Hela Rahas

Hela Rahas Official Web Portal

නළලේ ‍රැළි ඉවත් කරන ක්‍රම 5ක්

වයස්ගත වීම, නිතර නිතර මුහුණෙන් පෙන්නුම් කරා භාවාත්මක ප්‍රකාශ, ජානමය බලපෑම්, අධික ලෙස හිරු කිරණට සම නිරාවරණය වීම, සම වියළී යාම ආදි විවිධ හේතු සාධක වල බලපෑමින් මුහුණේ නළල් ප්‍රදේශය ‍රැළි වැටීමට පටන්ගත හැකියි. මේ තත්වය සම වියපත් වීමේදි කොයි කාටත් උරුම වන ලක්ෂණයක්. 100% ක් ම මේ තත්වය දුරුකල නොහැකි වුවත් ඇතැම් ස්වභාවික ප්‍රතිකර්ම තුලින් මුහුණේ දිස්වන මෙම ‍රැළි වැටීම් පිටතට පෙනෙන ස්වභාවය ගොඩක් දුරට අඩු කරගන්නට හැකියි. මේ සඳහා සමේ තෙතමනය යළි වර්ධනය කරගැනිම සහ සමේ නම්‍යතාව වැඩිදියුණු කරවන ස්වභාවික නිෂ්පාදන සහ රූපලාවන්‍ය සත්කාර ක්‍රම අපට බොහෝ ප්‍රයෝජනවත් වේ. මේ එවන් ප්‍රතිකර්ම ක්‍රම 5 කි.

1.කෙසෙල්

  • නළලේ ‍රැළි වැ‍ටුණු සමට භාවිතා කල හැකි හොඳ ප්‍රතිකර්මයක් ලෙස කෙසෙල් හැඳින්විය හැකියි. එහි අඩංගු විටමින් වර්ග සහ ස්වභාවික තෙල් මඟින් සමට හොඳ පෝෂණයක් ලබාදේ. මෙය සාදාගැනීම සහ භාවිතයත් ඉතා සරලයි. කෙසෙල් ගෙඩියකින් 1/4 ක් ගෙන මෘදු තලපයක් වන තුරු හොඳින් හැන්දකින් පොඩි කරගන්න.නළල මත සිහින් ස්තරයක් ලෙස මිශ්‍රණය ආලේප කරගන්න. මිනිත්තු 15-20 ක් පමණ එය මුහුණේ තිබෙන්නට ඉඩහරින්න. අනතුරුව, උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. මෙම සත්කාරයෙන් පසු ඔබේ නළල ප්‍රදේශයේ මෘදු සහ තෙතමනය සහිත බවක් ඔබට දැකගන්නට ලැබේවි.

2.පැඟිරි කුලයේ පලතුරු

  • පැඟිරි පලතුරු වල (දොඩම්, ලෙමන්, දෙහි වැනි) විටමින් E සහ C බහුලව අන්තර්ගත වේ. එමඟින් සමට අමතර මෘදු සුමුදු බවක් එක්කර සමේ නීරෝගි බව වඩාත් හොඳින් වැඩිදියුණු කරවයි.මෙවැනි පලතුරක යුෂ ලබාගෙන සෘජුව නළල මත ආලේප කර මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හැර මුහුණ සෝදා පිරිසිදු කරගන්න.තවත් ක්‍රමයක් ලෙස බඳුනක් ගෙන නැවුම් දොඩම් යුෂ කෝප්ප 1/4 ක් සහ හාල් පිටි ස්වල්පයක් දමා ක්‍රීම් එකක් ස්වභාවයට පත්වන තුරු හොඳින් මිශ්‍රකරන්න. ආලේපය නළලේ ගල්වා මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

3.ස්වභාවික තෙල් වර්ග

  • පොල් තෙල් සහ ඔලිව් තෙල් මඟින් ඔබේ සමේ නම්‍යතාව වර්ධනය කරමින් සමේ තෙතමනය ඇතිකරවයි. සම වියළි ස්වභාවයකින් පවතින විට සමේ නම්‍යතාව දුරු වී ගොස් මුහුණ ‍රැළි වැටීමට පටන්ගනියි. මෙහිදි නළල ප්‍රදේශය සඳහා හොඳින් තෙතමනය ලබාදීම හරහා සමේ නම්‍යතාව වැඩිදියුණු කරගත හැකියි.රාත්‍රි නින්දට පෙර මුහුණ සෝදා ගත් පසු ඔලිව් තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් නළල ප්‍රදේශයේ ගල්වන්න. තෙල් ස්වභාවය අඩු වී සමට හොඳින් උරාගන්නා තුරුම නළල හොඳින් සම්බාහනය කරගන්න. මේ තෙල් වර්ග දෙකම භාවිතා කර එක් මිශ්‍රණයක් සකසා භාවිතයට ගැනීමට හැකිනම් ඔබට තවත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේවි.

4.බිත්තර සුදුමද

  • බිත්තර සුදුමද වල අඩංගු ගුණ මඟින් සමේ පිටත පෙනුම වඩාත් හොඳින් වැඩිදියුණු කරවයි. එම නිසා මෙය ඔබේ ‍රැළි වැ‍ටුණු නළල් ප්‍රදේශයේ සම සඳහා හොඳ ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකියි. බිත්තර සුදුමදය පමණක් ආලේප නොකර එයට මී පැණි ස්වල්පයක් ද මුසු කර භාවිතයට ගන්න. මෙම මාස්ක් එක මඟින් ඔබේ මුහුණේ නළල් ප්‍රදේශයේ ඇති ‍රැළි වැ‍ටුණු ස්වභාවය බොහෝ දුරට දුරු කරවමින් ඔබේ මුහුණේ සමේ තානය ඇතිකර ඒකාකාරි පැහැයකට පත්කරයි.බඳුනක් ගෙන බිත්තර සුදුමදයක් එක්කරගන්න. එයට් මී පැණි මේස හැන්දක් එක්කර හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය නළල මත ආලේප කරන්න (අවශ්‍ය නම් මුළු මුහුණේ සහ බෙල්ල ප්‍රදේශයේද ආලේප කරගන්න) . ආලේපය මුහුණ මත මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර සීතල ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

5.නළල් ප්‍රදේශය සඳහා විශේෂිත ව්‍යායාම්

  • ස්වභාවික නිෂ්පාදන සත්කාර මෙන්ම ව්‍යායාම හරහාද මුහුණේ පෙනුම වර්ධනය කරගත හැකියි. මේ ව්‍යායාම අභ්‍යාස හරහා මුහුණේ නළල් ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා ව්‍යායාම ලබාදෙමින් නළලේ ‍රැළි වැ‍ටුණු වියපත් ස්වභාවය අඩු කරයි.
  • ඔබේ දෑත් C අකුරේ හැඩය පරිදි ඇස් අසල තබාගන්න (ඇස් විවෘතව තබාගැනීමට ප්‍රයාස කරන පරිදි).ඔබේ දබ‍රැඟිලි ඇහි බැමි මතත් මහපට ඇඟිලි නාසය අසලින් නාස් පුඬු වලට ඉහළින් තබාගෙන සිටින්න.
  • උරහිස් තල කරකවමින් පපුව සෘජුව තබාගෙන පින්තූරයේ දක්වා ඇති පරිදි එම දිශාවන් වලට ඔබේ අත් තෙරපවන්න.
  • දෑත් හොඳින් විවෘත කරගෙන එම ඉරියව්වෙන් තත්පර 5 ක් පමණ ‍රැඳී සිටින්න. ඇහි බැමි චලනය වීම වළක්වාගැනීමට දබ‍රැඟිලි වලින් ඇහි බැමි තදකරගෙන සිටින්න.
  • ඇස් වපර කර බලන්න. ඉන් අනතුරුව දෑස් පියාගන්න, මෙසේ වාර 5 ක් සිදුකරන්න. දැන්, තත්පර 5 ක් පමණ සැහැල්ලුවෙන් සිටින්න. යලිත් වට 2 ක් පමණ ව්‍යායාමය නැවත සිදුකරන්න.