Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව පුරා පිහිටි ආකර්ෂණීයම හෝටල් 21 ක්

ලොව අතිශයින්ම සුන්දර වටපිටාවක පිහිටි ආකර්ෂණීයම හෝටල් ස්ථාන ලැයිස්තුවක් ගැනයි අද අප ඔබට තොරතුරු කියන්නේ.

1.ජිරාෆ් මැනර් (Giraffe Manor) – නයිරෝබි, කෙන්යාව

  • මෙම කුඩා හෝටලය rothschild නම් වඳවෙමින් යන ජිරාෆ් විශේෂයේ රංචුවකට වාසස්ථාන සපයයි. මෙය කෙන්යාවේ නයිරෝබි නුවර ලෝකප්‍රසිද්ධ වි ඇති තැන් අතරින් එකකි. එහි විශාල උද්‍යානයක් වීම ද විශේෂත්වයකි. මෙහි පැමිණෙන සංචාරකයින් හට තම නිවාඩුව ජිරාෆ් සතුන් මධ්‍යයේ ගත කිරීමට අවස්ථාව හිමිවේ.

‍2.ෆින්කා බෙලවිස්ටා ට්‍රීහවුස් (Finca Bellavista Treehouse Community), කොස්ටා රිකා

  • ජාතික උද්‍යානය මධ්‍යයේ පිහිටා ඇති මෙම ට්‍රිහවුස් සංකලපයේ හෝටල් පරිශ්‍රය එහි පැමිණෙන සංචාරකයින් හට සොබාදහම සමඟ සමීපව සම්බන්ධ වීමට ඉඩහසර ලබාදේ.

3.ද මැන්ටා රිසෝර්ට්(The Manta Resort)- සැන්සිබාර්

  • මෙම වෙරළබඩ නිවාඩු නිකේතනයේ ඇති විශේෂත්වය නම් මෙහි ඇති කාමර වලින් එකක් මුහුද යටින් පාවේන ආකාරයෙන් පිහිටා තිබීමයි. මෙම ස්ථානයේ සිට දහවල් කාලය සහ රාත්‍රී කාලය වෙනස්ම කෝණයකින් දැකිය හැකි අවස්ථාව සංචාරකයින් හට ලැබේ. එහි ඇතු පුළුල් ජනේල තුලින් වතුරේ එහාමෙහා පිහිනමින් සිටින සාගර ජීවීන් හොඳින් නිරීක්ෂණය කල හැක.

4.මොන්ටානා මැජිකා ලොජ් (Montana Majica Lodge)-චිලී

  • ගිනිකන්දක් හැඩයෙන් ඉදිකර ඇති මෙම හෝටලය පිහිටා ඇත්තේ පෞද්ගලික ස්වභාවික වන සංරක්ෂිත ප්‍රදේශයකයි. ඉන් ලාව වෙනුවට පිට වන්නේ ජලයයි. මේ දක්වා ගමන් කල හැකි එකම ක්‍රමය පාගමනයි. සංචාරකයින් හට මෙම ස්ථානයට ලඟාවීමට පෙර එල්ලෙන කඹ පාලමක් පවා තරණය කිරිමට සිදුවේ.

5.ඇට්‍රැප් රීව්ස් බබල් (Attrap’reves Bubble Hotel)- ප්‍රංශය

  • මෙම හෝටලයට පැමිණෙන සංචාරකයින් හට නිවාඩුව ගත කිරීමට ලැබෙන්නේ ඉලාස්ටික් අමුද්‍රව්‍ය විශේෂයකින් තැනූ විනිවිද පෙනෙන බුබුල් හැඩයේ කුටි තුලයි.

6.කුඹුක් රිවර් රෙසෝර්ට් (Kumbuk River Resort)- ශ්‍රී ලංකාව

  • අපේ රටේ පිහිටි මෙම විශාල තට්‍ටු දෙකේ හෝටලයේ දී සංචාරකයින් හට ලොව විශාලතම අලි ආකෘතිය ඇතුලේ පිහිටි හෝටල් කාමර වල නවාතැන් ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා.ඒ වගේම ඇත්තම අලි නරඹන්නටත් මෙම ස්ථානයේ සිට අවස්ථාව හිමිවෙනවා.

7.හන්ගා න්ගා ගෙස්ට් හවුස් (Hanga Nga Guesthouse)- වියෙට්නාමය

  • මෙය crazy house යන නමින් ද ඉතා ප්‍රසිද්ධය. මෙම කලාකෘතිය නිර්මාණය කල නිර්මාණශිල්පියා විසින් ඒ සඳහා සරල රේඛීය නොවන හැඩතල, සොබාවික ආකෘති වෙනස් කිරීම් සහ අසමාන ජනෙල් යොදාගෙන ඇති අතර එම අසාමාන්‍ය නිමාව නිසාම එය විශේෂ වේ.

8.ද හොබිට් මොටෙල් (The Hobbit Motel)- නවසීලන්තය

  • Lord of the rings චිත්‍රපටයේ හොබිට්වරුන්ගේ නිවාස ආකෘති වලින් ආභාෂය ලැබූ මෙම හෝටලය ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ ප්‍රතිචක්‍රීයකරණය කල සහ ස්වභාවික අමුද්‍රව්‍ය වලිනි.මෙහි නිවාඩු ගත කරන කාටත් නිදහස්බව සහ සාමකාමි පරිසරයක අත්දැකීම විඳගන්නට අවස්ථාව හිමිවේ.

9.හොටෙල් කොස්ටා වර්ඩ් (Hotel Costa Verde)-කොස්ටා රීකා

  • මෙය ප්‍රතිසංස්කරණය කරන ලද 1965 Boeing 727 වර්ගයේ යානාවකින් සාදා ඇත. එය අඩි 50 ක් පමණ ඉහළින් ස්ථාපනය කර ඇති අතර එහි සිට අවට සාගරය සහ සුන්දර වනාන්තරය නැරඹිය හැක.

10.අයිඩින්ලි කේව් (Ayidinli Cave Hotel)-තුර්කිය

  • මෙම හෝටලය ස්වභාවික පාෂාණ සහ ගල් වලින් කැටයම් කල එකකි. මෙම හෝටලය 5-6 වන සියවසට අයත් ගුහා නිවාස 6 ක සමූහයක් නිරූපණය කරයි. ඓතිහාසික වටිනාකම මෙන්ම එහි ඇති සුන්දර වටපිටාව සහ ඉහළ අහසට නැගෙන බැලුම් දර්ශණ දැකගැනීමට සංචාරයකින් මෙහි ඇදී එති.

11.ස්කයිලොජ් ඇඩෙන්චර් සූට්ස්(Skylodge Adventure Suites) -පේරු රාජ්‍යය

  • මෙම අසාමාන්‍ය හෝටලය විනිවිද පෙනෙන, පොළොවේ සිට මීටර් 120 ක් පමණ උසින් පිහිටි කැප්සියුල 3 කින් සමන්විතය. මෙය පිහිටා ඇත්තේ පේරු හි කුස්කෝ ශුද්ධ වූ නිම්නය අසලය. මෙහි සිට ඔබේ පාද වලට පහළින් අලංකාර නිමනයේ සොඳුරු දසුන් පැහැදිලිව දැකගැනීමට හැකියි. මෙහි දිනක් ගත කිරීමම ත්‍රාසජනක සහ අවදානම් වික්‍රමයක් වැනිය. ඊට හේතුව නම් මෙම ස්ථානයට ඇති මාර්ගය ඉතා දුෂ්කර සහ සංකිර්ණ කඳුකර මාවතක් වීමයි

12.මාර්කි දෙ රිකා (The Marques De Riscal)- ස්පාඤ්ඤය

  • මෙය ඇමෙරිකානු ජාතික ගෘහ නිර්මාණශිල්පී ෆ්‍රෑන්ක් ගෙහ්රිගේ නිර්මාණයකි.ඇලවුණු බිත්ති, සිග් සැග් හැඩැති ජනේල, මන්දිර සිවිලිම්, වක්‍ර මේපල් ලී තාප්ප, ලෙදර් ගෘහභාණ්ඩ සහ කිරිගරුඬ පාෂාණ වලින් තැනූ නානකාමර වලින් සමන්විතය. එය පූර්ණ කලාකෘතියක හැඟීම ඇතිකරවයි.

13.කැප්සියුල් වැලියු කන්ඩා (Capsule Value Kanda)-ජපානය

  • සැපපහසු සහ දැරිය හැකි මිලගණන් වලට සංචාරකයින් හට උපරිම සේවාවක් සපයන මේ හෝටලයේ ලාභ විදියට රාත්‍රියක් ගත කිරීමට අවස්ථාව හිමිවේ.

14.V8 හෝටලය-ජර්මනිය

  • මෝටර් රථ තේමා කරගත් මෙම අසමසම හෝටල් පරිශ්‍රය ලොව පුරා මෝටර් රථ වලට ආදරය කරන පිරිස් ආකර්ෂණය කරගැනීමට සමත්වී තිබේ. කාමරය තුල ලැගුම් ගන්නා පුද්ගලයා රේසිං කාර් එකක ගමන් කරමින් ඉන්නා බවක් ඔහුට/ඇයට දැනෙන අයුරින් කාමර වල ඇති බිතුසිතුවම් නිර්මාණය කර තිබේ.එහි සියලු ඇඳවල්, ගෘහභාණ්ඩ සහ උපාංග සාදා ඇත්තේ සැබෑ මෝටර් රථ වලින්ය.

15.නෝ මෑන්ස් ෆෝර්ට් (Noman’s Fort)-පෝර්ට්ස්මවුත්, එංගලන්තය

  • ඝෝෂාකාරී නගරයෙන් ඈත්වී මනස සැහැල්ලු කරගන්න ආසා කරන කාටත් හොඳ ගමනාන්තයක් වන මෙම විශාල දූපත් හෝටලය අසල ඇති ප්‍රදීපාගාරයේ සිට අවට දර්ශණීය මුහුදු තීරයේ සුන්දරත්වය විඳිය හැකිය.

16.බුක් ඇන්ඩ් බෙඩ් (Book & Bed)-ජපානය

  • සංචාරය කිරීමට කැමති පොත්ගුල්ලන්ට කියාපු හෝටලයක් තමයි මේ. මෙම අසාමාන්‍ය හෝටලයෙදී එහි එන සංචාරකයින් හට රාත්‍රී නින්දට පෙර හොඳ පොතක් කියවීමේ අවස්ථාව හිමිවෙනවා.

17.ද අවුරෝරා එක්ස්ප්‍රෙස් (The Aurora Express)-ෆෙයාර්බෑන්ක්ස්, ඇල්ස්කාව

  • ඇත්තම රේල් කාර් වලින් තැනූ මෙම හෝටලයේ අංශ කිහිපයකට කාමර පෙළ වෙන් කර ඇත. ඒ එක් එක් කාමර පෙළවල් අලංකරණය කර ඇත්තේ ඇලස්කානු රේල්මාර්ග ඉතිහාසයේ විවිධ කාලසීමාවන් නිරූපණය කෙරෙන පරිදි වීම විශේෂත්වයකි.

18.ඩෝග් බාක් පාර්ක් ඉන් (Dog Bark Park Inn)- ඉඩාහෝ, ඇ. එ. ජ.

Dog Bark Park, Cottonwood, Idaho http://www.dogbarkparkinn.com/
  • මෙම හෝටලය ඉදිකර ඇත්තේ බීගල්ස් වර්ගයේ බල්ලෙකුගේ හැඩයෙනි. එය ප්‍රදේශවාසීන් අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ ‘ස්වීට් විලී’ යන නාමයෙනි. මෙම අඩි 30 පමණ උස ගොඩනැගිල්ල අභ්‍යන්තායේදී එහි ලැගුම්ගන්නන් හට බල්ලන් හැඩැති කැටයම් විශාල ප්‍රමාණයක් දැකගැනීමට හැකිය.

19.ද පාර්ක්හොටෙල් (The Parkhotel)- ජර්මනිය

  • මෙම හෝටලයේ කාමර සකසා ඇත්තේ පැරණි කාණු පයිප්ප වලිනි. සීමිත ඉඩකඩක වුවද උපරිම සැපපහසුකම් සැලසිය හැකි වන පරිදි ඒවා විශේෂිත ආකාරයකට ප්‍රතිනිර්මාණය කර තිබේ.

20.අයිස් හොටෙල් (Icehotel)- ස්විඩනය

  • ලොව ප්‍රථම හිම සහ අයිස් වැලින් තැනූ හෝටලය වන මෙහි අතිශය නිශ්ශබ්ද පරිසරයක් පවතියි. උතුරු ආලෝක දැකීමටත්, හිම කැටයම් කිරීමටත්, අයිස් නිර්මාණ කිරීමටත්, හිම මත ලිසා යෑමේ ක්‍රීඩා කිරීමටත් ආදී විනෝදාස්වාද ‍රැසක් මෙහි සිට අත්විඳිය හැකිය.

21.කක්ස්ලෝටනෙන් ආර්ක්ටික් රිසෝර්ට් (Kakslauttanen Arctic Resort)- ‍ෆින්ලන්තය

  • මෙම හෝටලයේ ආකෘතිය ඉග්ලූ නිවාස සැකැස්මට බොහෝ දුරට සමානය. ඒවා සකසා ඇත්තේ වීදුරු වලිනි.මෙම කුටි තුල ‍රැඳී සිට අවට පරිසරයේ සුන්දරත්වය සහ රාත්‍රිය පුරා උතුරු ආලෝක වල දර්ශණය නැරඹීමට එහි ලැගුම්ගන්නා සංචාරකයින් හට අවස්ථාව හිමිවේ.