Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ දැනසිටිය යුතුම විලාසිතා නීති 14 ක්

කාලයෙන් කාලයට වෙනස් වන සහා අලුත් වන විලාසිතා කොච්චර තිබුණත් ඇඳුම් පැලඳුම් භාවිතා කරන ආකාරයන් වෙනස් වන්නේ නැහැ නේද? අද දවසේදි අපි කතා කරන්න සූදානම් වන්නේ එවැනි විලාසිතා නීති කිහිපයක් පිලිබඳවයි.
විලාසිතා භාවිතා කරන විට අනුගමනය කලයුතු සරල නිති කිහිපයක් තිබෙනවා. ආකර්ෂණීය බව සහා විලාසිතානුකූල බව වැඩි වන්නේ ඒවාට අනුගතව විලාසිතාවන් භාවිතා කිරීමෙන් පමණයි. එම නිසා ඔබේ පෙනුමට බාධාවක් නොවන ලෙස වඩාත් ගැලපෙන ආකාරයෙන් විලාසිතා අනුගමනය කරන්නේ කොහොමද කියා මේ උපදෙස් ඔබට පැහැදිලි කරාවි!

  • ජැකට් එකක මැද ඇති බොත්තම සැම විටම පියවා තිබිය යුතුයි.ඔබට කැමති නම් ඉහළ බොත්තම පියවීම සිදුකිරීම කල හැකියි. නමුත්, පහළින්ම ඇති බොත්තම කිසිවීටෙක නොපියවිය යුතුයි.
  • ඔබ ෂර්ට් එකක් හෝ බ්ලවුස් එකක් හැඳ සිටින විට බොත්තමක් 2 කට වඩා විවෘතව නොතිබිය යුතුයි.
  • එකම පෙනුමෙන් යුතු කරාබු, මාලයක්, බ්‍රේස්ලට් එකක් සහ මුදුවක් වැනි බොහෝ ආභරණ පැලඳ සිටීම එතරම් ආකර්ෂණිය විලාසිතාවක් නොවේ.
  • ඔබ පැලඳ සිටින ටයි පිටියේ දිග ඔබේ ඉනටිය දෙසින් මදක් පහළට හරස් වන සේ තිබිය යුතුයි.
  • පපු ප්‍රදේශය තරමක් නිරාවරණය වී ඇති කෙටි ගවුම් විලාසිතාවක් එතරම් ආකර්ෂණීය නැත. ඒවා වෙනස් විලාසිතා මෙන් භාවිතා කරන්න.
  • ජැකට් එකක් භාවිතා නොකරන විට ටයි පටියක් පැලඳිම අවශ්‍ය නැත.
  • ඔබේ කාර්යාල කමිස විලාසිතාවේ පපු ප්‍රදේශය අකුඇටයේ (collarbone) සිට අඟල් 4 කට වඩා වැඩියෙන් නිරාවරණය වී නොතිබිය යුතුයි.
  • කමිසය කලිසමට යට කරමින් අඳින විට බඳ පටියක් ද භාවිතා කරන්න.
  • ලොම්කබාය සහ ජීන්ස් කලිසමක් අඳින විට ඒ අතර සම පිටතට නොපෙනිය යුතුයි. ඊට යටින් වෙනත් දිගු ඇඳුමක් ඇඳීම සිදුකල හැකියි.
  • ඔබ පලඳින බඳ පටියේ වර්ණය ඔබේ සපත්තු වල වර්ණයට සමාන විය යුතුයි.
  • ඇඳුම් වල අමුණා ඇති පිටතට පෙනෙන ටැග් සියල්ල ඉවත්කර භාවිතා කල යුතුයි.
  • එකම වර්ණයෙන් යුතු වෙනස් ප්‍රමාණයන්ගෙන් හා වෙනස් මුද්‍රණයන් සහිත රෙදි වලින් මැසූ ඇඳුම් ඇඳීම සුදුසුයි.විවිධ වර්ණ වලින් මුද්‍රිත රෙදි වලින් මැසූ ඇඳූම් අඳින්න එපා.
  • ඔබ ඉඳගෙන සිටින විටදි කකුලේ සම පිටතට නොපෙනෙන පරිදි මේස් කුට්ටම නොනවා පලඳින්න.
  • වැදගත් අවස්ථාවන්ට සහභාගී වන විට සහ කාර්යාලයට ඇඳීම සඳහා සිහින් පටි සහිත skinny මෝස්තර භාවිතය නොගැලපේ.