Hela Rahas

Hela Rahas Official Web Portal

විවාහ බාධාවට දුර්ගා මෑණියන්ගේ පිහිට පතන්න

  • විවාහයක් කියන්නෙ බොහොමයක් දෙනා බලාපොරොත්තුවෙන් සිටින දෙයක්. තරුණ තරුණියන් විතරක් නෙමේ තමන් හදා වඩා ගත් දෙමව්පියන්ගෙත් ලොකුම හීනයක් තමා තමන්ගෙ දරුවන්ගෙ ජීවිතයෙ සුන්දර දවසක් විදියට විවාහය දකින එක. නිසි වයස සම්පූර්ණ වූ කල සුදුසු පරිදි ආවාහ විවාහ කටයුතු සිදුකර දීම දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකමක්‌ ලෙස බුදුදහමින් කියවේ. බැඳපු අය විඳවන නොබැඳපු අය හූල්ලන අකුරු හතර කියලත් අද කියනවා අහන්න ලැබෙනවා.
  • කොහොම වුනත් බොහෝ දරුවන් උගත්කමින්, රූපයෙන් ගතිගුණවලින්, උසස්‌ තනතුරුවලින්, වත්පොහොසත්කම් වලින් පොහොසත්ව සිටියත් කුමන හෝ අහේතුවකින් විවාහය සිදුවීම පමාවෙනවා දකින්න පුළුවන්.
  • තම දියණියගේ හෝ පුතණුවන්ගේ විවාහ පමාව සඳහා බලපාන බාධක ගැන පසුතැවෙනවා වෙනුවට එකී කාරණය සාර්ථක කර ගැනීමට දරුවාගේ මවට හෝ පියාට කළ හැකි අති ප්‍රබල සරල ශාන්තිකර්මයක්‌ ගැන අද කියනවා.
  • මෙය පංචශීලය ආරක්‍ෂා කරමින් නිර්මාංශව පිරිසිදු සිතින් භක්‌තිමත්ව ඉතා කැපවීමෙන් මෙම බලසම්පන්න ශාන්තිකර්මය සිදු කිරීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලැබිය හැකි වනවා ඇත.
  • මුලින්ම ගතින්, සිතින් පිරිසිදුව භක්‌තිමත්ව බුදුන් වැඳ දේවතා මණ්‌ඩලයේ සියලුම දෙවියන්ට පිංපෙත් අනුමෝදන් කර දුර්ගා මෑණියන්ගේ රූපයක්‌ හෝ පිළිමයක්‌ ඉදිරිපිට ගිතෙල් පහනක්‌ දල්වන්න.
  • රතුමල්, සුවඳදුම් පූජා කර මේ ස්‌ත්‍රොaත්‍රය හඬනඟා නිවැරදිව දින 90 ක්‌ පුරා දිනකට 108 වර බැගින් ගෞරවපූර්වකව ගායනා කර තම දරුවාගේ විවාහය සඳහා බලපාන්නා වූ බාධා ඉවත්කර දෙන මෙන් ඉල්ලා සිටින්න.
  • ඒ වගේම මේ මන්ත්‍රය කියන්න නිශ්චිත වේලාවක් තියෙනවා. එනම් ගෝධූලි වේලාව නම් ඉතාමත් ශුභ හෝරාවෙහි ගායනා කිරීම අරඹන්න.. (ඒ වේලාව සෑම දිනකම ඉර බසින්නට විනාඩි 12 කට පෙර සිට ඉර බැස විනාඩි 12 ක්‌ යනතුරු උදාවෙනවා)
  • “සදේවි නිත්‍යං පරිතප්‍යමාන
  • ධ්‍යාමේව සිතේත්‍යම් මාෂ මාණං
  • දාඨං වුතෝ රාජ සුතේ මහත්මා
  • තවෛව ලාභාය කෘත ප්‍රයත්තඃ”