Hela Rahas

Hela Rahas Official Web Portal

ගුවන් යානාවකදී ගුවන් සේවක සේවිකාවන්ට සිදුකිරීමට අවසර නොමැති දේවල් 21 ක්

ගුවන් සේවය කියන්නේ ලොව ඇති පිලිගත් වෘත්තීන් වලින් එකක්. ඒවගේම තමයි ගුවන් සේවයේ නියුතු නිලධාරීන්ට බොහෝ සීමාවන්, නීති රීති වලට යටත්ව කටයුතු කිරිමට සිදුවෙනවා.සෑම වෘත්තියකටම අදාල වූ රහස් තිබෙන බව අපි කවුරුත් දන්න දෙයක්. ගොඩක් වෙලාවට ඒවා පිටස්තර පුද්ගලයින්ට දැනගන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. නමුත්, ඉතින් සමාජ ජාලා නිසා ඒවගේ දෙවාල් වුණත් හරිම ඉක්මනට හෙලිදරවුවෙනවා කියලයි පෙනෙන්නේ. ගුවන් සේවයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් විසින්ම තමන්ගේ වෘත්තිය සම්බන්ධ පෞද්ගලික අත්දැකීම් තම සමාජ ජාලා ගිණුම් වල සටහන් තැබීම සිදුකරලා තිබෙනවා.අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට හා ගුවන් සේවිකාවන්ට ගුවන් යානයේ ගමන් කරන විට සිදුකිරීමට අවසර නොමැති දේවල් කිහිපයක් පිළිබඳවයි.

1.හිස සහ උරහිස එල්ලා වැටෙන සේ ඇවිදීම සිදුකල නොහැකිය

  • ගුවන් සේවිකාවන් වැඩි කාලයක් ගත කරන්නේ ගුවන් යානය තුල සිටගෙනය. නමුත් සේවාව සපයන කාලය තුලදී ඔවුන්ට කොපමණ අපහසුවක් ඇතිවුවත් කොන්ද කුදු කරගෙන සිටිමට අවසර නැත. එමෙන්ම පොකට්‍ටු තුලට අත් දමාගෙන සිටිම හෝ අත් හරහට බැඳගෙන සිටීම වැනි ඉරියව් ද ඇතැම් ගුවන් සමාගම් විසින් තම සේවකයින් හට තහනම් කර ඇත.

2.සැර අධික සුවඳවිලවුන් භාවිතයට අවසර නැත

  • ගමන් ගන්නා මගීන් හට මෙන්ම යානයේ ගමන් කරන අනෙකුත් කාර්ය මණ්ඩලයට අපහසුතාවක් ඇති නොවීමට එවැනි සීමාවන් පණවා ඇත.

3.මගීන් ගේ ගමන් මලු ඔසවාදීම ඔවුන් සතු කාර්යක් නොවේ

  • ඔවුන්ගේ සෞඛ්‍යය අවදානමට ලක්වීමට ඉඩ ඇති එවැනි දේ සඳහා ඉදිරිපත් වීමට ඔවුන්ට අවසර නැත. ලොකර් එක විවෘත කරමින් ඔබට සහය ලබාදීම ඔවුන් සිදුකරති.මගීන් 200 දෙනෙකුට පමණ දිනකට වාර 4 ක් පමණ එසේ සේවය ලබාදීමෙන් ඔවුන්ගේ කොන්දට බරපතල සෞඛ්‍යය හානි ඇතිවීමට ඉඩ තිබිම ඊට හේතුවයි.

4.අසුන් අතර ප්‍රවේශ මාර්ගයේ දිව යාම සිදුකල නොහැක

  • කෙ‍ටි දුර ගුවන් ගමන් වාරයකදි වුව සීමිත කාල වේලාව තුල මගීන්ට සේවය සැපයීමය සිදුවන අවස්ථවක වුව ඔවුන්ට කලබලයෙන් එහා මෙහා දිවීම සිදුකල නොහැක. එය ප්‍රසන්න හැසිරීමක් නොවීමත් ඇදවැටීම් වැනි අනතුරු ඇතිවීමටත් හේතුවක් විය හැකි බැවිනි.

5.මගීන් ඉදිරියේ ආහාර පාන ගැනීමට අවසර නැත.

  • බොහෝ ගුවන් යානා වල කැබින් එකෙන් ගැලේ (galley) කොටස වෙන්වන්නේ කුඩා තිරයකිනි. එසේ තිරයක් ඇද තිබෙන්නේ ගුවන් සේවිකාවන් ආහාර ගන්නා අවස්ථාවලය.

6.හෙඩ්ෆෝන් භාවිතයට අවසර නැත-ආරක්ෂක හේතුන් මත ඔවුන්ට එසේ කිරීමට අවසර නැත. , මගින්ගේ අවශ්‍යතා ඉ‍ටුකිරීමට,හදිසි අවස්ථාවන්ට ඇතුලු ඕනෑම තත්වයකට මුහුණදීමට සාවධානව සූදානමින් සිටීම මොවුන්ගේ වගකිම වේ. ඔවුන්ගේ සේවා බලපත්‍ර අලුත්කිරීමේදි වෛද්‍ය වාර්තාව සඳහා ශ්‍රවණ පරික්ෂණ වලට ඔවුන්ව ලක්කෙරේ.

7.සේවක සේවිකාවන් වඩාත් උස හෝ වඩාත් කොට නොවිය යුතුය

  • උස පිලිබඳ නිර්ණායක විවිධ සමාගම් අනුව වෙනස්විය හැක.යානා වල හිසට ඉහළින් පිහිටි ලොකර් විවෘත කිරීමට තරම් උස නොමැති අය බඳවා නොගැනේ.වඩාත් උසින් වැඩි අයට හදිසි තත්වයන්හිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදි ගැටලු හටගත හැකිය.

8.අධික ලෙස ආභරණ පැලඳීමට අවසර නැත

  • මෙය ගුවන් සමාගම් අනුව වෙනස් වේ. අනවශ්‍ය ලෙස කැපී පෙනෙන මුදු හා මාල පැලඳීම තහනම්ය. කුඩා මාලයක්, මුදු එකක් හෝ දෙකක්, කුඩා කරාබු ජෝඩුවක් පැලඳීමට අවසර ඇත.

9.නිතර අත් ඔරලෝසුවක් පැලඳ සිටීම අනිවාර්යය

  • තත්පර දැක්වෙන ඇනලොග් වර්ගයේ සහ ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු පලඳියි. ගුවන් යානය වෙත පිටත්විය යුතු කාලය, සේවාවන් සැපයීම ආරම්භ කල යුතු කාලය සහ ගොඩබෑමට නියමිත වෙලාව ගැන අවධානයෙන් සිටීමට ඇතුලු රාජකාරියේ කොටසක් ලෙස ඔරලෝසුවක් පැලඳ සිටිය යුතුය.විලාසිතාවෙන් වැඩි දිලිසෙන ඒවා භාවිතය තහනම්ය.

10.සිරුරේ ටැටූ ගැසිය නොහැක

  • සමාගම් අනුව මෙම ප්‍රතිපත්තිට වෙනස්විය හැක. නමුත් පැහැදිලිව පෙනෙන සේ ටැ‍ටු කොටා නොතිබීම පොදු නිර්ණායකයකි. එනම් නිල ඇඳුමින් ආවරණය නොවන ස්ථාන වන බාහු, පාද, බෙල්ල හෝ මුහුන යන ප්‍රදේශ වල ඒවා නොතිබිය යුතුය.

11.සන්තෝසම් මුදල් භාරගැනීමට අවසර නැත

  • ඔවුන්ගේ සේවාවට ඔවුන් හට වේතනයක් ලැබේ. එබැවින් අමතර සන්තෝසම් මුදල් බාරගැනීමට ඔවුන්ට තහනම්ය.

12.ගුවන් ගමන් වාර අතරේදී නිදාගැනීමට අවසර නැත

  • ගුවන් ගමන් වාර එකදිගට යෙදී තිබුනත් සේවය අතරේදි විවේක ගැනීමට ඔවුන්ට අවසර නොලැබේ. නමුත්, සේවක මඬුල්ල රාජකාරි කරන්නේ වැඩ මුර වශයෙනි (shifts.)

13.මේක්-අප් නොමැතිව පැමිණිය නොහැක

  • මේක්-අප් නොමැති හිස් මුහුණක් සහිතව ‍රැකියාවට වාර්තා කිරීමට නොහැකිය. අධික මේක් -අප් භාවිතා නොකල යුතුය. තොල් සහ ඇස් හැඩගන්වෙන සරල ස්වභාවික මේක්-අප් එකක් විය යුතුය.

14.කලු පැහැති නිය ආලේපන ගැල්වීමට අවසර නැත

  • නිය පෙළ කෙටිව කපා පිරිසිදුව පවත්වාගත යුතුය. විකාරරූපි වර්ණ සහ දිගුව හා හැඩතල වලට නිය වැවීමට හෝ කලු පාටින් වර්ණ ගැන්විමට අවසර නැත.

15.කොණ්ඩය කඩාහැලෙන සේ තබාගැනීමට අවසර නැත

  • උරහිසට වඩා පහළට දිගු කොණ්ඩා ගුලියක් හෝ පෝනි ටේල් එකක් ලෙස ගැටගසා ගත යුතුය. කෙස්කලඹ පිරිසිදුව, පිළිවෙලට තබාගත යුතුය. අනවශ්‍ය සැරසිලි සහිත කොණ්ඩා මෝස්තර වලට අවසර නොලැබේ.

16.විකාරරූපි වර්ණ වලින් කෙස්කලඹ වර්ණ ගැන්වීමට අවසර නැත-ස්වභාවික වර්ණ සඳහා අවසර ලැබේ. රෝස හෝ කොළ වැනි වර්ණ සඳහා අවසර නැත. නමුත් ඇතැම් අය හිසකෙස් වර්ණ ගැන්වීම සිදුකරති.මුල් හිසකෙස් සහ ඩයි ගැන්වු හිසකෙස් අතර වෙනස පෙනෙන සේ කෙස්කලඹ පවත්වාගැනීමට ඉඩලබා නොදේ.

17.දිගු ‍රැවුම් වැවීමට අවසර නැත

  • පිරිමි ගුවන් සේවකයින් සඳහා විකාරරූපි හා දිගු ‍රැවුල් විලාසිතා අනුගමනය කිරීමට අවසර නැත. ඇතැම් සමාගම් ‍රැවුල් වැවීමට ඉඩ ලබානොදේ.

18.සායවල් වල උස දණහිස් උසට වඩා අඩු නොවිය යුතුය

  • වාඩි වි සිටින විට එය තවත් ඉහළට ගමන් කරන නිසා නිල ඇඳුම දණහිස උසට වඩා කෙටි නොවිය යුතුය.

19.සිනාමුසු හා ආචාරශීලි පෙනුමක් පවත්වාගත යුතුය.

  • මගීන් යානයට ඇතුල් වන අවස්ථාවේදි මුලින්ම දකින්නේ ගුවන් සේවිකාවන්ගේ සිනා මුසු මුහුණයි. එමනිසා ඔවුන් විසින් ප්‍රියමනාප ලෙස ඔවුන්ගේ දත් පෙළ පිරිසිදුව පවත්වාගත යුතුය. කැඩුණු හෝ ගැලවුණු දත් නොමැතිවිය යුතුය .දත්කම්බි පැලඳීමට අවසර ඇත.

20.මහ හඬින් කෑගැසීම හෝ නරක වචන පැවසීම තහනම්ය-හඬ ස්වරය විනීත විය යුතුය. උස් හඬින් කතා කිරීමට ඔවුන්ට අවසර නැත (විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගුවන් ගමන් වලදී ආලෝක නිවාදමා මගීන් නින්දට ගොස් ඇති අවස්ථාවල). හයියෙන් කෑ ගැසීමට ද ඔවුන් හට අවසර නැත. විවිධ උච්ඡාරණ විධි හෝ අනිසි ව්‍යවහාර භාශාවන් කතා කිරීමෙන් වැළකි සිටිමින් මනා සංවර ගති පැවතුම් පිලිඹිබු කල යුතුය.

21.නිල ඇඳුමින් සිටින විට වඩාත් හොඳ හැසිරීමක් පවත්වාගත යුතුය

  • නිල ඇඳුමින් සිටින සෑම අවස්ථාවකම ගෞරවාන්විතව සංවරව හැසිරීමට ඔවුන් බැඳි සිටිති. නිල ඇඳුම ගුවන් සමාගම සහ එහි ප්‍රතිපත්ති නියෝජනය කරයි. එබැවින් එය හැඳ සිටින අවස්ථාවල දුම්පානය කිරීම, මහහඬින් කෑ ගැසීම, යැදීම් හෝ වෙනත් කලහකාරී නොහික්මුණු හැසිරීම් ප්‍රකට කිරීම සපුරා තහනම් වේ. චුයින්ගම් සැපීම පවා ඔවුන්ට තහනම් කර ඇත.