Hela Rahas

Hela Rahas Official Web Portal

විවිධ රටවල රුව ‍රැක ගැනීමට භාවිතා කරන අපුරු ක්‍රම 15 ක්

ලෝකයේ විවිධ රටවල පුද්ගලයින් තම බාහිර සුන්දරත්වය සහ සිරුරේ නීරෝගිකම ‍රැකගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරති.මේ අතරේ හරිම අසාමාන්‍ය, පිස්සු හැදෙන අමුතුම ආකාරයේ උපක්‍රම ද දැකිය හැකියි.සුන්දරත්වය ‍රැකගැනීම සඳහා බොහෝ අය හරිම උනන්දුයි. ඒ නිසාම ලස්සන ‍රැකගන්න ඇතැම් අය උත්සාහ නොකර දෙයක් නැහැ වගේම වැය වන මුදල ගැන සිතන්නේත් නැහැ. මේ ඒ ආකාරයේ, ලොව පුරා ඇතැම් අය භාවිතා කරන අමුතු රුව ‍රැකගැනීමේ ක්‍රම කිහිපයක එකතුවකි.

1.තායිලන්තයේ ගොළුබෙලි ෆේෂල් සත්කාර

  • ගොළුබෙල්ලන් මුහුණේ සම මත ගමන් කරන ව්ට උන්ගේ සෙවල මඟින් සමට සම්බාහනයක් ලැබේ.මෙය තායිලන්ත ස්පා වල බහුලව භාවිත කරන ප්‍රතිකාරයකි. අතීත ග්‍රිසියේද ගොළුබෙල්ලන් භාවිතයෙන් මෙසේ සමට සත්කාර කල බව කියවේ

2.ඇපිතෙරපි

  • මී මැස්සන්ගෙන් ලබාගන්නා සෑම නිෂ්පාදනයක මෙම සත්කාර ක්‍රමයේදි භාවිත අකරයි. බහු-ස්කෙරෝසිස්, ආතරයිටිස්, ආසාදන සහ පාමන් රෝගය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමට ආධාර කරගත හැකියි. මී මැස්සන්ට ඇති බිය දුරුකරගැනීමට ද ඇතැම් අය මේ ක්‍රමයට යොමුවෙති. නමුත් ආසාත්මිකතා ඇති අය මේ චිකිත්සාවට යොමුවීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව සඳහන් වේ.

3.ඩොල්‍ෆින් තෙරපි

  • චිකිත්සා වලදි සත්වයින් භාවිතා වේ. පේරු හි ඩොල්‍ෆින් මාලුවන් කථනය සම්බන්ධ, වෘත්තීයමය සහ කායික ච්කිත්සාවන්ට දායක කරගනිති, දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් ද මෙම චික්ත්සාවන්ට යොමුවෙති. ඩොල්‍ෆින් මාලුවන් කාන්තාවන්ගේ බඩට අනිමින් නිකුත් කරන අධි තරංග ශබ්දය මඟින් දරුවාගේ මොලය උත්තේජනය වීමක් සිදුවන බව විශ්වාස කෙරේ.

4.සර්ප සම්බාහන -ඊශ්‍රායලය

  • මෙම සත්කාරයේදි සර්පයින් කිහිප දෙනෙකු සිරුර හරහා ගමන් කරවිමට සලස්වමින් මුහුණ ඇතුලුව සිරුරේ සමට සම්බාහනය ලබාදේ. මෙම සර්පයින් නිසි පරිදි නියාමනය කෙරෙන නිසා අනතුරක් නැති බවත් මිග්‍රේන් සහ මස් පිඬු වල අපහසුතා දුරු කරගැනීමට හොඳ සත්කාරක ක්‍රමයක් ලෙසත් එම සේවාව ලැබූ පුද්ගලයින් පවසති

5.වැදෑමහ භාවිතයෙන් සිදුකරන ෆේෂල් සත්කාර- කැලිෆෝර්නියාව, නෙදර්ලන්තය

  • කුරුලෑ, සෝරෛයසිස් ඇතුලු රොසැසියා ආදි චර්ම රෝග ගැටලු ඇති පුද්ගලයින් හට ප්‍රතිකාර කිරීමට වැදෑමහ භාවිතා කරන අවස්ථා ඇති බව පැවසේ. තම ආබාධිත වූ වළලුකර අස්ථි බන්ධන වලට අශ්ව වැදෑමහ භාවිතයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ පුවත් නෙදර්ලන්ත පාපන්දු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මින් පෙර වාර්තා වී ඇත.

6.බියර් ස්පා සත්කාර- යුරෝපය

  • ජර්මනිය, ඕස්ට්‍රියාව සහ චෙක් ජනරජය වැනි රටවල් උණුසුම් වතුර ස්නානය වෙනුවට ආදේශක ක්‍රමයක් ලෙස බියර් ස්නානය කිරීම භාවිත අකරති. මෙම ප්‍රතිකර්මය චර්ම ගැටලු, ආතත්ය වැනි තත්වයන් දුරු කරමින් හෘදය ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන බව පැවසේ.

7.ගිනිකඳු වැලි වලින් ස්නානය කිරීම (සෑන්ඩ් බාත්)

  • මඩ හෝ වැලි වලින් ස්නානය කිරීම ගැන අසා තිබුණත් ගිනිකඳු අවශේෂ වලින් සමට සත්කාර කරන බව ඔබ දැන සිටියේ නැහැ නේද? යමකාවා ප්‍රදේශය මීට ප්‍රසිද්ධයි.

8.ක්‍රයෝතෙරපි’

  • අධි සීතල උෂ්ණත්වයකට භාජනය වෙමින් සමට සත්කාර කරගැනීමේ ක්‍රමයකි. සීතල ටැංකියක වාඩි වී සිටීමයි මෙහිදි කල යුතුවන්නේ. මෙය මානසික සෞඛ්‍ය සහ දීර්ඝායු වඩවන ක්‍රමයක් කියලයි කියන්නේ. නමුත් මෙය නවතම ක්‍රමයක් නිසා එහි සාර්ථක අසාර්ථක බව ගැන නිශ්චිත තහවුරු කිරීමක් තවමත් නැත.

9.පිදුරු සත්කාර- උතුරු ඉතාලිය

  • උතුරු ඉතාලියේ Hotel Heubad හිදි මෙම විශේෂ සත්කාරය ලබාදේ. පැසෙන්නට තැබූ තෙත් පිදුරු වලින් පුද්ගලයාගේ සිරුර ආවරණය කරමින් සිරුරට සත්කාර කරයි. පිදුරු වල නිදාගැනීම ශක්තිය වඩවන්නක් ලෙස අතීතයේ පටන් විශ්වාසයේ පැවත ඇති සම්ප්‍රදායකි. මෙම ක්‍රමය මස් පිඬු පෙරළීම්, සන්ධි වල දරදඬු බව අඩු කිරීම වගේම ස්ථූලතාව අඩු කිරීමට උපකාර කරන ක්‍රමයක් ලෙස හැඳින්වේ.

‘10.රේකි’ ක්‍රමවේදය-ඕස්ට්‍රේලියාව

  • ‘Reiki’-මෙය ස්පර්ෂයන් හරහා ජීව ශක්ති හුවමාරු කරගන්නා ක්‍රමවේදයක් ලෙසයි හැඳින්වෙන්නේ. මෙහි අශ්වයින් භාවිතයෙන් සිදුකරන ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියාවෙන් හමුවේ. සම්බාහන ඇඳක පුද්ගලයාව වැතිරවා තබන අතර එහා මෙහා චලනය වන අශ්වයින්ගේ ශක්තිය පුද්ගලයා වෙත හුවමාරු වීමට සලස්වයි.

11.kati basti ක්‍රමය

  • මෙහිදි මැටි හෝ පිටි මෝලියකින් සම්බාහනය කිරීම සිදුවේ. සිරුරේ පීඩාකාරි තැන වටා මෙම කලු පරිප්පු පිටි වලින් සැකසු පිටි මෝලිය රවුමක් සේ සකසා ඒ මැදට රත්කල තෙල් වත්කරනු ලබමින් ප්‍රතිකාර කරනු ලබයි.

12.මීට් තෙරපි’- ඉතාලිය

  • මස් වලට බොහෝ දෙන අප්‍රිය කරති. හොඳම තත්වයේ මස් වල සුවඳ භාවිතයෙන් මෙම ප්‍රතිකර්ම චිකිත්සාව ස්දුකරනු ලබයි. මෙහිදි පුද්ගලයාගේ හිස නැප්කිනයකින් ආවරණය කර ආහාර බඳුනේ ඇති මස් වල සුවඳ ආග්‍රහණය කිරීමට සලස්වයි.

13.රාමේන් බාත්’-ජපානය

  • ජපානයේ ඇතැම් ස්පා වල පුද්ගලයින්ට රාමෙන් පිරවූ විශාල බඳුන් වලට බැස සිරුර සම්බාහනය කරගැනීමට පහසුකම් සලසා ඇත. රාමෙන් යනු සමේ ස්වභාවය වැඩිදියුණු කරවන, පරිවෘත්තිය ඔප්නංවන ආහාරයක් ලෙස සැලකේ. මේවා සකසන්නේ ඌරු මස් තැම්බූ වතුරිනි. කෙසේවෙතත් මෙම සත්කාරයේදි භාවිතා වන ඌරු මස් තැම්බූ වතුර ඇත්තම ඒවා වුණත් ඊට එක්කර ඇති නූඩ්ල්ස් කෘතිම ඒවා බවයි පැවසෙන්නේ.

14.එළු යෝගා

  • පුද්ගලයාගේ පිට මත එළු පැටවුන් ගමන් කිරීමට සැලැස්වෙන ක්‍රමයකි. මෙය ආතතිය හා කාංසාව දුරුකරවන හොඳ සම්බාහන ක්‍රමයක් ලෙස ජනප්‍රියව ඇත.

15.ෆයර් කපිං’ ක්‍රමය

  • චීන ඇකියුපන්ක්චර් ක්‍රමය (චීන ක‍ටු චිකිත්සාව) ක්‍රමයේදි මෙම උණුසුම් වීදුරු වලින් සම සම්බාහනය කරන ක්‍රමය භාවිතා කෙරේ. මේවා සක්ෂන් කප් එකක් ලෙස සම මත ‍රැඳී තිබියදී මස් පිඬු වලට හොඳ සම්බාහනයක් ලබාදේ. සෙම්ප්‍රතිශ්‍යාවේ සිට පස් පිඬු පෙරලිම් ආදි බොහෝ ගැටලු ‍රැසකට මෙය ප්‍රතිකාරයක් ලෙස භාවිතා කෙරේ.සම සුන්දර කරන ප්‍රතිකාරයක් ලෙසත් භාවිතා වේ. නමුත් මේවායින් තාවකාලිකව සමේ රතු පැහැති රවුම් කැලැල් හිටීමේ ප්‍රවණතාවක් ඇත