Hela Rahas

Hela Rahas Official Web Portal

දිනපතා බුදුන් වැඳීමෙන් ලැබෙන ආනිසංස

  • ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීමේ අනුසස් ලොව අන් සියල්ලට වඩා අග්‍ර වන ශ්‍රේෂ්ඨ වන උතුම් වන ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදි සිත් ඇති අය හට මනුෂ්‍යයෙකු වී උපන්නොත් අන් අයගේ ගරු බුහුමන් ලබන උසස් අයෙකු බවට පත් වෙයි.උසස් ආහාරපාන, උසස් ඇඳුම් පැළඳුම්, උසස් ගෙවල් දොරවල්, උසස් වූ පරිහරණ වස්තු සම්පත්, උසස් තනතුරු ලාභ ලැබේ.එසේම ඒ පිනෙන් දිව්‍ය ආත්ම භාවයක් ලැබුවේ නම් එබඳු අයෙකු හට දිව්‍ය සැප සම්පත් ලැබේ.
  • බුද්ධාදී උතුමන් හට වැඳීමේ අනුසස්– ආයු, වර්ණ, සැප, බල වැඩේ.අතරකදී මරණයට පත් නොවී නියම ආයු කාලය ජීවත්විය හැකි වෙයි.උතුම් වූ සෝවාන් මාර්ගයට පිළිපන්, සෝවාන් මගඵලලාභී, සකෘදාගාමී මාර්ගයට පිළිපන්, සකෘදාගාමී මගඵලලාභී, අනාගාමී මාර්ගයට පිළිපන් අනාගාමී මගඵල ලාභී, උතුම් රහත් මගට පිළිපන්, අරහත් මගඵලලාභී බවට පත්වූ උත්තමයන් වහන්සේලාට මෙන්ම ඒ උතුම් පිළිවෙත් මගෙහි ගමන් කරමින් උතුම් ශාසන බ්‍රහ්මචර්යාවේ යෙදෙන උත්තමවූ ආර්යමහා සංඝ රත්නයට යමෙකු විසින් වැඳුම් පිදුම් ලබා දෙන්නේද එය මහත් ඵල ලැබදෙන කාරණයක් වෙයි.
  • එහෙත් එබඳු උත්තමයන් වහන්සේලාට යමෙකු විසින් නින්දා අපහාස උපහාස කරන්නේද ඔහුට දිට්ඨ ධම්ම වේදනීය ලෙස ඒ අකුසලයේ විපාකය විඳින්නට සිදු වෙයි.නිරතුරුව සිත සැකැස්මෙන් යුතුව තබා ගෙන සිටින්නට මෙන්ම මරණින් මතු සුගතියක ඉපදෙන්නට නම් උතුම්වූ නිර්වාණගාමී මාර්ගයට පිවිසෙන්නට නම් නිරතුරුවම බුදු ගුණ සිහි කරන්න.තෙරුවන් ගුණ සිහි කරන්න.
  • කෙනෙකුට දිනපතා බුදුන් වැඳීමෙන් ලැඛෙන ආනිසංස – තෙරුවන් සරණ ගිය ඕනෑම අයෙකු දිනපතා බුද්ධ වන්දනා සිදුකරන විට උතුම් තථාගතයන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ ඉදිරිපිට (ආනිසංස) සුවඳ මල්, පහන්, සුවඳ පැන් හෝ සුවඳ දුම් දන් පූජාවන් සිදු කරයි. දිනපතා ඔබ සිදුකරන ඒ පුජාවන්ගෙන් මහත්වූ පිනක් කුසලයක් රැස් වෙයි. ඔබට අවටින් නෙලාගන්නට මල් නොමැති නම් පූජා කරන එක මල පවා මෙලොව පරලොව ජීවිතය යහපත් කිරීමට හේතුවන පිනක් පුණ්‍යකර්මයක් වෙයි.
  • මල් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස
  • උසස් කීර්තිය ඇත්තෙකු බවට පත් වීම පිරිසිදුව පිළිවෙලට වාසය කිරීමට හැකිවීම
  • ශරීර වර්ණය යහපත් වීම මහත් වූ භව භෝග සම්පත් ලැබීම
  • දුටු දුටු අයගේ ප්‍රශංසාවට ලක්වීම කාගෙත් හොඳ හිත දිනා ගැනීම
  • මෘදු සමක් පිහිටීම රූමත් බව උරුම වීම
  • අගනා වස්ත්‍රාභරණ ලැබීම පහත් කුලවල නොඉපදී උසස් කුලවල ඉපදීම
  • බොහෝ පිරිවර ඇත්තෙකු වීම අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වීම
  • සීතලෙන් හා උෂ්ණයෙන් පීඩා නොලැබීම ඥාතීන්ගේ පිළිගැනීමට ලක්වෙයි.
  • රෝග පීඩා ඇති නොවෙයි උප නූපන් බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයෙකු වීමටද, මල් පූජාව විශේෂයෙන් හේතු වෙයි.
  • ගඩු, කැලැල්, ආදී කුෂ්ඨ රෝග හට නොගනී.
  • නිදසුනක් ලෙස -භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පුදන ලද පරවුනු මල් බිමට වැටෙන ලද මල්, කසල ආදිය ඉවත් කරමින් පවිත්‍ර කරන්නේ නම් ඔහුට ඒ පිනෙන් සංසාරයේ සියුම් සියුම් දහම් කාරණා (කුඩා කුඩා දහම් කරුණු) අවබෝධ කරගැනීමේ නුවණ ප්‍රඥාව පහළ වෙයි.සුමන මල්කරු ජීවමාන සමයේ උන් වහන්සේ මල් පුදා සසරේ බුදු පදවිය ලැබූ අතර ධන ධාන්‍ය, භවභෝග සම්පත් ලැබුවේ අතිශය ශ්‍රද්ධාවෙන් මල් පිදූ නිසයි. සෑම පුණ්‍ය ක්‍රියාවකටම අතිශය ශ්‍රද්ධාව වැදගත්ය.
  • පහන් පූජාව-බුදුන් උදෙසා වන්දනා කරනු පිණිස දල්වන ලද පහන් පූජාව, විදුලි ආලෝක පූජාව යනු නැණ නුවණ පහළ වන උතුම් පූජාවන්ය. බුදුන් විස වහන්සේ දේශනා කළ පරිදි ආලෝක පූජාව යනු ඥනය දියුණු කරන පූජාවකි. එය මෙලොව පමණක් නොව මතු භවයන්වලදී පවා අනුහස් ලැබ දෙන්නකි. යමෙක් මෙලොව වශයෙන් ආලෝක පූජාවක් සිදු කලේ නම් ඔහුගේ නැණ නුවණ වර්ධනය වෙයි. ඥානය පහළ කරයි. එය මතු භවයට ගෙන යන පුණ්‍ය කර්මයක් වෙයි. ඒ අනුව පහන් පූජාව යනු දෙලොවටම පින් රැස්වන උතුම් පිංකමකි.

පහන් පූජාවේ ආනිසංස

  • දිවැස් ලැබීම, නැණ නුවණ හිමිවීම, යසසින් බැලීම, උසස් කුලවල උපත ලැබීම
  • අඳුරින් තොරව ආලෝකය ඇති ස්ථානයන්හිම සිටීමට ලැබීම, තීක්‍ෂණ නුවණක් ලැබීම,
  • සියල්ල දන්නෙකු බවට පත්වීම, ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටීම,
  • විනිවිද පෙනෙන දෑසක් හිමි අයෙකු වීම, ශරීර කාන්තිය ලැබේ, දීර්ඝායුෂ ඇති වෙයි
  • පහන් ආලෝක පූජා වෙන ඇස් පෙනීම වර්ධනය වෙයි. මතු භවයේ හොඳ ඇස් පෙනීමක් ලබන්නට නම් පහන් පූජාව මෙන්ම පෙනීම දුර්වල අය තම උපැස් යුවලක් පූජා කිරිම වැනි දෑ සිදුකල යුතුය. එය සසරේ සිල්වත් ගුණවතුන් දකින්නටද උපකාර වන පිංකමකි.
  • ගෞතම මුනි සසුනේ දිවැස්ලාභීන් අතර අග්‍ර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ පෙර පියු මතුරා බුද්ධ ශාසනය පැවති සමයේ එම බුදුන් වහන්සේට පහන් ආලෝක පූජාවක් සිදුකිරීමේ මහා පිනෙන් දිවැස් ඥානය ලැබූ බව ධර්මයේ සඳහන්ය. ඒ පිනෙන් උන්වහන්සේ ගෞතම මුනි සසුනේ දිවැස්ලාභීන් අතර අග්‍රස්ථානය හිමි විය.
  • කාශ්‍යප බුදුන් වහන්සේගේචෛත්‍යයකට සකුලා නම් තෙරණියක විසින් එක පහනක් පුදා පහත ආනිසංස ලැබූ බව ථෙරී අපදානයේ දක්වා ඇති බව දහමේ සඳහන් වන්නේ මෙලෙසය.දිවැස් ඥානය ලැබීය, තීක්ෂණ නුවණ ලැබීය, යසසින් වර්ධනය විය, ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව හිමි අයෙකු විය, උසස් කුල සම්පත් ඇත්තෙකු විය.