Hela Rahas

Hela Rahas Official Web Portal

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන ගණපති නාමාවලිය

  • පුරාණයේ සිට අද දක්‌වා භාරතීය ජනතාව අතර සියලු යස ඉසුරු ලබාදෙන සුවිශේෂී දෙවි කෙනෙක් විදියට ප්‍රකට ගණ දෙවියන් ලංකාවේ බොහෝ ජනතාව අතර ගෞරවයටත් භක්‌තියටත් පාත්‍රවී ඇත්තේ නැණ නුවණ ලබාදෙන දෙවිකෙනෙක් විදියට.ජනතාවගේ හිත සුව පිණිස ඔවුනට පිහිටවීම පිණිස මූර්තීන් දහඅටකින් පෙනී සිටින ගණ දෙවිඳුන්ගේ ඒ ඒ මූර්තින් සඳහා පුද පූජා පැවැත්වීමෙන් තම තමන්ගේ බලාපොරොත්තු ඉටුවන බව බැතිමතුන්ගේ විශ්වාස කරනවා. .
  • නුවණට අධිපති වන්නාවූ ”බුද්ධි ගණේෂ” මුර්තියෙන් ලොවන පහල වන ගණ දෙවිඳු සකල විධ ශිල්ප ශාස්‌ත්‍රයන්ද විවිධ විද්‍යාවන්ද විවිධ ධර්ම ශාස්‌ත්‍රයන්ද බුද්ධිය, මතක ශක්‌තිය, ධාරණ ශක්‌තිය භක්‌තිවන්තයින් වෙත දානය කරමින් ලෞකික සත්‍යයද ලෝකෝත්තර සත්‍යයද අවබෝධ කරගැනීමේ දිව්‍යමය ප්‍රඥවද පහළ කරන අතර ඒ ඒ ආත්ම භාවයන් වල සිට ගෙන එනු ලැබූ ඥන සම්භාරයක්‌ උද්දීපනය කරමින් තම පිහිට බලාපොරොත්තු වන්නාවූ බැතිමතුනට ප්‍රඥවත් ධෛර්යක්‌ ශක්‌තියත් දානය කරයි.
  • දෙවියන් උදෙසා පවත්වන්නාවූ කුමන දේවපූජාවකදී වුනත් ඒ පූජාව ආරම්භයේදී පළමු කොට ගණ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වා දෙවනුව අනෙක් දෙවිවරු වෙනුවෙන් පුද පූජා පැවැත්වීම බොහෝ බැතිමතුන් අතර දක්‌නට ලැබෙන්නක්. එයට හේතුව තමා ගණ යනු පළමු, මුල් යන අර්ථය දීමයි.
  • දරුවන්ට අකුරු කියවීමේ පටන් සියලු අධ්‍යාපන කටයුතුවලදීත් යන්ත්‍ර මන්ත්‍ර ජීවම්කිරීමේදීත් විශේෂයෙන්ම ඥනාභිවන්දනය හෙවත් ගණදෙවි පිදීම කළ කරනවා. මේ අතර ගණදෙවියන් වෙනුවෙන් ගැයෙන ”ගණපති නාමාවලිය” ඉතා සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන අතර උදේ සවස ඔබ නිවසේදී බුදුන් වැඳීමෙන් පසුව ගණ දෙවියන්ට පිං පෙත් අනුමෝදන් කර ගණපති නාමාවලිය හැකිතාක්‌ වාර ගණනක්‌ ඔබ නිවෙස්‌වල සිටින ඉගෙන ගන්නා දරුවන්ට ගායනා කිරීමට සැලැස්‌වීමෙන් අධ්‍යාපන කටයුතුවලට ආශිර්වාද ලැබේ. .ගණපති නාමාවලිය මෙසේය.
  • ගණපති ඕම් ජය ගණපති ඕම්
  • ගජමුග වයින්ගර ගණපති ඕම්
  • ගුණපති යාම් සිව ගණපති ඕම්
  • කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්
  • මූෂික වාහන ගණපති ඕම්
  • මූලක්‌ ප්‍රාවන ගණපති ඕම්
  • මාසුර දේසිත ගණපති ඕම්
  • වල්ලභ මෝහන ගණපති ඕම්
  • ගණපති ඕම් ජය ගණපති ඕම්
  • ගජමුග වයින්ගර ගණපති ඕම්
  • ගුණපති යාම් සිව ගණපති ඕම්
  • කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්
  • විග්න විණායක ගණපති ඕම්
  • විගසිත නග්මුග ගණපති ඕම්
  • උත්තර තෙප්‍යාaබල ගණපති ඕම්
  • උත්තුව නාදන ගණපති ඕම්
  • ගණපති ඕම් ජය ගණපති ඕම්
  • ගජ මුග වයින්ගර ගණපති ඕම්
  • ගුණපති යාම් සිව ගණපති ඕම්
  • කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්
  • පාර්වතී පාරධි ගණපති ඕම්
  • පරම සිව ඥන ගණපති ඕම්
  • පූර්ව විරාදර ගණපති ඕම්
  • පුවන පුරන්දර ගණපති ඕම්
  • ගණපති ඕම් ජය ගණපති ඕම්
  • ගජමුග වයින්ගර ගණපති ඕම්
  • ගුණපති යාම් සිව ගණපති ඕම්
  • කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්
  • සුද්ද සදා සිව ගණපති ඕම්
  • සුන්දර කුන්ජර ගණපති ඕම්
  • නෙත්තිය තන්තුව ගණපති ඕම්
  • නිර්මල සින්දය ගණපති ඕම්
  • ගණපති ඕම් ජය ගණපති ඕම්
  • ගජමුග වයින්ගර ගණපති ඕම්
  • ගුණපති යාම් සිව ගණපති ඕම්
  • කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්