Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ විශ්වාස නොකරන ආහාර වර්ග 10 ක්

ඇත්තටම ලෝකයේ තියෙනවා කියලා විශ්වාස කරන්න බැරි තරම් අපූරු අමුතුම ආකාරයේ ආහාර නිෂ්පාදන 10 ක් ගැනයි මේ කියන්න යන්නේ. තාක්ෂණය සහ නවනිර්මාණ සංකල්ප මේ වන විට ආහාර නිෂ්පාදන කර්මාන්තයත් නව මානයකට ගෙන යාමට සමත් වෙලා තිබෙනවා කිවුවොත් හරියටම හරි. මේ තියෙන්නේ ඊට උදාහරණ කිහිපයක්.

1.ප්ලාස්ටික් බෝතල් වෙනුවට ගෙන ආ අලුත්ම සංකල්පය: පානය කල හැකි ජල බුබුළු

  • Ooho නම් මෙම බුබුළු නිෂ්පාදන සකසා ඇත්තේ මුහුදු පැළෑටි සාරයෙන් සැකසු කැප්සියුල් වල කුඩා ජලය පිරවීමෙනි. ප්ලාස්ටික් බෝතල් මෙන් නොව මෙම බුබුළු සති 4-6 ක් පමණ කාලයක් තුල කිසිඳු අහිතකර පාරිසරික බලපෑමකි ඇති නොකරමින් ස්වභාවිකව දිරාපත් වී යයි.

2.අඟුරු සහ ආමන්ඩ් අයිස් ක්‍රීම්

  • මෙම අපූරු අයිස් ක්‍රීම් නිෂ්පාදනය අලෙවි කරන්නේ ඇමෙරිකාවේ Los Angeles store නම් අවන්හලේය. එහි අසාමාන්‍ය රසය වගේම පෙනුම නිසා දහස් ගණන් ජනයාගෙන් මෙම අයිස් ක්‍රීම් වලට හොඳ ඉල්ලුමක් ඇති බව සඳහන් වේ.

3.දත් වල මැලියම් බැඳීම වළකන අවර්ණ කෝපී පාන

  • මෙම නිෂ්පාදනය වෙළඳපොලට නිකුත් කර තිබෙන්නේ London geniuses සමාගම විසිනි. මෙම අවර්ණ කෝපි නිෂ්පාදනය කිරීම සඳහා සුවිශේෂී වූ වෙනස්ම තාක්ෂණයක් භාවිතා කර තිබේ. එහි ඇත්තේ සාමාන්‍ය කෝපි වලට සමාන වූ රසයක් සහ කැෆේන් ප්‍රමාණයකි. නමුත් ඉන් දත්වල එනමලයට ඇති කෙරෙන හානිය ඉතා අවම වීම විශේෂත්වයකි.

4.ඇත්තම මස් වල රසය දනවන එළවළු පැටිස්

  • Beyond Meat නම් ඇමෙරිකානු අවන්හලේ නිෂ්පාදනයක් වන මෙම එළවළු පැටිස් වර්ගය රසයෙන් , සුවඳින් සහ ස්වභාවයෙන් නියම මස් වලට සමානය. රසයෙන් වගේම ඉහළ ප්‍රෝටීන් පෝෂණයක් ලබාදෙන මෙම ආහාර වේල බොහෝ දෙනා අතරේ ඉතා කෙටි කලකදි ජනප්‍රිය වී ඇති බව සඳහන් වේ.

5.’පෝක්’ (poke large roll)

  • හවායි දූපතේ ඉතා ප්‍රචලිත ආහාරයක් වන මෙම රෝල් වර්ගයේ අමු මාලු, එළවළු සහ පලතුරු කැබලි අන්තර්ගත වේ. මෙය කුඩා බඳුනක පිළිගැන්වෙන අවස්ථා ද ඇත.

‘6.පර්පල් බ්‍රෙඩ්’ (purple bread)

  • මෙම ආහාරය නිපදවා ඇත්තේ සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසිනි. කලු සහල් වලින් සකසා ඇති නිසා ඒවායේ අඩංගු ප්‍රතිඔක්සිකාරක මඟින් සුවිශේෂී වර්ණයක් මෙම ආහාරයට ලැබී ඇත. මේවා සුදු පාන් ජීර්ණය වීමට ගත වන කාලයට වඩා 20% ක් පමණ මන්දගාමීව ජීර්ණය වේ. මෙම ආහාරය තවදුරටත් පර්යේෂණ අවධියේ පසුවෙයි.

7.රසායනාගාරයේ නිපදවූ මස් වර්ග

  • හරක් සහ ගොන්නුන්ගේ පේශී පටක වලින් රසායනාගාර වලදී සිදුකෙරෙන කෘතිම මාංශ වගා ක්‍රමය ආහාර තාක්ෂණයේ නවීනතම සොයාගැනීමකි. සත්ව ඝාතනය අවම කරමින් මස් මාංශ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරගෙන යාම මින් අපේක්ෂිතය.

8.බෝතල් කල ආහාර

  • Soylent සමාගමේ අනාගතවාදී නිෂ්පාදනයක් වන මෙම පාන වර්ග සහ බාර් වර්ග වල සිරුරට අවශ්‍ය සියලු පෝෂක අන්තර්ගතය., කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ අයට මගහැරෙන නීරෝගි ආහාර රටාව යළි ඇති කරගැනීමට සහයවීම මෙම සංකල්පයේ අරමුණයි.

9.ප්‍රෝටීන් පවුඩර්

  • Sleep protien සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙම ප්‍රෝටීන් පවුඩර් නිෂ්පාදනය එළවළු ප්‍රෝටීන් හා වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක ‍රැසකින් සමන්විතය. ජලය සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් සිරුර සන්සුන්, සැහැල්ලු බවට පත්වී ඔබට ගුණාත්මක බවින් වැඩි සුවබර නින්දක් ඇතිකරවයි.

‍10.රැක්ලට් (Raclette)

ස්විට්සර්ලන්තයේ ආවේණික ආහාරයක් වන මෙය ලොව පුරා ප්‍රචලිත වී ඇත. මෙය සකසන්නේ උණු කල චීස් වලිනි.