Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රථමාධාර ලබාදීමේදී අනුගමනය කලයුතු නිවැරදි ක්‍රම 10 ක්

එදිනෙදා ජීවිතයේදී මිනිසුන් අනපේක්ෂිත අනතුරු වලට භාජනය වෙති. එසේ අනතුරට ලක් වන්නේ ඔබ හෝ ඔබේ සමීපතමයෙක් හෝ ඔබ අසල සිටින අයෙකු විය හැකියි.එවැනි අවස්ථාවන් හිදී ඔබ සතුව ඇති ප්‍රථමාධාර පිලිබඳව දැනුම එම පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.අද අපි කතා කරන්නේ 90% දෙනා වැරදිලෙස අනුගමනය කරන ප්‍රථමාධාර ක්‍රම 10 ක් සහා එම ප්‍රථමාධාර ලබාදිය යුතු වන වඩාත් නිවැරදි ක්‍රම පිලිබඳවයි.

ප්‍රථමාධාර ලබාදීමේදි පළමුව පුද්ගලයා අවදානම් තත්වයක සිටියි දැයි සැලකිලිමත්වන්න.පුද්ගලයාගේ නාඩි,හුස්ම වැටීම සහ ඇසේ කලු ඉංගිරියාවේ ප්‍රමාණය ආලෝක්යේදි සහ අඳුරේදි වෙනස පරික්ෂා කරන්න (ආලෝකයේදි එය කුඩාවිම සිදුවිය යුතුය).ජීවිත අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහාම ගිලන් රථ සේවාවක් අමතා පුද්ගලයාව රෝහල් ගත කිරීමට කටයුතු කරන්න.

1.බරපතල රුධිර වහනයකදි

  • වැරදි ක්‍රමය: වහාම ලේ යාම වළකන තිරිංගයක් (toorniquet) යෙදීම
  • පළමුවෙන්ම ඔබ සිදුකල යුත්තේ රුධිරය ගැලීම නතර කිරීමයි. තුවලය ආසන්නයේම ඇති ධමනිය කලම්ප කල යුත්තේ ඒ නිසයි. ඒ සඳහා සම්පීඩක වෙලුමක් යෙදිය හැකියි. තුවාලය ගැඹුරුයි නම් පුළුන් යොදා බැන්ඩේජ් පටියකින් වෙළන්න. තිරිංගයක් යෙදිය යුත්තේ හදිසි අවස්ථාවකදි පමණි. එය තුවාලයට ඉහළ සමට ආසන්නයෙන් යොදයි. සෑම පැයකට වරක්ම තිරිංගය මිනිත්තු 10-15 ක් පමණ ලිහිල් කර තැබිය යුතුය. ධමනිය තෙරපීමද සිදුකල යුතු බව අමතක නොකරන්න. නැවත තිරිංගය යොදන්න. නමුත් මිනිත්තු 30 කට වඩා වැඩි කාලයක් නොතබන්න.

2.නාසයෙන් රුධිරය ගලන විට

  • වැරදි ක්‍රමය: හිස පි‍ටුපසට ඇල කිරීම.
  • පුද්ගලයාව වාඩි කරවා හිස මදක් ඉදිරියට පහත් කරවා ලේ ප්‍රවාහය වීමට ඉඩ දෙන්න. මිනිත්තු 10 ක් පමණ නාසයේ මෘදු කොටස ඇඟිලි තුඬු වලින් තෙරපවාගෙන සිටින්න. වමනය ඇති නොවීමට පුද්ගලයාගේ කටට එන ලේ කෙල ලෙස පිටකරන්න යැයි පවසන්න.නාසය කපු පුළුන් වලින් පුරවා අවහිර නොකරන්න. මෙසේ කල යුත්තේ මිනිත්තු 15 කට වඩා කාලයක් තිස්සේ නොනවත්වා ලේ ගලයි නම් පමණි. එවැනි අවස්ථාවක වහාම පුද්ගලයා රෝහලකට ගෙන යන්න.

3.ශරීර උෂ්ණත්වය අස්වාභාවිකව අඩුව පැවතීම හෙවත් හයිපොතර්මියා (hypothermia)

  • වැරදි ක්‍රමය: සිරුරේ උෂ්ණත්වය වැඩිවීමට තෙල් වලින් සිරුර ඇතිල්ලීම
  • පුද්ගලයාට වියළි ඇඳුම් අන්දවා පොරෝනාවකින් හොඳින් උණුසුම් කරවන්න. පැණි රස බීමක් සහ උණුසුම් ආහාරයක් ලබාදෙන්න. මත්පැන් ලබානොදෙන්න. මත්පැන් මඟින් රුධිර නාළ ප්‍රසාරණය කරවන නිසා තාපය බොහෝ සෙයින් ඉවත්වීයාමට පටන්ගනියි.

4.හෘදය අකර්මන්‍ය වීම (cardiac arrest)

  • වැරදි ක්‍රමය: කුඩා ළමයින් සඳහාත් වැඩිහිටි වයස් වල අයට මෙන් පපු තෙරපුම් ප්‍රතිකාර කිරීම.
  • වැඩිහිටියෙකුට පපු තෙරපුම් හරහා වක්‍රාකාර හෘද සම්බාහනයක් ලබාදෙන්නේ අත් දෙකම උපයෝගි කරගෙනයි. අත්ලේ පාදම පපුව මත ස්පර්ෂ කර එහි මහපට ඇඟිල්ල පුද්ගලයාගේ නිකට හෝ කකුල දෙසට මුහුණලා තිබෙන සේ අත් පවත්වාගනිමින් තෙරපුම් යොදයි. සම්පූර්ණ අත්ල උපයෝගි කරගනිමින් නව යොවුන් වියේ පසුවන අයට ද ප්‍රතිකාර කෙරේ. නමුත් කුඩා දරුවන් හට ප්‍රතිකාර කෙරෙන්නේ ඇඟිලි තෙකක් ආධාරයෙනි. පුද්ගලයා උඩු අතට සෘජුව වැතිරවා පපු තෙරපුම් ප්‍රතිකාර ලබාදෙන්න.

5.පිලිස්සුම් තුවාල

  • වැරදි ක්‍රමය: පිලිස්සුම් තුවාලයේ හටගන්නා දිය පට්ටා බිබිලි සිදුරු කිරීම
  • සුලු පිලිස්සුම් තුවාලයකදි සම මිනිත්තු 20 ක් පමණ ගලායන සිසිල් ජලයෙන් සෝදාගන්න. බැන්ඩේජ් පටියක් යොද එයට උඩින් අයිස් පැක් එකක් හෝ සීතල යමක් තබාගෙන සිටින්න. තුවාලය ප්‍රබලයි නම් පුද්ගලයාට ලුණු ස්වල්පයක් හෝ ඛනිජ ජලය බීමට ලබාදෙන්න. බරපතල පිලිස්සුමකදි වහාම වෛද්‍යවරයෙකු වෙත එම පුද්ගලයාව යොමුකිරීමට කටයුතු කරන්න.

6.ශ්වසන මාර්ගයේ අවහිර වීමක් ඇති වුවහොත්

  • වැරදි ක්‍රමය: සිහි විසඥ වූ පුද්ගලයෙකුව හෙයිම්ලික් මැනුවර් ක්‍රමය (හුස්ම හිරවීමකදි එම පුද්ගලයාගේ නාභියට ඉහළින් ග්‍රහණය කරගෙන ප්‍රථමාධාර දෙන ක්‍රමයකි.) භාවිතයෙන් බේරාගැනීමට උත්සහ කිරීම
  • හුස්ම හිරවු හෝ ක්ලාන්ත වූ පුද්ගලයෙකුව උඩු අතට වැතිරවා පුද්ගලයාගේ පර්ශුක ‍තෝරණිය (ඉල ඇට සීමාවේ) ඔබේ අත් තබා පහළට තෙරපන්න.පුද්ගලයාව පැත්තකට හරවා කටේ සිරවී ඇති දෙය රෙදි කැබැල්ලකින් ඔබේ ඇඟිල්ල ආවරණය කරගනිමින් ඉවත්කරවන්න.කුඩා දරුවෙකුගේ හුස්ම සිර වුවහොත් ඔබේ වම් අත මතට දරුවා ගෙන (ඔබේ හුරු අතට ප්‍රතිවිරුද්ධ් අත)මුණින් අතට හරවා දකුණු අතින් පිටට තුන් වරක් තරමක් වැරෙන් තට්‍ටු කරන්න.කකුල් වලින් අල්ලාගෙන උඩු යටි කුරුව හරවා අල්ලන්න.

7.අස්ථි විතැන්වීමක් සිදුවුවහොත්

  • වැරදි ක්‍රමය: අස්ථිය නිවැරදි කිරීමට උත්සහ කිරීම
  • අස්ථිය විතැන් වී ඇති ආකාරය පිලිබඳව නිවැරදි නිගමනයකට ඒමට X-ray වාර්තාවක් අවශ්‍ය වේ. එබැවින් වෙර යොදා උලුක්කුව හෝ විතැන් වූ අස්ථිය නිවැරදි කිරීමට උත්සහ කිරීම ආබාධය තවත් දරුණු වීමට හේතුවක් විය හැකියි. වඩාත් උචිත වන්නේ හානි වූ අස්ථිය නොසෙල්වෙන ලෙස තබාගැනීමයි. මේ සඳහා පතුරු භාවිතයෙන් අස්ථියට වෙළුමක් යෙදිය හැකියි. දෙවන රූපයේ පරිදි වෙළුමක් යෙදීම සුදුසුයි. රුධිර සංසරණය වීමට බාධාවක් වන සේ වඩාත් තදින් බැන්ඩේජ් පටි බැඳීම නොකරන්න.

8.විෂවීමක් ඇති වුවහොත්

  • වැරදි ක්‍රමය: අස්ථිය නිවැරදි කිරීමට උත්සහ කිරීම
  • අස්ථිය විතැන් වී ඇති ආකාරය පිලිබඳව නිවැරදි නිගමනයකට ඒමට X-ray වාර්තාවක් අවශ්‍ය වේ. එබැවින් වෙර යොදා උලුක්කුව හෝ විතැන් වූ අස්ථිය නිවැරදි කිරීමට උත්සහ කිරීම ආබාධය තවත් දරුණු වීමට හේතුවක් විය හැකියි. වඩාත් උචිත වන්නේ හානි වූ අස්ථිය නොසෙල්වෙන ලෙස තබාගැනීමයි. මේ සඳහා පතුරු භාවිතයෙන් අස්ථියට වෙළුමක් යෙදිය හැකියි. දෙවන රූපයේ පරිදි වෙළුමක් යෙදීම සුදුසුයි. රුධිර සංසරණය වීමට බාධාවක් වන සේ වඩාත් තදින් බැන්ඩේජ් පටි බැඳීම නොකරන්න.

9.නයෙක් දෂ්ට කලහොත්

  • වැරදි ක්‍රමය: විෂ ඉරීම
  • විෂ වේගයෙන් පැතිරීයාම වැළැක්වීමට පුද්ගලයාව බිම වැතිරවන්න. කකුලට දෂ්ට කලේ කකුලට නම් අනෙක් කකුලට බද්ධ කරවා නොසෙල්වීමට සලස්වන්න. අතට දෂ්ට කලේ නම් සිරුරට තබා එසේම බද්ධ කරන්න. තිරිංගයක් යෙදීම ඵලක් නැත. වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා පුද්ගලයාව යොමුකරවන්න.

10.යටි බඩේ වේදනාවක් ඇති වුවහොත්

  • වැරදි ක්‍රමය: වේදනානාශක ඖෂධ ලබාගැනීම , (antispasmodic )
  • යටි බඩේ වේදනාවක් දැනුනු විට වේදනානාශකයක් ගැනීමෙන් වේදනාව දුරු වි යතත් එසේ කිරීමෙන් ඇපෙන්ඩිසයිටීස් (acute appendisitis) , බඩවැල් අවහිරවීම් හෝ සසිදුරු වෘණ හටගැනීම(perforated ulcer)ආදි භයානක රෝග වල පූර්ව රෝග ලක්ෂණ පහළ වීමක් මගහැරී යාමට ඉඩ තිබෙනවා. එබැවින් එවැනි තත්වයන් දිගින් දිගටම ඔබට ඇති වේ නම් වේදනා නාශක නොගෙන වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර සහ උපදෙස් ලබාගන්න.