Hela Rahas

Hela Rahas Official Web Portal

කිසදා මිට පෙර ඔබ අසා නැති කරුණු 14ක්

පුදුම හිතෙන අපූරු කරුණු වලින් නම් අන්තර්ජාලයේ කිසිම අඩුවක් නැහැ. ඒ වගේ ඔබට කුතුහලය ඇතිකරවන ආකාරයේ ඔබ මින් පෙර නොදත් පුදුම හිතෙන කරුණු 16 ක් තමයි මේ.

1.ලෝකයටම සිටින්නේ දුඹුරු පැන්ඩා සතුන් එක් අයෙක් පමණයි

  • මෙම පැන්ඩාගේ නම චිසායි (Qizai) නම් වේ. එහි අරුත හත්වන පුත්‍රයා යන්නයි. විද්‍යාඥයින් පිරිසකට මාස 2 ක් වූ මෙම පැන්ඩා පැටවා මධ්‍යම චීනයේ ප්‍රදේශයක අත්හැර දමා තිබියදි හමුවී ඇත. මෙම පැන්ඩාගේ අසාමාන්‍ය හමේ වර්ණය නිසා දෙමාපියන් පැටවා හඳුනාගැනීමට නොහැකිවේ අත්හැර දමන්නට ඇති බව අනුමාන කෙරේ. නමුත්, මෙම සත්වයා මේ වන විට ලොව පුරා ඉතා ප්‍රසිද්ධ වී සිටියි. මෙම සත්වයාටම වෙන් වූ ආරක්ෂකයෙක්, උද්‍යානයක් ඇති අතර විශේෂිත උණ බට ශාක වලින් සැකසු ආකාර මෙම සත්වයාට ලබාදේ.

2.Burger King අවන්හල් ජාලයේ පණිවුඩය

  • ස්ටෙෆන් කිංගේ නවකතාවක් පාදක කරගනිමින් නිර්මාණය කරන ලද 2017 වසරේ තිරගත වූ It නම් චිත්‍රපටය අවසානයේ අනුග්‍රකභවතුන් දැක්වෙන ලැයිස්තුවේ අග එක් පාඨයක් තිරයේ දැක්වේ. එහි ඇත්තේ Never trust a clown (විකටයෙකු කිසිස්දා විශ්වාස නොකරන්න) යනුවෙනි. මෙය MacDonald’s සමාගමට එරෙහිව දක්ෂ ලෙස සිදුකල උසිගැන්වීමක් ලෙස සඳහන් වේ.

3.පවුම් 5 නෝට්‍ටුවේ වින්ස්ටන් චර්චිල් තරහින් සිටීමට හේතුව

  • ඔහු එසේ කෝප වී සිටීමට හේතුව ඡායාරූපය ගැනීමට පෙර එම ඡායාරූප ශිල්පියා ඔහුගෙන් සිගරට්‍ටුවක් ඉල්ලාගැනීම බව සඳහන් වේ.

4.Nike සමාගමට එහි එක් සපත්තු එකතුවක් Cortez යනුවෙන් නම් කිරීමට අවශ්‍යව තිබී ඇති වුවත් එය ඒ වන විටත් Adidas සමාගම විසින් යොදාගෙන තිබී ඇත.

  • Cortez යනු ඇස්ටෙක්වරු පරාජය කරමින් ඔවුන්ව කොල්ලකෑමට සමත් වූ ස්පාඤ්ඤ ජාතිකයාගේ නාමයයි.

5.කපුටන් වෙනත් සතුන්ගේ වල්ගයෙන් ඇදීමට ප්‍රියකරති

  • කපුටන් එසේ සිදුකරන්නේ සතුන්ගේ අවධානය වෙනතකට යොමුකරමින් එම සතුන්ගේ ආහාර සොරාගැනීමට බව විශ්වාස කෙරේ. නමුත්, විද්‍යාඥයින් විසින් පවසන්නේ කපුටන් එසේ සතුන්ගේ වලිගය කෙනිත්තීම සිදුකරන්නේ ඔවුන් ඊට කැමති නිසා බවයි.

6.රතු කෙසෙල් ප්‍රභේද ඇති බව

  • දකුණු සහ බටහිර අප්‍රිකානු රටවල සහ කැනේරි දූපත් වල රතු කෙසෙල් ප්‍රභේද වර්ධනය වේ. ඒවයේ රසය වැඩි අතර ක්‍රීම් රසයක් ඇති බව සඳහන් වේ. සාමාන්‍ය කෙසෙල් වලට වඩා මේවායේ විටමින් සී, කැල්සියම්, තන්තු පෝෂක සහ බිටා-කැරොටීන් ප්‍රමාණය ඉහළ බව සඳහන් වේ.

6.අතීතයේ දි මොනාලිසා සිතුවමේ රුව දිස් වී ඇත්තේ වෙනත්ම ආකාරයකටය

  • කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම සිතුවම ස්වභාවික හිරු එළියට නිරාවරණය වී තිබීම නිසා එහි වර්ණ ක්‍රමයෙන් නැති වී ගොස් ඇත. මෙම සිතුවම නිර්මාණය කල මුල් කාලයේදීම ඊට සමානව එහි පිටපතක් ලෙස ලියනාර්ඩෝ ඩාවින්සිගේම ගෝලයෙකු විසින් සිතුවම් කල චිත්‍රයක් ඇති අතර මෙම වෙනස්කම් හඳුනාගෙන ඇත්තේ ඊට සාපේක්ෂවයි. එම සිතුවම විශේෂ සුරක්ෂිතාගාරයක තැන්පත් කර ඇති නිසා එහි වර්ණ කිසිඳු විපර්යාසයකට ලක්වේ නොමැත.

7.නේපාලයේ සෑම වසරකම දින 5 ක් පුරාවට ගින්දර සැණකෙළියක් පවත්වයි. මෙහිදි මිනිසුන් සුනඛයින්ගේ පක්ෂපාතීබවට සහ මිත්‍රත්වයට ස්තුති ගෞරව දක්වති.

  • මෙම දින ගණනාව පුරාවට මිනිසුන් තම සුනඛයින්ට උපහාර දක්වති. මල්මාලා පලඳවමින්, ආලෝක අලංකර යොදමින් , සුනඛයින්ව විවිධ වර්ණ වලින් හැඩකරමින් එම සතුනට රසවත් ආහාර ලබාදීම වැනි දේ සිදුකරති. සුනඛ දිනයට හැර වෙව්නත් දිනවල ඔවුන් හරකුන්, කපුටන්, ගොන්නුන් වන්දනා කරති.

8.මුහුණේ දකුණු පැත්තට වඩා වම් පැත්ත වඩාත් ආකර්ෂණීය බව පැවසේ

  • බොහ්ගෝ චිත්‍රශිල්පීන් මිනිසුන්ගේ රුව ඇතුලත් චිත්‍ර සිතුවම් කර ඇත්තේ ඔවුන්ගේ මුහුණේ වම් පසිනි. මෙම පැතිකඩ වඩාත් භාවාත්මක සහ හැඟීම් ප්‍රකාශනය කරවන බවක් ඉස්මතු කරයි. පර්යේෂණික කරුණු වලින් පවා සනාථ කරන්නේ මිනිසුන් වැඩිවශයෙන් හැඟිම් ප්‍රකාශ කරන්නේ මුහුණේ වම් පසින් බවයි.

9.සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ ඔහු යන සෑම තැනකටම ඔහුගේ රිවෝල්වරය ‍රැගෙන ගොස් ඇත

  • ඔහු එම රිවෝල්වරයට බ්ලෑන්ක් වර්ගයේ පතරොම් යොදා ඇත(මෙම කාට්‍රිජ විශේෂයෙන් උණ්ඩ නිකුත් නොවන අතර වෙඩි ශබ්දයක් සහ පිපුරුම් එළියක් නිකුත්වේ.) ඔහු ඇඳි සිතුවම් වල අර්ථය කුමක්දැයි ඇසූ සෑම අයෙකුටම ඔහු විසින් එම රිවෝල්වරයෙන් වෙඩි තබා ඇත.

10.පුරාවිද්‍යාඥයින් පිරිසකට තුර්කියෙන් හමුවූ ඉපැරණි මිමි කා‍ටුනය

  • 2013 වනසේ ඇන්ටක්යා හි කේබල් යන්ත්‍ර ස්ථාපිත කරන විට වසර 200 ක් පමණ පැරණි අස්ථි සැකිල්ලක් සහිත මොසැයික චිත්‍රයක් හමුව ඇත. පාන් සහ වයින් අසල බිම වැතිරී සිටින මෙම සැකිල්ල යටින් එක් පාඨයක් වේ. එනම් , ” සතුටින් ඔබේ ජීවිතය ගතකරන්න” යනුවෙනි.

11.හොල්මන් චිත්‍රපට වල අපට ඇසෙන භයානක ශබ්ද නිර්මාණය කර ඇත්තේ වෝටර්ෆෝන් (waterphone) නම් සංගීත භාණඩය උපයෝගි කරගෙනය

12.නාගයින් ගේ ශරීරයේ අස්ථි පිහිටා ඇති අයුරු.

  • අයත් වන විශේෂය අනුව නාගයින්ගේ සිරුරේ අස්ථි 400 කට අධිකව පිහිටා තිබේ. ඒවා මඟින් ඔවුන්ගේ සිරුරු වලට අරුම පුදුම නම්‍යශීලි බවක් ලැබී ඇත.

13.යෝ යෝ ක්‍රීඩකයෙකුගේ දබ‍රැඟිල්ලේ සනාට පටක (vascular tissue)හානි වී හා අඩු වී ගොස් ඇති අයුරු පෙන්නුම් කරන ඇන්ජියෝග්‍රෑ‍ෆි වෛද්‍ය තාක්ෂණය හරහා ලබාගත් ඡායාරූපයක්.`