Hela Rahas

Hela Rahas Official Web Portal

ජීවිතේ අසාර්ථක කරන රැකියා ස්ථානයක් හදුනා ගැනීමට ක්‍රම 12ක්

මිත්‍රශීලි නොමැති ආතතියෙන් පිරුණු පරිසරයක ‍රැකියාව කිරීමට කවුරුත් කැමති නැහැ. මේ නිසා එවැනි පිඩාකාරී පරිසරයක් ඇති තැන් වලින් බොහෝ දෙනා ‍රැකියා හැරයනවා. වෘත්තිය සාර්ථකත්වයට බලපෑම් ඇතිවන ‍රැකියා ස්ථානයකදි ඔබට සිදුවිය හැකි මෙවැනි අක‍ටුතුකම් ඔබ තවදුරටත් ඉවසිය යුතු නැහැ කියලයි අපේ විශ්වාසය.

1.පමණ ඉක්ම වූ නිලබල ක්‍රමය

  • දිවාහාරය ගැනීමට වැනි සුලු අවසරයක් ගැනීමට වුවත් නිලධාරීන් කිහිප දෙනෙකු වෙත යාමට සිදුවේ නම් එවැනි ‍රැකියා ස්ථානයකින් නිවාඩුවක් ගැනීම කොතරම් ක‍ටුක අත්දැකීමක් විය හැකිද යැයි සිතාගත හැකිය.නමුත් එවැනි සමාගම් පවතියි.එවැනි ස්ථාන වල ‍රැකියා කරන්නන්ගේ වෘත්තිය සාර්ථකත්වය මන්දගාමි සහ ක‍ටුක බව ෆෝබ්ස් සඟරාව විසින් පෙන්වාදේ.එවැනි අනවශ්‍ය නිල ස්තර අවම කිරීම අවශ්‍යව පවතියි.

2.ඇතැම් දේ සාකච්ඡා කිරිමට එරෙහිව වාරණ පනවා තිබීම

  • වැ‍ටුප ආදි ඇතැම් මාතෘකා ගැන සාකච්ඡා කිරීම වැරදි, අවිනීත සහ ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවන බව කෙනෙකු ඔබට පවසයි නම් එම සමාගම තුල ඔබ අපේක්ෂා කරන සහ සේවකයෙකුට ලැබිය යුතු මූල්‍යමය අයිතින් ලබගැනීම අතිශයින්ම අපහසු වනු ඇති බව ඔබට වැටහිය යුතුය. වැ‍ටුම් වැඩිවීමක් ආයතන ප්‍රධානියාගෙන් ඉල්ලා සිටීම ඉතා සාමාන්‍යය

3.ආගන්තුක වියදම්

  • ‍රැකියාවක් යනු ඔබ යමක් උපයාගන්නා ක්‍රමය මිස ඔබේ මුදල් වැය විය යුතු දෙයක් නොවේ.ඔබ අතින් වැය වූ මුදලක් නැවත ඔබට පියවීම නොකරන ආයතනයක් තවදුරටත් ඔබේ ‍රැකියා ස්ථානය ලෙස ‍රැඳී සිටීම නුවණට හුරුද යන්න ඔබේ තීරණය විය යුතුය.

4.සැම විටම වරද බාරගැනීම

  • ඔබට බාර නොදුන් වැඩක් නිසි කලට සම්පූර්ණ නොකලා යැයි ඔබට බැන වදියි නම් එය සාධාරණ නැත. ඔබේ වරදක් නොමැති බව පැහැදිලි කිරීමට යාම කිසිසේත්ම තේරුමක් නොමැත්තේ ඔවුන් එය විශ්වාස නොකරනු ඇති බැවිනි.එවැනි තත්වයන් දිගින් දිගටම ඇති වේ නම් තවදුරටත් එම ‍රැකියාවැ ‍රැ‍ඳෙනවා ද යන්න ඔබ බුද්ධිමත්ව සිතා බලන්න.

5.වගකිම් පැහැර හැරීම

  • රැකිය ස්ථානයේදි සාමුහිකව සිදුකල යුතු වැඩකටයුතු වලදි අනෙක් පාර්ශවයන් අවශ්‍ය වේලාවට සහය ලබානොදී, දිගින් දිගටම කාර්යන් මගහරියි නම් ,අවශ්‍ය ප්‍රතිචාර නොදක්වයි නම් මේ පිළිබඳව ප්‍රධානියා හෝ මානව සම්පත් අංශය ඒ පිළිබඳව දැනුවත් කරන්න.

6.බොරු පොරොන්දු

  • වැ‍ටුම් වැඩිකිරීමක්, උසස්වීමක්, දීමනා වැඩිකිරිම, වරප්‍රසාද හෝ පුහුණු පාඨමාලා අවස්ථා ලබාදෙන බව දිගින් දිගටම පොරොන්දු දී තවමත් ඒවා ලබානොදී ඔබෙන් දිගින් දිගටම සේවය ලබාගනියි නම් එය අසාධාරණයකි. දින නියමයක් සහිත පොරොන්දු දිනාගැනීම පහසුය. යමක් සාර්ථකව අවසන් කල විගස ඔබට යම් දීමනාවක් හෝ වැ‍ටුම් වැඩිවීමක් වන බව පවසන්නේ නම් එය විශ්වාස කල හැකියි.

7.හිතවත්කමට සේවය කිරීම

  • ඇතැම් ආයතන ප්‍රධානීන් මිත්‍රශීලී ආකාරයෙන් තම සේවකයින්ගේ ශ්‍රමය සූරාකති. ඔවුන් සමඟ සේවකයින්ගේ ඇති හිතවත්කම හරහා නියමිත කාලයට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ සේවය ලබාගැනීමට උත්සාහ කල හැකිය. පැයක් අමතරව සිටිමින් කාර්ය ඉ‍ටු කරන්න යැයි කරන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරිම අපහසු නිසා ඇතැම් අය ඊට එකඟත්වය දක්වති. නමුත් , එසේ නොමිලේ සේවාව ලබාගැනීම පුරුද්දක් විය හැකි අතර එය සේවකයෙකුට සිදුකරන විශාල අසාධාරණයකි.

‘8.මෙහෙ වැඩ වෙන්නේ වෙනස් විදියට’ යනුවෙන් දැඩි වාරණ පැනවීම

  • ස්වාධීනව තීරණයක් ගැනීමට, ,ප්‍රධානියා සමඟ විවෘතව කතා කිරීමට, අවශ්‍ය විටක නිවාඩුවක් ගැනීමට, ලෙඩ නිවාඩු දැමීමට ඉඩ නොදෙන දැඩි සීමා පණවා ඇති ස්ථානය ‍රැකියා කිරීම අසීරුය. මෙවැනි වදන් පවසමින් සමාගමේ ව්‍යාවස්ථාවේ සඳහන් නොවන ලිඛිත නොවන නීති වලින් සේවකයින්ව පාලනය කෙරෙන්නේ නම්, එහි සඳහන් නීති රීති වලට පටහැනිව අනවශ්‍ය ලෙස ආයතනය තුල වාචිකව දැඩි සීමා පණවා සේවකයින්ගේ නිදහස උල්ලංඝනය කර ඇත්නම් එවැනි ස්ථානයක තවදුරටත් ‍රැකියාව සිදුකිරීම ගැන දෙවරක් සිතාබැලීම උචිතය.

9.තර්ජනාත්මක බියවැද්දීම්

  • තර්ජනාත්මක බියවැද්දීම් හරහා ඔබේ තීරණ, අදහස්, අරමුණු වලට බාධා එල්ල කිරීමට ඉඩ නොදෙන්න. ඔබේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම වැළැක්වීමට අන් අය දරන උත්සාහයන් සාර්ථක වීමට ඉඩ නොදිය යුතුය. ඔවුන්ගේ තාඩන පීඩන වලට බියවි ඔබේ ප්‍රතිපත්ති අමතක නොකරන්න. ඔබට ස්වාධීනව කටයුතු කල නොහැකි තැනක වෘත්තිය සාර්ථකත්වය උදාකරගත නොහැක.

10.ආයතනය අර්බුධයක බව පවසමින් සේවය සූරාකෑම

  • ආයතනය අර්බුධයක බව පවසමින් දිගින් දිගටම ඔබට කිසිඳු දීමනාවක් හෝ වරප්‍රසාදයක් ලබානොදී අඩු මිලට ශ්‍රමය සූරාකයි නම් , තාවකාලික පැවරු වගකීම් දිගින් දිගටම ඉ‍ටු කිරීමට සිදු වේ නම් තත්වය ගැන බුද්ධිමත්ව සිතාබලන්න. අසීරු කාලය කොපමණ කාල සීමාවක් පවතියි ද යන්න සමාගම ඔබට නොදන්වයි නම් ඔබ ලබා දුන් ශ්‍රම දායකත්වය වේතන ලබා දෙන බව ස්ථීර නොකරයි නම් එවැනි කැපකිරීමක් සිදුකිරීම ඵලරහිත වීමට ඉඩ වැඩිය.

11.නිවාඩු ලබාදීම යනු උදවුවක් නොවේ

  • නිවාඩු ලැබීම හෝ ලෙඩ නිවාඩු ලැබීම වරප්‍රසාදයක් නොව මිනිස් අයිතියකි.

12.ප්‍රමුඛතා නිතර වෙනස්වීම

අනපේක්ශිතව ‍රැකියාවේ කාර්යන් වැඩිවේ නම්, සැලැසුමක් නොමැති නම්, සෑම මොහොතකම ඔබ සිදුකර්මින් සිටින කාර්ය නවතා අලුත් කාර්යක් ඔබට පවරයි නම් ඔබට ‍රැකියාව කෙරෙහි හොඳ අවධානයකින් පසුවීමට අපහසු වේ.එය ඉතා සීරුයි මෙන්ම ඔබව ආතතියට හා පීඩාවට ලක්කරයි. විධිමත් ‍රැකියා ස්ථානයක සේකයින් හට නිසි සැලැස්මක් අනුව සැකසු නියමිත කලට අවසන් කල යුතු රාජකාරි පවරනු ලබයි. නිතර ප්‍රමුඛතා වෙනස්වේ නම් ඔබට ඇති වන අපහසුතාවන් ප්‍රධානීන් සමඟ විවෘතව කතා කිරීමට මැළි නොවන්න
.