Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝක ප්‍රසිද්ධ නිර්මාණ පිටුපස සැගවුණු රහස් 10ක්

ලොව ඇතැම් සිතුවම් සහ කලාත්මක ගෘහ නිර්මාණ ඇතුලු කලාකෘති වසර ගණනාවක් පැරණි වුවත් අදටත් නොවිසුදුණු ප්‍රෙහේලිකා වලින් යුක්ත වේ.එම නිර්මාණ වල ගැබ්ව ඇති වෙනස් හැඩ තල,රටා හා වර්ණ සංයෝජන මඟින් බැලූ බැල්මට වටහා ගැනීමට අපහසු ගැඹුරු තේමාවන් හා අර්ථයන් නිරූපණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. කෙසේ වෙතත් නවීන තාක්ෂණික අධ්‍යයනයන් මඟින් ඒවායේ ඇතැම් විශ්මිත අභිරහස් කරුණු හෙලිකරගැනීමට විශේෂඥයින් සමත වී සිටිති.අනර්ඝ කලා නිර්මාණ කිහිපයක් පිලිබඳ එවන් ආකාරයෙන් අනාවරණය කරගැනීමට සමත් වී ඇති තොරතුරු එකතුවක් ගැනයි මේ කියන්නට සූදානම් වෙන්නේ.

1.අයිෆල් කුළුණේ ඉහළම මහලේ ඇති කුටිය

  • ප්‍රංශයේ පිහිටි මෙම ලෝකප්‍රසිද්ධ කුළුණේ නිර්මාණකරු වන ගුස්ටාව් අයිෆල් විසින් එහි ඉහළම මහලේ ඔහු සඳහා කුටියක් ද ඉදිකරගන්නා ලදි. ඔහු බොහෝ විට එය භාවිතා කලේ විවේකයෙන් කාලය ගත කිරීම සඳහායි. බොහෝ අමුත්තන් ඔහුව මුණගැසී ඇත්තේ ද මෙහි සිටයි. වරක් ඔහු සහ ‍තෝමස් එඩිසන් අතර දීර්ඝ කතාබහක් මෙම ස්ථානයේදි සිදුවී තිබිණි. මෙම කුටිය මුලුතැන්ගෙයක්, නාන කාමරයක්, නිදන කාමර 2 ක්, ආලින්දයක් සහ අවට සුන්දරත්වය නැරඹිය හැකි අපූරු සඳලුතලයකින් ද සමන්විතය.වර්තමානයේ මෙම ස්ථානය නිර්මාණකරුගේ සහ ‍තෝමස් එඩිසන්ගේ ඉටි රුව සහිත කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යයි.

2.ලිබර්ටි ප්‍රතිමාවේ පාද අසල නිරික්ෂණය කල හැකි දම්වැල්

  • ඇමෙරිකානු විප්ලවයේ සියවෙනි සංවත්සර සැමරුම වෙනුවෙන් ගෞරවය දැක්වීමක් පිණිස මෙම ප්‍රතිමාව ප්‍රංශ ජනතාව විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රදානය කරන ලදි. මෙම ප්‍රතිමාව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවහල් බව සංකේතවත් කරයි. එම හේතුන් සංකේතවත් කිරීම උදෙසාම මෙම ප්‍රතිමාවේ පාද අසල බිඳුණු දම්වැල් ලක්ෂණ නිර්මාණය කර ඇත.

3.මොනාලිසා සිතුවම’ (Monalisa)

  • ලෝකප්‍රසිද්ධ මොනාලිසා සිතුවම බොහෝමයක් චිත්‍රශිල්පීන් අතින් ප්‍රත්නිර්මාණය වු බව බොහෝ දෙනා දන්නා කරුණකි. නමුත්, ඩා වින්සි විසින්ම අඳින ලද ඊට සමාන පිටපතක් නොවන ආකාරයේ සිතුවමක් ද ඇති බව විශ්වාස කෙරේ. මෙම දෙවන සිතුවම ඔහු විසින් සිතුවම් කර ඇත්තේ මදක් වෙනස් වූ දෘෂ්ටිකෝණයකින් වීම විශේෂත්වයකි. ඇතැම් විට මෙය වෙනත් සිත්තරෙකුගේ හෝ සිත්තරුන් කිහිපදෙනෙකුගේම සහයෙන් නිමැවුණු සිතුවමක් ද විය හැකි බව අනුමාන කෙරේ. කෙසේවෙතත්, විශේෂඥයින්ට අනුව මෙය ඩා වින්සිගේ සිතුවමේ පූර්ව අනුවාදයක් වන්නට ඇතැයි විශ්වාසයක් ඇත.

4.ඩිස්නිලන්තයේ ඇති මැටහෝර්න් කඳු ආකෘතිය

  • ස්විට්සර්ලන්තය සහ ඉතාලි දේශසීමාවේ පිහිටි ඇල්ප්ස් කඳුවැටියට අයත් කන්දක් වන මෙම මැටර්හෝර්න් කන්දේ ආකෘතියක් ඩිස්නිලන්තයේ ඉදිකර ඇති අතර එය ට්‍රැක් රෝලර් කෝස්ටර් එකක් ලෙස ක්‍රියාකරයි. මෙහි මුදුනේ කුටා අට්ටාලයක් බඳු කොටසක් පිහිටා ඇති අතර එය කන්ද තරණය කරන්නන් සඳහා විවේක ගැනීමට හැකි ලෙස සකසා ඇත. එහි බාස්කට් බෝල් වළල්ලක් ද ඇත. අයහපත් කාලගුණයක් ඇති අවස්ථාවල තරණය කරන්නන් මෙම බාස්කට්බෝල් පිටිය සහ වේදිකා පරිශ්‍රයේ විනෝද වෙමින් කාලය ගෙවති.

5.ගීසා පිරමිඩයේ මුල් ස්වරූපය

  • ‘ද ග්‍රේට් ස්පීනික්ස් ඔෆ් ගීසා ‘ හෙවත් ගීසා පිරමිඩය ලොව ඉපැරණිතම ප්‍රතිමාවයි. මුල් නිර්මාණය ඉතා දීප්තිමත් වර්ණයකින් වර්ණගන්වා තිබී ඇත. එහි අවශේෂ ප්‍රතිමාවේ ඇති එක් කන් කොටසක් පි‍ටුපස නිරික්ෂණය කල හැකිය. එහි නාසය සහ ‍රැවුලක් වැනි කොටස් තිබී ඇත. මෙහි නටඹුන් බ්‍රිතාන්‍ය සහ ඊජිප්තු කෞතුකාගාර තුල දක්නට ලැබේ. විශේෂඥයින් විසින් විශ්වාස කරන්නේ මෙම ස්පීන්ක්ස් ආකෘතිය සිංහයෙකුගේ හෝ බල්ලෙකුගේ සමාන හිසක් ලෙස ඉදිකර ඇති බවත් පසුකාලීනව එහි මිනිස් මුහුණක් කැටයම් කරන්නට ඇති බවත්ය. ප්‍රතිමාවේ දැකිය හැකි විශාල අනුපාතිකමය වෙනස අනුව එනම් ,විශාල සිරුර සහ කුඩා හිස ලක්ෂණය අනුව මෙම කරුණ වඩාත් පැහැදිලි කරයි.

6.පීසා කුළුණ ඇලයට ඉදිකිරීම සිදුකල අයුරු

  • මෙම ලෝකප්‍රසිද්ධ කුළුණ බොහෝ රහස් සඟවාගෙන සිටියි. මෙය තරමක් ඇල ආකාරයෙන් ඉදිකර ඇති බව බොහෝ දෙනා දන්නා කරුණක් වුවත් පීසා හි ප්‍රධාන දෙව් මැදුරේ සීනු කණුව ඉදිකර ඇත්තේ කවුරුන්ද යන්න පිලිබඳ දන්නා කවුරුන් හෝ නොමැත. මෙම අභිරහසට බලපා ඇති ප්‍රධාන හේතුවක් නම් මෙය වසර 200 කට පමණ ඉහතදී නිමවූවක් වීමය. ඉතිහාසඥයින් අනුමාන කරන්නේ මෙහි ඉදිකිරීම් සැලසුම් කටයුතු සිදුකරන්නට ඇත්තේ බොන්නානෝ පිසානෝ විසින් බවයි. ඇතැම් පිරිස් එය ඩියෝටිසැල්වි විසින් සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන්නේ මෙම කුළුණේ ඉදිකිරීම් ශෛලියට සමාන ආකාරයෙන් ඔහු විසින් යාබදව ඉදිකර ඇති බෞතිස්ම ස්ථානය නිසාය.

7.ඩානැයි’ (Danaë) සිතුවමේ ඇති රුව

  • රෙම්බ්‍රාන්ට් විසින් මෙම සිතුවම ඇඳීම ආරම්භ කරන ලද්දේ ඔහු සහ ඔහුගේ බිරිය සස්කියා වැන් උයිලෙන්බර්ග් ගේ විවාහයෙන් වසර 2 ක් ගත වූ තැනය. ඔහුගේ සිතුවම් ‍රැසකම ඔහුගේ බිරිඳ නිරූපණය කර තිබීම විශේෂත්වයකි. 1630 දශකයේදී ඔහු විසින් අඳින ලද වෙනත් සිතුවම් වල මෙන් මෙම සිතුවමේ කාන්තා රුව සස්කියා නම් ඔහුගේ බිරියගේ රුවට සමාන නොවන්නේ ඇයි ද යන්න විශාල අභිරහසක් විය. නමුත් ඉතා මෑතකදී මෙම අභිරහස පිලිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබෙනවා. සිදුකරන ලද එක්ස්‍රේ පරික්ෂාවන් තුලින් මෙම රූප රුවේ සහ සස්කියාගේ රුව ඇතුලත් චිත්‍ර වල සමානකම් ඇති බව තහවුරු වී ඇත. මෙම සිතුවම ඔහුගේ බිරියගේ මරණින් පසුව යළි ප්‍රතිනිර්මාණය කරන ලද්දක් බව අනුමාන කෙරෙන්නේ ඔහු ඒ වන විට ගීර්ට්ජේ ඩර්ක්ස් නම් කාන්තාවක් සමඟ සමීපව සිටි බැවිනි. මෙම සිතුවමේ මුහුණේ ලක්ෂණ ඔහුගේ පෙම්වතියන් දෙදේගේම ලක්ෂණ වල සංකලනයක් ලෙස සිතුවම් කරන ලද්දක් බව විශ්වාස කෙරේ.

8.බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධම සංචාරක ආකර්ෂණීය ස්ථානය වන බිග්බෙන් ඔරලෝසුවේ නාමය

  • බිග්බෙන් යන නාමය සමස්ත කුළුණට නොව එහි ඇති විශාල සීනුව හැඳින්වීමට පමණක් යොදාගැණුනකි. 2012 වසරේ සැප්තැම්බර් මාසය දක්වාම මෙම ආකෘතියේ නිල නාමය වූයේ ‘ද බෙල් ටවර් ඔෆ් ද පැලස් ඔෆ් වෙස්ට්මිනිස්ටර්’ යන්නයි. වර්තමානයේ මෙය හඳුන්වන්නේ ‘ද එලිසබෙත් ටවර්’ යනුවෙනි. මෙහි ඇති සීනුව සඳහා බිග්බෙන් යන නාමය යොදන ලද්දේ කාහට දැක්වූ ගෞරවයක් පිණිසද යන්න පිලිබඳව නිශ්චිතවම දන්නා කිසිවෙකුත් නොමැත. ඇතැම් අය පවසන්නේ මෙම ඉදිකිරීම සිදුකල ආයතනයේ ප්‍රබලයෙකුගේ සුරතල් නම මෙසේ ඊට යොදන්නට ඇති බවයි. තවත් ප්‍රසිද්ධ මතයක් වන්නේ මෙම කුළුණට නම ලැබි ඇත්තේ අධි බර පංතියේ බොක්සිං ශූරයෙකු වන බෙන්ජමින් කවුන්ට් නම් පුද්ගලයාට ගෞරව දැක්වීමක් පිණිස බවයි.

9.ගෝල්ඩන් ගේට් බ්‍රිජ්’ නම් පාලමේ වර්ණය

  • ලොව වැඩිවශයෙන්ම ඡායාරුපගත වන ස්ථාන අතරින් එකක් වන මෙම පාලම ඉදිකිරීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාවෙන් අනුමැතිය ලැබීමට විශාල කාලයත් ගත වී ඇත. නාවික හමුදාව එය කලු සහ කහ ඉරි වලින් තීන්ත ගැන්වීම සිදුකල බව අවධාරණය කලේ දුමාරය පවතින විටකදි වුව පැහැදිලිව දිස් වීම සඳහාය. පාලමේ ඉදිකිරීම් සැලසුම් ශිල්පියා වන අර්වින් මොරෝ විසින් හමුදාවට ඒත්තු ගන්වා සිටියේ එය තද තැඹිලි පැහැයෙන් තීන්ත ආලේප කිරිම සිදුකල යුතුයි කියායි. මෙම පැහැය මඟින් ඕනෑම කාලගුණික තත්වයකදි පාලම පැහැදිලිව දුරට දිස්වනවා වගේම අපූරු ආකර්ෂණීය පෙනුමක් ද ඊට එක්කර තිබිම සුවිශේෂීත්වයකි.

10.ද ස්ක්‍රීම්’ (The scream) සිතුවමේ අහස පින්තාරු කර ඇති අයුරු

  • එඩ්වර්ඩ් මන්ච් විසින් සිතුවම් කර ඇති මෙම ලෝ සුපතල සිතුවමේ මුල් නාමය වී ඇත්තේ සොබාදහමේ විලාපය යන අරුත් ඇති ‘ද ස්ක්‍රීම් ඔෆ් නේචර් ‘ යන්නයි. 2003 වසරේදි තාරකාවිද්‍යාඥයින් පිරිසක් විසින් ඉදිරිපත් කල න්‍යායක් වූයේ ස්කාලට් රතු පැහැයෙන් දීප්තිමත්ව ඇති ආකාරයක් ගැනීමට 1883 ක්‍රැකටෝආ ගිනිකඳු පිපිරුම හේතුවක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එම ගිනිකන්දෙන් අති විශාල ප්‍රමාණයක් දුමාරය සහ දුහුවිලි වායුගෝලයට එක්වන්නට වූ අතර ඒ හේතුවෙන් පසුකාලීනව වසර කිහිපයක් ගත වන තුරුම ලොව වට අතිශයින්ම දීප්තිමත් ගිනිසිලු මෙන් ප්‍රබල හිරුබැසයාම් නිරීක්ෂණය කල හැකි විය.