Hela Rahas

Hela Rahas Official Web Portal

බුලත් කොළෙන් ලස්සන වෙන ක්‍රම 5ක්

ඈත අතීතයේ සිටම සුබ කටයුතු සඳහා බුලත් භාවිතයට ගනු ලැබුවා. ඒ වගේම බුලත්විට ලෙසත් භාවිතයට ගනු ලබනවා. ඇමයිනෝ අම්ල, පොස්පරස්, පොටෑසියම්,මැංගනීස්, කොපර්, සින්ක් මෙන්ම යකඩ වැනි පෝෂක බුලත් වල අඩංගු වෙනවා. ඒවගේම බුලත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.

බුලත් කොළ රූපලාවන්‍ය කටයුතු සඳහා ද යොදා ගන්නා බව ඔබ දන්නවාද?. බොහෝ දුරට ඔබ ඒ පිළිබඳ නොදැනුවත්ව ඇති. ඒ නිසා මේ ලිපිය හරහා ගෙන එන්නේ බුලත් කොළ රූපලාවන්‍ය සත්කාර සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳවයි.

1. බුලත් කොළ කොටා එහි යුෂ ලබාගන්න.පසුව එයට බිත්තර සුදු මදයක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. එය මුහුණට ෆේස් මාක්ස් එකක් ලෙස යොදන්න. මෙමගින් ඔබේ මුහුනෙ ඇති කුරුලෑ, ලප, කැලැල් ආදිය ඉවත්  කර ගත හැකියි.

2. බුලත් කොළ කොටා එහි යුෂ ඉකිලි, අත් යට ප්‍රදේශ ආදියෙහි ආලේප කිරීමෙන් එම ස්ථානවල තිබෙන අවපැහැ ගැනුනු ස්වභාවය ඉවත් කරග ගත හැකියි.

3. රෝස මල් පෙති වියලා කුඩු කරගන්න. පසුව බුලත් කොළ කොටා එහි යුෂ ලබාගන්න. එම යුෂට රෝස කුඩු සහ මී පැණි හැන්දක් එක්තු කරගන්න. එය ඔබේ මුහුණේ අවපැහැ ගැන්වුණු සහ පැල්ලම් සහිත ස්ථානවල ආලේප කරන්න. මෙම සත්කාරය මගින් සමේ පැහැය එකම තත්ත්වයකට පත්කර ගත හැකියි.

4. බුලත් කොළ ගෙන වතුරේ තම්බා ගන්න. පසුව තම්බාගත් බුලත් බ්ලෙන්ඩර් කර ගන්න. එයට තිරිඟු පිටි සහ කස්තුරි කහ එක්කර හොඳින් මිශ්‍රකර මුහුණේ ඇක්නි සහිත ස්ථානවල ආලේප කරන්න. ඒ වාගේම බුලත් කොළ තම්බා එම වතුර පමණක් ගෙන ඇක්නි සහිත ස්ථානවල ගැල්වීමත් කළ හැකිය.

5. බුලත් කොළ තම්බා එයින් වතුර මේස හැන්දක් පමණ ගන්න. හාල් තැම්බූ වතුර ස්වල්පයක් ගෙන බුලත් තැම්බූ වතුර මේස හැන්ද එයට මිශ්‍ර කරන්න පසුව එම වතුර ඇක්නි සහිත ස්ථානවල ආලේප කිරීම කළ හැකියි.

  •  මෙම සත්කාර වල නිරත වන විට ඔබට කුරුලෑ ලප කැළැල්වලින් තොර සමක් ලබාගත හැකියි .