Hela Rahas

Hela Rahas Official Web Portal

අනාගත ලෝකයේ නිර්මාණය වෙන පුදුම හිතෙන තැන් 10ක්

නවීන තාක්ෂණයත් සමඟ ලෝකයට එන අලුත් සංකල්ප නිසා අනාගතයේ බොහෝ දේවල් සිතාගන්නවත් බැරි තරමේ අරුම පුදුම දේවල් වලින් පිරී යනුඅ එති බව අනාවැකි පළ වේ. අනාගතවාදි නිර්මාණ අදහස් සහ පරිකල්පනයන්ට අනුව ඉදිරියේදි ලෝකයේ බිහිවන්නට නියමිත අපූරු විනෝදාස්වදයෙන් පිරුණු දේවල් කිහිපයක එකතුවක් ගැනයි මේ කියන්න සුදානම් වෙන්නේ.

1.අහසේ ගුවන් ගමන් නිවාඩුවක්

  • ජෛවවිද්‍යාත්මක සංකල්පයකට අනුව පරිසර පවිත්‍රතාව සු‍රැකෙන සහ ශබ්ද නිකුත් නොකෙරෙන මෙම අපූරු ගුවන් යානාවේ නිර්මාණාත්මක අදහස එරික් ඇල්මස්නමැති නිර්මාණකරුගේය. මෙහි විනිවිද පෙනෙන ආකාරයේ හිසට ඉහළින් වීදුරු ආවරණයක් ඇති අතර යනාව පියාසර කරන අතරතුරේදි අව්ව තැපීමටත් ජල තටාකයේ බැස පිහිනමින් විනෝද වීමටත් මගීන්ට අවස්ථාව ලැබේ.

2.පාවෙන හරිත පුරවරයක්

  • ‘ලිලිපෑඩ්’ නම් මෙම ජලයේ පාවෙන නගර ව්‍යාපෘතියේ සැලසුම්කරු වින්සන්ට් කැල්ලෙබවුට් ය. ඔහු මෙය ඉදිරිපත් කර ඇත්තේ සාගර ජල මට්ටම ඉහළ යාමේ ගැටලුවට ඇති පිළිතුරක් ලෙසය. මෙම පරිපූර්ණ නගරය මිනිසුන් 50,000 කට පමණ ජනාවාස වීමට පහසුකම් ඇත.පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර (සුලඟ, හිරු එළිය, උදම් බලය සහ වෙනත් ආදේශක බලශක්ති මූලාශ්‍ර)වලින් ක්‍රියාත්මක වීමට නියමිතය. වැසි ජලය ‍රැක් කිරීමට ද විශේෂිත සැකැස්මක් ඇත. සියලු දෙනාටම අවශ්‍ය ‍රැකී රක්ෂා ඇතුලු වෙනත් පාරිභෝගික සේවා, සාප්පු සංකීර්ණ, විනෝදාස්වාදය සපිරි ස්ථාන ඇතුලු ස්ථාන වලින් සමන්විතය. සොබාදමත් සමඟ ජීවත් වීමට කදිම සංකල්පයකි.

3.එල්ලෙන ගෙවතු

  • පවිත්‍ර සහ නීරෝගි පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙන මේ සංකල්පයේ හිමිකරු වන්නේ ද වින්සන්ට් කැල්ලෙබවුට් නම් නිර්මාණ ශිල්පියාය. ඔහුගේ මෙම අනාගත නිර්මාණය හයිඩ්‍රොගෙනේස් නම් වේ. මෙය අහස සිසාරා යන උස් ගොඩනැගිල්ලක් (ස්කයිස්ක්‍රේපර්), ගුවන් නෞකාවක්,ජෛව ප්‍රතික්‍රියාකාරකයක් (බයෝරියැක්ටර්) සහ වායුව පවිත්‍ර කරවන එල්ලෙන ගෙවතු යන අංග වල මුහුන් වූ නිර්මාණ අදහසකි.

4.බූමරංග

  • මෙය ජංගම වරායක ස්වභාවයක් ගන්නා අතර එහි භූමි ප්‍රදෙශය අවශ්‍ය පරිදි එහි සමන්විත විනෝදාස්වාද අංග වෙනුවෙන් ක්ෂ්ණිකව සැකැස්ම වෙනස් කල හැකි අයුරින් ඉදි කිරීමට නියමිතය.බූමරංගය නම් මෙය බොහෝ දුරට ඇත්ත දූපතක ස්වරූපය ගන්නා අතර එහි ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ ඊට අයත් ව පවතින බලශක්ති මූලාශ්‍ර වලින් වීම විශේෂත්වයකි.

5.සුපිරි කෙළි නැවක්

  • මෙම විනෝද නෞකාවේ නිර්මාණකරු වන්නේ සාහා හඩිඩ් ය. මේ සඳහා ඇය පන්නරය සහ මූලික අදහස ලබාගෙන තිබුණේ දියයට ලෝකය අධ්‍යයනය කරමිනි. එහි ඇති ආකෘති සහ ස්වරූප ඇය විසින් මේ නිර්මාණයට දායක කරගත්තාය.බාහිර සැකිල්ලක ආකෘතියක් ගන්නා මෙම සුපිරි විනෝද නෞකාවේ සැකැස්ම පිටතින් මෙන්ම ඇතුලාන්තයෙන් ද අපූර්වත්වයක් ගනියි.

6.ඩෙලියුක්ස් කෲස් ගුවන් නෞකාව

  • මෙම අපූරු නිර්මාණ අදහස සුප්‍රසිද්ධ නිර්මාණ ශිල්පී මැක් බයර්ස් සතු එකකි. නිර්මාණකරුගේ අරමුණ වි ඇත්තේ ගමන් ගන්නා මගීන්ට සම්පූර්ණයෙන්ම සැහැල්ලුවෙන් ගත කල හැකි උපරිම සැපපහසුවක් ඇති ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් නිර්මාණය කිරීම බවයි. මෙහි ඇතුලාන්තයේ ඉතා විශාල ඉඩකඩක් පවතියි. ඒ සඳහා දීප්තිමත් වර්ණ , අභ්‍යන්තර සැලසුම් අංග සහ චිත්තාකර්ෂනීය නැරඹුම් ස්ථාන එක්කර ඇත. මෙම අනාගත ව්‍යාපෘතිය ගුවන් නැවක ගමන් කරන පුද්ගලයින් සඳහා වෙනස්ම වූ අපුරු අත්දැකීමක් ලබාදෙනු ඇති බව අපේක්ෂිතය.

8.දූපත් නෞකාවක්

  • මෙම අරුම පුදුම නිර්මාණය ඉදිකරන ලද්දේ ලන්ඩන් සමාගමක් වන යැච් අයිලන්ඩ් ඩිසයින් සමාගම විසිනි. එය පෙනුමින් සැබෑ පාවෙන නිවර්තන දූපතක ස්වභාවයක් ගනියි. එහි දිය ඇල්ලක්, විනිවිද පෙනෙන පතුලක් සහිත පිහිනුම් තටාකයක් සහ කුඩා ගිනිකඳු හැඩයේ ආකෘතියක් ආදි අංග වලින් සමන්විතය.

9.ස්ට්‍රීට්ස් ඔෆ් මොනාකෝ නෞකාව

  • යැච් අයිලන්ඩ් ඩිසයින් සමාගමේ තවත් නිර්මාණ කාර්යක් වන මෙය මොනාකෝ හි නිවාඩුවකට ප්‍රිය කාගේත් ආකර්ෂණය දිනාගනු ඇති නිර්මාණයකි. මෙම අධි සුඛෝපභෝගි නෞකාවේ මොනාකෝ රාජ්‍යයේ කැපී පෙනෙන දර්ශණීය සංචාරක ස්ථාන ‍රැසක් අන්තර්ගත කර ඇත. ඒ අතර ‘හොටෙල් ඩි පැරිස්’ නම් සුඛෝපභෝගි හෝටලය, ‘ද මොටෙ කාර්ලෝ’ කැසිනෝව, ‘කැෆේ ඩි පැරිස්’ අවන්හල, ‘ෆෝර්මියුලා 1 රේසිං පථය’ ඉන් කිහිපයකි.

10.යෝධ නගර යානාව

  • ඇට්ලාන්ටිස් II යනුවෙන් හඳුන්වන මෙම යෝධ පාවෙන නගර ව්‍යාපෘතිය විශාලත්වයෙන් නිව් යෝර්ක් හි සෙන්ට්‍රල් පාර්ක් හි විශාලත්වය හා සැසඳේ. මෙම නිර්මාණ අදහසේ පුළුල් මානය අපව පුදුමයෙන් පුදුමයට පත්කරවන සුලු සැලැස්මකින් යුක්තය.

11.මිරිදිය පවිත්‍ර කරන හරිත දූපත

  • ෆිසැලියා නම් මෙම පාවෙන ගෙවතු ව්‍යාපෘතිය නිර්මාණය කරන ලද්දේ ගංගා ජලය පවිත්‍ර කිරීම සහ සැමට උසස් ගුණාත්මක තත්වයේ මිරිදිය ජලය බෙදාදීමේ අරමුණිනි. මෙම නෞකාව ජෛව පිරිපහදු ඒකකයක් සහිත වන අතර එහි ඇති ගෙවතු හරහා ජලය පවිත්‍ර වීම සිදුවේ.