Hela Rahas

Hela Rahas Official Web Portal

මතු බුදුවන මෛත්‍රී බුදු රජුන්ගේ ශ්‍රී හස්තයෙහි ගෙඩියක් ඒමට හේතුව

  • අපි හැමෝම බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දහම අනුව දන්නවා හොද දේවල් කරොත් අපිට ඒ හොද විපාකයන් කවදා හරි අපේ ජීවිතයට බලපාන බවත් ඒ වගේම නරක දේවල් සිදු කරොත් එහි විපාකයත් අපිට අනිවාර්යෙන් විදින්නට වෙන බව අපි හැමෝම දන්නා කරුණක්. මේ ධර්මතාවය කිසි කෙනෙකුට කවදාවත් වෙනස් කරන්න බැරි දෙයක්.
  • දහමේ සදහන් වෙන ආකාරයට බුදු රජාණන් වහන්සේටත් උන්වහන්සේ පෙර බවයන් වල සිදු කරපු අකුසල කර්මයන් විපාක දුන් බව බුදු රජාණන් වහන්සේම දේශනා කර වදාරා තිබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ අනාගතයේ මතු බුදු වන.මෛත්‍රී බුදු රජුන් වහන්සේට විපාක දෙන කර්මයකට හේතු උන කතාවක් ගැනයි .ඔබත් මේ වටිනා කතාව ගැන කියවා දැනගන්න.
  • පෙර එක් ජීවිතයක අප මහ බෝසතාණන් වහන්සේ රජෙකුව ඉපදී සිටියදී මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඒ රජුගේ ඇත්ගාලේ ඇතුන් හික්මවන ඇත්ගොව්වා විය.දිනක් රජු ඇතෙකු පිට යද්දි ඒ ඇතාට ඇතින්නියන් හද දැනී මද කිපී කැලෑවට යන්නට විය.
  • රජු ඇතුගේ ගමන වලකා ගත නොහැකිව ගසක එල්ලී ජීවිතය බේරා ගත්තේය. පසුව නගරයට විත් ඇත්ත්ගොව්වා ගෙන්වා නොහික්මුණු ඇතෙකු සරසා දීම ගැන හොඳටම දොස් නැගීය.ඇත්ගොව්වා කරුණු කීවද රජු නොපිළිගත්තේය.
  • ඇතු කීප දිනක් ඇතින්නන් හා සිට රාග හැසිරීම සපුරා ගෙන නැවත ඇත් හලට ආවේය. පසුව ඇත්ගොව්වා මේ ඇතාගේ හික්මීම පෙන්වන ලදී. ඇත්ගොව්වා කී හැම දෙයක්ම ඇති කරන්නේය. අන්තිමේදී රත් වූ ගිනියම් වූ යකඩයක් ඇතා වෙත එවා මෙය අල්ලව යැයි ඇතාට කීවේය.
  • ඇතු කඳුළු පිරි දෙනෙතින් ඇත් ගොව්වාගේ මුහුණ බලා සෙනෙහසින් පිරි කිකරු සිතින් ඒ ගිණියම් වූ යකඩය අල්ලන ලදී. එහිදී හොඬය චිටි චිටි ගා දැවී ගියේය.පසුව වහා එය අතහරින්න යැයි කී විට එය අත හැරියේය.
  • මේ හොඳ කීකරු ඇතාද අකීකරු ඇතකු මෙන් රාගයෙන් මත්ව ගිය අයුරු සැමට ප්‍රකට විය. එදා ඒ කීකරු ඇතු නම් කාශ්‍යප මහ රහතන් වහන්සේ වේ. අනාගතයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වී වේහාර පර්වත පාමුලට වැඩි විට මේ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහය පර්වත අතර සැඟවී තිබී ශ්‍රී හස්තයට ගෙන පෙන්වන්නේය. පසුව දේහය බුදු හිමිගේ ශ්‍රී හස්තයෙන්ම ආදාහනය වන්නේය.
  • මෛත්‍රී බුදු රජුන්ගේ ශ්‍රී හස්තය දැවී අල්ල පුරා ගෙඩියක් හටගන්නේය. එහිදී පෙර තමා ඇත්ගොව්වෙකු ව ඉපදී සිටියදී කළ කර්මය මෙකළ ඵල දුන් බව වදාරන සේක. එබැවින් පාපකර්මයට බිය වෙත්වා.