Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ විසින් වැරදි ලෙස අනුගමනය කරන පුරුදු 10 ක්

තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව සලසා ගන්නා ඇතැම් වැරදි ක්‍රම නිසා අපගේ සුන්දරත්වයට විතරක් නෙවෙයි සෞඛ්‍යයට පවා අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානම වැඩියි.අද අපි ඔබට කියන්න සූදානම් වන්නේ බොහෝ දෙනෙකු පොදුවේ සිදුකරන සනීපාරක්ෂාව කෙරෙහි අහිතකර ගැටලු මතු විය හැකි වැරදි කිහිපයක් ගැනයි.

1.දත් මැදපු විගස වතුරෙන් කටසෝදා දත් බෙහෙත් ඉවත්කිරීම

  • දත් මැද්ද පසු දන්තාලේප කෙල ගසා ඉවත් කර මද වෙලාවක් සිටින්න. එමඟින් එහි අඩංගු දන්ත සුරක්ෂිතතාවයට හොඳම අමුද්‍රව්‍යයක් වන ෆ්ලෝරයිඩ් මුඛය තුල වැඩිවෙලාවක් ඉතිරිවේ. වතුරෙන් මුඛය කලත්තවා සෝදන විට එහි ඇති දන්ත ආරක්ෂක ගුණාංග වල ප්‍රබල බව අඩු වී යයි.

2.කොණ්ඩා බුරුසු හෝ පනා පිරිසිදු නොකිරීම

  • මේවා අහිතකර බැක්ටිරියා විශාල වශයෙන් වර්ධනය වීමට හිතකර පරිසරයන් සලසයි. සෑම සතියකට හෝ දෙකකට වරක්ම බුරුසු සහ පනා හොඳින් පිරිසිදු කරන්න.මේ සඳහා සාමාන්‍ය ෂැම්පු දියර භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

3.නාන කාමරයේ තුවා එල්ලා තැබීම

  • නාන කාමර තුල තුවා තැබීමෙන් ඒවා ඉක්මනින් පුස්කෑමට ලක්වේ. එමෙන්ම වැසිකිළි භාවිතයේදී වැසිකිළි බඳුන් විවෘතව තබන විට ඉන් පිටවන රෝග කාරක විෂබීජ, නාන කාමර පිරිසිදු කිරීම් දියර යොදා බිම පිරිසිදු කරන විට ඒවායේ රසායනික ද්‍රව්‍ය සහ නාන කාමරයේ තෙතමනය නිසා තෙත් වූ තුවා මත බැක්ටීරියා වර්ධනය වීම නිසා ඒවා අපවිත්‍ර වේ. ඒවා නාන කාමරයේ නොව පිටත හිරු එළිය හොඳින් ලැබෙන ස්ථානයක වනන්න.

4.නාසයේ රෝම සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම

  • අනවශ්‍ය රෝම ඉවත්කිරීමෙන් සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභයක් නම් නැහැ. විශේෂයෙන්ම නාසයේ පිහිටා ඇති රෝම කූප මඟින් දුහුවිලි සහ ආසාත්මිකකාරක නාසය හරහා පෙනහළු වලට ගමන් කිරීම වැළැක්වීම සඳහා බාධකයක් ලෙස ක්‍රියාකරයි. නාසයෙන් පිටතට වැවි ඇති රෝම කෙටි කිරීම සිදුකරන්න. නැතිව ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් නොකිරීම වඩාත් උචිතයි.

5.අත් උණු වතුරෙන් සේදීම

  • අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ උණු ජලයට වඩා සිසිල් ජලයෙන් අත් සේදීම ඉතා සෞඛ්‍යාරක්ෂිත බවයි. උණු ජලය බැක්ටිරියා විනාශ කරන බව පැවසුව ද ඉන් එවැන්නක් සිදු නොවේ. නමුත්, නටන උණු වතුරේ දී එසේ සිදුවේ. වෛද්‍ය උපකරණ විෂබීජහරණ ක්‍රියාවලියේදී මෙම ක්‍රමය භාවිතා වන්නේ ඒ නිසයි.. උණු ජලයෙන් සේදීම නිසා සම රළු වියළි ස්වභාවයකට පත්විය හැකිය. උණු ජලයෙන් නොව සාමාන්‍ය ජලයෙන් තරමක් දිගු වෙලාවක් දෑත් හොඳින් සබන් දමා පිරිසිදු කරගන්න.

6.ඕනවට වඩා දිගින් යුතු නාන කාමර තිර රෙදි

  • මේවායේ තෙතමනය නිතර පැවතීම නිසා බැක්ටීරියා අධිකව වර්ධනය වී තිබිය හැකිය. මේවාට හොඳින් හිරු එළිය වැටීමට සලස්වන විට ඒවායේ වාටි සහ බිම ඇදී ඇති කොටස් ද හොඳින් වියළෙන්නට හැරිය යුතුය. ටයිල් මත ස්පර්ෂ වි තිබීමෙන් බැක්ටිරියා වර්ධනය වීමේ අවදානම තවත් වැඩිය. ක්‍රමවත්ව කෙටි කර බිම ස්පර්ෂ නොවන සේ තිර රෙදි යෙදීම උචිතය.

7.ස්නානය කල විගස ඩියොඩොරන්ට් ගැල්වීම

  • සම හොඳින් වියළී නොමැති විට ඩියොඩොරන්ට් නිසි පරිදි සම මත ක්‍රියා නොකරයි. එබැවින් මෙම පියවර ගැන ඔබ සැලකිලිමත් වන්න.

8.ලූෆා (loofah- ඇඟ ඇතිල්ලීමට ගන්නා රෙදි පිරිසිදුකරනය) භාවිතය

  • විෂබීජ එක් ‍රැස් විය හැකි තවත් නාන කාමර උපාංගයක් ලෙස හැඳින්විය හැකි ඇඟ අතුල්ලන උපකරණ ආදිය සෑම මාස දෙකකට හෝ වරක් වෙනස් කිරීම සිදුකල යුතු බව පැවසේ. සිලිකන් වලින් සැකසූ ඇඟ අතුල්ලන උපකරණ වලට මාරු වීම හිතකරය. ඒවා මතුපිට සිදුරු නොමැති නිසා පිරිසිදු කිරීම පහසුය. සබන් අපද්‍රව්‍ය ඉතිරි නොවේ. බැක්ටීරියා එක් ‍රැස් නොවේ. දිගුකල් භාවිතා කල හැකියි වගේම සමටත් මෘදුයි.

9.කාමර උෂ්ණත්වයේදි නාන කාමරය පිරිසිදු කිරීම

  • පිරිසිදු කිරීමට පෙර නාන කාමරය උණුසුම් කර සිදුකිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ඔබව පුදුම කරවනු ඇත. උණුසුම් උෂ්ණත්වයන් වලදි පිරිසිදු කිරීමේ නිෂ්පාදන ද්‍රව්‍ය වඩාත් ඵලදායීව ක්‍රියාකරන අතර අතුල්ලා පිරිසිදුකිරීම වඩාත් පහසු වී යයි. පිරිසිදු කිරීමට පෙර උණුසුම් ජලය භාවිතා කරමින් නාන කාමර උපාංග මතුපිට උණුසුම් කරන්න.

10.පොදු නාන කාමර සහ වැසිකිළි වලට සෙරෙප්පු නොමැතිව ගමන් කිරීම

  • නාන කාමරයේ වැඩියෙන්ම අපවිත්‍ර ස්ථානය වන්නේ එහි බිම මතුපිටයි. එම නිසා නිවසේදී වගේම පොදු ස්ථාන වල ඇති නාන කාමර හෝ වැසිකිළි භාවිතා කරන විට නිතර සෙරෙප්පු පැලඳ ඇතුල් වීමට මතක තබාගන්න. එමඟින් හානිකර රෝග කාරක විෂබීජ වලින් , ආසාත්මිකතා හා ආසාදන තත්වයන් සම්ප්‍රේෂණය වීම් වලින් බොහෝ දුරට ආරක්ෂා වී සිටීමට ඔබට හැකිය.