Hela Rahas

Hela Rahas Official Web Portal

සුදු ළූනු වලින් ලැබෙන ප්‍රයෝජන 9ක්

සුදුලූණු කියන්නේ අපේ ඉතා ඉහළ මට්ටමේ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදෙන පෝෂණ ගුණ වලින් අනූන එළවළුවකි. සුදුලූණු පරිභෝජනය කිරීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව ඔබ දන්නවාද? එපමණක් නොවේ, පිළිකා සෛල වලට එරෙහිව සටන්කිරීම, සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම,සිරුරේ මේදය අඩු කිරීම ආදී බොහෝ වැදගත් සෞඛ්‍යය හිතකර වාසි ප්‍රයෝජන ‍රැසක් සුදුලූණු ආහාරයට ගැනීමෙන් අත්කරගත හැකිය.නමුත් සුදුලූණු කියන්නේ ආහාර රසවත් කරන අමුද්‍රව්‍යයක්. ඔසුවක් පමණක්ම නොවෙයි. සුදුලූණු භාවිතයෙන් අපට ලබාගත හැකි වෙනත් ප්‍රයෝජන ‍රැසක්ම තිබෙනවා. අද අප ඔබට කියන්නට සූදානම් වන්නේ ආහාරයක් ලෙසට අමතරව සුදුලූණු වලින් ලැබෙන එවැනි ප්‍රයෝජන කිහිපයක් පිළිබඳවයි.

1.වීදුරු අලුත්වැඩියා කරගැනීමට

  • සුදුලූණු යනු ස්වභාවික ආසක්ත ද්‍රව්‍යයකි (මැලියම් සහිත).සුදුලූණු වල ඇලෙන සුලු යුෂ බිඳුණු කොටස් ඇලවිය හැකි ගම් වර්ගයක් ලෙස භාවිතා කල හැකියි.

2.දත් කැක්කුම් සමනය කරයි

  • සුදුලූණු වල cysteine බහුල බැවින් ඒවායේ නිර්වින්දක ගුණ පවතියි. රිදුම් දෙන දත මත දෙකට පැලූ සුදුලූණු බික්කක් අතුල්ලන්න.මින් ටික මොහොතකින් දත් කැක්කුම සමනය වේවි. දන්ත වෛද්‍යවරයෙකු වෙත යනතුරු මෙය අත්බෙහෙතක් ලෙස භාවිත කල හැකියි.

3.ෆේෂල් ක්ලෙන්සර් එකක් ලෙස

  • සුදුලූණු වල රෝගකාරක විනාශ කරවන, දිලීරනාශක සහ වෛරස් නාශක ගුණ පවතියි. ඒ අනුව සුදුලූණු වලින් ඔබේ සමට ඉතා ඉහළ මට්ටමේ ගුණ ලබාගත හැකියි. විශේෂයෙන්ම කුරුලෑ, කුරුලෑ කැලැල් ඇතුලු වෙනත් චර්ම රෝග සහ ආසාත්මිකතා තත්වයන්ට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස මේවා භාවිතා කල හැකියි. සා මත සෘජුව සුදුලූණු සිහින් ස්තරයක් ලෙස ආලේප කර මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. තවත් ක්‍රමයක් ලෙස සුදුලූණු පරිභෝජනය කරමින් අභ්‍යන්තරික පෝෂණ සත්කාරයක් ලෙස භාවිතා කල හැකියි.

4.කකුල් වල පීඩාකාරි අපහසුතා දුරුකරගැනීමට

  • බේසමකට උණු වතුර දමා සුදුලූණු බිකි කිහිපයක් එක්කර මිනිත්තු 30 ක් පමණ එම ජලයේ ඔබේ දෙපතුල් පොඟවාගෙන සිටින්න.ඇල්බිකන් දිලීර සුදුලූණු වලට සංවේදී බව හඳුනාගැනේ. එම නිසා කකුල් වල දිලීර ආසාදන ඇතිවීම වළක්වාගැනීමට මෙය ඉතා හොඳ ප්‍රතිකර්මයකි.

5.කනේ ආසාදන තත්වයන් දුරුකරගැනීමට

  • කන් ආසාදන වලට බොහෝ විට ප්‍රතිකාර කෙරෙන්නේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙනි.ඒ හැර කුඩා ළමුන්ට පවා භාවිතා කල හැකි අත්බෙහෙතක් ගැනයි මේ.සුදුලූණු බිකි මිරිකා තෙල් ලබාගන්න.මදක් රත්කර පිපෙට් එකක් ආධාරයෙන් කනට මින් බිංදු වත්කරගන්න. උණුසුම් සුදුලූණු තෙල් මීට හොඳ ප්‍රතිකර්මයකි.

6.හිම ඉවත්කිරීමට

  • හිම දියකරවන සුලු ලවණ සුදුලූණු වල අන්තර්ගතය මෙය හිම ඉවත්කිරීම සඳහා භාවිතා කෙරෙන බව සඳහන් වෙනවා.

7.සමේ ඇනුණු පතුරක්, ක‍ටුවක් ඉවත්කරගැනීමට

  • ක‍ටුව ඇනී ඇති තැන මත සුදුලූණු පෙත්තක් තබා ප්ලාස්ටරයක් අලවාගෙන නින්දට යන්න. පසුදා ක‍ටුව ඉවතට පැමිණ ඇති අයුරු ඔබට දැකිය හැකියි. කෝමාරිකා පත්‍ර භාවිතයෙන් සිදුකෙරෙන්නේ ද මීට සමාන ප්‍රතිකාරයකි.

8.කෘමී විකර්ෂකයක් ලෙස

  • මදුරුවන් වැනි කරදරකාරි කෘමින් පළවාහැරීමට ද සුදුලූණු භාවිත කල හැකියි. වතුර සහ සුදුලූණු මිශ්‍ර කර ස්ප්‍රේ එකක් සාදාගෙන භාවිත කරන්න. පැළ බඳුන් පළිබෝධකයින්ගේ හානි වලට ලක්වීම වළක්වාගැනීමට ද මෙම ස්ප්‍රේ වර්ගය භාවිතා කල හැකියි.මෙය ලාබ මෙන්ම ස්වභාවික ක්‍රමයක් නිසා වගාවට ද සෞඛ්‍යයට ද හානියක් නොවේ.

9.හිසකෙස් වලට සත්කාරයක් ලෙස

සුදුලූණු වල allicin සංඝටක ඉහළ ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේවා ඉස් හොරි , හිසකෙස් හැලීයාම , හිස්කබලට හානි කරන විෂබීජ හා බැක්ටිරියා විනාශ කිරීම වැනි ගැටලු දුරුකරගැනීමට උපකාර කරයි.සුදුලූණු පෙති හිස්කබලේ ඇතිල්ලීම හෝ සුදුලූණු තෙල් ස්වල්පයක් හිසමත ආලේප කර සම්බාහනය කර මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හැර සේදිම යන ක්‍රම භාවිතයෙන් හිසට සත්කාර කල හැකියි.