Hela Rahas

Hela Rahas Official Web Portal

සිහින වලින් කියන අනාවැකි 42ක්

අපි දකින විවිධ සිහින වල තේරුම් තියෙනවා කියලා අපි අහල තියෙනවනේ. සමහර සිහින වලට තමා මෙහෙම තේරුම් තියනවා කියන්නෙ. ඉතිං එහෙම තේරුම් තියෙන සිහින මොනවාද කියලත් ඒ ඒ සිහින වල තේරුම් මොනවාද කියලත් අපි අද බලමු.

  • ඔරුවකින් එගොඩ වී යනවා සිහිනයෙන් දැකීම.ඔබට යම් අනතුරකට මුහුණ පෑමට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේසම් වීම ඉතාම වැදගත්.
  • ඈත ප්‍රදේශයකට යනු සිහිනයෙන් දැකීම.ඔබට දැනට තිබෙන තනතුරු තානාන්තර අහිමි වී සිටින තැනින් පහළට ඇද වැටේ.
  • කණ්නාඩියකින් මුහුණ බැලීම සිහිනයෙන් දැකීමගර්භණී මවක් මේ සිහිනය දුටුවේ නම් ඇයට බුද්ධිමත් දරුවන් ලැබේ. තරුණ කාන්තාවකට නම් ඇයට ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.
  • කිකිළියක් පැටවුන් සමඟ සිටිනවා සිහිනයෙන් දැකීම.ප්‍රේම හා විවාහ සබඳතා සාර්ථක වේ.
  • ජලය පානය කරනවා සිහිනයෙන් දැකීම.අනපේක්‍ෂිත ධන ලැබීම්, ගරු සැලකීම් ලැබීම් මෙම සිහිනයෙන් ඉඟි කරයි.
  • කිරි හරක් පට්ටියක් සිහිනයෙන් දැකීම.ඔබට හදිසි ධන ලාභ ලැබේ.
  • ඒදඬු දැකීම හෝ ඒදණ්ඩකින් ඇද වැටෙනවා සිහිනයෙන් දැකීම.ඔබට අලාභ හානි සිදුවේ. ධන සම්පත් හීන වී යයි.
  • ඔරලෝසුවක් සිහිනයෙන් දැකීම.ඔබට වස්තු ලාභ ලැබේ.
  • තරුණ කාන්තාවක් සිහිනයෙන් දැකීම.කීර්ති ප්‍රශංසා හා ධන ලාභ ලැබේ.
  • හඬනවා සිහිනයෙන් දැකීම.ඔබ කරන කියන කටයුතු අසාර්ථක වන බවක් කියවේ.
  • ආචාර්යවරයන් සිහිනයෙන් දැකීම.රාජ්‍ය අනුග්‍රහය ලැබේ. රාජ්‍ය සම්මාන පවා ලැබීමට ඉඩ ඇත.
  • අම්බලම් සිහිනයෙන් දැකීම.ඔබට විපත් කරදර ඇති වේ. සහකාරිය වෙන් වී යයි.
  • අලුත් වස්ත්‍ර සිහිනයෙන් දැකීම.ඔබට දියුණුව උදා වේ.
  • නිල්, රතු ඇඳුම් ඇඳ සිටිනු සිහිනයෙන් දැකීම.බලාපොරොත්තු කඩවීම සිදු වෙනවා.
  • බළලෙක් සිහිනයෙන් දැකීම.යාළුවෙක් නිසා කරදරයකට පත්වීමට ඉඩකඩක් ඇත.
  • බල්ලෙක් සිහිනයෙන් දැකීම.බලාපොරොත්තු අවුල් සහගත භාවයට පත්වනු ඇත. උත්සාහවන්තභාවයෙන් කරන කටයුතු ප්‍රතිඵල රහිත වේ.
  • බුරන බල්ලෙක් සිහිනයෙන් දැකීම.යම් කිසිවකු සමඟ ඇති කර ගන්නා සම්බන්ධතාවකින් විපුල පල ලබන්න පුළුවන්.
  • බල්ලෙක් සපා කෑම සිහිනයෙන් දැකීම.හිතවත් කෙනකු විරුද්ධ වීමට බෙහෙවින්ම ඉඩ ඇත.
  • ඌරන් සිහිනයෙන් දැකීම.හදිසි විෂක් හා රෝදුක් ඇති වෙන්න ඉඩ ඇත.
  • උකුස්සන් සිහිනයෙන් දැකීම.සැප සම්පත් හීනවී දුක් ‍දුක් කම්කටොළු ඇති කෙරේ.
  • කකුළුවන් සිහිනයෙන් දැකීම.වෙර වීර්යය අඩු කෙරේ. බලාපොරොත්තු අසාර්ථක වනු ඇත. චිත්ත සන්තාපයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවේ.
  • කොටළුවන් පිට උඩ යෑම හෝ දක්කාගෙන යෑම සිහිනයෙන් දැකීම.අන්‍යයන්ගේ කේලම් බස් අසා සිත් වේදනා ඇති කෙරේ.
  • කොටියකු හීලෑ කරනවා සිහිනයෙන් දැකීම.තම අදහස් මුදුන්පත් වනු ඇත.
  • කොටියකු සමඟ පොරකනවා සිහිනයෙන් දැකීම.ජයග්‍රහණය ලැබීමට හා සැප සම්පත් ලැබීමට ඉවහල් වනු ඇත.
  • එළුවකු සිහිනෙන් සිහිනයෙන් දැකීම.විරුද්ධවාදීන් ඇතිවීමට බෙහෙවින් ඉඩ තිබේ. අන්‍යයන්ගේ ප්‍රයෝගවලට හසුවීමටද බෙහෙවින් ඉඩ ඇත.
  • එළදෙනක් සිහිනයෙන් දැකීම.අනාගත සුබ සිද්ධියට ඉවහල් වන වැඩපිළිවෙළකට පසුබිම සකස්වනු ඇත.
  • බූරුවකු සිහිනයෙන් දැකීම.කරදරකාරී ප්‍රශ්න ඇති කෙරේ. යුගදිවි ගමනට බාධක සහිත වෙයි.
  • බැටළුවන් සිහිනයෙන් දැකීම.විරුද්ධවාදීන්ගෙන්ද උදවු උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.
  • වලසා සිහිනයෙන් දැකීම.හිත මිතුරන් සමඟ අමනාපකම් බෙහෙවින්ම ඇති කෙරේ.
  • ඇතා සිහිනයෙන් දැකීම.සිතැඟි ඉටුවී ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් වනු ඇත.
  • සිංහයා සිහිනයෙන් දැකීම.වැදගත් ක්‍රියාවකදී නායකත්වය ලැබෙනු ඇත. බහුජනයා අතර සම්මාන ලැබීමට ද අවස්ථාවක් උදාවනු ඇත.
  • සුදු අශ්වයා සිහිනයෙන් දැකීම.හදිසි ධන ලාභ ලැබීමට ඉවහල් වන කාල පරිච්ඡේදයක් උදා වෙයි.කළු අශ්වයා ඔබ සිහිනයෙන් දැකීම.බලාපොරොත්තු අසාර්ථක වීමට හා චිත්ත සන්තාපයට පත්වන සිදුවීම් තුළින් උදාසීන භාවයට පත්වනු ඇත.
  • දුඹුරු පැහැ අශ්වයා සිහිනයෙන් දැකීම. කාර්යය හානියට හා මන්දෝත්සාහී භාවය ඇති කිරීමට ඉවහල් වනු ඇත.
  • කුළු හරකා සිහිනයෙන් දැකීම.සතුරු කරදරයක් ඇති වී අපහසුතාවට පත්වීමට බෙහෙවින් ඉඩ ඇත.
  • වඳුරා සිහිනයෙන් දැකීම.ඔබට සමීප හිතෛෂීවන්තයකු විසින් පවුලේ සමඟි සමාදානය පලුදු කිරීමට ක්‍රියා කරනු ඇත.
  • රිළවෙක් සිහිනයෙන් දැකීම. සතුරු බලපෑම්වලට ලක්වීමට මෙන්ම ශරීර සෞඛ්‍යයේ දුර්වලතා නිසා අපහසුතාවට පත්වනු ඇත.
  • නරියන් සිහිනයෙන් දැකීම.නිසා දුක් කරදර පීඩා පාඩු අලාභහානි ආදිය ඇතිවේ.
  • කිඹුලන් සිහිනයෙන් දැකීම.සතුරු බලපෑම් ක්‍රියාත්මක වෙයි. සොර බිය ද ගෙන දේ.
  • ගෝනෙක් සිහිනයෙන් දැකීම.රහස් අනාවරණය වීමට මෙන්ම අන්‍යයන් සමඟ මතභේද ඇති කිරීමටද ඉඩ ඇත.
  • ඉත්තෑවා සිහිනයෙන් දැකීම.වැඩකටයුතු අවුල්සහගත වීම, ධන හානි වීම, ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවීම ආදී ග්‍රහ ප්‍රතිඵල ඇති කෙරේ.
  • ගිරවා සිහිනයෙන් දැකීම.ඔබගේ හිතවතකු ඔබ හා අමනාප වනු ඇත.
  • මොනරා සිහිනයෙන් දැකීම.පවුලේ ඥාති වර්ගයාගේ සම්බන්ධයෙන් ධනය ලැබීමට ඉවහල් වනු ඇත.
  • හාවා සිහිනයෙන් දැකීම.මිතුරු ඇසුරෙන් තමාගේ අභිවෘද්ධිය ඇති කෙරෙනු ඇත.
  • මුගටියා සිහිනයෙන් දැකීම.ලැජ්ජා භය නොමැති දුෂ්ට කාන්තාවන් නිසා අපවාද ඇසීමට සිදු වෙන්න පුළුවන්.
  • පරෙවියා සිහිනයෙන් දැකීම.ආදර සම්බන්ධතා මල්ඵල ගැනීම.
  • මුවා සිහිනයෙන් දැකීම.ඔබට එරෙහිව සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ ඇතත් එය නිෂ්ප්‍රභ වනු ඇත.
  • කිඹුලකු සිහිනයෙන් දැකීම.සතුරු කරදර ඇති වීමට ඉඩකඩ ඇත.
  • පොත්පත් කියවීම සිහිනයෙන් දැකීම.වෙළෙදාමෙන් වාසි සැලසීම සිදු වෙනවා. ප්‍රේම සම්බන්ධතා සාර්ථක වේ.
  • තම ශරීරය ඉදිමී තිබෙනවා සිහිනයෙන් දැකීම.සැප සම්පත් ලැබීමට ස්ත්‍රී සම්බන්ධතා ඇතිවීමට මෙම සිහිනය ඉඟි කරයි.