපාන සාධක සමනය කරයි.

10.සිරුර සජලීයකරණය කරන්න.

  • දිනකට හොඳින් ජලය පානය කිරීම පුරුද්දක් කරගන්න. සිරුරේ බොහෝ ලෙඩරෝග ගැටලුවලට ප්‍රත්‍යක්ෂ විසඳුමක් තමයි ජලය කියන්නේ. දිනකට වතුර වීදුරු 8 ක් වත් පානය කිරීමට උත්සහ කරන්න. සිරුරේ සජලතාව පවත්වාගැනීම ඉතා වැදගත් දෙයකි. බඩ පිපුම වැනි ආමාශයේ හටගත හැකි බොහෝ පීඩාකාරි ස්වභාවයන් ඇතිවීම වැළැක්වීමේ ප්‍රබල බලයක් ජලයට තිබෙනවා.