ඔබ ආහාරයට ගත යුතු පලා වර්ග 5ක්

Articles

අපෙ ප්‍රධාන ආහාරය වන්නෙ බත් සහ වෑංජනයි.සෑම ආහාර වේලක්ම සමබල ආහාර වේලක් විම සදහා අනිවාර්යය අංගයක් ලෙස පලා  වර්ගයක් තිබිය යුතු බවට වෛද්‍ය මතයයි.එමෙන්ම දරුවන් කුඩා කල සිටම පලා ආහාරයට හුරු කරවීම නීරෝගි දිවියක් ලැබීමට මෙන්ම හොදින් මොලය වර්ධනය කරලීමටද දායක වෙයි .පලා වර්ග බොහෝ ප්‍රමාණයක් ගෙවත්තෙන් පහසුවෙන් ලබාගත හැකි අතර කැද වර්ග,සුප් වර්ග,මැල්ලුම් වර්ග ලෙස සකසා අහරට ගත හැකිය . නීරෝගි සුවපත් දිවියකට කැමති ඕනම අයෙක් පලා ආහාරයට හුරුවිය යුතුය එම නිසා ඉතා ජනප්‍රිය පලා වර්ග සහ එයින් ලැබෙන ප්‍රයෝජන පිලිබදව දැනුවත් වෙමු . 

1.ගොටුකොළ 

පලාවර්ග කියූ සැනින් සිහියට නැගෙන ගොටුකොල යනු ඉතාමත් බලවත් ඔසුවක් බව කිව යුතුමය.එයින් ලැබෙන ඵල ප්‍රයෝජන මෙතෙකැයි කිව නොහැක.ඔබ පලමුව ගොටුකොලයක් සිහියට නගන්න.එය මිනිස් මොලයක හැඩයක් ගන්නා බවට ඔබට පෙනී යනු ඇත.එයාකාරයෙන්ම ගොටුකොල මොලය වර්ධනය කරන ,මතක ශක්තිය ,ධාරණ ශක්තිය වඩන දිව ඔසුවකි.පාඩම් කටයුතු වල නිරත වන දරුවන්ට නිතිපතා මැල්ලුම් ලෙස හෝ කැද ලෙස ගොටුකොල අහරට ලබාදීම වඩාත් කදිමය.නිවසේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක පහසුවෙන් වවා ගත හැකි ගොටුකොල භාවිතයෙන් ලැබෙන විපුල ඵල ප්‍රයෝජන මොනවාදැයි සොයා බලමු .

  • ඌෂ්ණ සිරුරක් ඇති අයට සිරුර සිසිල් කිරීමට උපකාරී වේ.දාහය නැති කරයි.පිත් රෝග වලට කදිමයි .
  •  සෙම් රෝග වලට ප්‍රත්‍යක්ෂයි .පීනස දුරු කරයි . 
  •  හිසකෙස් අකලට සුදුවීම,ගැලවී යාම සහ හිස්හොරි මර්ධනය කරයි .
  • හිසකෙස් වර්ධනය කරයි .
  • ඇස් පෙනීම දියුණු කරයි .
  •  හදවතට හිතකරයි .
  • ලේ ධාතුව පිරිසිදු කරයි . සිරුර පැහැපත් කරයි. 

2.මුගුණුවැන්න 

මුගුණුවැන්න රසවත් මැල්ලුම්,කැද ලෙස සකසා ආහාරයට ගත හැකිය.ගොටුකොල මෙන්ම සමාන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙයි .

  • සිසිල් ගුණයෙන් යුක්ත බැවින් පිත් රොග නසා සිසිල් සිරුරක් ලබා දෙයි .
  • විටමින් A බහුල බැවින් ඇස් පෙනීම දියුණු කරයි .
  • සෙම නසයි.පීනස් තත්වය දුරු කරයි .ඇදුමට ගුණයි .
  • මලබද්ධය වලකා පහසුවෙන් මල පිටවීමට දායක වෙයි.ආහාර ජීර්ණ පද්ධතිය සුවපත් කරයි .
  • යකඩ අඩංගු බැවින් ලේ වඩයි.ශරීර ශක්තිය ලබා දෙයි .
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි .
  • හෙපටයිටිස්,බ්‍රොන්කයිටිස් වලට ප්‍රතිකාර ලෙස යොදා ගැනේ . 

 3.නිවිති 

යකඩ අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සපුරාලන අහරක් තමයි නිවිති කියන්නෙ.යකඩ වලට අමතරව විටමින් , කැල්සියම් ඇති අතර අස්ථි වර්ධනයට උපකාරී වෙයි.රසවත් බවින් ඉහලම පලා වර්ගයක් වන නිවිති කැද ලෙස මැල්ලුම් ලෙස සහ පරිප්පු ,දෙල් වෑංජන සමගද එක් කරයි .

  • ශීතාධික ගුණය ඇත.පිත් රෝග වලට ගුණයි.උෂ්ණ ආහාර වල උෂ්ණ ස්වාභාවය අඩු කිරීමට වෑංජන වලට එක් කරයි.
  • ශරීර ශක්තිය වර්ධනය කරයි .
  • මල පිටකිරීමට පහසු කරයි.බඩට සැහැල්ලුවක් ලබා දෙයි.

 4.රතු සාරණ 

  • උෂ්ණය නිසා ඇතිවන දාහය ,තොල් පැලීම,යටිපතුල් පැලීම, මූත්‍රා අඩස්සිය , මූත්‍රා දැවිල්ල ආදිය සුව කරයි .
  •  සිරුර සිසිල් කරයි .
  •  ගැස්ට්‍රයිටිස්,අම්ල පිත්තයට ගුණයි .
  •  මලබද්ධය ගුණයි.මල පහසුවෙන් පිට කරයි .

5.තෙබු 

  • තෙබු කොල දියවැඩියා රෝගීනට කදිම ඔසුවක් බව කා අතරත් ජනප්‍රිය වේ.සීනි මට්ටම යම්තාක් දුරට පාලනය කිරීමට දායක වෙයි.
  • ශීත ගුණයෙන් යුතුවන අතර සෙම්පිත් රෝග නසාලයි.සිරුර සිසිල් කරයි.දාහය නවතයි.
  • සමේ රෝගයන්ට ඖෂධයක් ලෙස භාවිතා කරයි.
  •  මූත්‍රා රෝග වලට ඉතා කදිමයි. 
  •  ඇස් රෝග,දද ,කුෂ්ඨ රෝග සදහා කදිමයි.
  • ආහාර රුචිය වඩවයි .
  •  කෙස් වර්ධනය කරයි.රුධිරය පිරිසිදු කර සම පැහැපත් කරයි .

ඉතින් මේ වගෙ ඉතා ගුණදායී පලා වර්ගයක් ඉතා පහසු ඉඩ ඇති ස්ථානයක වවා නිතර මැල්ලුම් ලෙස හෝ කැද ආහාරයක් ලෙස ගැනීමෙන් නීරෝගි දිවි පෙවෙතක් ලබාගන්න උනන්දු වන්න.එමෙන්ම මෙවැනි පලා වර්ගයක් කැද ලෙස සකසා ගිලන්පස දානයක් ලෙස පූජා කිරීම නීරෝගි දීර්ගායූ ලැබීමට තරම් පිනකි .