Hela Rahas

Hela Rahas Official Web Portal

බල්ලන් අපිට කියන පෙරමග නිමිති

  • බල්ලා කියන්නෙ අපි හැමෝම වගේ ආදරේ කරන සතෙක්. අපෙ ළඟම යාළුවා කීවත් වරදක් නෑ. අපෙ ආරක්ෂාවට වගේම සුරතලයට ඇති කරන ඈත අතීතයෙ ඉඳන් මිනිසාගෙ ළඟම යාළුවා ගැන තියෙන සුභ අසුභ නිමිති ටිකක් ගැනයි අද කියන්නෙ.
  • බිරීම සහ උඩු බිරලීම
  • බල්ලන්ගෙ හඬ දෙආකාර වෙයි. ඒ බිරීම සහ උඩු බිරලීමයි. බල්ලා උඩු බිරීම ශෝචනීය වූද අනර්ථකාරී වූ ද හඬක්‌ ලෙසට සඳහන් කරනවා. එය හිමිදිරි උදැසනක පදිංචි නිවාසයට පමණක්‌ නොව මුළු මහත් ගම්මානයටම අයහපත උදාකෙරෙන බිහිසුනු බවක්‌ මතු කරයි. මාරාන්තික විපත්ති, මරණ පවා ඇතිවීමට ලැබෙන සුළු පෙර නිමිත්තක්‌ ලෙස ගම්වල මෙය හඳුන්වනවා අපි අහලා තියෙනවා.
  • දවල් කාලයෙ උඩුබිරලීම සොර සතුරන් පිළිබඳ පෙර නිමිත්තක් බව කියනවා. හවස කාලයෙ උඩුබිරලීම නිවාසයට අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත විෂම කාල පරිඡේදයක උදාවක්‌ බව කියනවා.
  • මධ්‍යම රාත්‍රියෙ ගෙදරක බල්ලෙක් උඩුබිරලීම එහි මරණයක්‌ නියත වශයෙන්ම සිදුවන බවට සංඥවකි.
  • මුලින් නිවසක්‌ අසල උඩුබුරයි ද නැවත සොහොනක උඩුබුරලයි ද නියත වශයෙන්ම මරණයක්‌ පිළිබඳ අසන්නට ලැබීමකි
  • කෙනෙක් ගමනක්‌ යැමට සූදානම්ව පෙරමඟට යොමුවූවිට බල්ලෙක් පැමිණ ඔහු වටා කැරකී කුරු කුරු යනුවෙන් ශබ්දනඟා නිවසට දිවීමෙන් එම ගමන අසුබ අහිතකර තත්ත්වයක්‌ කියයි. ඉදිරියට දඩාවතේ යන බල්ලෙක් කඩාබිඳගෙන බාධක පමුණුවයි ද ගමනෙහි කිසිදු ප්‍රයෝජනයක්‌ නොවන බව කියනවා. ඇඳි වස්‌ත්‍රයෙන් අදිනු ලබනුයේ නම් එකී ගමනේ ද කිසිදු ප්‍රයෝජනයක්‌ නොමැත.
  • පාදයක වම්කෙණ්‌ඩ සිඹීමෙන් ගමන අනර්ථය පිණිස බව කියයි. දකුණු කෙණ්‌ඩ සිඹීමේදී ගමන් යන අතර මගදී වනිතාවක්‌ සමඟ බහින්බස්‌ වීමට සිදුවිය හැකියි. බොහෝ දුරට වම්කළව සිඹීමෙන් සිතැඟියාවන් සැම ඉටුකරගෙන ගමන් ගොස්‌ සිය නිවස වෙතට ළඟා විය හැකි බැව් පෙනී යන්නේය.
  • අත ලෙව කෑවේ නම් ගමන් යන එන අතර තුරෙහි බාධක පෙන්වීමේ පෙර නිමිති සංඥවක්. ගමන් යෑම තුළ බල්ලා ඒ මේ අතට දුවපනී නම් අයහපත උදාවෙන බවට පූර්ව සංඥවන් වෙයි. නමුත් ගමන් යැමේ දී සුනඛ පා තමාට ආචාර කෙරෙනුයේ නම් ගමන අතිශයෙන්ම යහපත් බැව් පෙනී යනවා.
  • අපි ගමන පිටත් වෙන විට සුනඛයන් පොරකනුයේ නම් ගමන අසුබ අයහපත් ප්‍රතිඵල උදාවීමේ ලක්‍ෂණයකි. සුනඛ මෛථුන්‍ය ගමන්යැමේදී දකීනම් මාරාන්තික විපත් ගෙනදී මෙහිලා බලපාන බව කියයි.
  • ගෙදර ඉන්න බල්ලා බියෙන් වලිගය වනමින් පෙරමඟට එනු ලබන්නේ ද ගමන සාර්ථකත්වයට පැවසෙන ඉඟියකි. වලිගය මධ්‍යම ආකාරයට ඔසවා සිටී නම් ගමනෙහි පරමාර්ථ සම්පූර්ණ නොවෙයි. වල්ගය පහත්කොට එහාට මෙහාට වනමින් සිටීනම් බාධක දුෂ්කරතා නොවනමුත් කාර්යයන් ඉටුනොවනු ඇත.
  • ඔබ ඉතාම වැදගත් ගමනක්‌ යැමට සිටීනම් පාදයකට මුත්‍රා කළේ නම් නැතහොත් ඔබ නැඟගත් වාහනයෙහි රෝදයකට මුත්‍රා කළේ නම් එබඳු සංඥව ශුභඵල උදාකර දීමක්. බල්ලා හිස දිගුකර කෙඳිරිලි ගෑවානම් ගමන අතිශයෙන්ම සතුටුදායක විය හැක. හිස උඩට හරවා කෑගැසීනම් ගමනෙහි විවිධ බාධක මාරක යෙදීමට ඉඩකඩ ඇත.
  • ඔබ ගමනාරම්භ කරන විට දෙපා ලෙවකෑවේ නම් බාධක නොයෙදෙතත් ප්‍රතිඵල සාර්ථකත්වයට නොපැමිණෙයි.
  • ගෙදර ප්‍රධාන දොරකඩ ඉදිරියෙහි නිවාසය දෙසට හැරී උඩු බුරයි නම් නිවාසයට වෙළෙඳසලට, නිවසෙහි මරණයකි. නිවාසයට – වෙළෙඳ ආයතනයට පිටුපා උඩු බුරයි නම් ලේ ඥතියකුගේ මරණයකි. ගම්මානය දෙසට හැරී උඩු බුරන්නේ නම් බිම පහුරු ගාන්නේ නම් එකී දෙසින් මරණ කීපයක්‌ම ඇති වෙන බවට පෙර නිමිත්තෙකි.
  • තැනින් තැන පහුරු ගාන්නේ නම් එදිරිවාදි කාරයෙකුගේ බලපෑමක්‌ ඇති බවට සංඥවෙකි.
  • බුර බුරා පස්‌සට දුව යන්නේ නම් නාඳුනන කෙනකු ආ බවට සංඥවකි. බුර බුරා වටේට දුව යන්නේ නම් උරගයෙකි. බුරන අතරින් සතුටු කෙඳිරියක්‌ද දෙනු ලබන්නේ හිතවත් ලැදි අයෙක්‌ පැමිණ සිටින බවට සංඥවකි.
  • උඩුබුරන හඬට සමාන කෑ ගැසීනම් ස්‌වාමියා එන බවට දැනුම්දීමකි. බොහෝ වෙහෙසට පත්ව දඟලමින් වෙහෙසට පත්වූයේ නම් අමුත්තෙක්‌ එන බවට සංඥවකි. බල්ලා එළිපත්තේ ද කඳ එළියට ද සිටිනසේ නිවස ඇතුළ බලා බුරයි නම් නිවාසයෙහි යමෙකුට මාරාන්තික රෝග බියක්‌ පිළිබඳව දැනුම්දීමක්.
  • බල්ලා විසින් බිත්තියක්‌ පහුරු ගාන්නේ නම් වැඩි කලක්‌ යැමට මත්තෙන් නිවස සොරුන් විසින් කඩාදමන බවට සංඥවකි. ගවගාල එසේම බල්ලා විසින් පහුරු ගාන්නේ නම් ගවයන් සොරු ගෙනයන බවට පෙර සංඥවකි. ගවරැල එළියට ගන්නාවිට හරස්‌ වෙවී ගවයන්ට හානියක්‌ විපත්තියක්‌ වන බවට පූර්ව සංඥවකි.
  • ධන ධාන්‍ය හෝ කුඹුරු පහුරු ගාන්නේ නම් එහි වැය පස ඉහළ යන බවට පෙන්නුම් කරයි. යම්බදු සුනඛයෙකු එක්‌ ඇසකින් කඳුළු වගුරුවමින් ආහාර නොගෙන හෝ ආහාර මද වශයෙන් ගෙන වකුටුව නිදාගෙන කාලය ගතකරයි නම් නිවසට මහත්වූ ශෝකා කූලතාවයක්‌ උදාවනවට ප්‍රබල සංඥවකි.
  • සිහිනයෙන් සුනඛයන් පෙනේ නම් තම වැඩකටයුතුවල ආරක්‍ෂා රැකවරණය මඳබැව් පෙනෙයි. බල්ලෙක් තම නිවසෙ ඇතුළත පහුරුගෑම, හෑරීම කරයි නම් හදිසි ධනලාභ ගෙනදීමක්. බොහෝ දුරට අරමුණු ද සඵල කෙරෙනු ඇත.
  • ගෘහ ස්‌වාමියාගේ අභාග්‍ය සම්පන්න කාලයන්හි දී සුනඛයා ද දුක්‌බරව ශෝචනීය අයුරින් කාලය ගත කරනු ඇත.