Hela Rahas

Hela Rahas Official Web Portal

ලතින් ඇමෙරිකාවේ ඇස ගැටෙන සුන්දර දසුන් 17ක්

ලතින් ඇමෙරිකාව යනු එක්සත් ජනපදය සහ ඇන්ටාක්ටික් අතර පිහිටා ඇති බටහිර අර්ධගෝල කලාපයයි.ඊට අයත් රටවල් සංඛ්‍යාව 46 කි. මුල් කාලීනව ස්පාඤ්ඤයේ, ප්‍රංශයේ සහ පෘතුගාලයේ යටත් විජිත ලෙස පැවති රටවල් මෙම නමින් හැඳින්වේ. මෙම රටව්ල ජනයාගේ ප්‍රධාන භාෂාවන් වන්නේ රෝමාන්තික භාෂා ලෙස හඳුන්වන ස්පාන්ඤ්ඤ, ප්‍රංශ සහ පෘතුගීසි ආදි භාෂාවන් ය. එම රටවලට ආවේණිකවූ වෙනස්ම සංස්කෘතීන් සම්ප්‍රදායන් නිසා ලොව පුරා වැඩි සංචාරක ආකර්ෂණයක් හිමි කලාපයක් ලෙස ද මෙම රටවල් හැඳින්විය හැකිය.
මෙම කලාපයේ ඇති ඇස ගැටෙන සුන්දර ස්ථාන සහ සංස්කෘතික විශේෂාංග වල ඡායාරූප එකතුවක් පහළින් දැක්වේ.

  • 1.බොලීවියාවේ පිහිටි සොල් දේ මනානා (ස්පාඤ්ඤ බසින් උදෑසන හිරු යන අරුත් ඇති) නම් මෙම භූතාපජ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 4800 කට වඩා ඉහළින් පිහිටා ඇත.මෙය ඇල්ටිප්ලානෝ-පූනා ගිනි කඳු සංකීර්ණයේ කොටසක් වන අතර එහි මඩ ජලාශ සහ හුමාල තටාක ගණනාවක් දක්නට ලැබේ.
  • 2.ලතින් ඇමෙරිකානු රටවල් වල ජනයා විශාල විවිධත්වයකින් යුතු ජාන වාහකයින් වේ.ඇස්ටෙක් සහ ඉන්කා ජනවර්ග යුරෝපානු යටත්විජිතකරුවන් පමණක් නොව අප්‍රිකානුවන් සමඟින් ද සම්මිශ්‍ර විය. එරටවල් වල සංස්කෘතින් ද එසේ එකිනෙකට මුහු විය. කොලොම්බියාව, බොලීවියාව සහ බ්‍රසීලය වැනි රටවල පවත්වන ජාතික සැණකෙළි උත්සව, නර්ථන සම්ප්‍රදායන් සහ ඇඳුම් මෝස්තර වැඩිම ආකර්ෂණයක් දිනාගන්නා සංස්කෘතික විශේෂාංගයන්ය.
  • 3.ඇන්ඩීස් කඳුකරය වෙත යන මාර්ගයේ ඇල්පාකා සහ ඉලාමා සත්වයින් රංචු පිටින් බහුලව ගැවසෙන අයුරු දැකිය හැකිය.පේරු ජනයා මොවුන්ව ගෘහස්ථව ඇතිකිරීමට පටන්ගෙන තිබුණේ වසර 6000 කට පමණ පෙර සිටය. වර්තමානයේ මෙම සත්වයින් දකුණු ඇමෙරිකානු රාජ්‍යයන් විශේෂයෙන්ම පේරු, ඉක්වදෝරය, චිලී සහ බොලිවියාව ආදි රටවල උස්බිම් ආශ්‍රිතව වාසය කරති. යුරෝපානු ජාතිකයින් මෙම සත්වයින්ව හඳුන්වන්නේ නව ලෝකයේ ඔ‍ටුවන් යනුවෙනි.

4.ටොරේස් ඩෙල් පයින් යනු චිලී උස්බිම් ප්‍රදේශයේ පිහිටා ඇති විශාල ජාතික වන උද්‍යානයකි. පාෂාණ වනාන්තර, ග්ලැසියර, කඳු අතර ප‍ටු කලපු සහ නිල් පැහැති ජලයෙන් පොරුණු ජලාශ පසු කරමින් මෙය තරණය කිරීම සඳහා දින 5-10 ක් පමණ ගත වේ.එහි ඇති කඳු මීටර් 3000 ක් පමණ උසින් පිහිටා ඇත.

5.ඇටකාමා කාන්තාරය මෑතක් වනතුරුම හැඳින්වුයේ පෘථිවි මතුපිට ඇති වියළිතම ස්ථානය ලෙසයි. මෙම ප්‍රදේශයට සියවස් හතරකින් පමණ කාලයක් තිස්සේ අධික වර්ෂාපතනයක් ලැබි නොමැති වීම් විශේෂත්වයකි. පසුගිය දශකයේ ඇති වු කාලගුණික විපර්යාස හේතුවෙන් මෙම ප්‍රදේශයේ නව ශාක විශේෂ 200 කට අධික ප්‍රමාණයක් ජනිත වී ඇති බව හඳුනාගැනිණි. ‘ද මැනෝ ඩෙල් ඩෙසීටෝ’ යනු මෙම කාන්තාර ප්‍රදේශය හරහා වැටි ඇති අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන ඒ මධ්‍යයේ ඉදිකර ඇති සුප්‍රසිද්ධ කලා නිර්මාණයකි.

6.පැරගුවේ රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ දි හමුවන මෙම අත් හළ මගී ගුවන් යානා දෙක එහි ඇති ප්‍රාදේශීය හෝටලකට අයත් දේපළකි. මෙම හෝටලයට පැමිණෙන මගීන් හට මෙම යනාවේ ඇතුල් කාමරයක් මිලදී ගැනීමේ පහසුකම් සලසා දි ඇත.

7.ඉගුආසු ෆෝල්ස්’ නම් ඉගුආසු ගංගාව ආශ්‍රිත දිය ඇලි ගණන 275 කි. මෙම සුන්දර ස්ථානය පිහිටා ඇත්තේ බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව අතර දේශසීමාව ලෙසයි.මෙම දිය ඇලි කුඩා දූපත් වලින් වෙන්වි ඇති අතර එහි උසම දිය ඇල්ල මීටර් 82 ක් පමණ වේ. නමුත් එහි ඇති පර්වත මිටර් 260 ක් පමණ උසකින් යුක්ත බැවින් මෙම ස්ථානය ඉහළ ස්ථානයක සිට නැරඹීමේ අවස්ථාව ඇත.

  • 8.ෂුගර්ලෝෆ් කේබල් කාර් වලින් රියෝ ඩි ජැනයිරෝ නගරයේ අසිරිය හොඳින් නැරඹීමේ හැකියාව ඇත.

9.ලා බෝකා යනු බුවෝනෝ අයර්ස් හි ප්‍රසිද්ධ ජනාවාස ප්‍රදේශයකි. ඉතාලි ජාතික සංක්‍රමණිකයින් මෙහි පදිංචිව සිටිති. විවිධ වර්ණ වලින් නිවාස වර්ණ ගැන්වීම ඔවුන්ගේ සම්ප්‍රදායකි.

10.ලැගුආනා කොලොරාඩා යනු බොලිවියාවේ ඇති ඇල්පයින් ජලාශයකි. එහි ඇති ඛනිජ විශේෂ හේතුවෙන් ජලය රෝස පැහැයක් ගනියි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ෆ්ලැමින්ගෝ පක්ෂි විශේෂ ගණනාවක් දැකගන්නට ලැබේ.

11.ලතින් ඇමෙරිකාවේ පිහිටා ඇති ඉපැරණිම අභිරහස් නගරයක් වන්නේ මාචු පීචූ ප්‍රදේශයයි. විද්‍යාඥයින්ගේ මතයට අනුව මෙය 15 වන සියවස මුල්බාගයේදි පමණ ඉන්කාවරුන් විසින් ඉදිකරන ලද්දක් බවත් පසුකාලයේදි එය සම්පූර්ණයෙන්ම අත්හරින ලද නගරයක් බවත්ය.

  • 12.කසා ටෙරකෝටා’ නම් මෙම නිර්මාණය පිහිටා ඇත්තේ කොලොම්බියාවේ විලා ඩි ලෙයිවා නම් ගම්මානයේය. මෙහි නිර්මාණකරු වන ගෘහනිර්මාණශිල්පී ඔක්ටේවියෝ මෙන්ඩෝසා විසින් එහි අභ්‍යන්තර ගෘහභාණ්ඩ ඇතුලු සියල්ල නිමවා ඇත්තේ මැටි වලිනි. මෙය ලොව විශාලතම මැටි කලා කෘතිය බව ඔහුගේ මතයයි.

13.බොලිවියාවේ පිහිටි සුක්‍රේ නගරය ඉපැරණි යටත්විජිත නගරයකි.නිම්න සහ කඳුකර වලින් වට වී ඇති මෙම නගරය උපරිම සැපපහසුකම්, අතිශය මනස්කාන්ත ස්ථාන සහ සුන්දර දසුන් වලින් පිරී ඇත.

14.කොලොම්බියාවේ පාරාදීසය ලෙස හැඳින්වන ලා ග්වජීරා ලොව දර්ශණීයම සර්ෆර් පුහුණු ස්ථාන වලින් එකකි.

  • 15.දකුණු ඇමෙරිකාව පුරා සංචාරය කරන අයට ටොකෝ ටවුකන්, කිංග් පෙන්ග්වින්, හයසින්ත් මැකෝ, ඇල්බැට්‍රොස් ආදි පක්ෂින් දැක බලාගැනීමේ අවස්ථාව හිමිවේ. පක්ෂින් නැරඹීම සඳහා වඩාත්ම සුදුසු ගමනාන්තය ලෙස සැලකෙන ඉක්වදෝරයේදී එම කලාපයට ආවේණික පක්ෂී විශේෂ 27 ක් පමණ සංඛ්‍යාවක් දැකබලාගැනීමේ හැකියාව ලැබේ.

16.ද පෙරීටෝ මොරෙනො’ ග්ලැසියරය පැටගෝනියා කලාපයට අයත් ආර්ජන්ටිනාවේ පිහිටා ඇත. ලොව තෙවන විශාලතම මිරිදිය රක්ෂිතය වන්නේ මෙයයි. සෑම වසර 5 කට වතාක්ම මෙම ග්ලැසියරය ලාගෝ ආර්ජන්ටිනෝ ජලාශයේ අඩිය දක්වා පහත බැස ගොස් වේල්ලක් සේ නිර්මාණය වේ. ජලාශයේ ජල මට්ටම මීටර් 30 ක් පමණ ඉහළ යා හැකි අතර අයිස් වේල්ල හරහා ජලය වාන් දැමීමට පටන්ගනියි.