Hela Rahas

Hela Rahas Official Web Portal

පොල් ගැසීමමෙන් පසු පොලය බිදී යන ආකාරයෙන් කියවෙන අනාවැකි

  • අපෙ ලාංකීය සංස්කෘතිය ඇතුළත පොල් ගෙඩිය සුභ කටයුතු සඳහා බොහොමයක් අවස්ථා වල යොදා ගන්නවා අපි දැකල තියෙනවා. ඒ වගේම තමා අනුන්ට වින කරන්නත් යොදා ගන්න අවස්ථා තියෙනවනෙ. අද කියන්නෙ මේ පොල් ගෙඩිය එහෙම යොදාගන්න හේතුවන දේ ගැන.
  • පූජා වට්‌ටියක විශේෂාංග කරුණු කාරණා අතරින් පොල් ගැසීමේ විස්‌මිත හාස්‌කම් ඇති බව කියනවා. ඒ අනුව පිරිසිදු චරිතය, සත්‍යවාදි බව, අවංකබව, අවිහිංසාව, යහපත් සිහිකල්පනා යනාදි මානුෂික ගුණධර්මයන්ගෙන් පිරුණු පුරුෂ පක්‍ෂයෙ සැමට විශිෂ්ට ඵල නෙළා ගැනීමට හේතු සාධකව පවතිනවා කියනවා.
  • ඒ අනුව මෙහෙම හාස්කම් ලබන්න පොල් ගැසිය යුතු ක්‍රමය ගැන ගුප්ත විදෘවෙ කියනවා. මුලින්ම ගුරු සිකුරු චන්ද්‍ර බුධ යන දිනක රාහු කාලය ගෙවුනම පොල් ගසකින් හෝ වෙළෙඳ සලකින් පොල් ගෙඩියක්‌ ගෙන මුඩ්ඩ තරමක්‌ සිටින සේ කෙඳි සියල්ල ගලවන්න.
  • පසුව ගුප්ත විද්‍යානුකූල වූද, විධිමත් වූද, අංග සම්පූර්ණ පූජා වට්‌ටියෙහි පොලය ද තැම්පත් කළ යුතුය.පූජාව අවසානයෙ දෙහි කපා පොල් ගෙඩියෙ මුඩ්ඩ පැත්ත වමතට සිටින විදියට හරහට තබාගෙන පොලයෙ මැදින් උඩු අතට කපුරු දල්වන්න.
  • ඉන්පසු ඔබට අවශ්‍ය සියලු කරුණු කාරණාවන් අදාළ වූ දෙවි දේවතා මණ්‌ඩලය ද සිහිපත් කොට නිසි තැනක දැතින්ම පොළවෙ ගසන්න. පොලය බිම ගසන්න කලින් මෙසේ කළ යුතු බව කියනවා. පොලය ගැසීමට පෙරාතුවම හැකිතාක්‌ ඔබ විසින්ම කන්නලව් කළ යුතුයි. හිස වටා තුන්වරක්‌ කරකැවීමෙන් පසුවම පොලය ගසන්න. පොල් ගෙඩියක්, තුනක්‌, හතක්‌, නවයක්‌, විසි එකක්‌ වශයෙන් මේ ආකාරයට ගැසීම ප්‍රතිඵල දායක බව කියනවා.
  • පොලය බිඳී යෑම පළමු වරම සිදුවේ නම් අවශ්‍ය කරුණු කාරණා ඉතා සතුටුදායක වෙයි.
  • දෙවැනි වතාවට බිඳුනේ නම් මධ්‍යම ප්‍රතිඵලයි.
  • තෙවන වතාවට බිඳුනේ නම් ඉතා අල්ප වශයෙන් ගුණ ලැබෙනු ඇත.
  • පොලය අතිශය ශූභවාදීව බිඳී ගොස්‌ පහටිය පැත්තෙහි කොටස විශාල වේ නම් ප්‍රතිඵල මද ලෙස ගෙන දෙනු ලබයි.
  • පොලය ගැසීමෙන් පසු කැබලිවලට කැඩී බිඳී උඩුකුරුව මද කොටස්‌ පිහිටියේ නම් යහපත් ප්‍රතිඵල ගේනවා.
  • කඩතොළු සහිතව බිඳී ගියේ නම් තදබල භූත දෝෂයක්‌ සමඟ බලගතු වින දෝෂ ඇත.
  • පොල් ගෙඩිය බිඳී එක්‌ බෑයක්‌ මුණින් අතට පිහිටියේ නම් මධ්‍යස්‌ථ ඵල විපාක ලැබෙන අතර නවග්‍රහ දෝෂ ප්‍රබලව පවතිනු පෙනී යයි.
  • පොලය හරි මැදින් දෙකට බිඳී ගොස්‌ පොල් වතුර සමඟ උඩුකුරුව සිටියේ නම් අභිමත කරුණු කාරණාවන් අතිශයෙන්ම සාර්ථකත්වයට පත්වෙනු පෙනෙනු ඇත.
  • පොලයම හෝ එක්‌ බෑයක්‌ හෝ බෑ දෙකම හෝ පොල්කටු කොටස්‌ උඩුකුරුව පිහිටියේ නම් සොර සතුරු බලවේග මර්දනය වේ. නමුත් ශූභවාදී අභිමතාර්ථ සඵල නොවනු ඇත.
  • ඉහටියේ සිට පහටියට බිඳුනේ නම් ඉතා ශුභවාදී වූ ලක්‍ෂණයකි. එසේ බිඳී යැම ද පොල් වතුර රැඳී තිබීම ද අතිශයෙන්ම ශුභදායක වෙනවා. මුණින් අතට තිබුණේ නම් අරමුණු මද වශයෙන් සඵල වනු ඇත.
  • පොලය දුර බැහැරට විසි වී ගියේ නම් මාරාන්තික මාරක විපත්ති ගෙනදීමේ හේතු සාධකයක්.
  • මෙලෙස පොල් ගැසීමේ බලය ගැන ගුප්ත විද්‍යාව අනුව කියනවා. කෙසේ වුනත් මේවාගෙ සත්‍ය අසත්‍යතාව දන්නේ මේ අත්දැකීම් තියෙන පුද්ගලයින්. මේ දේවල්වලටත් මුල්වන්නේ තමාගේම සිතයි.