පැෂන් මල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ 5ක්

Articles

පැෂන් ෆෘට් කියන්නේ අපට ආධුනික පලතුරක් නොවෙයි. ඒවා ඉතාමත් රසවත් වගේම ගුණදායි පලතුරු විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.පලතුර විදියටත්, යුෂ පානයක් විදියටත් සකස් කිරීමෙන් ද පැෂන් ෆෘට් රසවිඳිය හැකියි. ඒවගේම පැෂන් වැලේ දලු වලින් මැල්ලුම් සකස් කර ආහාරයට ගන්නවා.අධි රුධිර පීඩනය ඇති අයට පැෂන් දලු මැල්ලුම ඉතාමත් ගුණදායකයි කියලයි හැඳින්වෙන්නේ. පැෂන් ෆෘට් වල විටමින් A, C,B2, ද කොපර් (තඹ), පොටෑසියම් වැනි ඛනිජ පෝෂක ද බහුලය.පැෂන් ෆෘට් අපේ රටේ හොයාගන්න අමාරු පලතුරක් නොවෙයි. හැබැයි ඉතින්, අද අප ඔබට කියන්නට යන්නේ පැෂන් ගෙඩි ගැන නම් නොවෙයි, ඒවායේ මල් ගැනයි. පැෂන් මල් විශේෂ 500 ක් පමණ ඇති අතර සමහර ඒවා සමහර සංස්කෘතීන්හි ඖෂධීය ගුණ ඇති බවට විශ්වාස කෙරේ.

අක්මාවේ ආබාධ වැනි විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා , ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඖෂධීය පානයක් ලෙසත් මානසික ආතතියට හා කාංසාවට පිළියමක් ලෙසත් යොදා ගනී. මේ ආදි වශයෙන් පැෂන් මල් වලින් අපේ සිරුරට ලැබෙන ප්‍රතිලාභ පවතින බව සඳහන් වෙනවා. වියළන ලද පැෂන් මල් කුඩු වලින් සැකසූ තේ බෑග් නිෂ්පාදන වර්තමාන වෙළඳපොලේ ඇත. වියළි පැෂන් මල් කුඩු උණු වතුර සමඟ හෝ තේ සමඟ මුසු කර පානය කිරීමට ඔබට හැකියි.ඉතින්, අපි බලමු පැෂන් මල් වලින් ලබාදෙන තවත් එවැනි ගුණ මොනවාද කියලා.

1.මනස සන්සුන් කරයි

ජීවිතයේ විවිධ කාල වල අප සියලු දෙනාම පාහේ කාංසා තත්වයන්ට මුහුණ දේ. මෙම ඉඳහිට ඇති වන කාංසාව වෙනස්වීම් සහ අභියෝගාත්මක අවස්ථාවන්ට අප දක්වන ස්වභාවික ප්‍රතිචාරයකි.නමුත් කාංසාව එදිනෙදා ජීවිතයට බලපාන්නට පටන් ගත් විට එය වෛද්‍ය ගැටලුවක් ලෙස සැලකේ. පැසිෆ්ලෝරා ඉන්කර්නාටා (passiflora incarnata), යන පැෂන් මල් විශේෂය කාංසාව දුරු කරන බලපෑමක් ඇති බව විශ්වාස කෙරේ. එය බොහෝ දුරට ගැමි අත්බෙහෙත් ක්‍රමයක් ලෙස සලකනු ලැබුවද, පර්යේෂණයන් විසින් කාංසාව සමනය කිරීම සඳහා එහි බලපෑම සනාථ කර ඇත.අධ්‍යයනවලින් ද පෙන්වා දී ඇත්තේ පැෂන් මල මගින් ආතති මට්ටම් සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි. මනෝභාවය නියාමනය කරන මොළයේ ඇති ගැමා-ඇමයිනෝබියුටිරික් අම්ල (GABA) නම් උද්දීපනය (තිගැස්ම)ඇති කරන ස්නායු සම්ප්‍රේෂකයන්ට ප්‍රතිරෝධී ස්නායු සම්ප්‍රේෂකය ලෙස ක්‍රියා කරන රසායනික ද්‍රව්‍යය මට්ටම ඉහළ නැංවීමේ ගුණ පැෂන් මල් වල අන්තර්ගත බව පර්යේෂකයින් ගේ විශ්වාසයයි.

2.වඩාත් හොඳ නින්දක් ලබාගත හැකිවේ

මානසික ආතතිය නිසා ඔබ නිදා ගන්නේ අඩුවෙන්ද? ඊට විසඳුම එම පැෂන් මල් පෙති තුළ තිබෙනවා විය හැකිය.පැෂන් මල් නින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන අතර අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නින්ද නොයාමේ රෝගීන්ටද ප්‍රතිකාර කළ හැකි බවයි. නින්ද නොයාම සම්බන්ධයෙන්, පැෂන් මල් සමහර විට ඖෂධ පැළෑටි එකක් හෝ කිහිපයක් සමඟ සංයෝජනය කර භාවිතා කිරීම වඩාත් ඵලදායී වේ. නින්ද නොයාම (අනිද්‍රාව හෙවත් ඉන්සොම්නියාව) සඳහා ප්‍රතිකාර කිරීමේදී වඩා හොඳ සහ ස්වාභාවික විකල්පයක් බවට පත් කරයි. ලෙස පැෂන් මල් අඩංගු ඖෂධ සුසංයෝගයක් භාවිතා කල හැකිය

3.මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදීමේදී උපකාරී වේ

ඔපියොයිඩ්ස්’ යනු දරුණු වේදනාව පාලනය කිරීම සඳහා භාවිතා කරන මෝෆින් සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය සමූහයකි. මේවාට ඇබ්බැහිවීම බොහෝ විට සිදුවන අතර නිසි ප්‍රතිකාර නොකල ජීවිතයට තර්ජනයක් වන opioid withdrawal syndrome නම් සහලක්ෂණ තත්වය දක්වා වර්ධනය විය හැකිය. පැෂන් මල් සාරයේ අඩංගු කාංසාමර්දක ගුණ හේතුවෙන් කාංසාවට ප්‍රතිකාර කිරීමේදී ඵලදායී බව සොයාගෙන ඇත. ක්ලොනිඩයින් (clonidine) නම් ඖෂධ භාවිතයෙන් අබිං ඇබ්බැහියෙන් වළක්වාගැනීමට ප්‍රතිකාර කිරීමේදි පැෂන් මල් සාරය ද්විතියික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව පෙන්වාදේ.

4.ආර්තවහරණ තත්වයේ පූර්ව ලක්ෂණ සමනය කරවයි

ආර්තවහරණ සමයේදි සිරුරේ හෝර්මෝන අධිකව වේගයෙන් ශ්‍රාවය වීම නිසා එය කාන්තාවන් හට පීඩාකාරී කාලයක් වේ. මනෝභාවය (moods) වෙනස් වීම, හෝමෝන අසමතුලිතතාව, කාංසාව සහ නින්ද ආශ්‍රිත ගැටලු (sleep disorders) ඇති විය හැක. මනෝභාවයන් යහපත් කරලීමට ඵලදායි පිළියමක් බව ඔප්පු වී ඇති පැෂන් මල් සාරය මෙම පීඩාකාරි ලක්ෂණ දුරු කරගැනීමට හොඳ ඖෂධයකි

5.හදිසි ආබාධ (seizure/fit) වලදි ඵලදායි ප්‍රතිකර්මයකි

හදිසි ආබාධ හෙවත් වළිප්පුව යනු මොළයේ අසාමාන්‍ය ලෙස සමමුහුර්ත වූ විද්‍යුත් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි. ස්වදේශීය ඇමෙරිකානුවන් මෙවැනි තත්වයන් ඇති වූ අවස්ථාවල ඊට පිළියමක් ලෙස පැෂන් මල් සාරය භාවිතා කර ඇත. පැෂන් මලෙහි ෆ්ලේවනොයිඩ් වැනි බොහෝ සංඝටක සහ ක්‍රයිසින් වැනි ක්‍රියාකාරී සංඝටක ඇති අතර ඒවා එකට එකතු වී විද්‍යුත් ක්‍රියාකාරිත්වයේ බලපෑම් වළක්වයි.

අතුරු ආබාධ තිබේද? පැෂන් මල් සාරය බොහෝ තත්වයන් සඳහා හොඳ පිළියමක් වන නමුත් ඇතැම් විට සමහර අතුරු ආබාධ ඇති කළ හැකිය. වඩාත්ම කැපී පෙනෙන ඒවා වන්නේ නිදිබර ගතිය, නිදිමත සහ ව්‍යාකූලත්වයයි. ගර්භණී සමයේදී ද පැෂන් මල් භාවිතය සුදුසු නොවේ. සෞඛ්‍යාරක්ෂාව සහතික කරගැනීම සඳහා භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සැලකිලිමත්වන්න.