Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව වටා ඇති සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන 14 ක්

ලෝකය අතිශය සුන්දර ස්ථාන ‍රැසකින් සමන් විතයි. විවිධ රටවල පිහිටා ඇති ඒවැනි සුන්දර ස්ථාන ලැයිස්තුවක් අද අපි ඔබට අරගෙන ආවා. අනාගතයේ කවදා හරි දවසක ලොව වටා සංචාරය කරන්න හිතාගෙන ඉන්නවානම් මේ ස්ථානත් මඟහැරගන්න එපා!

1.ෆ්ලැමිංගෝ බීච් (Falmingo Beach) -අරුබා

  • සංචාරකයින් හට එහි සිටින ෆ්ලැමින්ගෝ පක්ෂීන්ට සිය දෑතින්ම ආහාර ලබාදෙමින් අලුත් අත්දැකීමක් ලබාගත හැකිය. මෙය නෙදර්ලන්තයට අයත් ප්‍රදේශයකි. සැප්තැම්බර් මාසය මෙහි උණුසුම්ම මාසයයි. කෙසේවෙතත්, මෙම පක්ෂීන් වසර පුරාවටම මෙම ප්‍රදේශයේ ජීවත් වේ.

2.මැඩෙයිරා දූපත (Madeira Island)- පෘතුගාලය

  • මෙහි ගිනිකඳු ජල තටාක සහ මින්මැදුරක් සහිත ඉපැරණි බලකො‍ටුවක් දැකිය හැකිය. 17 වන සියවසේ පෘතුගීසි ජාතිකයින් ජීවත් වූ අන්දම දැකබලාගැනීමට මෙම ස්ථානය කෞතුකාගාරයක් වැනිය. ත්‍රිකෝණාකාර වහලවල් සහිත සුවපහසු නිවාස වලින් පිරුණු සැන්ටානා නගරය, ෆුන්චල් නගරය මැදින් කේබල් කාර් සංචාරය, මොන්ටේ පැලස් හි සුන්දර වන උද්‍යාන මෙන්ම පිකෝ රුයිවෝ හෙවත් මැඩෙයිරා හි උසම මුදුන දක්වා නැගීම ඇතුලු බොහෝ සුන්දර අත්දැකීම් මෙහි පැමිණෙන සංචාරකයින් හට අත්දැකීමට හැකිය.

3.ෂාහ් චෙරාග් මස්ජිදය (Shah Cheragh Mosque)- ඉරානය

  • 4 වන සියවසේදී ටාෂි ඛා‍ටුන් ‍රැජිණගේ රාජ්‍ය සමයේදි මෙය ඉදිකරන ලදි. මෙම මස්ජිදය අභ්‍යන්තරය දිප්තිමත් ආලෝකයකින් එළිගැන්වි ඇත. දර්පණ වීදුරු, අලංකරණ ආකෘති සහ රිදි තැටි වලින් මොසැයික ශෛලියෙන් මෙහි බිත්ති සරසා ඇත. උල්පත් සහිත තටාකයක් ද මෙම ස්ථානයේදි දැකබලාගත හැක.

4.ඇක්විටේනියා වැලි වැටිය (Dune Of Pilat In Aquitania)- ප්‍රංශය

  • මෙම ස්වභාවික භූ ලක්ෂණය යුරෝපයේ ඇති උසම වැලි වැටිය ලෙස සැලකේ. ප්‍රංශයේ නිරිත දිග සංචාරය කරන අයෙකුට මුහුදෙත් කාන්තාරයේත් එකවර සිටිමින් විනෝද වීමේ විරල අවස්ථාව හිමිවේ. ස්පාඤ්ඤයත් ප්‍රංශයත් අතර යාවෙන පිරනීස් කඳු වැටිය මීට වසර මිලියන ගණනකට ඉහතදී සුලඟ සහ ජලය නිසා ඛාදනයට ලක්වී ගංගාවන් ඔස්සේ මුහුද දෙසට ගමන් කල වැලි නැවත මුහුදු රළ නිසා වැල්ලට ගොඩගැසීයාම නිසා මෙම භූලක්ෂණය වර්ධනය වන්නට ඇතැයි සැලකේ. එසේ අඟලින් අඟල ගොඩනැගුණු මෙම වැටිය උතුරේ සිට දකුණ දක්වා දිගින් කි.මී.2.7 ක් පමණ වන අතර එහි උස මුහුදු මට්ටමට ඉහළින් මීටර් 106.60 ක් පමණ වේ.

5.බොහිමියන් ස්විට්සර්ලන්ඩ් ජාතික වන උද්‍යානය (Bohemina Switzerland) -ස්විට්සර්ලන්තය

  • මෙම වන උද්‍යානය පිහිටා ඇත්තේ චෙක් ජනරජය ජර්මනියෙන් වෙන්වන දේශ සීමාව තුලය. කඳු ප්‍රපාත, ගල් ආරුක්කු, හරිත වනාන්තර, සුපැහැදිලි ජලය සහිත ජලාශ වලින් පිරුණු වෙනත්ම ලොවකට ඇතුලු වූවායි හැඟීමක් ඇති කරවන අපූරු සංචාරක ස්ථානයකි.

6.පොට්බෙලි හිල් (Gobekli Tepe, Potbelly Hill)- තුර්කිය

  • 1963 දි හමුවුණු පොට්බෙලි හිල් නම් මෙම ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ 1995 වසරේදීය.පර්යේෂකයින් හට එහි තිබී කොටින්, සර්පයින්, ගොන්නුන් සා කොක්කු වැනු සතුන්ගේ රුව ‍රැගත් ගල් කණු හමුවී තිබේ. විමර්ෂණ කටයුතු වල අවසන් නිගමනය වූයේ මෙය ලොව ඇති පැරණිතම සිද්ධස්ථාන සංකීර්ණ වලින් එකක් බවයි. මෙය මිනිසු විසින් සත්ව පාලනය, කෘෂිකර්මාන්තය සහ ලිඛිත සාහිත්‍ය ආරම්භ කලා යැයි විද්‍යාඥයින් විසින් අනුමාන කෙරෙන නියෝලිතික විප්ලවයට පෙර මතුවූවක් ලෙස සැලකේ. පර්යේෂකයින් විසින් පෙන්වාදෙන්නේ මෙම පින්තූර වලට අමතරව ඒවායේ යම් යම් රටා මඟින් විවිධ පණිවුඩ පෙන්නුම් කරන බවයි. එනම් රූප රටා වලින් තොරතුරු ද නිරූපණය කර ඇති බවයි.

7.යෝධ බුද්ධ ප්‍රතිමාව (Big Buddha)- ලන්ටාඋ දූපත

  • හොන්ග් කොන්ග් රාජ්‍යයේ පිහිටි නිම්න, කඳුකර ප්‍රදේශ සහ අලංකාර දිය ඇලි වලින් පිරුණු හරිත ප්‍රදේශයක් වන ලන්ටාඋ දූපතේ පිහිටි මෙම අඩි 112 ක් පමණ උසින් යුතු බුදු පිළිම වහන්සේගේ රුව දැකබලාගැනීමට සංචාරකයින් පැමිණෙති. මෙය මිනිසුන්ගේ ම් සොබාදහමේ සහ ආගමේ සංහිඳියාව සංකේතවත් කරවන විශේෂ ප්‍රතිමාවක් යැයි සැලකේ. මෙහි අභ්‍යන්තරයේ අලංකාර පන්සලක් පිහිටා ඇත. මෙහි සිට අවට සුන්දරත්වය හොඳින් දර්ශණය වේ. පිරිසිදුම වෙරළ තීරයක් ලෙස සැලකෙන ලන්ටාඋ හි ඇවිදිමින් හා පිහිනමින් විනෝද වීමට සංචාරකයින් හට අවස්ථාව උදාවේ.

8.ස්කයි ගාර්ඩන්’ (Sky Garden)- අයර්ලන්තය

  • සංකල්ප නිර්මාණ ශිල්පියෙකු වන ජේම්ස් ටරල් විසින් නිර්මාණය කරන ලද මෙම ආවාටයේ මධ්‍යයට ගමන් කිරීමට ඇත්තේ උමඟක් හරහායි. මෙහි අදහස නම් මිනිසුන් අඳුරේ සිට ආලෝකය දෙසට ගමන් කිරීම හෙවත් නැවත ඉපදීම හා සමාන අරුතකි. මෙම ආවාටය පිහිටා ඇත්තේ අයර්ලන්තයේ කෝර්ක් හි පිහිටි ලිස් ආර්ඩ් වතුයායේය. එහි ඇවිදීම සඳහා ඉදිකල කුඩා ගමන් පථ සහ විශාල විලක් සහිත උද්‍යාන ‍රැසක් දැකබලාගත හැක.

9.කුමාරයා, රාක්ෂණිය සහ දිය කිඳුරිය (The Prince, The Ogress And The Mermaid)- තායිලන්තය

  • මෙම ප්‍රතිමා සුන්තොන් ෆු විසින් රචිත ‘Phra Aphai Mani’ නම් මහා කාව්‍යය කලාකෘතියේ එන චරිත ත්‍රිත්වයකි. තායිලන්තයේ සියලු දෙනා මෙම පුරාවෘත්ත කාව්‍ය හොඳින් දනිති.ඔහු මෙම කවිය වසර 20 ක් මුලුල්ලේ රචනා කර ඇත. රාජ්‍යයත්වය දැරීමට තරම් සුදුසු කුසලතා වර්ධනය කරගැනීමට අපොහොසත් වූ කුමරුවන් දෙදෙනෙක් හා රාක්ෂණියක් සහ දිය කිඳුරියක් අතර ඇතිවන සබඳතා හා එම බැඳීම් වලින් පලා යන කුමාරවරුන් වෙනත් කාන්තාවන් කරා යාම සහ ඔවුන්ට දාව උපදින දරුවන් පිළිබඳ කාව්‍යාත්මක රචනාවක් වන මෙම කතාව හා සබැඳි ප්‍රධාන චරිත පිළිඹිබු කරන මෙම ප්‍රතිමා දැකබලාගැනීමට බොහෝ දෙනා මෙම ස්ථානයට පැමිණෙති.

10.රෝස මස්ජිදය (Pink Mosque)- ඉරානය

  • කාජර් රාජ වංශ යුගයේ ඉදිකර ඇති මෙම නසීර්-ඔල්- මොල්ක් මස්ජිදය රංත වීදුරු වලින් නිමවා ඇත. එහි සිවිලිම සහ බිත්ති ආවරණා වන පරිදි බොහෝ රෝස මස් රූප ඇති නිසා මෙය බොහෝ අය හඳුන්වනු ලබන්නේ rose mosque යනුවෙනි.

11.ජේජු දූපතේ සියෝන්සාන්ග් ඉල්චුල්බොන්ග් කඳු මුදුන (Jeju Island Seongsang ilchulbong peak)- දකුණු කොරියාව

  • දකුණු කොරියාවේ පිහිටා ඇති ජේජු දූපතේ සියෝන්සාන්ග් ඉල්චුල්බොන්ග් කඳු මුදුන නම් අක්‍රීය ගිනිකන්ද එරට ඇති වඩාත් වැදගත්ම ස්වභාවික දර්ශණීය ස්ථාන අතරින් එකකි.එය අවසන් වරට සක්‍රීය වී ඇත්තේ 1007 වසරේය. එහි අවට ප්‍රදේශය ජාතික වන උද්‍යානයක් ලෙස සැලකෙන අතර දර්ශණීය ස්ථාන ‍රැසකින් සමන්විතය.

12.බොලොග්නා (Bologna)-ඉතාලිය

  • විද්‍යාවේ සහ ආහාර පිසීමේ කලාවේ අගනුවර යැයි හැඳින්වෙන බොලොග්නා හිදි සුන්දර අත්දැකීම් ‍රැසක් සංචාරකයින් හට ලබාගත හැක. 14 වෙනියට විශාලතම යුරෝපානු දෙ මැදුර වන සැන් පෙට්‍රෝනියෝ බැසිලිකාව දැකබලාගත හැකිය. 1088 විවෘත කර ඇති නිකොලොස් කොපර්නිකස් පවා ඉගෙනුම ලබා ඇති යුරෝපයේ පිහිටි පැරණිතම විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන ‘බොලොග්නා විශ්වවිද්‍යාලය’එරට පිහිටි ප්‍රධානතම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

13.වයින් බැරල් හෝටලය (Hotel In Wine Barrels)- නෙදර්ලන්තය

  • මෙය හෝටලය ඉදිකර ඇත්තේ යෝධ වයින් බැරල් 12 ක් උපයෝගි කරගෙනය. ඒවා සැපපහසු කාමර බවට පත් කර ඇති අතර එහි සිට අවට වරාය ප්‍රදේශය සහ ගෙවත්තේ අසිරිය නැරඹිය හැක. De Vrouwe Van Stavoren නම් මෙම හුරුබුහුටි අවන්හල මාලු වර්ග වලින් පිසින ආහාර සඳහා විශේෂයෙන් ප්‍රචලිතය.

14.හර්ස්ට් මාලිගයේ තටාක (The Pools In The Hearst Castle)- කැලිෆෝර්නියාව-ඇ.එ.ජ.

  • 20 වන සියවසේ ජීවත් වූ පුවත්පත් ප්‍රකාශකයෙකු වූ විලියම් ‍රැන්ඩොල්ෆ් හර්ස්ට් විසින් මෙම අලංකාර මාලිගය ඉදිකරවන ලදි. මෙහි විචිත්‍රවත් පුස්තකාල කිහිපයක්, විදේශීය සතුන් සහිත සත්ව උද්‍යානයක්, ගෙස්ට් හවුස් කිහිපයක්, අරාබි අශ්වයින් සහිත ඉස්තාල , වයින් කුටියක්, මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශෛලියේ භෝජන ශාලාවක්, ගුවන් යානා සඳහා ධාවන පථයක් සහ ජල තටාක දෙකකින් සමන්විතය. ඔහුට අයත් මෙම මාලිගයේ විවෘත තටාකය නෙප්චූන් නම් වන අතර වසා ඇති තටාකය ඉපැරණි රෝමානු උණුසුම් ස්නාන තටාක වල ස්වරූපයට සමානය.