Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රේම සබඳතාවක පැටලෙනවාට වඩා තනිකඩව සිටීම හේතු 6ක්

ආදරය ගැන හැමොම එකම විදියකට හිතන්නේ නැහැ. කෙනෙක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගැනීමට උනන්දු වෙද්දී තවත් කෙනෙක් තනිකඩව ජීවත් වීම හොඳම විධිය කියලා තීරණය කරන්න ඉඩ තියෙනවා. නමුත්, ඔබ දන්නවා සමාජය යනු ඒකාකෘතික අදහස් (stereotypes) වලින් පිරුණු තැනක් කියා. තනිකඩව ඉන්න කෙනෙක් දැක්ක ගමන් කවුරුත් අහන්න පෙලඹෙන්නේ තවමත් කවුරුත් නැද්ද කියලයි. ඉතින් සමාජයෙන් එන පීඩනයත් එක්ක ඇත්තෙන්ම තමන්ට අවශ්‍ය නැතත් අනික් අය කුමක් හෝ සිතාවි කියා හෝ ප්‍රේම සම්බන්ධතාවකට යාමට ඇතැම් අය පෙලඹෙනවා. නමුත් එය සාර්ථකද?

ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගන්නවා ද , හුදකලාව සිටිනවාද යන්න තීරණය කල යුත්තේ ඔබයි. ඇතැම් විට ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙනවාට වඩා තනිකඩව සිටීම හොඳයි කියලා සිතෙන අවස්ථා එමටයි. වැදගත්ම දේ වන්නේ ඔබ සූදානම් නැතිනම් කාගේ හෝ බලපෑමක් නිසා හෝ ඔබව වෙනස් කරගැනීමට අවශ්‍ය නැහැ කියා ඔබ විසින්ම තේරුම් ගැනීමයි.ඒ නිසා තනිකඩව සිටීම ගැන වරදකාරී හැඟීමක් ඇති කර නොගන්න.

1.තනිකඩව සිටීම වරදකාරි හැඟීමක් ලෙස නොදැනිය යුතුයි

පර්යේෂකයින් විසින් පෙන්වාදෙන්නේ සමාජය විසින් තනිකඩ ගැහැණුන් සහ පිරිමින් දෙස සෘණාත්මක කෝණයකින් දකින බවය. සබඳතාවයක් හෝ විවාහයක් ගැන උනන්දු නැතැයි කියා ඔවුන්ව සමාජය විසින් විවේචනය කරන අවස්ථා ඇත. නමුත් තනිකඩබව කෙනෙකුගේ පෞද්ගලික තීරණයකි. එය නීත්‍යානුකූලයි මෙන්ම කාටවත් ගැටලුවක් ඇතිවිය යුතු තත්වයක් නොවේ. එබැවින් කවුරුන් හෝ ඔබෙන් ඒ ගැනම යලි යලි අසනවානම් හෝ තනිකඩව සිටීම නිසා ඔබව විවේචනයට හෝ සමච්චලයට ලක්කරනවා නම් ඔවුන් ඔබේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන බවයි ඉන් පෙනී යන්නේ.

2.තමන්ට ආදරය කිරිමට පටන්ගැනීම ඉතාමත් වැදගත් වේ.

  • ඕනම පුද්ගලයෙකුට තමන් කෙරෙහි ආදරයක් සැලකිල්ලක් තිබීම ඉතා වැදගත්ය. තමන්ට ආදරය නොකරන කෙනෙකුට තවත් කෙනෙකුට ආදරය කල හැකිද යන්න ගැටලුවකි. තමන් කෙරෙහි සැලකිලිමත් පුද්ගලයින් ඉතා කරුණාවන්ත සහ අනුකම්පාසහගතව කටයුතු කරන පුද්ගලයින් බවයි විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ. තමා සමඟම අර්බුධයකින් කටයුතු කරන පුද්ගලයින් පාලනයකරන, විධානය කරන සහ අන් අය විනිශ්චය කරමින් කටයුතු කිරීමට පෙලඹෙන්නෝ වෙති.

3.පුද්ගලයෙකු ලෙස සාර්ථක ගොඩනැගෙන්නට ඉඩකඩ ලැබේ.

  • තනිකඩ පුද්ගලයින් අසීමිතව නිදහසක් භුක්ති විඳිති. ඔවුන්ට තමන්ගේ කාර්යන් වෙනුවෙන් වැය කිරීමට කාලයත් නිදහසත් බොහෝ විට පවතියි. එවැනි පුද්ගලයින්ට තමන්ගේ සිහින හඹා යාමට, අලුත් අවස්ථා උදාකරගැනීමට, විවිධ දේ උත්සහ කරමින් තමන්ගේ නිපුණත්වයන් සහ කුසලතාවන් ගොඩනගාගැනිමට සහ ඒ හරහා තමන්ගේ වෘත්තිය සාර්ථකත්වය වර්ධනය කරගැනීමට කාලය හා අවකාශය උදාකරගැනීමට හැකිය.

4.තනිකඩ පුද්ගලයින් සතුව ශක්තිමත් මිතුරු සබඳතා ඇත.

  • තනිකඩ පුද්ගලයින් හුදකලා බවින් පීඩා විඳිනවා කියා ඇතැම් අය සිතති. නමුත්, තනිකඩ සැවොම එසේ නැත. ප්‍රේම සම්බන්ධයක් ඇතිකර නොගැනීම කෙනෙකුගේ කැමැත්තය. එය නොහැකියාවක් සේ බොහෝ විට සමාජය විසින් වරදවා වටහාගෙන තිබෙනවා විය හැකියි. ප්‍රේම සම්බන්ධයක් නොමැති බොහෝ දෙනා තමන්ගේ පවුලේ අය සමඟ සහ මිතුරුන් සමඟ ඉතා සමීප සහ ශක්තිමත් සබඳතා ගොඩනගාගෙන සිටින අය වන බව කරුණු දැක්වේ. තනිකඩ පුද්ගලයින් බොහෝවිට සමාජශීලීය.

5.ඕනවට වඩා ආදරය පසුපස හඹායාම ජීවිතය දුක්ඛාන්තයක් වීමට හේතුවක් විය හැකියි.

  • ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගැනීමට ඇතිවන බලපෑමත් සමඟ සිතට එකඟව නොවුණත් සහකරුවෙකු/සහකාරියක් සොයායාම එක් අතකට තමන්ගේ බලාපොරොත්තු වලට ලබාදෙන ප්‍රමුඛතාව අඩුකිරීම හෝ තමන්ගේ වැදගත්ම ගුණාංග අත්හැරදැමීම දක්වා දුරදිග යා හැකියි. ඔබේ හදවතට ඇත්තම අවශ්‍ය දේ කුමක් දැයි වටහාගැනීමට මුල් තැන දෙන්න.

6.තනිකඩ පුද්ගලයින් බොහෝ දෙනා ඉතා හොඳ ශරීර සුවතාවයකින් මෙන්ම නීරෝගි දිවියක් ගත කරන්නෝ වෙති.

  • තනිකඩව ජීවත්වන්නන් නීරෝගි BMI දර්ශකයක් පවත්වාගැනීමේ ප්‍රවණතාවක් ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන්ගේ හෘද රෝග සහ නිදන්ගත රෝග තත්ව වර්ධනය වීමේ අවදානම පහළ මට්ටමක් ගන්නා බවත් ඇතැම් අධ්‍යයන නිගමන වල කරුණු දැක්වේ.