Hela Rahas

Hela Rahas Official Web Portal

රූපලාවන්‍ය නිෂ්පාදන වලින් ලබාගත හැකි වෙනත් ප්‍රයෝජන 25ක්

ඔබ මිලදී ගත ඇතැම් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයට නොගෙන පැත්තකට දමා තිබිය හැකියි. ඇතැම් විට ඒ ඔබ ඒවායේ ස්වභාවයට, ඔබට අවශ්‍ය පැහැයෙන් යුක්ත නොවන නිසා,සුවඳට අකමැති නිසා හෝ ඒවායෙන් ඔබ අපේක්ෂා කල ප්‍රතිඵල නොලැබුණු නිසා විය හැකියි. කාලයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන සිටි එවැනි රූපලාවන්‍ය නිෂ්පාදන වලින් ඔබට ලබාගත හැකි වෙනත් ප්‍රයෝජන කිහිපයක් ගැනයි මේ.

1.ටෝනර් (toner)

  • ටෝනර් නිෂ්පාදන වල අඩංගු මධ්‍යසාර අඩංගු වන අතර ඒවා විෂබීජ විනාශකිරීමේ හැකියාවෙන් යුක්තය.
  • ඒවා හෑන්ඩ් සැනිටයිසර් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කල හැකිය.
  • කීබෝඩ් මතුපිට සහ දුරකථන තිරය පිරිසිදු කිරීමට භාවිතා කල හැකිය.ජලයෙන් සෝදා පිරිසිදු කල නොහැකි මතුපිට පිරිසිදු කිරීමට භාවිතා කල හැක.

2.රූපලාවන්‍ය තෙල් වර්ග(cosmetic oil)

  • මලනොබැදෙන වානේ වලින් සැකසු සින්ක් පිරිසිදු කිරීමට භාවිතා කල හැකියි. පේපර් ටවල් එකක් ආධාරයෙන් මතුපිට පිරිසිදු කිරීමෙන් දිය සෙවල සහ සබන් පැල්ලම් ‍රැඳීම් වළක්වාගත හැකිය.

3.විනිවිද පෙනෙන නිය ආලේපන

  • පොලිෂ් කර ඇති ගෘහ භාණ්ඩ මතුපිට ඉරි තැලී සහ පලුදු වී ඇති ස්ථාන වල මේවා ගැල්විය හැකිය. එමඟින් හානි වී ඇති තැන් ආවරණය කල හැකිවේ.කණ්ණාඩි කුට්ටමේ කුඩා ඉස්කුරුප්පු ඇණ ගැලවි නොයන සේ ඒවා සීල් කිරීමට ඒ මත මෙම නිය ආලේපන සිහින් තට්‍ටුවක් සේ ආලේප කරගන්න.

4.පවුඩර් (powder)

  • පවුඩර් වල ඛනිජ ලවණ වර්ග (mineral salts) අඩංගුවේ. ඒවා මඟින් තෙතමනය අවශෝෂණය කරයි.
  • ව්‍යායාම කිරීමට පෙර ඔබේ සිරුරේ වැඩියෙන් දහදිය දමන තැන් වල (කිහිලි, වැලමිට අත්ල) පවුඩර් ස්වල්පයක් ආලේප කරන්න. එමඟින් සමේ කසන සුලු තත්වය ඇතුලු අපහසුතා වළක්වාගත හැකිය.
  • ඩ්‍රයි හෙයාර් ෂැම්පු ආදේශකයක් ලෙස ද පවුඩර් භාවිතා කල හැකිය. කෙස්කලඹේ අධික තෙල් ස්වභාවය පවුඩර් මඟින් ඉවත්කරගතහැක. කෙ මත පවුඩර් ගල්වා මද වේලාවක් තිබෙන්නට හරින්න. තෙල් ඊට උරාගැනේ. පසුව කෙසබලඹ බුරුසුවකින් පීරන්න.

5.මේක්-අප් ඉවත්කරන නිෂ්පාදන (makeup remover)

  • කුණු දුහුවිලි සහිත තැන් පිරිසිදු කිරීමට භාවිතා කල හැක.
  • ස්ටිකර ඇලවු මතුපිටක ඉතිරි වී ඇති ගම් කොටස් හෝ ඇඳුම් වල මිල සටහන් කර ඇති ටැග් ඉවත්කිරීමට මෙම දියර වලින් පෙඟවූරෙදි කැබල්ලක් ඒවා මත අතුල්ලන්න. ඇඳුම් වල ඉතිරි වි ඇති මේක්-අප් පැල්ලම් ඉවත්කරගැනීමට ද මෙය භාවිතා කල හැකිය. අවර්ණ දියර නිෂ්පාදනයක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

6.නිය ආලේපන ඉවත්කරන දියර (nail polish remover)

  • මෙම දියර වල ඇසිටෝන් අඩංගු වන නිසා පැල්ලම් ඉවත්කරන ද්‍රාවණයක් ලෙස ක්‍රියාකරයි.ලිස්සන සුලු බව වළක්වාගැනීමට භාවිතා කල හැක
  • ඇඟිලි තුඬු ගම් වලින් ඇලවී ගිය විටක ඇසිටෝන් ස්වල්පයක් ඒමතට දමා තත්පර 30 ක් පමණ තිබෙන්නට හැර සබන් දමා උණු වතුරෙන් දෑත් සෝදා පිරිසිදු කරන්න.
  • නාන කාමර හෝ මුලුතැන්ගෙයි ටයිල් මතුපිට සහ දාඅර අතර කුණු අපද්‍රව්‍ය ඉවත්වන සේ පිරිසිදු කිරීමට භාවිතා කල හැකියි. මේ සඳහා මෙම ඇසිටෝන් දියර උණුසුම් ජලය සමඟ මිශ්‍ර කර ද්‍රාවණයක් සකසාගන්න.
  • පෝසිලේන් භාණ්ඩ මතුපිට පැල්ලම් ඇතිවි ඇත්නම් රෙදි කැබල්ලක් මෙම දියර වල පොඟවා ඒ මතුපිට අතුල්ලන්න.පසුව හොඳින් ඒවා ඉවත්වන සේ සෝදාගන්න.

7.ක්‍රීම් (cream)

  • මේවායේ තෙතමනය අඩංගු නිසා ලෙදර් වැනි භාණ්ඩ නිෂ්පාදන මතුපිට ඔපය ඇතිකරගැනීමට භාවිතා කල හැකිය. ඉන් ඒවායේ අලුත් පෙනුමක් ඇතිවේ.

8.ෂැම්පු (shampoo)

  • ෂැම්පු වල අඩංගු මෘදු සංඝටක සහ පැන්තෙනෝල් සියුම් රෙදි වලින් මැසු ඇඳුම් සේදීම සඳහා ඉතා යෝග්‍යය. ස්වභාවික වූල්, සිල් රෙදි වලින් මැසූ යට ඇඳුම් ආදිය සේදිමට සාමාන්‍ය සබන් වලට වඩා ෂැම්පු භාවිතා කල හැකිය

9.ලිප්බාම් (lipbalm)

  • මේවායේ මූලික අමුද්‍රව්‍ය වන්නේ වැස්ලින්ය.අග පැළුණු හිසකෙස් මත ගැල්විමෙන් කෙස්කලඹට හොඳ නිමාවක් ලබාගත හැක.
  • හිරවුණු සිපර්, කුඩ, ජලෙන් දොර අගුල් විවෘත කරගැනීමට ලිප්බාම් ලිහිසි ද්‍රව්‍යක් ලෙස භාවිතා කල හැක.

10.හෙයාර් ස්ප්‍රේ (hairspray)

  • ඇඳුම් මතුපිට ‍රැඳී ඇති පූස් සහ බලු ලොම් ඉවත්කරගැනීමට තුවායකට හෙයාර් ස්ප්‍රේ ස්වල්පයක් එක්කර අතුල්ලන්න.
  • බැලුම් මත ස්ප්‍රේ ගැල්වීමෙන් ඒවා දිගුකලක් හුලං පිරී පවතින අතර මතුපිට දුහුවිලි එක් ‍රැස් නොවේ.

11.ස්ක්‍රබ් (scrub)

  • ස්ක්‍රබ් වල ඇති ඝන අංශු මඟින් සම වඩාත් සුමට කරමින් පිරිසිදු කරයි.
  • ගෙවතු වැඩ අවසානයේ දෑත් හොඳින් පිරිසිදු කරගැනීමට සාමාන්‍ය ස්ක්‍රබ් නිෂ්පාදනයක් භාවිතා කරන්න.
  • ඇස් මේක්-අප් කිරීමේදි ඇහි බැමි හැඩකිරීමට පෙර එහි මැරුණු සම ඉවත්කරගැනීම සිදුකරන්න. ඇස් වල ගැල්වූ වැක්ස්, පවුඩර් සහ අයි ලයිනර් වැනි නිෂ්පාදන හොඳින් ඉවත්කරගැනීමට එසේ ස්ක්‍රබ් භාවිතා කරමින් ඇස් උඩ පිරිසිදු කරගන්න.
  • හිසකෙස් සම ඇතුල් දෙසට වර්ධනය වීම (ingrown hair) වළක්වාගැනීමට රෝම ඉවත්කිරීමට පෙර සතියකට වාර 2-3 ක් පමණ සම ස්ක්‍රබ් කරගන්න.

12.රතු ලිප්ස්ටික් (red lipstick)

  • තාවකාලිකව ටැටූ එකක් ආවරණය කිරීමට ඒ මත ලිප්ස්ටික් ගල්වා වියළෙන්නට හැර ඊලඟට ෆවුන්ඩේෂන් ගල්වා අවසානයේ ඒ මතට හෙයාර් ස්ප්‍රේ ස්වල්පයක් ගල්වාගන්න.