Hela Rahas

Hela Rahas Official Web Portal

වැල්ලට ගසාගෙන ආපු පුදුම දේවල් 11ක්

සාගරය කොතරම් විශාල මූලාශ්‍රයක් වුවත් තමන්ට අයත් නොවන දේවල් රඳවාගෙන තබාගන්නේ නැහැ. ඒවා නැවත ගොඩබිමටම ගෙනවිත් දැමීමයි බොහෝ දුරට සිදුවන්නේ. ලොව වටා වෙරළ තීර වලින් හමු වු අරුම පුදුම දේවල් වල ඡායාරූප එකතුවක් ගැනයි මේ. ඒ වගේම තමයි මේ ලැයිස්තුවේ තියෙන මේ දේවල් කවුරුත් වෙරළ තීරයක දී දකින්නට ලැබේවි කියලා හිතන ඒවා නොවීමත් අරුම පුදුම අමුතු දේවල් වීමත් විශේෂත්වයක්.

1.යෝධ පයිප්ප

  • ප්‍රවාහනය කරමින් සිටින අතරේදී මුහුදට ඇද වැටී ඇති මෙම යෝධ පයිප්ප වල විශ්කම්භය අඩි 6.5 ක් පමණ වේ. මේවා නෝර්ත්ෆෝල්ක් වැල්ලට ගොඩගසා තිබුණේ 2017 වසරේය. ඒ අතර තිබූ දිගම පයිප්පය දින් අඩි 1640 ක් පමණ වි ඇත.

2.LEGO සෙල්ලම් බඩුවක්

  • අඩි 8 ක් පමණ උසින් යුතු මෙම සෙල්ලම් භාණ්ඩය නෙදර්ලන්තයේ සැන්ඩ්වූර්ට් වෙරළට ගොඩගසා තිබුණි. මෙය කොහේ සිට පැමිණියේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නැත. මෙම ආකෘතිය සමඟ ඡායාරූප ගැනීමට බොහෝ දෙනා පැමිණෙන බව පැවසේ.

3.කන්ටේනර්

  • භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ ‘නැපෝලි’ නෞකාව 2007 වසරේ මුහුදුබත් වීමත් සමඟ එහි තිබූ කන්ටේනර් කිහිපයක් එංගලන්තයේ ඩෙවොන් වෙරළ තීරයට ගොඩගසා තිබිණි. ඒවායේ තිබී වයින් බැරල්, BMW මෝටර් සයිකල් අයිති කරගැනීමට වෙරළාසන්න පිරිස් සමත් වී තිබුණි.

4.මිසයිල කොටස්

  • මෙම මිසයිල සුන්බුන් කැබලි හමුවූයේ 2016 වසරේ ජපාන වෙරළ තීරයකදීය. මෙය එම වසරේ දියත් කරන ලද උතුරු කොරියානු මිසයිලයක කොටසක් බවයි අනුමාන කෙරෙන්නේ.

5.හඳුනානොගත් ජීවියෙකුගේ ඇසක්

  • මෙම අසාමාන්‍ය ඇස හමුවී තිබුණේ 2012 වසරේ ෆ්ලොරිඩා වෙරළ තීරයකිනි. නමුත්, මෙය කුමන් සතෙකුගේ ඇසක් ද යන්න තවමත් නිශ්චය කර නොමැත.

6.මිනිසුන් රහිත ඉලක්ක ඩ්‍රෝන යානා

  • 2008 වසරේ මෙම යුධ යානා කොටස හමුවී තිබුණේ ස්කොට්ලන්තයේ වෙරළ තීරයකිනි. එය මිනිසුන් රහිත ප්‍රහාරක යානාවක කොටසකි.

7.දාදු කැටයක්

  • මෙම යෝධ දාදු කැටය ඉඩාහෝ හි වෙරළකට ගොඩගසා තිබුණේ 2017 වසරේය.

8.අභ්‍යාවකාශයානා අවශේෂ කොටස්

  • එලෝන් මස්ක් ගේ SpaceX සමාගම විසින් දියත් කල අභ්‍යාවකාශ යානාවක සුන්බුන් 2015 වසරේදී බහාමාස් හි වෙරළ තීරයකට ගොඩගසා තිබියදි හමුවිය.

9.කින්ඩර් එග්ස්’

  • 2017 වසරේ ජර්මනියේ ලැන්ගිඕග් දූපතට දහස් ගණනින් කින්ඩර් එග්ස් රසකැවිලි සහ LEGO සෙල්ලම් බඩු ගොඩගසා තිබුණි. භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සුලිකුණා‍ටුවකට හසුවීම නිසා එහි තිබූ කන්ටේනර් කිහිපයක් මුහුදුබත් වීමත් සමඟ මෙම නිෂ්පාදන අසල වෙරළට ගොඩගසා තිබුණි.

10.ගැලීම් මානයක්

  • මෙම වස්තුව හමුවී තිබුණේ අයිස්ලන්තයේ වෙරළකිනි. මෙය ධ්වනිත ඩොප්ලර් ගැලීම් මානයකි. මෙය ගැඹුරු සාගර පත්ලේ ගැලීම් වේගයන් මැනීම සඳහා උපයෝගි වන උපාංගයකි.

11.යෝධ මස් කුට්ටියක්

  • 2011 වසරේ සිදුවූ සුනාමි තත්වයකින් පසු මෙම යෝධ සුදු පැහැති කුට්ටිය ජපානයේ යබුචිජිමා වෙරළට ගොඩගසා තිබුණි. මෙය යෝධ බූවල්ලෙක් යැයි අනුමාන කලද එහි සාම්පල පරික්ෂාවකින් හෙලි වූයේ මෙය තල්මසේකුගේ හෝ මෝරෙකුගේ ශරීර කොටසක් බවයි.