Hela Rahas

Hela Rahas Official Web Portal

වේගයෙන් දුරකථනයේ බැටරි බැසීමට බලපාන හේතු 10ක්

අද කාලයේ දුරකථනය නොමැතිව විනාඩියක්වත් ඉන්න බැරි තරමට අපේ දෛනික කටයුතු ඒ සමඟ බොහෝ දුරට බැඳී තිබෙනවා. සන්නිවේදනය කරන්න පමණක් නොවෙයි, පුවත් දැනගන්න, පොත් කියවන්න, චිත්‍රපට බලන්න, වීඩියෝ නරඹන්න, ගීතවලට සවන් දෙන්න,වගේම අන්තර්ජාලයේ සැරිසරන්න නවීන ස්මාර්ට් දුරකථන අපට හොඳ අවකාශයක් සලසා දී තිබෙනවා.

නමුත් දුරකථනයේ ප්‍රයෝජනය ‍රැඳී තියෙන්නේ එහි බැටරි තිබෙනකම් පමණයි කියා ඔබ දන්නවා. තමන්ගේ දුරකථනය කොතරම් වෙලා charge කලත් ඉක්මනින් එහි බැටරි බැසීම බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් වෙලා. වේගයෙන් දුරකථනයේ බැටරි බැස යන්නේ ඇයි? මේ ඊට බලපාන හේතු කිහිපයක් ගැනයි.

1.charging portඑක පිරිසිදු නොකිරීම

  • දුරකථනයේ ස්ක්‍රීන් එක පමණක් නොව charging port එක පවා නිතිපතා පිරිසිදු කිරිමට වගබලාගන්න. සාක්කුවේ, බෑගයේ, එලිමහනේ මේස උඩ දුරකථනය තබා ඇති විට ඒ මත දූවිලි තැන්පත් වී හිඩැස් තුල සිරවීම සිදුවේ. Toothpick එකකින් හෝ උල් Q-tip එකකින් එම ස්ථාන පිරිසිදු කරගන්න.

2.bright wallpaper භාවිතය

  • දීප්තියෙන් වැඩි wallpaper භාවිතයෙන් බැටරි බොහෝ සේ අඩු වී යයි. home- screen එකට කලු-සුදු wallpaper එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ඉන් ඔබේ බැටරි අගය හොඳින් ඉතිරිකරගත හැකිය.

3.සැම විටම දුරකථනය අතේ එහාමෙහා ගෙනයාම

  • උණුසුම් කාලගුණයක් ඇති අවස්ථා වල අතේ දුරකථනය ‍රැගෙන යාම නොකරන්න. අධික උෂ්ණත්වයේදි දුරකථනය ද තාපවත් වේ. එමෙන්ම ඔබේ අතේ ඇති උණුසුම නිසා දුරකථනයේ බැටරිය තව දුරටත් තාපවත් වීමේ ඉඩකඩ වැඩි වේ. අධිතාපවත් වූ බැටරියක ක්‍රියාකාරීත්වය ඉතා මන්දගාමි වේ.

4.auto-rotate screen සක්‍රීය කර තිබීම

  • ඔබට අවශ්‍ය නොවන අවස්ථා වලදි auto-rotate සැකැස්ම අක්‍රීය කර දමන්න. මෙම feature එක accelerometer නම් විශේෂ sensor එකක් හරහා ක්‍රියාත්මක වේ. ඒ සඳහා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය වේ.

5.පෙර භාවිත කල මෘදුකාංග පසුබිමින් ක්‍රියාත්මක වීම (background running apps)

  • Instagram, Messenger, YouTube වැනි මෘදුකාංග භාවිතා කල පසු ඒවායින් ඉවත් වීම සිදුකලත් බොහෝ විට නිවැරදිව ඒවා close නොකිරීමෙන් පසුබිමින් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතියි. එහිදි දිගින් දිගටම බැටරිය ක්ෂය වී යාම සිදුවේ. එම නිසා විටින් විට recent tabs සියල්ල close කර දමන්න.

6.screen brightness උපරිමයට දමා තිබීම

  • දුරකථනයේ brightness මට්ටම 30-40% අතර අගයකින් තබාගැනීමට උත්සහ කරන්න. වෙමඟින් බැටර්යියේ ආයු කාලය වැඩි කරගත හැකිය. දුරකථන තිරයේ දැක්වෙන දේ කියවා ගැනීමට , දැකීමට මේ අලෝකය ප්‍රමාණවත්ය. පිටත සිටින අවස්ථාවක එම මට්ටම වැඩි කිරීම නොකර auto -brightness සැකැස්මට මාරු වෙන්න. ඒ හරහා හිරු එළියේදි පවා පැහැදිලිව තිරය දැකීමේ හැකියාව ඔබට ලැබේ. එමෙන්ම මිනිත්තු 15 කින් පසුව එය අක්‍රීය වී යයි.

7.vibrate සක්‍රීය කර තිබීම

  • vibrate සැකැස්ම සඳහා බැටරිය අධික ලෙස ක්ෂය වී යයි.අවශ්‍යම මොහොතක පමණක් එය භාවිතා කිරීමට උත්සහ කරන්න. අනෙකුත් අවස්ථාවල sound mode හෝ silent mode එකට මාරු වෙන්න.

8.screen time-out සැකසුමක් යොදා නොතිබීම

  • යම් කාලයකදි දුරකථනයේ තිරය ස්වභාවිකව අක්‍රීය වී යාමයි. ඒ සඳහා අඩුම කාලයක් ‍තෝරාගන්න. එමඟින් බැටරි බැසීම අඩු වන අතර ඔබට දුරකථන තිරය අක්‍රීය කිරීමට අමතක වුවත් එය විසින්ම අක්‍රීය විම සිදුවීම වාසියකි.

9.GPS, Bluetooth සහ Wi-Fi සක්‍රීය කර තිබීම

  • මේවා ක්‍රියාත්මක වන විට බැටරිය ඉතා ඉක්මනින් අඩු ක්‍රියාකාරීත්වයකට පත් වේ. එබැවින් ඒවා භාවිතා නොවන අවස්ථාවල ඒවා අක්‍රීය කර දැමිමට සැලකිලිමත් වන්න.

10.දුරකථනය power off නොකිරීම

  • බැටරියේ ආයු කාලය වැඩි කරගැනීමට රාත්‍රි කාලයේ දුරකථනය switch off කර තබන්න. එමඟින් බැටරිය සිසිල් වීමට කාලයක් ලැබෙන අතර දුරකථනයේ හදිසි අකර්මන්‍යතා හටගැනීම වළක්වාගත හැක.