Hela Rahas

Hela Rahas Official Web Portal

අනාගතයේ ලෝකයේ භාවිතා වෙන නව නිපැයුම් 17 ක්

විද්‍යාව සහ තාක්ෂණයේ සීග්‍රගාමි දියුණුවත් එක්ක ලෝකයට අලුත් අලුත් දේවල් බිහිවෙමින් පවතිනවා. ඉතින් තාක්ෂණික දියුණුවත් එක්ක අපේ වැඩ එන්න එන්නම පහසු වගේම ලේසි වෙනවා කියලයි පෙනී යන්නේ. දැටමත් වෙළඳපොලට හඳුන්වාදී ඇති සහ නුදුරු අනාගතයේදීම ලෝකයට හඳුන්වාදෙනු ඇති අපූරු නව නිර්මාණ කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

1.Flyte නම් වයර් රහිත පාවෙන විදුලි බුබුළු

  • ලී තැටියකට ඉහළින් වයර් රහිතව පාවෙන (චුම්භක වලින් පාදමට සම්බන්ධව තිබෙන) මෙම අපූරු විදුලි බුබුළු ඉතා ජනප්‍රිය වෙමින් පවතියි. මේ සඳහා වැය වන්නේ ඉතා අඩු බලශක්තියකි. දිනකට පැය 6 ක් පමණ භාවිතා කරන්නේ නම් වසර 22 ක් දක්වා පමණ දිගු කාලයක් මෙය භාවිත කල හැක.

2.හීටර් සහිත ස්මාර්ට් ජැකට් එකක්

  • Flaxwarm නම් මෙම ජැකට්‍ටුවල පි‍ටුපස, පපු ප්‍රදේශයේ සහ මැණික්ක‍ටුව ප්‍රදේශයේ විශේෂ තාපක මූලද්‍රව්‍ය සහිතව සකසා ඇත. විශේෂ සංවේදක ආධාරයෙන් ඔබේ කැමැත්තට අනුකූලව උණුසුම අඩුවැඩි කරගැනීමට ඔබට හැකියි.

3.මතුපිට විෂහරණය කරවන ”ස්ටෙරිලයිසර්’ උපකරණය

  • kitchen sanitizing wand ලෙස හඳුන්වන මෙම උපාංගය මඟින් UV කිරණ හරහා ඝනකම් මතුපිට සිටින විෂබීජ හා හානිකර බැක්ටීරියාවන් 99% පමණ විනාශ කර දමයි.මෙය මුළුතැන්ගෙයි කටයුතු වලට ප්‍රයෝජනවත් වන නිපැයුමක් වේවි.

4.පැති තුනකට හැරවිය හැකි දුරකථනය

  • එකිනෙකට සම්බන්ධ වූ ස්ක්‍රින් 3 ක් ඇති මෙම දුරකථනය විවිධ modes යටතේ ක්‍රියාත්මක කල හැකියි. එකවර ඇප්ප් කිහිපයක් විවෘත ක භාවිතා කිරීමේ හැකියාවද ඇත. මෙය නුදුරු අනාගතයේම වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නිෂ්පාදකයින් පවසති.

5.රැහැන් රහිත භාෂා පරිවර්තක හෙඩ්ෆෝන්

  • මෙම හෙඩ්ෆෝනය පැලඳ විශේෂ සැකසුම් යටතේ තමන්ට අවශ්‍ය භාෂාවෙන් ස්වයංක්‍රීයව දේවල් පරිවර්තනය කිරීමට පටන්ගනියි.අන්තර්ජාලයට සම්බන්ධ නොවි භාවිතා කල හැකිය.

6.රෝලර් සහ ස්කේට්බෝඩ් සහිත 2 in1 නිෂ්පාදනයක්

  • sidewinding circular skates නම් මෙම නිෂ්පාදනයේ ස්කේට්බෝඩ් එකේ විෂ්කම්භය 25 සෙ.මි. පමණ වන රෝද දෙක පිහිටා ඇත. මෙමඟින් පහසුවෙන් පාද තමාගෙන තමන්ට කැමති ආකාරයෙන් හැරීමට ගමන් කිරීමට හැකියාව ලැබේ.

7.සූර්ය ශක්තියෙන් චාර්ජ් කල හැකි port solar charger

  • port යනු එහාමෙහා ගෙන යා ගැනි compact battery විශේෂයකි. සූර්ය බලයෙන් දුරකථනය චාර්ජ් කරගැනීමට භාවිතා කල හැක. ජනේලයකට හෝ වාහනයේ වීදුරුවකට අලවා භාවිත කල හැකියි.

8.වතුරේ හිටගෙන ව්‍යායාම කිරීමට aqua tredmill නම් උපකරණයක්

  • water walker & spa නම් මෙම උපකරණය නාන තටාකයක් වැනි වන අතර එහි පත්ලේ ඇවිදිමට හෝ දිවීමට ප්‍රමාණවත් ඉඩකඩක් ඇත. ජලයේදී සිරුරට ඇතිවන පීඩනයා අඩු නිසා අනතුරු ආබාධවලට ලක්ව යථා තත්වයට පත්වෙමින් සිටින අයට ව්‍යායාම කිරීමට හොඳ ක්‍රමයකි. ඒරෝබික් ව්‍යායාම හරහා පේශීන් ශක්තිමත් වීම සහ මේද දහනය කිරීම සිදුකරයි. ව්‍යායාම වල නිරත වූ පසු ස්පා සත්කාරයක් ද මෙහි සිටම සිරුරට ලබාගත හැකිය.

9.ජංගම දුරකථනය සහ බ්ලූටූත් හෙඩ්සෙට් එක දෙකම එකම උපාංගයක

  • බ්ලූටූත් එකත් දුරකථනයත් එකම උපාංගයක් ලෙස පාරිභෝහිකයින්ට ඉදිරිපත් කිරිමට Kambala නම් මෙම ව්‍යාපෘතිය සූදානමින් සිටියි.

10.ආහාර වල සංයුතික පරික්ෂා කරන ස්කෑනර් එකක්

  • TellSpec නම් මෙම උපකරණය ඉක්මනින් සන වඩාත් නිවැරදි ලෙස ආහාර වල සංයුතිය පරික්ෂා කරගැනීමට භාවිත කල හැකි පරිදි සකසා ඇත. අඩංගු අමුද්‍රව්‍ය,පොෂණ මට්ටම ආදිය ගැන විස්තර විශේෂ මෘදුකාංගයක් හරහා තිරයේ දැකගත හැකිය.

12.අපූරු ලෙස නැමිය හැකි ස්මාර්දුරකථනයක්

  • Portal නම් මෙම නැමිය හැකි ස්මාර්ට් දුරකථනය බිම වැ‍ටුණත්, මීටර් 10 ගැඹුරට වතුර වැ‍ටුණත් හානිවෙන්නේ නැහැ. මෙය පහසුවෙන් මැණික්ක‍ටුවට උඩුන් සම්බන්ධ කරගත හැකි උපාංගයක් ලෙස දා භාවිතා කල හැක. ‍ෆිට්නස් ට්‍රැකර් එකක් සහ ස්මාර්ට් ඔරලෝසුවක් ලෙස ද ක්‍රියාකරයි. නුදුරු අනාගතයේදි මෙය වෙළඳපොලට හඳුන්වාදෙනු ඇත.

13.එහාමෙහා ගෙන යා හැකි Copy & Paste කල හැකි උපකරණයක්

  • Copy & Paste නම් මෙම උපකරණය පින්තූර ස්කෑන් කරමින් මුද්‍රණය කිරීමට පහසුකම් සලසයි. බොත්තම තද කර අවශ්‍ය පින්තූරය ස්කෑන් කරමින් තීන්ත යොදා වෙනත් මතුපිටක ඇලවීම සිදුකල යුතුයි. කෙසේවෙතත් මෙය තවමත් සංකල්පයක් පමණයි.

14.පැහැදිලි කාලගුණ වාර්තාවක් දෙන දුරකථනයක්

  • Wndow phone නම් මෙම උපාංගය වඩාත් පැහැදිලි සහ යථාර්තයක් ආකාරයෙන් කාලගුණ අනාවැකි තිරයේ පෙන්නුම් කරයි. මෙම සංකල්පය නුදුරේදීම නිෂ්පාදනයක් ලෙස වෙළඳපොලට නිකුත් වේවි.

15.එලෙක්ට්‍රොනික සෙන්සර් පෑනක්

  • Phree pen නම් මෙම විශේෂ පෑනෙන් ඕනම මතුපිටක ලිවිය හැක. ඕනම මතුපිටක ලියන දෙයක් ඩිජිටල්කරණයට ලක්වී පරිගණක හෝ දුරකථන තිරයක පෙන්නුම් කරයි. ඉක්මනින් දෙයක් සටහන් කරගැනීමට සහ කඩදාසියක් හෝ දුරකථනයක් ලඟ නැති වෙලාවක ප්‍රයෝජනවත් වෙන පෑනකි.

16.MIITO

  • MIITO උපකරණය මඟින් ඔබට අවශ්‍ය කෝප්පයක, බඳුනක ඇති දියර ඉක්මනින් රත් කරගැනීමට හැකිය. අඩු ශක්ති වැය කිරීමකින් ඉක්මනින් තේ එක හෝ සුප් එක රත්කරගන්න අපූරු ක්‍රමයක්.

17.එහාමෙහා ගෙනයා හැකි ටෝස්ටරයක්

  • මෙම උපකරණය හරහා ඉක්මනින් පාන් පෙති ටෝස්ට් කරගත හැකියි.

18.වතුර ඉතිරිකරවන අපූරු කර්ටන් එකක්

  • spiky නම් මෙම නාන කාමර කර්ටන් එක ස්නානය කිරීමට පටන්ගෙන මිනිත්තු කිහිපයකින් ප්ලාස්ටික් ක‍ටු ලෙස ප්‍රසාරණය වීමට පටන්ගනියි. මේ අපූරු විනෝදජනක ක්‍රමය අනවශ්‍ය ලෙස වැඩි වෙලාවක් ජලය නාස්ති කරමින් ස්නානා කිරීමේ පුරුද්ද වළක්වයි. ජලය ඉතිරි කරන පරිසර හිතකාමී නිර්මාණයක්.