Hela Rahas

Hela Rahas Official Web Portal

මුල් කාලීනව වෙනස්ම කාර්යන් සඳහා නිපදවූ භාණ්ඩ 14 ක්

සෑම භාණ්ඩයකටම ඊට ආවේණික වූ ප්‍රයෝජනයක් තිබෙනවා කියලා අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත්, අපි එදිනෙදා භාවිතා කරන ඇතැම් භාණ්ඩ වර්ග නම් මුල් කාලීනව භාවිතා වෙලා තිබෙන්නේ වෙනස්ම ප්‍රයෝජන ලබාගැනීම සඳහායි.මිනිස්සුන්ට වගේම විවිධාකාරයේ භාණ්ඩ සඳහා ඒවාටම ආවේණික වූ ඉතිහාස කතාවක්, ස්වරූප සහ ලක්ෂණ වගේම ඒවා හා සම්බන්ධ සැඟවුණු රහස් පවා තිබෙනවා. කොහොමවුණත් කාලයත් එක්ක මේවායේ මුල්කාලීන ප්‍රයෝජන වලට වඩා වෙනස්ම ආකාරයේ ප්‍රයෝජන සඳහා මේවා වර්තමානයේදී එදිනෙදා ජීවිතයේ අප අතරේම භාවිතයේ පවතියි.ඒ ආකාරයෙන් කාලයත් එක්කම ප්‍රයෝජන සහ භාවිතයන් වෙනස්වීම් වලට ලක්වුණු අපූරු දේවල් කිහිපයක් පිලිබඳව තොරතුරු ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ.

1.මුදු

  • විවාහයකදි සහකරු සහකාරිය දෙදෙනා අතර මුදු හුවමාරු කරගැනීම වර්තමාන ලෝකයේ විවාහ සම්ප්‍රදායකි. ඇතැම් අය විලාසිතාවක් ලෙස විවිධ වර්ගයේ අලංකාර මුදු පැලඳීම සිදුකරති. එසේ නමුත් අතීතයේ මුදු භාවිතා වී ඇත්තේ එක්තරා ප්‍රායෝගික කාර්යක් උදෙසා වීම විශේෂත්වයකි. උසස් කුලවතුන් විසින් මුද්‍රා තැබීම් සඳහා ඔවුන් පැලඳි මුදු භාවිතා කර ඇත. එමෙන්ම දුනුවායින් දුනු ඊතල ඇදීමේදි තම ඇඟිලි වලට සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමට මුදු පැලැන්දහ.මැහුම් ගෙතුම් කල කාන්තාවන් ඉඳික‍ටු වලින් තම ඇඟිලි ආරක්ෂා කරගැනීමට මුදු භාවිතා කලහ. නමුත්, පසු කාලයේදී මුදුව එය පැලඳ සිටින්නාගේ සමාජ තත්වය විදහා දක්වන සංකේතයක් ලෙස සමාජය පිලිගන්නට විය. අතීතයේදී රන් මුදු පැලඳිය හැකි වූයේ වංශවතුන්ට පමණක් වීම ද විශේෂත්වයකි.

2.ඉයර්පොඩ්ස් වල ඇති සිදුරු

  • ඉයර්ෆෝන් වල ඇති මෙම සිදුරු වලින් ඉතා වැදගත් කාර්යක් ඉ‍ටු කෙරේ. ඒවා මඟින් අඩු සංඛ්‍යාත වැඩිකිරීම සඳහා ස්පීකර් තුල වායුව සංසරණය වීමට ඉඩ ලබාදේ.

3.සුවඳ විලවුන්

  • වර්තමානයේ භාවිතා වන පිරිමි සුවඳ විලවුන් අතීතයේ දී භාවිතා වී ඇත්තේ ඖෂධයක් ලෙසයි. Eau de cologne යනු එවැනි මැජික් විලවුන් විශේෂයකි. විෂ වලින්, මැක්කන්ගේ කරදර වලින් වගේම මහාමාරිය (වසංගත) වැනි තත්වයන්ගෙන් පවා මෙම නිෂ්පාදනය ආරක්ෂාව ලබා දී ඇත. අතීතයේදී රෝගීන් සඳහා එක් වීදුරුවකට සුවඳ විලව්න් බිඳු 5 ක් බැගින් එක්කර පානය කිරීමට ලබාදී ඇත.

4.ටියුබ් මූඩි වල උඩ ඇති තුඩ ලක්ෂණය

  • ආරක්ෂිත ආවරණය සිදුරු කිරීමේ කාර්යය ඉ‍ටු කරයි. ඒ නිසා කලබල්යෙන් ගෙදර වටේ කතුරක් සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

5.අඩි උස සෙරෙප්පු

  • අතිතයේදී අඩි උස පැලඳ ඇත්තේ පිරිමින් විසිනි.නමුත් මෙය පිරිමි විලාසිතාවක් ලෙසින්ම භාවිතයට පැමිණි දෙයක් නොවේ.එකල ‘ක්‍රැෂ් ටෙස්ටෙර්’ කාර්යය එහෙමත් නැතිනම් තත්ව පරික්ෂක කාර්යය ඉ‍ටු කරන ලද්දේ සොල්දාදුවන් විසිනි. මෙම අඩි උස පාවහන් මඟින් අශ්වයා මත නැගී සිටින විට පාපටිය උඩ හොඳ ග්‍රහණයක ඇති කරගනිමින් සමබරතාව ‍රැකගැනීම පහසු විය. යුධ සෙබලුන්ගේ භාවිතයේ පැවති අඩි උස පාවහන් පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් විවිධාකාරයේ නව මුහුණුවර ඔස්සේ කැපී පෙනෙන කාන්තා විලාසිතාවක් බවට පත් වී තිබෙනවා.

6.අඩි රූලේ ඇති රවුම් සිදුර

  • කම්මැලි පීරියඩ් එකකදී පොතේ පි‍ටු වල පැන්සලකින් මේ සිදුර භාවිතා කර රටා ඇඳලා තියෙනවාද? ඇත්තටම මේ විදියට සිදුරක් නිමවලා තිබෙන්නේ සරල හේතුවකටයි. එනම් පහසුවෙන් එම රූල් බිත්තියේ එල්ලා තැබීමට හැකි වීමටයි.

7.අයි ෂැඩෝ

  • මෙම අයි මේක් අප් නිෂ්පාදනය මුලින්ම නිපදවා ඇත්තේ පුද්ගලයින්ගේ ඇස් අව්වෙන් පිලිස්සිම වළකාවගෙනීම සඳහායි. ඌෂ්ණාධික රටවල මිනිසුන් ඒ සඳහා ස්ටිබියම් භාවිතා කලහ. ඒ අතරේ මුහුදු යාත්‍රාකරුවන් ජල මතුපිටින් පරාවර්තනය වන දැඩි හිරු රශ්මියෙන් තම ඇස් ආරක්ෂා කරගැනීම සඳහා පුළුස්සන ලද කිරල කෝ‍ටු ඇස් වල ගැල්වීමට පුරුදුව සිටියහ.

8.LEGO සෙල්ලම් බඩු වල ඇති සිදුරු

  • කුඩා දරුවන්ගේ සෙල්ලම් කරන විට කුඩ කුඩා සෙල්ලම් බඩු මුව තුලට දමාගැනීමට ඇතැම් අවස්ථා වලදී උත්සාහ කරනවා. නිර්මාණකරුවන් විසින් එසේ හදිසියකදි හෝ දරුවෙකු විසින් මෙම සෙල්ලම් බඩුවක් ගිල්ලහොත් එම දරුවාගේ හුස්ම හිර නොවී අනතුරක් ඇති නොවීමට් සඳහා මෙසේ එය නිර්මාණය කර ඇති බව සඳහන්වේ. මෙම සිදුරු මඟින් වායුව ශ්වසන පද්ධතිය තුල සංසරණය වි පෙනහළු තුලට ගමන් කිරීමට ඉඩ ලබාදෙමින් මාරාන්තික ලෙස හුස්මහිරවීයාමේ තත්වයක ඇති වීම වළක්වයි.

9.ස්පෑම් (Spam)

  • කරදරකාරී කෙටි පණිවිඩ එක දිගට ලැබෙන විට අපි ඒවා Spam ගොනුවට එක්කරමින් දුරකථනයේ සැකසුම් වෙනස්කරන්නෙමු. නමුත් අතීතයේදි මේ වචනයේ අපේක්ෂිත අරුත වී ඇත්තේ ham (‘හැම්’ නම් මස් නිෂ්පාදනය ) යන්නයි. දෙවන ලෝක යුද්ධය සමයේදී සොල්දාදුවන් විසින් මෙම නම සඳහන් කෑන් කල මස් නිෂ්පාදන ආහාර ලෙස ගත්හ. නමුත්, පසුව මෙම හැම් නිෂ්පාදන වැඩි ප්‍රමාණයක ආහාරයට නොගෙනම ඉතිරි වන්නට විය. SPAM වෙලඳ සන්නාමය (මෙය SPiced සහ ham යන වචන දෙකේ එකතුවෙන් යොදන ලද නමකි) ක්‍රමයෙන් ලෝකයේ සැම තැනම අලෙවි වන්නට පටන්ගත් නිෂ්පාදනයක් විය. එය පිලිබඳව ගුවන් විදුලියේ, පුවත්පත් වල වගේම වීදි වල පුළුල් ප්‍රචාරණයක් ලබාදී තිබූණි. ක්‍රමයෙන් එය නාමමාත්‍රික වචනයක් පමණක් විය.

10.ටී-ෂර්ට්

  • ටී-ෂර්ට් කියන්නේ ලොකු-කුඩා ,ගැහැණු -පිරිමි කිසිඳු භේදයක් නැතුව අඳිනු ලබන විලාසිතාවකි. නමුත් මුල් කාලයේදී මේවා භාවිතා කලේ පිරිමි පාර්ශවයේ අයයි. ඔවුන් මෙය භාවිත කර තිබුණේ යට ඇඳුමක් ලෙසයි. සොල්දාදුවන් තම නිල ඇඳුමට යටින් ටී-ෂර්ට් ඇන්දහ. පසුකාලයේදී ටී-ෂර්ට් ඇඳීම යනු විප්ලවකාර අයෙකු යන්න අදහස් කරන දෙයක් විය. කෙසේවෙතත්, 80 දශකයෙන් පසු මෙය ජනප්‍රිය සාමාන්‍ය ඇඳුම් විලාසිතාවක් බවට කා අතරත් ජනප්‍රිය වන්නට පටන්ගන්නට විය.

11.කොණ්ඩ ක‍ටු වල ‍රැළි සහිත කොටස

  • ඔබ කොණ්ඩ ක‍ටුව භාවිතා කරන්නේ මෙම් ‍රැළි කොටස උඩට සිටින ආකාරයෙන් ද? නමුත් ඇත්තටම එය එසේ නිමවා ඇත්තේ එය කොණ්ඩයේ ඇතුල් පැත්තට කර සවිකරගැනීම සඳහායි.කොණ්ඩ ක‍ටුවට මේ ආකාරයේ බීක්කු ස්වභාවයක් තිබීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් දෙයකි. හිස්කෙස් ශක්තිමත්ව ඇවිස්සි නොයන සේ හොඳින් ‍රැඳවා තබාගැනීමේ හැකියාව එමඟින් වැඩිකරවයි.

12.ගැසොලින් (Gasoline)

  • ගැසොලින් යනු නිපදවූවක් නොවන අතර එහි ඉතිහාසය ආරම්භ වන්නේ ජර්මන් ජාතික ඉංජිනෙරෞවන් දෙපළක් වූ කාර්ල් බෙන්ස් සහ ගොට්ලියෙබ් ඩයිම්ලර් විසින් ලොව ප්‍රථම පේටන් හිමි කාර් රථය හඳුන්වාදීමත් සමඟය. ඔවුන් විසින් එම නිර්මාණය සඳහා භාවිතා කරන්නට වු ගැසොලින් වර්තමානයේ ඕනෑම ෆාමසියකින් හෝ සුපිරි වෙලඳසැලකින් ඔබට ලබාගත හැකියි. ගැසොලින් කුණු පැල්ලම් ඉවත් කරන පිරිසිදු කිරීමේ දියරයක් ලෙස සහ විෂබීජ නාශක දියරයක් ලෙස ද භාවිතයේ පවතියි.

13.ගුවන්යානාවල ඇති වක්‍ර වූ පි‍ටුපස පියාපත

  • මෙම ක්‍රෑන්කයන් නැතිනම් ත‍ටු කොටස් හඳුන්වන්නේ ‘විංග්ලට්ස්’ ලෙසයි. ගුවන් යානය උඩු ගුවනේ තිබෙන විට පියාපතේ ඉහළ සහ පහළ කොටස් වල පීඩන මට්ටම් අතර වෙනස නිසා මෙම කොටස මඟින් සුලු ඇඹරුම් ඇති කරයි.මෙවැනි සංසිද්ධීන් යානට මෙන්ම පසුපසින් එන යානා වලට ද අනතුරුදායක විය හැක. මෙම විංග්ලට්ස් මඟින් එසේ ඇඹරුම් ඇති වීම වළක්වයි.

14.හෙඩ්ෆෝන් ජැක් වල ඇති වළලු

  • මෙම සැකැස්මේ අරමුණ වඩාත් හොඳින් සංඥා සම්ප්‍රේෂණය කිරීම සඳහාය. සෑම වළල්ලකින් වෙන් වු කොටසකින්ම උපාංගයේ විවිධ කොටස් නිරූපණය කෙරේ. ජැක් එක මත වළලු 3 ක් දැකිය හැකි නම් ඉන් අදහස් වන්නේ එමඟින් ස්ටීරියෝ ශබ්ද (වම් සහ දකුණු ස්පීකර් සඳහා වෙන්කල කොටසකි) නිපදවන බව සහ එහි මයික්‍රෝෆෝන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි,
  • හෙලිකොප්ටර් රොටර් හෙවත් භ්‍රමක කොටසට ඉහළින් ඇති බෝලය හෝ තැටිය මේවා ගිනි පාලක රේඩර් කොටස් ය. ඒවා නිර්මාණය කර ඇත්තේ ගිනිගැනීම් පාලන පද්ධතිය සඳහා සරිලන ගිනි නිවීමේ විසඳුමක් ගණනය කිරීම පහසු වීම් අසඳහා අවශ්‍ය දත්ත වන උන්නතාංශය සහ පරාසය ආදි තොරතුරු ‍රැස් කිරීමේ හැකියාව සහිතවය. අපේක්ෂිත ඉලක්කය වෙත හරියාකාරව ආයුධ එල්ලකරමින් ස්ථානගත කිරීමට අවශ්‍ය වන තොරතුරු අනාවරණය කිරීම මෙම අංගය මඟින් සිදුකරයි.